ම්ලේච්ඡත්වය විවිධ අයුරින් අර්ථ ගැන්විය හැක. ජාතිය, ආගම, වෛරය, පළිගැනීම, අන්තවාදය වැනි විවිධ මුහුණුවරින් ම්ලේච්ඡත්වය ක්‍රියාවට නැංවෙයි. ඇතැම් විට හමේ පාට පවා ඊට හේතුවන අවස්ථා ද තිබේ. අතීතයේ දරුණුම අයුරින් ම්ලේච්ඡත්වය ක්‍රියාවට නැංවීමට සමේ පාට හේතු වූ බව ඉතිහාසය සාක්ෂි දරයි. එම යුග පසුකරමින් වඩාත් දියුණු ශිෂ්ටාචාරයකට ලෝකය පා නගද්දී එවැනි ක්‍රියා මානව වර්ගයාට එරෙහි කෘෘරත්වය වශයෙන් අර්ථ ගන්වා ඒවාට මූලික වන ජන කොටස්වලට ද රටවලට ද එරෙහිව විවිධ සම්බාධක පැනවීමට විවිධ යාන්ත්‍රණ ක්‍රියාවට නැංවිණි. එහෙත් ම්ලේච්ඡත්වය අවසන් නැත.
තවමත් එවැනි ක්‍රියා සිදුවන බව පාකිස්තානයේ රැකියාව කරමින් සිටි ශ්‍රී ලාංකික විධායක නිලධාරියකු වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ කෲර ඝාතනය දෙස් දෙයි. මහා පිරිසක් එක්ව මහ දවාලේ දෙනෝදාහක් බලා සිටිය දී පුද්ගලයකුට තිරිසන් අයුරින් පහර දී මරා දමා සිරුරට ගිනි දැල්වීම අර්ථ ගැන්විය හැක්කේ කුමන තරාතිරමක ම්ලේච්ඡත්වයකටදැයි පැවසීම පවා අසීරුය. එය එතරම්ම දරුණු අපරාධයකි. එම ඝාතනය සිදු කළ පුද්ගලයා පමණක් නොව අපාරාධයෙන් පසුව ගිනිගන්නා මිනිස් සිරුර ආසන්නයේ සිට තමන් කළ අපරාධය මහා වීරක්‍රියාවක් සේ හුවා දක්වමින් ඔල්වරසන් දී අනුග්‍රහය දැක්වූ සියලුදෙනාම මේ මහා අපරාධයේ කොටස්කරුවෝ වෙති. ඔවුන් සියලුදෙනාම නීතියෙන් දඬුවම් ලැබිය යුත්තෝ වෙති.
පාකිස්තානය ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙකි. ශ්‍රී ලංකාව මුහුණ දුන් කොටි යුද්ධයේ දී එම දරුණු ත්‍රස්තවාදීන් පරාජය කිරීමට හැකි සෑම අයුරකින්ම සහාය දැක්වීමෙන් මේ මිත්‍රත්වය වඩාත් සවිමත් විය. එසේම පාකිස්තානයට ජාත්‍යන්තරයේ දී සහාය අවශ්‍ය වූ හැම අවස්ථාවක දීම ශ්‍රී ලංකාව ඒ වෙනුවෙන් පෙනී සිටියේය. මීට පෙරදී ද මේ ආකාරයටම ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එරෙහිව ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක් පාකිස්තානයේ දී එල්ල විය. එයින් පාකිස්තානයට ජාත්‍යන්තර ක්‍රිකට් තරග අහිමි විය. සෑම රටක්ම පාකිස්තානයේ ක්‍රිකට් සංචාර අත හැර දැමූහ.
අවසානයේ වසර 10කට පසුව පාකිස්තානයට ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් පැමිණීමේ දොරටුව යළි හැර දුන්නේ ද ශ්‍රී ලංකාවය. එවැනි මිත්‍රත්වයක් දැක්වූ ශ්‍රී ලංකාවට පාකිස්තාන ජාතිකයන් පිරිසක් මෙලෙස ම්ලේච්ඡ අයුරින් සැලකීම පිළිබඳව අපට ඇත්තේ බලවත් කනගාටුවකි. ඒ කනගාටුව සෑම ශ්‍රී ලාංකිකයකුගේම හදවතින් දෝරේ ගලන බව සෑම පාකිස්තාන ජාතිකයකුම දැනගත යුතුය.
ප්‍රියන්ත කුමාර මහතාගේ කෲර ඝාතනයට හේතුව ආගමික අපහාසයක් බව පිරිසක් පවසති. තවත් පිරිසක් පවසන්නේ ඔහු තමන් සේවය කළ ක්‍රීඩා ඇඳුම් නිෂ්පාදනය කරන ඇඟලුම් කම්හලේ වර්ධනය උදෙසා කැපවී සේවය කළ නීතිය තදින් ක්‍රියාත්මක කළ නිලධාරියකු බැවින් ඔහු කෙරෙහි කම්හල් සේවක පිරිසක් අමනාපයෙන් පසු වූ බවය. එසේම පාකිස්තානුවකු නොවන පුද්ගලයකු එහි ප්‍රධාන තනතුරක් දැරීම සම්බන්ධයෙන් කම්හලේ ඇතුළත මෙන්ම පිටත පිරිස් අතර දැඩි අකැමැත්තක් තිබූ බව ද පාකිස්තානයෙන් ලැබුණු ආරංචි මාර්ගවල සඳහන්ව තිබිණි.
මේ හේතූ නිසා ආගමික ශාස්තෘවරයකුට අපහාස කිරීමේ දී ක්‍රියාත්මක කෙරෙන නීතියක් අනිසි ලෙස උපයෝගී කරගනිමින් මේ කෲර ඝාතනය සිදුකර ඇති බවට සැකයක් ඇතැයි සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදුකරන ඉහළ පෙළේ නිලධාරියකු කියා තිබිණි. කුමන ආකාරයකට බැලුවත් සිදුවී ඇත්තේ අහස පොළොව නුසුලන ම්ලේච්ඡ අපරාධයක් බව සියලු දෙනා විසින්ම තේරුම් ගත යුතුය. අපරාධකරුවන්ට ආගමික විශ්වාසයන්ට මුවා වී මිනීමරා නීතියේ රැහැනින් ගැලවීමට කිසිදු ඉඩක් නොතැබිය යුතුය. ඔවුන්ට නීතියෙන් දඬුවම් පමණක් නොව දෙවියන්ගේ දඬුවම් ද ලැබිය යුතුය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රියන්ත කුමාර මහතාගේ අමානුෂික ඝාතනය පිළිබඳ සංවේගයට පත්වන බවත්, එම ම්ලේච්ඡ සිදුවීම ශ්‍රී ලාංකිකයන්ට සේම මනුෂ්‍යත්වය අගයන ලෝකයේ සැමට බලවත් කම්පනයක් බවත් ප්‍රකාශ කර තිබිණි. පාකිස්තානු රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග දෙස ශ්‍රී ලංකා රජයත් සමස්ත ජනතාවත් දැඩි විශ්වාසයෙන් බලා සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබිණි.
පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ විශ්වාසය පළුදු වීමට ඉඩ නොතබන බවට සහතික වී ඇතැයි ද ප්‍රකාශ විය. අපරාධකරුවන්ට දෙවියන් වහන්සේගෙන් සමාවක් නැති අතර නීතියෙන් ද ඔවුන්ට කිසිදු සමාවක් හිමි නොවන බවත් වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබාදෙනු ඇති බවට ශ්‍රී ලංකා රජය සහ ජනතාව තබා ඇති විශ්වාසය උපරිමයෙන් තහවුරු කරන බවත් පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.
කුමන නීතියක් යටතේ වුවද කුමන රටක දී වුවද පුද්ගලයකුට පහර දී මරා දමා සිරුර ගිනි තැබීමට ඉඩක් නැත. එවැනි නීති ක්‍රියාත්මක විය හැක්කේ නීතිය වල්වැදුණු ම්ලේච්ඡ රටක පමණි. ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මිතුරකු වන පාකිස්තානය එවැනි රටක් නොවන බව අපි තවදුරටත් විශ්වාස කරමු. එම විශ්වාසය තහවුරු කළ හැක්කේ අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පමණක් බව ද පෙන්වා දෙමු. එසේම මේ සිද්ධියෙන් බලවත් සේ අසරණව සිටින ප්‍රියන්ත කුමාර මහතාගේ බිරියටත්, පුතුන් දෙදෙනාටත් සමීප ඥාති මිත්‍රාදීන්ටත් අපගේ සංවේගය පළ කරමු. ඔවුන් වෙනුවෙන් උපරිම වන්දි මුදලක් අප්‍රමාදව ලබා දීමට සියලු බලධාරීන් විසින් ක්‍රියාකරනු ඇතැයි ඒ සමඟ අපේක්ෂා කරමු.
සමස්ත ලෝකයම එක්ව එකමුතු ලෝකයේ කුමන හෝ රටක මෙවැනි සිද්ධියක් ඇති වීමට ඇති ඉඩකඩ සපුරා අහුරා දැමිය යුතුය. මෙවැනි කෲර ක්‍රියා සියලුම ජාතීන්ගේ පිළිකුලට ලක්විය යුතුය. නිසි දඬුවම් දීමට පාකිස්තානය පෙළඹවිය යුතුය.
2002 වසරේදි 17 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පිහිටුවනු ලැබූ මෙරට කොමිෂන් සභා පිහිටුවන ලද්දේ දේශපාලනයෙන් තොරව රාජ්‍ය සේවය පවත්වා ගැනීම මූලික අරමුණු කර ග
සියයට 20කින් විදුලි බිල අඩුකිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මේ වනවිට රටේ කාගේත් අවධානය යොමු වී තිබේ. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කළ ස
2019 සිට ශ්‍රී ලංකාවට රථ වාහන ආනයනය කිරීම තහනම් කර තිබුණද අදියර කීපයක් යටතේ වාහන ගෙන්වීමට කටයුතු කරන බව රජය මීට පෙර ප්‍රකාශ කළේය. ඒ අනුව ලබන මස පළමු වැනිදා
නූතන සිංහල කවියේ ප්‍රබල හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළ මහගම සේකර කවියාගේ 49 වැනි අනුස්මරණය පසුගිය 14 වැනිදාට යෙදී තිබිණ. මහගම සේකර පෞද්ගලික ජීවිතයේත් නි
පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය, දින සියයක් පැරැණි ජාතික ජන බලවේගය රජයට බලපා ඇති ගැටලුවලට වඩා බරපතළ අර්බුදයක ගිලී සිටියි.
“ලංකාවේ ජනමාධ්‍යවේදීන් වෘත්තීයභාවයක් පෙන්නුම් කිරීමට සමත් වී නැත. ජනමාධ්‍යවේදීන්ගේ සංකල්ප දැනුම තිබෙන්නේ දිළිඳු තත්වයකය. වෘත්තීය අභිමානයක් ඇත්තේම
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මුළු ලොවම කම්පා කළ අහිංසකයාගේ ඝාතනය
Chamila Tuesday, 07 December 2021 12:41 PM
"කුමන නීතියක් යටතේ වුවද, කුමන රටක දී වුවද පුද්ගලයකුට පහර දී මරා දමා සිරුර ගිනි තැබීමට ඉඩක් නැත. එවැනි නීති ක්‍රියාත්මක විය හැක්කේ නීතිය වල්වැදුණු ම්ලේච්ඡ රටක පමණි. ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මිතුරකු වන පාකිස්තානය, එවැනි රටක් නොවන බව අපි තවදුරටත් විශ්වාස කරමු." නීතිය වල් වැදිලා ඒ රට මිලේච්ඡ රටක් වෙලා ඉවරයි. ඒකනේ එහෙම වුනේ. ඔවුන්ට නිදහසේ ඒවා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අනුග්‍රහයක් ලැබෙන නිසයි. නැතුව සාමාන්‍ය විදියට ජීවත් වන ජන කොට්ඨාසයකට එවැනි දෙයක් කරන්න අදහසක් එන්නේ නැහැ. මොකද බය, හික්මීම, තවත් සත්වයකුගේ ජීවිතයට හා නිදහසට දක්වන ගරුත්වය සහ සාධාරණ නීතියට තිබෙන බැඳීමත් නිසා...
Chamika Tuesday, 07 December 2021 09:00 PM
"කුමන නීතියක් යටතේ වුවද, කුමන රටක දී වුවද පුද්ගලයකුට පහර දී මරා දමා සිරුර ගිනි තැබීමට ඉඩක් නැත. එවැනි නීති ක්‍රියාත්මක විය හැක්කේ නීතිය වල්වැදුණු ම්ලේච්ඡ රටක පමණි. ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මිතුරකු වන පාකිස්තානය එවැනි රටක් නොවන බව අපි තවදුරටත් විශ්වාස කරමු." නීතිය වල් වැදිලා ඒ රට මිලේච්ඡ රටක් වෙලා ඉවරයි. ඒකනේ එහෙම වුනේ. ඔවුන්ට නිදහසේ ඒව කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අනුග්‍රහයක් ලැබෙන නිසයි. නැතුව සාමාන්‍ය විදියට ජීවත් වන ජන කොට්ඨාසයකට එවැනි දෙයක් කරන්න අදහසක් එන්නේ නැහැ. මොකද බය, හික්මීම, තවත් සත්වයකුගේ ජීවිතයට හා නිදහසට දක්වන ගරුත්වය සහ සාධාරණ නීතියට තිබෙන බැඳීමත් නිසා...