“ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනිය” යන පැරණි සිංහල කියමන සමස්ත ශ්‍රී ලංකාවට මෙන්ම යන්තම් මාස 5ක් වයසැති නව රජයට ද, හොදින්ම ගැලපෙන වෙනත් සමයක් මින් පෙර තිබී නැතුවාට සැකයක් නැත.
වර්ධනය වෙමින් පවතින කොවිඞ්-19 වසංගතයට මේ දක්වා සාර්ථකව මුහුණදෙමින් සිටිනා අතරම විසඳාගත යුතු බරපතල පන්නයේ, ගැටලු දෙකක් රජය හමුවේ නැගී ඇත. මෙම ගැටළු දෙකම ‘කොවිඞ්-19’ වසංගතය සේම දරුණු ප්‍රතිඵල අත්කර දිය හැකි ගැටළු දෙකකි.
එකක් වන්නේ ක්‍රම ක්‍රමයෙන් නරක තත්ත්වයට හැරෙමින් තිබෙන ආර්ථික අර්බුදයයි. ඒ හමුවේ සියලු සමාජ ස්ථරයන් නියෝජනය කරන සමස්ත ශ්‍රී ලංකා ජනතාවම දණින් වැටෙනු ඇත. නොඑසේ නම් බලවත් පහරකට ලක්වනු ඇත. අනෙක වන්නේ ව්‍යවස්ථා අර්බුදයකි. එය මතුව තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක පූර්ව-අවශ්‍යතාවයක් වන පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙනි.
වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට දැන් පත්ව ඇති ඇමරිකා එක්සත් ජනපදයේ, ආසාදිතයින්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මරණ සංඛ්‍යාව ද, ඒ හා සමානවම ඉහළ යමින් ඇත. අද (7 වැනිදා) අඟහරුවාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 3.00 වන විට ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 365,000 ඉක්මවා තිබූ අතර අමරිකානු ජාතිකයෝ 11,000 කට ආසන්න පිරිසක් මියගොස් සිටියහ.
ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව මේ වන විට 13,000 සීමාව පසුකර තිබෙන අතර, ඉතාලියේ මරණ සංඛ්‍යාව 16,500 ඉක්මවා තිබේ. මේ වන විට 5,000 ක් මරණ වාර්තාවී තිබෙන බි්‍රතාන්‍යයේද මරණ සංඛ්‍යාව තිබෙන්නේ ඉහළ යමිනි.
දින 21 ක් වසාදමා ඇති අසල්වැසි ඉන්දියාවෙන් වාර්තාවන මරණ සංඛ්‍යාව 136 කි. වයිරසය වැළදී ඇති බව තහවුරු වෙමින් තිබෙන රෝගීන්ගේ සංඛ්‍යාව එරට ක්‍රමයෙන් ඉහළ යමින් ඇත. මුස්ලිම් මිෂනාරී සංවිධානයක් වන තබ්ලිත් ජමාත් සංවිධානයේ සාමාජිකයන් 9000 ක් පමණ දෙනා පසුගියදා නවදිල්ලියේ දී රැස්වීම, ඉන්දියාවේ කෝවිඞ්-19 වෛරසය පැතිරීමට එක් හේතුවක් බව සදහන් වේ.
සිකුරාදා මේ සම්බන්ධයෙන් පුළුල් ප්‍රචාරයක් ලබාදුන් ඉන්දියානු මාධ්‍ය, ශ්‍රී ලංකාවෙන් පැමිණි අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් මෙම කණ්ඩායම හා මුසුවී සිටින බවටත්, ස්වදේශිකයන් හා එක්ව ඉන්දියාවේ ත්‍රස්ත ක්‍රියාකාරකම් දියත් කිරීමට සැරසෙන බවටත් වාර්තා කර තිබිණ. මේ සම්බන්ධයෙන් වන බුද්ධි තොරතුරු ශ්‍රී ලංකා රජයෙන් ඉන්දියානු රජයට ලබා දී තිබෙන බව වැඩිදුරටත් සදහන් වූ එම වාර්තාවල, එම තොරතුරු පදනමේ සිට තබ්ලිත් ජමාත් සංවිධානය තහනම් කිරීමට නවදිල්ලිය සූදානම් බවද දැක්විණ.
ශ්‍රී ලංකා රජය අනුගමනය කරමින් සිටින පියවර හමුවේ මේ දක්වා මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉලක්කම් 3 ක අගයක පවත්වාගැනීමට හැකිව තිබෙන අතර, මරණ 6 ක් වාර්තාවී තිබේ. කෙසේවුවත් ඉදිරි දින කිහිපයේ දී, මෙම අගයන් තවදුරටත් ඉහළ යා හැකිය. පසුගිය බ්‍රහස්පතින්දා පැවැති දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ රැස්වීමක් අමතමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙසේ පැවසුවේ ය.
“රෝගීන් 2000 කට ප්‍රතිකාර කරන්න අප සැළසුම් කර තිබෙනවා. අපේ පුරෝකථනයට අනුව සෙනසුරාදා (4) වන විට රෝගීන් සංඛ්‍යාව 137 දක්වා ඉහළ යා හැකියි. රෝග ව්‍යාප්තියට තුඩුදෙන බවට මෙතෙක් හදුනානොගත් කාරණා හේතුවෙන් සිදුවන 5 ්‍ර ක ඉහළයාමක් සිදුවුනොත් අප්‍රෙල් 7 වැනිදා වනවිට රෝගීන් 167 දෙනෙක් සිටින්නට ඉඩ තිබෙනවා”
“අප්‍රේල් 14 වන එය 340 ක් විය හැකියි. එයින් අනතුරුව, දැනට ගෙන තිබෙන ක්‍රියාමාර්ග ලිහිල් කළහොත්, ආසාදිතයන් 1400 ක් දක්වා තත්ත්වය වර්ධනයවීමට ඉඩ තිබෙනවා. ආසාදිතයන්ගේ සංඛ්‍යාව කොපමණ මට්ටමක් දක්වා ඉහළ හා හැකිද කියාවත්, එසේ ඉහළ යන්නේ කවදාද කියාවත්, අපට පුරෝකථනය කරන්නට බැහැ” යයි වෛද්‍ය ජාසිංහ මහතා පැවසීය.
ජාසිංහ මහතාගේ පුරෝකතනය ටක්කෙටම නිවැරදි කරමින් අද (අප්‍රේල් 7 වැනිදා) වන විට ශ්‍රී ලංකාවේ ආසාදිතයන් සංඛ්‍යාව 180 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සමාජ දුරස්ථභාවයක් පවත්වාගැනීමට රජය ගෙන තිබෙන පියවර ඒ අයුරින්ම ඉදිරි අලුත් අවුරුදු සමයේදීත් අනුගමනය කළ යුතුව තිබීමේ වැදගත්කම වෛද්‍ය ජාසිංහ මහතාගේ අදහස් දැක්වීමෙන් මනාව පැහැදිලි වේ. එසේ ගැනුණු පියවර හා සමගාමීව මෙරට රැදී සිටින විදෙස් සංචාරකයන්ගේ වීසා බලපත් මාසයකින් දීර්ඝ කිරීමටද රජය කටයුතු කළේය. මීට පෙර අවස්ථාවක එම බලපත්වල වලංගු කාලය අප්‍රේල් 12 වැනිදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගැනුණු අතර දැන් එය මැයි මස 12 වැනිදා දක්වා නැවත වරක් දීර්ඝ කර තිබේ. මාර්තු මාසය අවසන් වන විට සංචාරකයෝ 13,000 ක් මෙරට රැදී සිටියහ. ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළයෑම වැළැක්වීම සදහා මෙම පියවර ගෙන තිබේ.
එක්සත්ජනපදය සහ බි්‍රතාන්‍ය එම රටවල ක්‍රියාත්මකව පවතින ලොක්ඩවුන් හෙවත් හුදෙකළා කිරීමේ ක්‍රියාමාර්ගය අප්‍රේල් මස 30 වැනිදා දක්වා බලපැවැත්වෙන බව නිවේදනය කර ඇත. ඉතාලිය ආදර්ශයට ගත් ස්පාඤ්ඤය මේ වන විට දින නියමයක් නොමැතිව ලොක්ඩවුන් ක්‍රියාමාර්ගයක් බලාත්මක කර තිබෙන අතරවාරයේ අත්‍යාවශ්‍ය නොවන පොදු ගොඩනැගිලි වසා දැමීමට ප්‍රංශය පියවර ගෙන තිබේ. ජපානයේ කොරෝනා ආසාදිතයන්ගේ ඉහළ යාමක් සිදුවිය හැකි බවට ලැබෙන වාර්තා අනතුරු අගවයි.
මෙරටින් වාර්තාවූ දෙවන කොරෝනා මරණයෙන්, එනම් මීගමුවේ පදිංචි වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක් වූ අබ්දුල් ජලීල් මහතාගේ මරණයෙන්, පසුව මුස්ලිම් ප්‍රජාව අතර ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවිය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා මේ සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින්දා පැවැති පක්ෂ නියෝජිතයන්ගේ රැස්වීමේ දී අවධානය යොමුකළ එක් අයෙක් විය.
මියගිය පුද්ගලයාගේ සිරුර භූමදානය කළ යුතුව තිබුණු බව සදහන් කළ ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නීතිවලින් එයට අවසරය ලබා දී තිබෙන බව පැවසුවේ ය. මියයන පුද්ගලයින් ආදාහනය කිරීමට ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් නිකුත් කැරුණු ගැසට් නිවේදනය පසුව භූමිදානයන්ද, ඇතුළත් වන අයුරින් සංශෝධනය කැරුණු බවට හකීම් තර්ක කළේය.
මෙම සිදුවීමේ දී භුමදානයක් කළේ නම් පොළොව අභ්‍යන්තරයේ පවතින ජල ස්ථරයට වයිරසය පැතිරිය හැකි බවට බලධාරීහු බිය පළකළහ. රටේ පවතින්නේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ තත්ත්වයක් බැවින් භූමදානය නොකර ආදාහනය කිරීම පිළිගත් මුස්ලිම් ප්‍රජාවේ කුඩා කණ්ඩායමක්ද සිටියේය. මේ සම්බන්ධයෙන් අන් තීරණයක් නොගත යුතු බව දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ රැස්වීමේ පළවූ හැගීම විය. සාකච්ඡාව පිළිබද දැනුම්වත් නිලධාරියෙක් අදහස් දක්වමින් “දැනට තිබෙන පිළිවෙතම ඉදිරියටත් අනුගමනය කෙරෙනවා” යැයි පැවසුවේ ය.
මෙවැනි තීරණයක් ගෙන තිබෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ජෛව විද්‍යාව, අධිකරණ වෛද්‍ය විද්‍යාව, නීති ක්ෂේත්‍රය සහ පාංශු විශ්ලේෂණය වැනි අදාළ ක්ෂේත්‍ර නියෝජනය කරන විශේෂඥයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් යටතේ ඉදිරියට කටයුතු කළ යුතුව තිබෙන ආකාරය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙසට වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරනු ලැබ තිබෙන පසුබිමකය.
නිරෝධායන පණත යටතේ ආදාහනය කිරීමට මෙන්ම භූමදානය කිරීමටත් අවසර සළසාදී තිබෙන බව පෙන්වා දුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, “ලෝක සෞඛ්‍ය සංවිධානය එම ක්‍රමවේදයන් දෙකටම අවසරය ලබාදෙන බව” පැවසුවේය. මෙරට වෛද්‍යවරුන් නියෝජනය කරන විශාලතම ව්‍යුහය වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තවදුරටත් අදහස් දක්වමින්, ගැටලුව සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමේ බලධාරියා වන්නේ වෛද්‍ය ජාසිංහ මහතාම බවද පිළිගෙන තිබිණ.
ආදාහනය කිරීමට අමතරව භූමදානය කිරීමට ද, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයන්ගෙන් අවසරය ලබා දේ. එහි සදහන් වන්නේ මෙලෙසය.
හදිසි තත්වයන්වලදී, සංස්කෘතිකමය හෝ ආගමික අවහිරයක් නොමැති අවස්ථාවක, මළ සිරුරක් බැහැර කිරීමට සුදුසු ආකාරය වන්නේ භූමදානය කිරීම වේ. සුසාන භූමි පිහිටන ස්ථානය සම්බන්ධයෙන්, ජනතාව සමග එකඟතාවයක් ඇතිකරගත යුතු වනවාසේම භූමියේ තත්ත්වය, අභ්‍යන්තර ජල මූලාශ්‍රවලින් පානීය ජලය ලබාගන්නා ස්ථානයන්ට ඇති දුර අවම වශයෙන් මීටර 50ක්වත් විය යුතුය. එමෙන්ම ආසන්නතම ජනාවාසය (මීටර 500ක් දුරින්) යන කාරණා සම්බන්ධයෙන්ද අවධානය යොමුකළ යුතුය.
10,000 ජනගහණයකට මීටර 1500ක් පමණවත් වෙන්වන ප්‍රදේශයක් සුසාන භූමියක් සදහා අවශ්‍ය වේ. එම ස්ථානය අවශ්‍ය වුවහොත් විවිධ ආගමික කණ්ඩායම් වෙනුවෙන් කොටස් කළ හැකිය. භූමදානය කිරීම, පොළොවේ අභ්‍යන්තර ජල ස්ථාරයට අඩුම තරමින් මීටර 1.5 ක් වත් උසින් පවතින පරිදි සහ වසා දැමීමට මීටර 1 ක් උසට පස් පිරවීමට හැකිවන පරිදි සිදුවිය යුතුය. තනි තනිව භූමදානය කිරීම සුදුසු අතර වළවල් කැණීම මිනිස් ශ්‍රමය යොදාගෙන සිදුකළ හැකිය. මිනී පෙට්ටි සොයාගැනීමට නොමැති නම් මළසිරුරු ප්ලාස්ටික් ඇතිරිවලින් එතිය යුතු අතර එය අවශේෂයන් පසෙන් වෙන්කිරීම සදහාය. අදාළ ජන කොට්ඨාසය හා අනුගත වන පරිදි භූමදානය කිරීමේ පියවර හා පිළිවෙත් අනුගමනය කළ යුතුය.
ආදාහනය කිරීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ මාර්ගෝපදේශයන් ලබාදේ.
භූමදානය නොකර ආදාහනය කිරීමෙන් අත්වන සෞඛ්‍යමය ප්‍රතිලාභයක් නොමැත. නමුත් ආගමික හෝ සංස්කෘතිකමය කාරණා නිසා ඇතැම් ජන කොට්ඨාසයන් ආදාහනය තෝරාගැනීමට ඉඩ තිබේ. ආදාහනයට එරෙහිව පවතින කාරණා වන්නේ එක් ආදාහනයක් සිදුකිරීම සදහා යෙදවිය යුතු ඉන්ධන ප්‍රමාණය (සාමාන්‍යයෙන් කිලෝග්රෑම් 300 ක පමණ දර) සහ දුම නිකුත්වීම නිසා සිදුවන දූෂණයයි. මේ නිසා ආදාහනය කිරීමේ ස්ථානයන් ජනාවාසවලින් මීටර 500 ක දුරකින් සහ යටි සුළගට මුහුණලා පිහිටිය යුතුය. ආදාහනයෙන් පසු ඉතිරිවන අළු, අදාළ ජන කොට්ඨාසයේ ආගමික සහ සංස්කෘතික පිළිවෙත් අනුව බැහැර කළ යුතුය.
ආගමික කාරණයට අමතරව, හිටපු අමාත්‍ය හකීම් මතුකළ තවත් කාරණයක් මෙහිදී වැදගත්ය. කෝවිඞ්-19 ආසාදනයව තිබෙන මුස්ලිම් ජාතිකයන් සෞඛ්‍ය අංශ වෙත ඉදිරිපත් නොවීමේ තත්ත්වයක් ඇතිවිය හැකි බවටද ඔහු තර්ක කළේය. එවන් තත්ත්වයක් ඇතිවන්නේ ඔවුන් මියගියහොත් භූමදානයක් නොව ආදාහනයක් කරනු ඇත යන විශ්වාසය නිසාය.
රජය වර්තමානයේ පිවිස සිටින්නේ රෝගය පැතිරීම වළක්වාගැනීම සදහා වන පියවරයන් අනුගමනය කිරීම මගින් වෛරසයෙන් ආසාදනයවන්නන්ගේ සංඛ්‍යාව අවම මට්ටමක පවත්වාගැනීමේ සටනටය. ඒ අරබයා, දිවයින පුරා දැනට ක්‍රියාත්මක කර තිබෙන ඇඳිරි නීතිය මෙම මස අවසානය දක්වාම එසේ පවත්වාගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන අතර අතරින් පතර එය මඳ වශයෙන් ලිහිල් කිරීමටද ඉඩ ඇත. මෙසේ දීර්ඝ කාලීන ඇදිරි නීතියක් ක්‍රියාත්මක කිරීමේ අදහස වන්නේ ජනතාව එකිනෙකා සමග මුහුවීමෙන් වළක්වාගැනීම වේ. වයිරසය පැතිරීමට ප්‍රධාන හේතුව වන්නේද එයයි. රජය හමුවේ තිබෙන ගැටලුව ආසාදිතයෙක් හඳුනාගැනීමට පමණක් සීමා නොවන අතර එවන් ආසාදිතයෙකුගෙන් ප්‍රශ්න කිරීම, ඔහු හෝ ඇය ගැවසුණු ප්‍රදේශ හදුනාගැනීම යන කාරණා දක්වාද විහිදේ.
‘ද සන්ඩේ ටයිම්ස්’ ඇසුරිනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර
වංශකථා ආරම්භයේ පටන් විවිධ තැන්හි ජලය හා සම්බන්ධ කතිකාවත් පවතී. වාරි කර්මාන්තයේ ආරම්භය ජනාවාස ආරම්භ වීමත් සමගම සිදුවිය. ඉපැරණි වාරි තාක්ෂණයට උරුමකම් ක
රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වටිනාකම කැපී පෙනෙන අයුරින් පහළ වැටෙන ආකාරය මේ දිනවල දැක ගන්නට ලැබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දිනපතා ප්‍රකාශයට පත්
2021 වර්ෂයේදී කොවිඩි 19 වසංගතයෙහි බලපෑම බදු කප්පාදුවල රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 118.7 ක් දක්වා ශීඝ්‍රයෙන් ඉහළ යාම, ජාත්‍යන්තර සංචිත දැඩි ලෙස පහත ව
රාජාණ්ඩු සමයේ රජුගේ පාලනයට සහාය වූ ප්‍රභූන් විසූ නිවාස හැඳින්වූයේ වලව් ලෙසය. අධිරාජ්‍යවාදීන් මෙරට ආක්‍රමණය කිරීමෙන් පසු ඉංග්‍රිසීන්ට අපේ රටේ පාලනය ප
අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම
හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
රෝගීන් සොයාගැනීමේ අභියෝගය
Devinda Uduwara Tuesday, 07 April 2020 12:35 PM
ගවෙශනාත්මක සහ අධ්‍යාපනික ලිපියකි...
Raveendra Tuesday, 07 April 2020 02:01 PM
ඉතාම කාලෝචිත මෙන්ම හරවත් ලිපියක්. අප විස්වාස කරනවා අප රටේ සියලුම පුරවැසියන් මෙම ලිපිය කියවීමට උනන්දු වෙනු ඇතැයි කියා.
Bamunuarachchi Tuesday, 07 April 2020 02:02 PM
අතීත සිංහල බෞද්ධයන්ගේ නොසැලකිල්ල නිසා රටට වෙලා තිබෙන අගතිය පෙනෙනවාද? දැන්වත් සැලකිලිමත් වෙන්න.
thush Tuesday, 07 April 2020 06:35 PM
දැන් අප සත්‍ය තොරතුරු සොයා ගැනීම දැන්ම කල යුතුය... PCR වැනි ඉතා සීමා සහිත පරීක්ෂණ ටිකක් දිනකට කිරීමෙන් ලැබෙන මෙම දත්ත ඉතා වැරදි සහගත වනු ඇත. ඇත්තටම අපට පෙනෙන්නේ දැනට ඇති රෝගීන් ගණන මෙන් 50% අහුලා ගත නොහැකිව නිදැල්ලේ සිටිය හැක... ඇත්තටම සිටිනවා වේ... ඉතා ඉක්මන් පරීක්ෂණ ටෙස්ටින් ක්‍රම භාවිතාව දැන් අවශ්‍යමය...
VirologistWednesday, 08 April 2020 04:15 AM
ඉක්මන කොටයි.
senadiMonday, 13 April 2020 11:38 AM
තව තව වැඩියෙන් ටෙස්ට් කරොත් මේක ලේසියෙන් විසඳාගන්න පුලුවන් කියලා සමහර අය අදහස් කරන බව පේනවා. නමුත් ප්‍රශ්ණය මේකයි. ඕනැම පරීක්‍ෂණයක ප්‍රතිඵල වලින් 'ෆෝල්ස් පොසිටිව්' (false positive), හා 'ෆොල්ස් නෙගටිව්' (false negative) හැටියට හඳුන්වන වැරදි ප්‍රතිඵල ප්‍රමාණයක් ලැබෙනවා. යම් පරීක්‍ෂණයක ප්‍රයෝජනත්වය රැඳී තියෙන්නේ ඒකෙන් ලැබෙන 'ෆෝල්ස් පොසිටිව්' හා 'ෆෝල්ස් නෙගටිව්' ප්‍රමාණයන් අවම නම් පමණයි. නමුත් 'ෆෝල්ස් පොසිටිව්' හා 'ෆෝල්ස් නෙගටිව්' ප්‍රතිඵල මනින්න බෑ. ඒනිසා ඒ පරීක්‍ෂණයට වඩා මේ පරීක්‍ෂණය ලාබයි, ඒ පරීක්‍ෂණයට වඩා මේ පරීක්‍ෂණයෙන් ඉක්මනට ප්‍රතිඵල ලැබෙනවා ආදී දේවල් වැදගත් වෙන්නේ ඒ ඒ පරීක්‍ෂණවල 'සෙන්සිටිවිටි' (sensitivity) හා 'ස්පෙසිෆිසිටි' (specificity) එකවගේ නම් විතරයි. පරීක්‍ෂණයක 'සෙන්සිටිවිටි' කියන්නේ ඒ පරීක්‍ෂණය ඒකෙන් අනාවරණය කරගන්න උත්සාහය කෙතරම් සාර්ථකද යන්නයි, ඒකට 'ෆෝල්ස් නෙගටිව්' ප්‍රමාණය අවම වෙන්න ඕනෑ. පරීක්‍ෂණයක 'ස්පෙසිෆිසිටි' පෙන්වන්නේ ඒ පරීක්‍ෂණය බලන දේ ගැන කොයිතරම් ‘focused’ද කියන එක. ඒ කියන්නේ ඒ බලන දේ වගේ වෙනත් දේවලින් ලැබෙන 'ෆෝල්ස් පොසිටිව්' ප්‍රමාණය අඩුබව. මේවා ඕනෑම පරීක්‍ෂණයකට අදාලයි...
Hewapathiranna Wednesday, 08 April 2020 03:03 AM
"PCR වැනි ඉතා සීමා සහිත පරීක්ෂණ ටිකක් දිනකට කිරීමෙන් ලැබෙන මෙම දත්ත ඉතා වැරදි සහගත වනු ඇත...". ඇත්තටම අපට පෙනෙන්නේ , සත්‍ය ලෙස දිවයිනේ විසිරී ඇති රෝගීන් ගණන මෙන් 40% පමණ විය හැකිය.. පුදුමයක් ඉතා ලගම සිදුවීමට නියමිතය..
Rana Thursday, 09 April 2020 03:38 AM
ඉතාම මහන්සිවී තම රාජකාරිය කරනවා. ඔබට සුබ පැතුම් !
ananda Friday, 10 April 2020 10:06 PM
ඔය දෙන මුදල් බොහොමයක් රාජපක්ෂලාගේ සාක්කුවේ නතර නොඋනොත් ඇති...
fairoos Sunday, 12 April 2020 07:45 AM
කොරෝනා වලිනුත් දේශපාලන වාසි බලන එක කකණගාටුදායකයි.
senadi Wednesday, 15 April 2020 04:16 PM
තව තව වැඩියෙන් ටෙස්ට් කරොත් මේක ලේසියෙන් විසඳාගන්න පුලුවන් කියල සමහර අය අදහස් කරන බව පේනවා. නමුත් ප්‍රශ්ණය මේකයි. ඕනැම පරීක්‍ෂණයක ප්‍රතිඵල වලින් 'ෆෝල්ස් පොසිටිව්' (false positive), හා 'ෆොල්ස් නෙගටිව්' (false negative) හැටියට හඳුන්වන වැරදි ප්‍රතිඵල ප්‍රමාණයක් ලැබෙනව. යම් පරීක්‍ෂණයක ප්‍රයෝජනත්වය රැඳී තියෙන්නෙ ඒකෙන් ලැබෙන 'ෆෝල්ස් පොසිටිව්' හා 'ෆෝල්ස් නෙගටිව්' ප්‍රමාණයන් අවමනම් පමණය්. නමුත් 'ෆෝල්ස් පොසිටිව්' හා 'ෆෝල්ස් නෙගටිව්' ප්‍රතිඵල මනින්න බෑ. ඒනිසා ඒ පරීක්‍ෂණයට වඩා මේ පරීක්‍ෂණය ලාබය්, ඒ පරීක්‍ෂණයට වඩා මේ පරීක්‍ෂණයෙන් ඉක්මනට ප්‍රතිඵල ලැබෙනව ආදී දේවල් වැදගත් වෙන්නේ ඒ ඒ පරීක්‍ෂණවල 'සෙන්සිටිවිටි' (sensitivity) හා 'ස්පෙසිෆිසිටි' (specificity) එකවගේනම් විතරයි. පරීක්‍ෂණයක 'සෙන්සිටිවිටි' කියන්නේ ඒ පරීක්‍ෂණය ඒකෙන් අනාවරණය කරගන්න උත්සාහය කෙතරම් සාර්තකද යන්නයි, ඒකට 'ෆෝල්ස් නෙගටිව්' ප්‍රමාණය අවම වෙන්න ඕනැ. පරීක්‍ෂණයක 'ස්පෙසිෆිසිටි' පෙන්වන්නේ ඒ පරීක්‍ෂණය බලන දේ ගැන කොයිතරම් ‘focused’ද කියන එක. ඒ කියන්නේ ඒ බලන දේ වගේ වෙනත් දේවලින් ලැබෙන 'ෆෝල්ස් පොසිටිව්' ප්‍රමාණය අඩුබව. මේවා ඕනෑම පරීක්‍ෂණයකට අදාලයි...
de silva Sunday, 19 April 2020 01:42 PM
හෙට උසාවි ඇරියට පස්සේ ලබන සතියේ ඉඳන් කිසිම අභියෝගයක් නැතුව රෝගීන් තොග වශයෙන් හමුවේවි...
Kumar Sunday, 19 April 2020 02:59 PM
සෑම කෙනෙක්ම මුලින්ම ලියන්නේ පිටරට තිබෙන ආසාධිතයන් ගැනයි. ඒ වැනි අවස්ථාවකට මුහුණදෙන්න ඒ රටවල් වලට වත්කම තිබෙනවා. ඒ විතරක් නොවේ මොනවා කිව්වත් ලංකාවේ නිෂ්පාදන ආනයන බදු සහන ක්‍රමයට යවන්නේ බටහිර රටවල්වලටයි. ඒ රටවල් වැටුනොත් ඔයගොල්ලන්ගේ ආර්ථිකය කමුත්තුයි. බටහිර රටවල්වලට බනිනවිට සමහර අයට සතුටක් දැනෙනවා ඇති. ලංකාවේ වෛද්‍යවරු රුසියාවෙන් තාක්ෂණය ලබාගන්න කියා රටේ නායකයින්ට කියනවා. රුසියාවේ ඇති තාක්ෂණයක් නැහැ. කොමුනිස්ට් කියුබාවෙන් තාක්ෂණය ඉල්ලන්න කිව්වනම් තමා හොද. රුසියාවට වඩා කියුබාවේ වෛද්‍ය තාක්ෂණය දියුණු බවයි මම අසා ඇත්තේ.