IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


මහ රෑ අගනුවර දුරාචාර ලෝකය

    tumblr_mfxcjgFYCf1r057r6o1_1280

 

රෑ 10-11 පනින විට පිටකොටුවේ පාරේ කාම ලෝකය පටන්ගනී. ඒ වෙලාව අල්ලා මම මිත‍්‍ර අතුලත් සමග පිටකොටුව අස්සේ රිංගුවෙමි. එම නිසා මේ ලිපියෙන් පුදුම හිතෙන කතා ගොඩක් ඔබ අතර මතුවනු ඇත. රාත‍්‍රියට පිටකොටුව හරහා ගමන් බිමන් යන ඔබේත්, ඔබ දන්නා අයගේත් ආරක්ෂාව පිණිස මේ වෑයම වැදගත් වනු ඇත. පිටකොටුවට -  ගණිකාවත්, ගණිකාවට - පිටකොටුවත් එකිනෙක බද්ධවී ඇති සෙයකි. උදේ සිට රෑ එළිවන තුරුම, දවස් 365ම මේ වලංගු කතාවකි. මේ දැන් පිටකොටුවට ගියත්  ඕනෑම වීදියක ගණිකාවන් ප‍්‍රසිද්ධියේ දැකගත හැකිය. මේ අය වීදි ගණිකාවෝය.

 

මහ දහවලේ පිටකො1ටුවට උරුම කංකරච්චලය රෑ 10-11 වෙනවිට නැත. තැඹිලි පාට ලයිට් එළිය අතරේ ප‍්‍රධාන පාරේ යන බස්රථ, වාහන කීපයක් හැරුණු කොට මිනිස් තදබදයක් නැත. ප‍්‍රධාන පදිකය හිස්ය. වෙළෙඳසල් වසා ඇත. මිනිස්සු යම් තරමකට හෝ රැුඳී සිටිනවා නම් ඒ ‘නයිට් කඩයක්’ ළඟ, ස්ටේසම හෝ බස් නැවතුම් හෝ අසලය. ‘නයිට් කඩයෙන්’ ස්ටේසමට, ස්ටේසමෙන් බස් නැවතුමට යන අය හැර වෙනත් ගමන් යන අය හමු නොවේ.


හැන්දෑවේ හතර - පහට එකම හිස් ගොඩක්වෙන පළමුවෙනි, දෙවනි හරස් වීදි පවා හුදෙකලා වූ පාරවල් බවට පත්වී ඇත. පළමුවැනි, දෙවැනි, හරස් වීදි අතර ඇති කුඩා අතුරු පාරවල් ‘‘කට්ට කළුවරේ’’ ගිලී ඇත. මහ දවාලේ පවා අඳුරේ ගිලූණු මේ අතුරු පාරවල් රාත‍්‍රියට සිඟන්නන්ගේ නවාතැන් පොළවල්ය.

බොහෝ විට පිටකොටුවේ සිඟන්නන් ලිංගිකව හැසිරෙන්නේ රාත‍්‍රියට අඳුරේ ගිලූණු මෙවැනි අතුරු පාරවලය. ඔවුන්ව සැකකරන්නට හෝ උන්වෙත පොලීසියෙන් කඩාපාත්වෙන්නට හෝ තරම් කාරණා නොමැත. දරු පැටවුන් නින්දට ගිය පසු බේබදු හිඟන ගෑනු, බේබදු පුරුෂයන් හා එළිමහනේ එකතුවේ. එය ඔවුන්ට අරුමයක් නැත. ඒ දකින කෙනෙකුට පුදුමයට කාරණයක්ද නොවේ. මානව අවශ්‍යතාවක් සම්පූර්ණ කර ගන්නට ගෙයක් දොරක් නැති, හෝටල් කාමරයකට වැද්ද නොගන්නා මොවුන් එය පාරේ කරනවා මිස විකල්පයක් නැත. ඒ නිසා දැක්කත් අහක බලාගෙන යනවා මිස කාටවත් කරන්නට දෙයක් නැත.


රෑ 10-11 පනින විට පිටකොටුවේ පාරේ කාම ලෝකය පටන්ගනී. ඒ වෙලාව අල්ලා මම මිත‍්‍ර අතුලත් සමග පිටකොටුව අස්සේ රිංගුවෙමි. එම නිසා මේ ලිපියෙන් පුදුම හිතෙන කතා ගොඩක් ඔබ අතර මතුවනු ඇත. රාත‍්‍රියට පිටකොටුව හරහා ගමන් බිමන් යන ඔබේත්, ඔබ දන්නා අයගේත් ආරක්ෂාව පිණිස මේ වෑයම වැදගත් වනු ඇත.

66


පිටකොටුවට - ගණිකාවත්, ගණිකාවට - පිටකොටුවත් එකිනෙක බද්ධවී ඇති සෙයකි. උදේ සිට රෑ එළිවන තුරුම, දවස් 365ම මේ වලංගු කතාවකි. මේ දැන් පිටකොටුවට ගියත්  ඕනෑම වීදියක ගණිකාවන් ප‍්‍රසිද්ධියේ දැකගත හැකිය. මේ අය වීදි ගණිකාවෝය.


ලොකුවට, ලස්සනක් නැතත් අතේ කුඩයක් පමණක් එල්ලා, මුහුණේ පවුඩර් තවරා සිටින ඔවුහු අඟ පසඟ මතුවෙන ඩෙනිම් කලිසම් හෝ ඉතා කොට සායවල් ඇඳ සිටිති.


දුර ඈත සිට එන අයටත්, විදීවිල විනාඩි කීපයක් නැවතී සිටින තරුණයන්ටත් පිරිමින්ටත් මේ උකුසු ඇස යොමුවේ. විනාඩි හතර - පහක් යනවිට මෙකී මැනීම් අවසන් වෙයි. මේ පිරිමියා තමා සමග එකට ඉන්නවාද - නැද්ද යන්න වහා ඔවුහු ග‍්‍රහණය කර ගනිති.

g
ඇසට ඇස යොමුවේ. මද සිනහව වැටේ. පිරිමියා ළඟට හිමිහිට ළංවේ. කෙළින්ම මාතෘකාවට වැටේ.


විකිණෙන ගණන් කතාකර වහා පිටත් වෙති.


කාමයෙන් පිස්සු වැටුණු හෝ ගෙදර බිරිඳගෙන් සතුටක් නැති හෝ පිරිමින්ට පුංචි මුදලකින් පහසුවෙන් ගෑනියෙක් හිමිවෙන තැන පිටකොටුව හා මරදානයි. කොහේ හෝ කාමරයකට රිංගා, නැත්නම් තමන් ඉන්නා ‘ලයින් කාමරයකට’ රිංගා පිරිමියා ඉල්ලන සතුට උපරිමයෙන් දෙන්නට මේ ගණිකාවෝ සමත් වෙති. සතුට හරියට ලැබුණොත් සමහර පිරිමි ටෙලිෆෝන් නොම්බරයද ඉල්ලාගෙන සතියකට වරක් කොටුවට ඇදෙති.


අම්පාර, මොනරාගල, මැදවච්චිය, ගිරාඳුරුකෝට්ටේ මේ ආදී රටේ හතර දිග් භාගයෙන් ‘මේ වැඬේට’ පමණක් පිටකොටු එන මිනිස්සු සිටිති. මේ අස්සේ ඇතැම් පිරිමි ආපහු යන්නේ ඇඳිවතද අහිමි අය ලෙසිනි. ඒතරමට ඔවුන් ‘හින්දන්නට’ මේ ගණිකාවෝ සමත් වෙති. දවාලට වඩා රෑට මීට වෙනස් කතා පිටකොටුව අලලා ලිවිය හැකිය.


අතුලත් මමත් පිටකොටුවේ ලයිට් නැති අඳුරු තැනක් දෙකක් අතරින් ඇදුනෙමු. පිටකොටුවේ අඳුරු තැන් බොහෝ ඇති බව පසක් වෙන්නේ රෑ මැද පිටකොටු අහුමුලූ අස්සේ ගිය විටය.


කළුවර තැන්වල හතර පස්දෙනා එකතුවී සිටිනු අඳුර විනිවිද පෙනේ. ඒ අය මොනවා කරනවාද, මොනවා කතා වෙනවාද යන්න පැහැදිලි නැත. දැක ගැනීමට ළඟට යා යුතුය. නුපුරුදු කෙනෙකුට එය අවදානමකි. දවාලේ රෝද ගෙවෙනතුරු පිටකොටුව පුරා බඩු ඇද්ද කරත්ත තැන් තැන්වල ගාල්කර තිබේ. අතුල මා රැගෙන යන්නේ නිෂ්චිත සාක්ෂි පෙන්වා කතාවක් පටන්ගැනීමට විය යුතුය.


අපි වැඩිදුර ගියේ නැත. අඳුරු තැනක ස්ත‍්‍රියක හා පුරුෂයකු එළිමහනේ ඇසුරකි. අතුරු පාරක ශරීරයේ කොටසක් ඉතිරිය අඳුරේය. මොවුන්ගේ යහන කඩයක බිත්තිය, පත්තර හෝ තුවායක් එලූ මහපාර හෝ බඩු අදින ගාල් කළ කරත්තයකි.


මේ ගෑනු කසිප්පු හරි අරක්කු හරි බොනවා. තවත් ගෑනු කුඩු ගහනවා. මේ ගෑනුන්ට පවුලක් කියලා දෙයක් නෑ. හැබැයි තුන් වේලට කන්ඩ නැතත් කුඩු පැකට්  ඕනේ. ඒ තරමට කුඩුවලට ඇබ්බැහි වෙලා. ඇයි? හොරකම් කරන්නද? මෙයාලට ලේසිම වැඬේ තමන් විකිණිලා හරි කුඩුවලට ගාණ හොයාගන්න එක. ඔය සිද්ධ වෙන්නේ ඒකයි.


අතුල කතාව අරඹයි.
‘කවුද මෙයාලගේ කස්ටමස්ලා....’ මම විමසීමි. ‘ඒක තමයි හොඳම කතාව... මේ හුඟක් ගෑනු දවල්ට මූණක් දිහා බලන්න බැරි තරම් විකෘතියි. කුඩු ගහලා, කසිප්පු බීලා ඇදිලා ගිහින්. සමහර ගෑනු හොඳට ඇඟපත තියෙනවා. අපේ සමහර පිරිමින්ටත් ගෑනියක් නම් ඒ ඇතිනේ. කෝච්චි අල්ලන්න එන දුර බස්වලට යන්න එන පිරිමි වෙලාව එනකම් කම්මැලිකමට පිටකොටුවෙ ඇවිදිනවා. සමහරු බීලා බමණ මතින් ඔහේ ඇවිදිනවා. මේ අය හරිම ලේසියෙන් ඔය ගෑනු අල්ලා ගන්නවා. සමහර ගෑනු ඉස්ටේසම ළඟ, බස් ස්ටෑන්ඞ් ළඟ, නයිට් කඩ ළඟ ගැවසෙනවා. බීලා ඉන්න පිරිමියෙක්ට කතා කරපු ගමන් එනවා. සමහර පිරිමි මෙයාලා එක්ක කාමරවලට රිංගන්න බයයි.


‘කාමරවලට බෑ. දුර යන්න බෑ’ සමහර පිරිමි ගත් කටටම කියනවා.


‘ දුර නෙවෙයි... පාර ළඟම ලයිට් නැති කළුවර තැනක්. බිත්තියකට මුවා වෙලා තියෙන්නේ’


‘කීයද’ පිරිමියා අහන වටිනාම ප‍්‍රශ්නෙ......


‘දෙසීයක්’ ගාණ ඇහුවම සමහරු උඩ යනවා. තරු පේනවා.


‘දෙසීයක් දෙසීයකට ගෑනියෙක්.


මේක පුදුම ලෝකයක්.


‘ඔව් දෙසීයයි.’ ගෑනි ටිකක් වෙරි මතින්ම කියනවා.


සාක්කුව අතගාලා බැලූවම දෙසීය මොකක්ද? ගෑනිගෙ ගාණ විතරයි. ඉතිරි දේවල් ගෑනි ළඟ තියෙනවා. කවුරුත් නොඑන කළුවර ‘පොට්’ එකක්....


ඔරලෝසුවෙ වෙලාව බලනවා.... රෑ 11.30යි. බස් එකට පැය දෙක තුනකුත් තියෙනවා.


සද්ද නැතුව අස්සකට රිංගනවා. දෙන්නටම හොඳටම වෙරි.


පිරිමියා සිගරැට් එකක් සාක්කුවෙන් ඇදලා ගන්නවා.


‘මටත් දීපන්’ ගෑනි තව සිගරැට් එකක් ඉල්ල ගන්නවා.


හැන්දෑවෙ හයට - හතට ටැප් එකකින් නාලා මූණෙ උලා ගත්තු මේකප් එක යාන්තමට ගෑනිට ලස්සනක් දීලා.


එතැනින් පස්සේ කට්ට කළුවරේ එළිමහනක සිද්ධ වෙන්නෙ සමහර ජෝඩු තරු පහේ හෝටල් කාමරයක ගන්න ආස්වාදයමයි.


මේක තමයි ලංකාවේ සමාජ මට්ටම් දෙකක් අතරේ පරතරය.


සමහර ගණිකාවන් දරු පවුල නඩත්තු කරන්න. තවත් ගණිකාවන් සැපට ජීවත් වෙන්න. පිටකොටුවේ මෙවැනි ගණිකාවන් කුඩු පැකට් එකට.


සමහර ගණිකාවන් තරු පහේ හෝටල්වලට බැහැලා රුපියල් 50,000 ට ලක්ෂයට දෙකට ඇඟ විකුණද්දි තවත් ගණිකාවන් දහ පහළොස් දාහට විකුණනවා. තවත් අය දෙතුන් දාහට, සමහරු පන්සීයට දාහට.


මේ අය අතරේ පිටකොටුවෙ මහ රෑ රුපියල් සීයට, දෙසීයට මධ්‍යම රැුයේ එකම වේලාවක ගණිකා සංස්කෘතිය විකිණී යන අපූරුව.


හැබැයි කතාව මීට වෙනස්. අපි මේ පටන් ගත්තා විතරයි. දහ පහළොස් දාහට ගණිකාව එක්ක ගියත් කාමරයක් නිසා ගමන ‘සේෆ්ටි’ (ආරක්ෂිතයි).
හැබැයි පිටකොටුවට මේ කතාව අදාළ නෑ. බීලා යන සමහර මහත්තුරුන්ට වෙනදේ එයාලට හිතාගන්නත් බෑ. මේ එක්ක යන ගෑනිගෙන්ම නෙවෙයි.


‘එහෙනම් කාගෙන්ද?’


ඉතිරිය ලබන සතියට
ඡායාරූප: සමන් විජය හෙම්මාතගම

m



අදහස් (0)

මහ රෑ අගනුවර දුරාචාර ලෝකය

දේවින්ද Saturday, 20 June 2015 02:20 PM

මෙය හොඳ ලිපියක්. මේ දේවල් සමාජයට හා පාලකයන්ට පෙන්වා දිය යුතුයි (බ)

:       0       0

තිලකසිරි Tuesday, 23 June 2015 12:02 PM

සාංචි ආරච්චි මහත්තයෝ එතකොට ඔය ඒඩ්ස්, ගොනෝරියා, සිපිලිස් වගේ ලෙඩ හැදුනම ඒවයෙ බේත් වලට යන ගාන ඔබ තුමාට අමතක වෙලා. (ස)

:       0       0

ඉන්දික Saturday, 20 June 2015 03:26 PM

මේ ලිපිය කියවනවා වගේම පරිස්සම් වෙන්න ඕන (බ)

:       0       0

චමිලා Saturday, 20 June 2015 04:31 PM

මේක කියවද්දී අප්පිරියාවේ බැහැ. නමුත් හොඳ සමාජ ගවේෂණයක්. (නි)

:       0       0

නෙළුම් Tuesday, 23 June 2015 06:35 AM

නිමල් ගේ කතාව අගය කරමි ....කතා බහ සහ අවබෝධය ඉතා වටිනා දෙයක් සාර්ථක පවුල් ජීවිතයකට (ම)

:       0       0

එලී Monday, 22 June 2015 08:30 PM

මේවගේ දේ .මුළු සමාජයම දැන ගත යුතුයි (නදී)

:       0       0

නිමල් Saturday, 20 June 2015 11:59 PM

බිරියන් විසින් හතර පෝයට සිල් ගත්තත් තමන්ගේ විවාහක යුතුකම් අමතක නොකළ යුතුයි. පුළුවන් හැටියට සැමියාගේ මානසික ශාරීරික අවශ්‍යතා සඳහා සහයෝගය දෙන එක ඉතා වැදගත්. සැමියාත් බිරිඳගේ අසනීප අපහසුතා, ස්ත්‍රියකව ඉපදීම නිසා ඇතිවන ශාරීරික ක්‍රියාවලියන් ගැන අවබෝධයෙන් සහ අනුකම්පාවෙන් කටයුතු කළයුතුයි. නෝනාට දරුවන් ලැබූ පසුව සහ වයස 40 පැනපු ගමන් හෝමෝන වෙනස්වීම නිසා ශාරීරික වෙනස් කම් සිදුවන බව තේරුම්ගත යුතුයි. දෙදෙනා විවෘතව කතාබහ කර මේ ප්‍රශ්න විසඳාගන්න පුළුවන්. එහෙම නැතුව නෝනා අද අසනීප නිසා ඇඟට අමාරුයි කියපු ගමන් පිටකොටුවට දුවන එක නෙමෙයි උත්තරය. (නි)

:       0       0

සාංචි ආරච්චි Tuesday, 23 June 2015 07:25 AM

අගුනකොල පැලැස්සේ ඉඳලා පිටකොටුවට එන්න ගමන් වියදම රුපියල් එකසිය තිස් පහයි වැඩේට රුපියල් දෙසීයයි අපහු යන්න එකසිය තිස් පහයි කෑමටත් රුපියල් දෙසීයක් විතර යයි. මොකද කරන්නේ.... (ර)

:       0       0

උමේශ් Sunday, 21 June 2015 01:18 AM

අපේ කාර්යාලයේ කෙනෙක් මෙහෙම ඇසුරකට යොමුවෙලා බිරිඳට ආරංචිවෙලා ලොකු ප්‍රශ්නයක් වුණා. අපි අවවාද කළාම ඒ පුද්ගලයා තමන්ගේ කතාව කිව්වා ඇයි එහෙම ඇසුරකට යොමු වුණේ කියලා. ඉන්නේ එකම පුතෙක්ලු. ළමයා ඉපදුන දවසේ ඉඳලා බිරිඳට සැමියාව මතක නැතිලු. ළමයාගේ කැවිල්ල පෙවිල්ල මිසක් මහත්තයාට උයපු කෑම ටික බෙදලා දෙන්න උවමනාවක් නැතිලු. හැම තිස්සෙම පුතාව හුරතල් කර කර ඉන්න ගමන්ලු . සැමියා සමීප කතාවකට ආවත් පුතාගේ වැඩ කියමින් මඟ අරිනවාලු. ළමයාට අවුරුදු 12 ක් වුණාට පසුවත් එයාව නිදිකරවා ගන්නේ අඹු සැමියන් මැදින්ලු. මේ පුද්ගලයා අවුරුදු ගානක් ඉවසලා බැරිම තැන තමයි ගණිකා ඇසුරට වැටිලා තිබෙන්නේ. (නි)

:       0       0

කිත්සිරි Monday, 22 June 2015 02:19 AM

ඉතා හොඳ ලිපියක් (නි)

:       0       0

මායා Tuesday, 23 June 2015 07:47 AM

සමාජය ගැන දැනගන්න ගොඩාක් වටිනා ලිපියක්. (නි)

:       0       0

ගයාන් Wednesday, 24 June 2015 05:16 AM

අපිට නම් කොටුවේ ඉන්න කට්ටිය ඕනෑතරම් හමුවෙනවා. නමුත් 200 ට නම් තවම හමුවෙලා නැහැ. (නි)

:       1       0

මේනක Sunday, 21 June 2015 02:52 AM

මහා කාමාශාවකින් පෙළෙන පිරිමියෙකු නොවන විවාහක කෙනෙක් ගණිකා හෝ අනියම් ඇසුරට පෙළඹෙන්නේනේ නම් එතන හේතුව ලෙස භාර්යාවගේ යම් අඩුපාඩුවකට ඇති ඉඩකඩ බොහෝය. කණගාටුවෙන් වුනත් මේක කියන්න වෙනවා. (නි)

:       0       0

සුභාෂ් Tuesday, 30 June 2015 01:31 AM

කටත් දැනගන්න පලකරන්න...හොද ලිපියක්. (ම)

:       0       0

ජයපාල Monday, 22 June 2015 06:37 AM

හොද ලිපියක්.ඉදිරියට ගෙනයන්න (ම) .

:       0       0

සමන් Wednesday, 24 June 2015 08:00 AM

මේ වගේ දේවල් ප්‍රචාරණයට වඩා වැලැක්වීමේ මාර්ග ඉදිරිපත් කිරීම මැනවි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රජාතන්ත්‍රවාදයට අනුගතවූ ඡන්දයකට පෙළගැසෙමු
2024 ජුලි මස 27 0 0

2024 ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව එන මස නැතහොත් අගෝස්තු මස 15 වැනි දින නාම යෝජනා කැඳවීමට ද සැප්තැම්බර් 21


අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 257 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 128 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 288 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 136 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
2024 ජුලි මස 25 639 3

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 168 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1162 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site