IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මහ මුහුදට අභියෝග කළ පාලම

 

(පරිවර්තනය - නිසංකා සන්දීපනී)

 

හොං කොං - ෂූහායි - මැකාඩ් නගර සම්බන්ධ කර මුහුද හරහා ඉදිකර ඇති ලෝකයේ දිගම පාලම ලෝකයේ පුදුම හත අතරට එක් වීමට තරම් වැදගත් නිර්මාණයක් වී ඇත.  මෙම සුපිරි ව්‍යාපෘතිය චීන ජනාධිපති ෂී ජින් පින් මහතා අතින් ඊයේ (23) නිල වශයෙන් විවෘත විය. 

කිලෝ මීටර 55ක් දිග මෙම පාලම පර්ල් ගංගාවේ සිට මුහුද හරහා ඉදිකර ඇති අතර සංකීර්ණ උමං මාර්ග වලින් ද සමන්විතය. මෙම ඉදිකිරීම 2009 දෙසැම්බර් 15 වැනිදා  දකුණු චීනයේදී ආරම්භ විය.

මෙම ඉදිකිරීම මුහුද පදනම් කරගත් විශාල ව්‍යාපෘතියක් වන අතර එම මාර්ග සංකීර්ණය කිලෝමීටර 6.7 ක් මුහුද යටින් ගමන් කළ හැකි කෘත්‍රිම දූපත් දෙකක් අතර සම්බන්ධ වේ.

ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට ආසන්න වශයෙන් අවුරුදු 8ක් සහ යුවාන් බිලියන 120 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 17.3) වැය  වී ඇත.

අනාගත බලාපොරොත්තු අනුව ආර්ථික වාසි ලබාගත හැකි අයුරින්  මෙම වියදම හොං කොං - ෂූහායි සහ මැකාවෝ රජයන් විසින් සමානුපාතික ආකාරයෙන් බෙදාගෙන ඇත. 

හොං කොං සහ ෂුහායි ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීමට මෙවැනි පාලමක් ඉදිකිරීමේ අදහස 1983 දී හොං කොං හිදී ඉදිරිපත් වූවත් ඒ  සඳහා ප‍්‍රමාණවත් අවධානයක් යොමු වී නැත. එහෙත් 1990 දශකය අවසානයේ හොං කොං සහ ආසියාව මූල්‍ය අර්බුදයකින් පීඩාවිඳි අතර ඒ තත්ත්වයෙන් මිදීමට නම් හොං කොං - ෂූහායි සහ මැකාවෝ නගර සම්බන්ධ කර ආර්ථිකය වර්ධනය කිරීමේ අවශ්‍යතාවය මතුවී ඇත.

ඒ අනුව වසර ගණනාවක් පුරා කළ සාකච්ඡා සහ සූදානම්වීම් අනුව 2009 ඔක්තෝබර් 28 දින ඉදිරිපත් කරන ලද ශක්‍යතා අධ්‍යනයෙන් වාර්තාවෙන් පසු රාජ්‍ය මන්ත‍්‍රණ සභාව විසින් මෙම ව්‍යාපෘතියට අනුමැතිය ලබා දෙන ලදී.  

විශේෂ පරිපාලන ප‍්‍රදේශ දෙකක් සහ ප‍්‍රධාන නගරයක් මෙම සුපිරි ව්‍යාපෘතිය හා සම්බන්ධ වේ.  ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමේදී විසඳුම් සොයා ගැනීම, තීරුබදු, ආගමන, අනුමැතිය සහ වෙනස් ගමනාගමන නීති සහ බලපත‍්‍ර ආදී දුෂ්කරතා වලට මුහුණ දුන්නේය. අභියෝග වලට මුහුණ දෙමින් ඉදිකළ තිරසාර ව්‍යාපෘතියක් වන මෙම පාලම මගින් වසර 120ක් සඳහා සේවාව සැපයීමට සැලසුම් කර ඇත. 

ව්‍යාපෘතියේ මූලිකව භාවිතා වන්නේ ලෝකයේ වඩාත් කල්පවත්නා ගොඩනැගිලි ද්‍රව්‍ය බව ප‍්‍රධාන නිර්මාණ සැලසුම් ශිල්පී මෙන්ග් ෆැන්චා ඕ මහතා පැවසුවේය.

පාලම් ඉදිකිරීමට අමතරව බලධාරීන්ගේ අයකිරීම සීමිතවීම, කම්කරුවන්,  උපකරණ ක‍්‍රියාත්මක කිරීමේදී මෙන්ම කලාතුරකින් චීන මුහුදේ මතුවන  සුදු ඩොල්ෆින්  මත්සයන් සඳහා වන හානිය අඩුකර ගැනීම ඉදිකිරීමේදී  මුහුණ දීමට සිදුවූ ප‍්‍රධාන අභියෝග විය.

ගොඩනැගීම ආරම්භ වූ 2009 වර්ෂ අවසානයේ සිට එම මුහුදු සීමාවේ සුදු ඩොල්ෆින් සත්ත්ව ගහණය සංඛ්‍යාත්මකව වර්ධනය විය. ඒ අනුව 2009 වර්ෂයේ දී 1400 ද, 2016 වර්ෂයේදී 2100 දක්වා සුදු ඩොල්ෆින් මසුන් වර්ධනය වූ බව ඉදිකිරීම් නිලධාරීන්ගේ උප ප‍්‍රධානියා යූ ලයි මහතා පැවසූවේය.

එම සතුන්ට හානියක් නොවන ලෙසත් මුහුදු ශාක ආහාරයට ගන්නා සතුන්ට හානියක් නොවන ලෙසත් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම අභියෝගයක් විය.

දරුවන් වෙනුවෙන් දැවැන්ත වගකීම් සහිත සමාජ සේවයක් ඉක්මණින් නිමා කිරීම  සහ සැබෑ ජීවිතයේ අභියෝග වලට මුහුණ දෙන අවස්ථා උදාකර දීම ගැන තමන් ආඩම්බරකාර පියෙක් වන බව මෙන්ග් මහතා පැවසුවේය.

මෙම පාලම ඉදිකිරීමෙන් අඩු කාලසීමාවක් තුළ නගර තුන හරහා ගමන් කිරීමට හැකි වනු ඇත.  උදාහරණයක් ලෙස පැය 3යි විනාඩි 30 කාල සීමාවකදී හොං කොං සහ ෂුහායි අතර ගමන් කිරීමට හැකිවනු ඇත. මෙය ආර්ථික සංවර්ධනයට සහ  හොං කොං සංචාරක කර්මාන්තයට පිටුවහලක් වනු ඇතැයි  අපේක්ෂා  කෙරේ.

මීට අමතරව සුපිරි පාලම ඉදිකිරීම මහා බොක්ක ප‍්‍රදේශය සංවර්ධනය කිරීමට සංධිස්ථානයක් විය. හොං කොං තාක්ෂණික ආර්ථිකය ගොඩනැගීමටත්,  මැකාඩෝ සහ ගුවංෂු නගරයද  ඇතුළු ගුවන් ඩොග් පළාතේ නගර 9ක්, ෂෙන් හෙන් සහ ෂුහායි නගර සහ ඇමරිකාවේ  කැලිෆෝනියා ප‍්‍රාන්තයේ සිලිකොන් නිම්නය සමඟ තරගයක් නිර්මාණ වීමටත් ඉඩ ප‍්‍රස්ථාව තිබේ. 

හොං කොං ව්‍යාපාර සහ වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති ලෝ වායි  ක්වොක් මහතා අනාවැකි පළකරමින් පවසා සිටියේ මෙම පාලමේ විවෘත කිරීමෙන් මහා බොක්ක ප‍්‍රදේශයේ  ආර්ථික වර්ධනය ඉහළ යාම හා ජනතාවගේ ප‍්‍රවාහන පහසුකම්  ඉක්මන් වන බවයි.   

 

සී.ජී.ටී.එන්. ඇසුරෙනි

 




අදහස් (2)

මහ මුහුදට අභියෝග කළ පාලම

සෙනෙවි Wednesday, 24 October 2018 03:38 PM

මෙම පාලම තැනීමට නැකත් සහ නිදන්වස්තු ශ්‍රීලංකාවෙන් රැගෙන ගිය බව දැනගන්නට ලැබී ඇත.

:       0       3

Nimal Wednesday, 24 October 2018 05:24 PM

මෙවැනිම පාලමක් කොරියාවේත් තියෙනවා. ඒකේ දිග 1.5 කි. මී. පමණ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 678 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2346 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1727 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site