IMG-LOGO

මහපොළොවේ අනතුරු ඇඟවීම ගණන් නොගත්තේ කවුද?

01_page_3-M

 

පසුගිය දා නාය යෑමට ලක් වූ හල්දුම්මුල්ල කොස්ලන්ද මීරියබැද්දේ ඛේදවාචකයේ වරද එකිනෙකා පිට පටවා ගනිති. ඇත්තටම වරද රජයේ ද, නිලධාරීන්ගේ ද, විපක්ෂයේ ද, එහි වාසයකළවුන්ගේද නැතිනම් ඉරිතැලූ මහ පොළොවේද? මේ ඒ ගැන කෙරෙන සොයා බැලීමකි.

 

කොස්ලන්ද වත්තේ නාය යෑමේ තර්ජනයක් ගැන මුලින්ම දැනුම් දී ඇත්තේ 2005 වසරේ දී ය. ඒ අනුව එම ගම්වාසීන්ට ඉවත්ව යන ලෙස දැනුම් දී ඇත. ගම්වාසීන් කියන ආකාරයට ඔවුන්ට ප‍්‍රමාණවත් නිවාස නොලැබුණු නිසා ඔවුන් එතැනම පදිංචිවී සිට ඇත.


2006 ජුනි මාසයේ මීරියබැද්දේ නිවාස පහක් පමණ ගිලා බැස තිබිණි. ඉන් පසු විටින් විට සුළු ගිලා බැසීම් වාර්තා වූ නමුත් ගම්වාසීන් ඉන් ඉවත් කිරීමක් සිදු නොවීය.

 


දිසාපති රෝහණ කිරීති දිසානායක මහතා:-
මේ ප‍්‍රදේශය නායයෑමේ තර්ජනයට ලක්වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මීට වසර ගණනාවකට පෙර දැනුම් දී තිබුණු බව ඇත්ත. ඒ අනුව එම ප‍්‍රදේශවාසීන්ට ඉවත්වී යන ලෙස දන්වා ඉඩම් ලබා දුන්නා. නමුත් ගියේ පවුල් කිහිපයයි. ජනතාවගේ යුතුකමක් තියෙනවා උපදෙස් පිළිපදින්න. එහෙම පිළිපැද්දනම් මෙවැනි අනතුරක් වෙන්නේ නෑ.


මෙහි ග‍්‍රාම නිලධාරිනිය සිද්ධිය වන්නට පෙර දින ප‍්‍රදේශවාසීන්ට දැනුම් දී තියෙනවා නායයෑමේ අවදානමක් ඇති නිසා ඉවත්වී යන ලෙස. සමහරු ගිහින් තිබුණා. අනික් පිරිස එතැනම හිටියා..

 


ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න මහතා:-
මේ සිද්ධිය වුණාට පස්සේ ජනතාව පිට වරද පටවන එක වැරදියි. එහෙම අනතුරු ඇඟවීමක් කර තිබුණා නම් මේ පිරිස ඉවත් කරන්න තිබුණා. ජනතාවගේ ජීවිතවලට තර්ජනයක් බව දැනගත්තා නම් කෙලෙස හෝ ඉවත් කරන්න තිබුණා. ඔවුන්ගේ ජීවිත රැුක ගැනීමයි වැදගත් වෙන්නේ. මෙවැනි නායයෑමේ අවදානමක් ඇති ප‍්‍රදේශ තවත් තියෙනවද කියා සොයා බලා ඒ පිරිස ඉවත් කර ඔවුන්ගෙ ජීවිත රැුක ගන්න කටයුතු කළ යුතුයි.

 


මීරියබැද්ද ග‍්‍රාම නිලධාරි එච් එම් මාලනී මහත්මිය:-
මීරියබැද්ද ලයින් කාරමවල පවුල් 57ක් පමණ ජීවත් වෙනවා. 28 වැනි දා උදේ මේ ප‍්‍රදේශයේ ඉරිතැලීමක් තිබෙන මව ප‍්‍රදේශවාසීන් කිහිප දෙනෙක් මට දැන්වුවා. ඒ අනුව මම ගිහින් බැලූවා. අපදා කළමනාකරණ නිලධාරියකුත් එතැනට එක්කන් ගියා. භූමිය ඉරි තලා තියෙන බව අපි දැක්කා. ඒ අනුව ඒ අවස්ථාවේ ප‍්‍රදේශවාසීන්ට දැනුම් දුන්නා ඉවත් වෙලා යන්න කියලා. නමුත් ඒ අය ඉවත් වෙලා නෑ. අපේ අනතුරු ඇගවීම් අනුව ක‍්‍රියා කළා නම් මෙවැනි විපතක් වෙන්නේ නැහැ.


අපිට කලින් කිව්වා:
ඒත් යන්නේ කොහේටද?


මීරියබැද්ද ගම්වාසියකු වන සුදාන් -
මේ ප‍්‍රදේශය නාය යෑමේ අවදානමක් ඇති බව අපට කළින් දැන්වුව බව ඇත්ත. නමුත් අපි කොහාටද යන්නේ? පවුල් කීපයකට විතරත් වෙනත් තැනක ගෙවල් ටිකක් හදා දුන්නා. අපිට ලැබුණේ නැහැ. ඉතින් අපි කොහෙද යන්නේ? අපිට යන්න එන්න තැනක් නැහැ. අපි ගෙවල්වලම හිටියා. මේ නිලධාරීන්ට තිබුණා අපට ගෙවල් ටිකක් හදාලා දෙන්න. හැමෝටම ගෙවල් හදලා දුන්නා නම් මේ අය යනවා. ඒත් එහෙම කරලා දුන්නේ නැහැ. දැන් අපේ පිට වරද පටවන්න හදනවා.

 

news

නාය යෑමක් සිදු වෙන්නේ මෙහෙමයි

 

පවුල් පණපිටින් වැළලූණු හැටි

 

 


m



අදහස් (0)

මහපොළොවේ අනතුරු ඇඟවීම ගණන් නොගත්තේ කවුද?

දමිත් Saturday, 08 November 2014 03:31 AM

මිනිස්සු අසරණ දුප්පත් බව ඇත්ත. ඒත් සුනාමියට යන්න කිවුවහම මිනිස්සු තාවකාලිකව ගෙවල් දොරවල් දාලා ආවා. තර්ජනයක් තියෙනවා ඉවත් වෙන්න කිවුවහම තාවකාලිකව ඉවත්වෙනවා මිසක් ඉඩම් අරන් දෙනතුරු ඉඳලා හරියනවද? තාවකාලිකව ඉවත්වුණා නම් අද ඒ හැමෝම බේරිලා නේද? එතකොට නායගිහින් ඒ ගෙවල් යටවෙලා නිසා රජයෙන් කොහොමත් එයාලට ඉන්න තැනක් දෙනවා නේද? (නි)

:       0       0

දුමින්ද Saturday, 08 November 2014 04:53 AM

මිනුස්සුන්ට යන්න තැනක් හොයලා දුන්නද? යන්න කියපු ගමන් යන්න ඒ මිනුස්සුන්ට බැංකුවේ සල්ලි දලා තියනවද? මේකට වග කෙයන්න ඕනේ දිසාපති සහ ග්‍රාමසේවක ඇතුළු රජයේ නිලධාරීන්, (හේ)

:       0       0

දුමින්ද Saturday, 08 November 2014 04:56 AM

ආපදාවකදී කාර්යය කරන ආකාරය ප්‍රදෙශේයේ ග්‍රාම සේවක නිලධාරියාට අත්දැකීම් සහ බුද්දිය නොමැති බැවි පෙන්නේනේ.(හේ)

:       0       0

නීලමනී Wednesday, 05 November 2014 03:55 PM

මහපොළොව අනතුරු ඇඟව්වත් යන්න කිව්වත් ඒ දුප්පත් මිනිස්සු කොහේ කියල යන්නද? යන්නම ගියා මිසක්.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 9796 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 263 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 195 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site