IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


යාලේ යකා නැටු ප්‍රභූ පුතුන්ගේ සෙල්ලම්

ලංකාවේ වනෝද්‍යාන ඇතුළට පෞද්ගලික වාහනවලින් රිංගා විනෝද වෙන ප්‍රභූ පුතුන් සහ ඔවුන්ගේ යහළුවන් ගැන වාර්තා වන්නේ අද ඊයේ නොවේ. පොලොන්නරුව ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයේ 2021 වර්ෂයේ මෙවැනි සිද්ධියක් වාර්තා විය. ඊට සම්බන්ධ වූවන්ට නීතියෙන් දඬුවම් දී වාහන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් ලබාදීමටද පොළොන්නරුව අඩවි වන නිලධාරීහු එදා කටයුතු කළහ.

එම සිදුවීමටම සමාන සිදුවීමක් වාර්තා වූයේ පසුගිය 23 වැනිදාය. එදින යාල වනෝද්‍යානයට කැබිනට් ඇමැති පුත්‍රයකු ඇතුළු පිරිසක් සුඛෝපභෝගී වාහන තිස් පහකින් පමණ ඇතුළු වී නොමනා ලෙස හැසිරී ඇති බව මේ වෙන විට මාධ්‍ය මගින් අනාවරණය වී තිබේ. ඒ බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා ද සනාථ කර තිබුණි. යාල වනෝද්‍යානයේ ලොට් අංක එකට සහ ලොට් අංක දෙකට මෙම වාහන ඇතුළු වූ බව මේ වෙන විට වනජීවි දෙපාර්තමේන්තුවේ තොරතුරු මගින් අනාවරණය වී ඇත.

මෙම පිරිසට මඟපෙන්වීම සඳහා වනජීවි නිලධාරීන්  හත් දෙනකුම සහභාගි වී ඇති බව මේ වන විට වනජීවි දෙපාර්තමේන්තුවේ තොරතුරුම සනාථ කරයි. යාල ලොට් අංක එකට ජීප් රථවලින් ගිය පිරිස සිය වාහන ශබ්ද නංවමින් සතුන්ට හිරිහැර වන අන්දමින් කටයුතු කරන අයුරු ඔවුන්ගේම විඩියෝ දත්ත මගින් පැහැදිලි වෙයි. මේ පිරිස කිසිම විටෙක වනජීවි නිලධාරීන්ගේ උපදෙස් අනුව ක්‍රියා නොකර ඇති බව වනජීවි දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකුද අප වෙත සනාථ කළේය. එසේම මඟ පෙන්වීමට ගොස් සිටි වනජීවි නිලධාරීන්ද මේ අයට එසේ නොකරන ලෙස දැනුවත් කිරීම් නොකළ බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාද පෙන්වා දී තිබුණි.

වැල්ලවාය ප්‍රදේශයේ මෝටර් රථ සංගමයේ සාමාජිකයන් පිරිසක් සහ නිකවැරටිය කුකුළු ගොවිපොළ අයිතිකරුවන්ගේ සංගමයේ සාමාජික පිරිසක් මෙලෙස යාල රක්ෂිතයේ ජීප් රථ පැද ඇති බව මේ වන විට අනාවරණය වී ඇති බව වනජීවි දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු කියා සිටියේය. කෙසේ වෙතත් තවත් අභ්‍යන්තර තොරතුරු මගින් වාර්තා වෙන්නේ ජීප් රථ අලුත් වැඩියා කරන ආයතනයක වුවමනාවට බවය. එම ආයතනය වාර්ෂිකව අලුත් වැඩියා කරන ජීප් රථ මෙවැනි ස්ථානයකට ගෙනැවිත් ක්‍රියාකාරීත්වය විඩියෝ කරන බවය.

මෙලෙස කැබ් හා ඩිපෙන්ඩර් රථ මගින් යාල වනෝද්‍යානයේ අනිසි ලෙස සැරි සැරූ අයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා ද ප්‍රකාශ කොට තිබුණි. මේ පිරිස වනෝද්‍යානය තුළ වන සතුන්ට පමණක් වෙන් වූ ස්ථානවලද වාහන පදවන අයුරු දැක්වෙන වීඩියෝ වාර්තා දැක ගත හැකිය. මේ අය යාලට යන අතරතුර නීති උල්ලංඝනය ආරම්භ කරන්නේ අධිවෙගී මාර්ගයේදීය. ඒ වාහන අධිවේගීමාර්ගයේ නවතා අනෙක් වාහන පෙළ රූ ගත කරමිනි.

මේ අය වන උද්‍යානය තුළ වන සතුන්ට හිරිහැර වෙන අන්දමින් වාහන රිසි සේ පදවන ආකාරයද විඩියෝ පටවල දක්නට ඇත. සංවේදී වනෝද්‍යාන කලාපයක වන සතුන්ට හිරිහැර වෙන අන්දමින් මෙලෙස වාහන පැදවීම නීති විරෝධී බව වනජීවි දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය මහතාද පවසයි. පිලපිටිය මහතා පෙන්වා දෙන්නේ වනෝද්‍යානයක් ප්‍රකාශයට පත් කරන්නේ සතුන්ගේ සුබසිද්ධිය සඳහා බවය.

යාල වනෝද්‍යානයේ මෙලෙස වාහන පැදවීම මගින් වනෝද්‍යානයේ පරිසර පද්ධතියට බලපෑමක් කර ඇති බව පෙනෙන බවත් මේ සතුන් වැනසෙන ක්‍රියාදාමයක් මෙමගින් සිදුවෙන බව ද පිලපිටිය මහතා පෙන්වා දෙයි. මේ ගැන නීතිමය පියවර ගැනීමට වනජීවි සහ වෘක්ෂලතා ආරක්ෂණ පනතේ මෙවැනි හැසිරීම්වලට දැඩි නීති ඇති බවත් වනජීවි දෙපාර්තමේන්තුව එම නීති පාදක කරගෙන මේ අයට දැඩි දඬුවම් දීමට හැකි බවද පිලපිටිය මහතා පෙන්වා දෙයි.

මේ අතර යාල වනෝද්‍යානයට ඇතුළු වූ වාහන  15 ක අංක සහ එම වාහන හිමිකරුවන් ගැන තොරතුරු අප වෙත ලැබී ඇත. එම තොරතුරුවලට අනුව එම වාහන අංක සහ වාහන හිමිකරුවන් මෙසේය.

NW KK- 8007 සුදු පැහැති හමර් රථය වර්තමාන හිමිකරු මඩහපොල ලිපිනයේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ නුවන් රත්නායකය. SP CBF - 8668 සුදු පැහැති ලෑන්ඩ් රෝවර් රථය වර්තමාන හිමිකරු බෙලිඅත්ත පදිංචි උපුලා අනුරුද්ධිකා මහත්මියයි. CP KI- 3907 නිල් පැහැති ජීප් රථය වර්තමාන හිමිකරු මොනරාගල පදිංචි මද්දුමපටබැදිගේ ඔසුර වසන්ත ජයවර්ධනය.

NW CBP- 0555 සුදු පැහැති ලෑන්ඩ් රෝවර් රථය වර්තමාන හිමිකරු මඩහපොල ලිපිනයේ පදිංචි හිත්තමි මුදියන්සේලාගේ ලක්මල් දිලක්ෂ ජයතිලකය. PR - 5466 කළු පැහැති ලෑන්ඩ්රෝවර් ජීප් රථය වර්තමාන හිමිකරු සීදූව පදිංචි මාතොටගේ උදිත චතුරංගය. PE -1382 සුදු පැහැති ලෑන්ඩ් රෝවර් රථය වර්තමාන හිමිකරු  කුරුණෑගල ලිපිනයේ පදිංචි වාසල මුදියන්සේලාගේ චාමර මදුසංක වාසලය.

PE- 1387 නිසාන් වර්ගයේ සුදු පැහැති ද්විත්ව කාරය වර්තමාන හිමිකරු පන්නල පදිංචි චම්පික කුමාරි ප්‍රියදර්ශනී ලේකම්ගේ, KV - 8873 මිට්සුබිෂි කළු පැහැති ජීප් රථය වර්තමාන හිමිකරු යක්කල පදිංචි අලම්පිටිගේ අශෝක ප්‍රේමකුමරය. CAE - 2845 සුදු පැහැති ටොයොටා වර්ගයේ ජීප් රථය වර්තමාන හිමිකරු ඒකනායක මුදියන්සේලාගේ බුද්ධික ඒකනායකය.

CA - 3000 ගිනි රතු ජීප් රථය වර්තමාන හිමිකරු අත්තනගල්ල පදිංචි කාරියවසම් ගමගේ සුසිල් පේමලාල්ය, CAB -7494 ගිනි රතු ජීප් රථය. වර්තමාන හිමිකරු රාගම සමිත සුරංජිත් දංවත්ත ඉමන්ද්‍රි ඉම්පෝටර්ස් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුටර්ස්ය.

මීට අමතරව 31- 5498, CEO – 9699, CIB – 4779, 64-2708, CAN – 3883 යන වාහනද යාල රක්ෂිතයට ගොස් තිබුණි.

ප්‍රගීත් සම්පත් කරුණාතිලක



අදහස් (0)

යාලේ යකා නැටු ප්‍රභූ පුතුන්ගේ සෙල්ලම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 380 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2167 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1647 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site