IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


යෝග ශාස්ත‍්‍රය සතු මරණය ජයගැනීමේ ශක්තිය

සිලි සිලි හඬින් ළඳළු සැලෙයි. හාත් පස සිසාරා හමා යන්නේ මෘදු පවනකි. පැහැදිලි නිල් අහස පුරා වළාකුළු පාවයයි. විහඟුන් සරන දුර අහස සේ පියාපතක් වන් ඒ ජීවිත සරලය. සුන්දරය. සුන්දර නිසංසල හිමාලය වන අරණේ නිවුණු සිතින් බවුන් වඩන යෝගීන් ගේ දසුන හිමාලය වන අරණට පිවිසෙන කාගේත් නෙත් සනසන දසුනකි. ඒ යෝගීන්ගේ ජීවිතවල වගතුග සොයා ගෙන ගිය ගමනේ තවත් එක් පියවරකි මේ.

ප‍්‍රවීණ යෝග උපදේශක අර්ජුන වික‍්‍රමාරච්චි

ඇත්තටම යෝග කියන්නේ ඈත අතීතයේ සිටම නොනැසී වර්තමානය දක්වාම පැමිණි සජීවි ශාස්ත‍්‍රයක්. යෝග කියන්නේ අපේ ශරීරයේ මේද තට්ටුව දිය කරන්න කරන තවත් දිගැදුම් ව්‍යායාමයක් නොවෙයි. දුවන්නේ පනින්නේ නැතිවුණාට අද වැඩි දෙනකු යෝග හැටියට දකින්නේ එවැනි වේගවත් වූ දෙයක්.
යෝග ශාස්ත‍්‍රයේ ඉන් ඔබ්බට විශාල ගැඹුරක් පවතිනවා. යෝග ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කිරීමේදී පළමුව සිත සහ ශරීරය පුර්ණ වශයෙන් නිශ්චල භාවයට පත්කළ යුතු වෙනවා. ඒ කියන්නේ අප සිරුරේ පංචේන්ද්‍රයන්ගෙන් ලබා ගන්නා අරමුණු අත්හැර පූර්ණ වශයෙන් සිත - කය නිශ්චල භාවයට පත්කෙරෙනවා. ඒ මගින් පංචේන්ද්‍රියන්ට පූර්ණ විවේකයක් ලබා දෙනවා. යෝග ශාස්ත‍්‍රයේ තවදුරටත් ගැඹුරට යන විට හදවත පවා නතර වී ශරීරය නිශ්චල වෙනවා. යෝග ආසනයකින් ඔබට ලැබෙන්නේ ඒ නිශ්චල භාවයයි. ඒ අර්ජුන වික‍්‍රමාරච්චි මහතාගේ හඬය.

අද මිනිසා පවතින අතිධාවනකාරී සමාජය තුළ කාර්ය බහුල බවට පත්වී ඇත. සොබා දහමින් ඈත් වූ කර්කශ ජීවිතයකට හුරු පුරුදු වී ඇති මිනිසා රාත‍්‍රී නින්ද තෙක් ගෙවන ජීවිතයේ ගිනියම් වීමකට මිස නිවීමකට පත්වන්නේ නැත.

‘‘කය නිශ්චල වීමෙන් සිත නිශ්චල වෙනවා. සිත නිශ්චල වීමෙන් කය නිශ්චල වෙනවා. ප‍්‍රශ්නය තියෙන්නේ අද මිනිසුන්ගේ ජීවිතවල මේ නිශ්චලභාවය තියෙනවාද කියන එකයි. පවතින සමාජ ක‍්‍රමය මත වේගවත් වූ මිනිසා හැම වෙලාවකම බලාපොරොත්තු වන්නේ ලාභය ජයග‍්‍රහණය. ඒ වගේම තවකකු පරයා නැගී සිටීම. මිනිසුන් ආශාවන්ගෙන් වල්මත් වෙලා එකම රැල්ලක් පසුපස දුව යනවා.

අතීතයේ සෘෂිවරු යෝගආසන ක‍්‍රමය හැදුවේ ලෙඩරෝග නිවාරණය කර ගැනීමට නොවෙයි. ඒ වගේම රූපලාවන්‍ය ප‍්‍රතිකර්මයක් හැටියට යෝග හඳුන්වාදීමක් සිදුවුණේ නැහැ. දිගින් දිගටම ඉපදෙමින්, විනාශ වෙමින් මරණයට පත් වෙමින් යන අපේ ශරීරයට අමෘතය හෙවත් නොමැරී ජීවත් වීම හා මරණය ජයගැනීමේ ශක්තිය ලබාදීමට සෘෂිවරු ගත් උත්සාහයක ප‍්‍රතිඵලයක් ලෙස වසර සිය දහස් ගණනක පර්යේෂණ මගින් යෝග ආසන බිහිවී තිබෙනවා.

යෝග ශාස්ත‍්‍රයේ කියවෙන්නේ බ‍්‍රහ්ම තලයකට ගමන් කිරීමක් ගැනයි. බෞද්ධ දේශනාවේ ඉගැන්වෙන චතුරාර්ය සත්‍ය මාර්ග ඵල හැරුණු විට ඉන් මෙහා කියැවෙන අධ්‍යාත්මික ශක්තිය හා එවැනි සියලූ දේ ජයග‍්‍රහණය කිරීමේ හැකියාව මේ යෝග ආසන ක‍්‍රමයේ පවතිනවා.

ආරම්භයේදීම යමෙක් යෝග ආසනවල නිරතවන විට ඔහුගේ මස්පිඬු සියල්ල ජලධාරාවක් පරිද්දෙන් ලිහිල්ව සැහැල්ලූ වෙනවා. ශරීරයේ ස්නායු, ශ්වසන ආහාර ජීර්ණ සහ බහිස‍්‍රාවීය පද්ධතින් හොඳින් ක‍්‍රියාත්මක වෙනවා. සිරුරේ හා සිතේ චංචල ස්වාභාවය හීනවී ගොස් නිශ්චල භාවයට පත් වෙනවා. මේ ඔස්සේ ඇති වන යහපත් සිතුවිලි හේතුවෙන් වා තලයට මුසු වන යහපත් ශක්ති නිසා සොබාදහම පවා අපට යහපතක් උදා කරනවා. නිසිකලට වැසි සශ්‍රීක ඵලදාව සොඳුරු වෘක්‍ෂලතාව, ඇළදොළ සම්පත් සෑදෙනවා.

අප කය නිශ්චල කිරීම යහපත් අරමුණක් මත සිත රඳවමින් කරනවා. එය ශරීරයේ සෑම රෝම කූපයක් පාසාම සිරුරේ ලිහිල් වීමක් ඇති කරනවා. කාර්ය බහුල වටපිටාවකින් අපේ ශරීරයේ ඇතිවන වේදනාකාරී තදබව ආතතිය අපෙන් දුරස්වෙලා යනවා. අද විවිධ ඖෂධ මගින් සහ මනෝ චිකිත්සක උපදේශන මගින් දුරු කිරීමට සිදුව ඇති ශාරීරික හා මානසික දුබලතා යෝග ආසන ප‍්‍රගුණ කිරීමෙන් යටපත් කළ හැකි වෙනවා. අපේ ශරීරයේ සෑම ෙසෙලයකම ප‍්‍රබෝධය හා ප‍්‍රසන්න බව ඇති වෙනවා. සිතේ සතුට ඇති වෙනවා.

අපේ ශරීරයේ නාඩි 72000ක් ගැන යෝග ශාස්ත‍්‍රයේ සඳහන්. මේ තුළ නාඩි මධ්‍යස්ථාන හෙවත් නිල 544ක් ගැන කියවෙනවා. සෑම යෝග ආසනයකදීම මේ නාඩි තෙරපීමත් සම්බාහනය වීමත් සහ එමගින් හෝමෝන ග‍්‍රන්ථි උත්තේජනය වීමත් සිදු වෙනවා. මේ නිසා ශරීරයේ ලෙඩදුක් පාලනය කරන හෝමෝන ග‍්‍රන්ථි යහපත් උත්තේජනයක් මගින් ශරීරයේ නිරෝගී පැවැත්මක් සුවයක් හා සතුටක් ඇතිකරනවා.

යෝග ශාස්ත‍්‍රයේ රෝග නිවාරණය යනුවෙන් හඳුන්වන්නේ මෙයයි. රෝගි අයකු ඖෂධ භාවිතයත් සමඟ යෝග ආසන පුරුදු පුහුණු කරනවා නම් වැඩිකල් නොගොස් ඖෂධ අත්හැරීමෙන් යෝග ආසනයක් මගින්ම රෝග පාලනය කිරීමක් හා සම්පූර්ණ සුවයක් අත්කර ගැනීමට කලක් පුහුණු වීමෙන් හැකි වෙනවා.
අර්ජුන වික‍්‍රමාරච්චි මහතා මේ කතා කළේ යෝග ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කිරීමෙන් ඔබට ලද හැකි කායික හා මානසික වටිනාකම් පිළිබඳවය. යෝග ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කරන විට එවන් ඵල ප‍්‍රායෝගිකවම ලද හැකි වේ. සැබැවින්ම මානසික සුවයට මෙන්ම ශාරීරික නිරෝගි භාවයටද යෝගී ව්‍යායාම මනා ඔසුවකි.


(ඍෂිවරුන් කය අත්හැර යාම පිළිබඳව එය සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳව අපි එළැඹෙන සතියේදී කතා කරමු)

 

සටහන : සංජීවිකා සමරතුංග

 

හිමාලයේ යෝගීන් ඇසුරේ - 01

හිමාලයේ යෝගීන් ඇසුරේ - 02

හිමාලයේ යෝගීන් ඇසුරේ - 03

හිමාලයේ යෝගීන් ඇසුරේ - 04

හිමාලයේ යෝගීන් ඇසුරේ - 05
 



අදහස් (0)

යෝග ශාස්ත‍්‍රය සතු මරණය ජයගැනීමේ ශක්තිය

සඳරුවන් Monday, 12 August 2013 07:33 PM

ධ්‍යාන වඩවාගෙන යා හැකි උපරිම තැන භව අග්‍රයයි.එහි ආයුෂය මහා කල්ප 84,000 යි.භව අග්‍රයට ගියත් කවදා හෝ මේ මනුෂ්‍ය ලෝකයටත් එතනින් තිරිසන් අපායටත් යන්න සිද්ද වෙනවා.සැනසීම ඇත්තේ තථාගත බුදු රජාණන් වහන්සේ ළඟ පමණි ! (නි)

:       0       0

මර්වින් Monday, 12 August 2013 10:05 AM

මේවා කරන්නේ ඇත්තටම අනුවණයෝ,ඒ කාලය ඊටත් වඩා හොද විදර්සනා භාවනාවක යොදවන්න (දී)

:       0       0

වීර Sunday, 11 August 2013 11:23 PM

නිර්වාණයෙන් තොර කිසිවකින් මරණය ජයගත නොහැක .කල හැක්කේ සුළු වශයෙන් කල් දමාගැනීම පමණයි. (දී)

:       0       0

චන්දානන්ද හිමි Friday, 16 August 2013 08:26 AM

ඇත්තටම විදසුන් වඩාපු අය අන් අයට "අනුවණයෝ" කියා නොකියති. විදර්ශනාව සහ යෝග එකටම කිරීමට කවර බාධාවක්ද ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1531 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 487 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site