ප‍්‍රභාකරන් නම්වූ අති බිහිසුණු ත‍්‍රස්තවාදියා කෙරෙහි මෙරට මෙන්ම ජාත්‍යන්තර ප‍්‍රජාව තුළද පැවැතියේ කිසියම් බියකි. කිසිම දිනක මේ ත‍්‍රස්තවාදියාගෙන් ශ්‍රී ලංකාව බේරා ගැනීමට හැකිවෙතැයි විශ්වාසයක් නොතිබුණි. දශක තුනක කාලයක් තිස්සේ මේ රට යුද්ධයෙන් පීඩාවට පත්වී සිටියේය. එහෙත් ඒ යුද්ධයේ පීඩාව නිමා කරමින් ප‍්‍රභාකරන් නමැති ත‍්‍රස්තවාදියාගෙන් රට බේරා ගැනීමට අපේ ති‍්‍රවිධ හමුදාවට හා පොලිසියට හැකියාව ලැබිණි.
යුද්ධය නිමාවීමත් සමග රටේ ජනතාවට බියෙන් සැකයෙන් තොරව ජීවත්වීමේ අවස්ථාව සැලසීි ඇත. ඊට අමතරව රටට තවත් වාසිදායක කරුණු ගණනාවක් හිමිවී ඇත.
මේ ලිපියෙන් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන්නේ එවන් විශේෂිත වාසිදායක කරුණක් පිළිබඳවය. එය ලංකාවට සුවිශේෂි අත්දැකීමක් මෙන්ම රටට ආදායම් ගෙන දෙන දැවැන්ත ව්‍යාපෘතියකි. ආරක්ෂක අමාත්‍යංශය යටතේ පිහිටුවන ලද රක්නා ආරක්ෂක ලංකා ලිමිටඞ් ආයතනය ලද නැව් ආරක්ෂිත වැඩපිළිවෙළයි.
2008 පෙබරවාරි 7 වැනිදා රක්නා ආරක්ෂක ලංකා ආයතනයේ වැඩ ආරම්භ කර ඇත. රක්නා ආරක්ෂක ලංකා ආයතනය ආරක්ෂක අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇති ආයතනයකි. රාජ්‍ය ආයතනවලට ආරක්ෂාව සැපයීම මෙහි ප‍්‍රධාන කර්තව්‍ය විය. පෞද්ගලික මට්ටමේ ආරක්ෂක සේවාවල යෙදී සිටින්නන් පුහුණු කිරීමද මෙහිදී කෙරුණි.
රක්නා ආරක්ෂක මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය සිව් දෙනෙකි. ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්. මහින්ද සාලිය, මේජර් ජෙනරාල් පාලිත ෆනෑන්ඩු, උදේනි වික‍්‍රමසිංහ සහ සිරිපාල හෙට්ටිආරච්චි යන මහත්වරු අධ්‍යක්ෂ මණ්ඩලයට අයත් වෙති.
|
කොල්ලකරුවන් පිරිසක් ප‍්‍රංශ හමුදා අත්අඩංගුවේ |
මෙම ආයතනය මගින් නැව් ආරක්ෂක සේවාවක් ආරම්භ කර ඇත. ඒ සම්බන්ධයෙන් ප‍්‍රධාන විධායක නිලධාරි මේජර් ජෙනරාල් කේ. බී. එගොඩවෙලේ මහතාගෙන් හා මෙහෙයුම් කළමනාකාර මේජර් චින්තක පෙරේරා මහතාගෙන් තොරතුරු ලබා ගතිමි.
මෙතෙක් සිදුවුණේ විදේශිකයන් ගාල්ලට පැමිණ නැව්වල ආරක්ෂාව සඳහා ගාල්ලෙන් නැව්වලට නැඟීමයි. ලංකාවේ නැව් නියෝජිතයන්ගේ සහායෙන් විදේශ නැව් සමාගම් ඒකාබද්ධව නැව්වලට විදේශ ආරක්ෂකයන් යෙදවූවා. අපේ රටේ මුහුදු කොටි සමඟ සටන් කර විශිෂ්ට ජයග‍්‍රහණ ලබා සිටින නාවික හමුදාවක් සිටින බැවින් ජාත්‍යන්තර වශයෙන් විශාල ප‍්‍රශංසාවක් අපට හිමිවී තිබෙනවා. ඒ අනුව අපේ රටටද නාවික ආරක්ෂක අංශයක් පිහිටුවීමේ අවශ්‍යතාව ඇති විය. වෙළෙඳපොළ වටිනාකමක් ලබා ගැනීමට හැකි බව පෙණුනි.
ඒ අනුව 2011 මාර්තු මස 18 වැනිදා ශ්‍රී ලංකාවේ ප‍්‍රථම නැව් පාලක (Sea Marshal) වීරසිංහ මහතා නැව් ආරක්ෂක සේවයට ගියා. ඔහු නාවික හමුදාවේ සුළු නිලධාරීන්ගේ ප‍්‍රධානියෙක් වශයෙන් සේවය කළ අයෙක්. 2011 ජනවාරි සිට මාර්තු දක්වා විදේශිකයන් 678 දෙනෙක් නැව්වල ආරක්ෂාව සඳහා ගාල්ලෙන් නැව්වලට නැග තිබිණි.ඒ 678 දෙනා වෙනුවෙන් ශ්‍රී ලාංකිකයෝ ලබාදීමට අවස්ථාව ලැබුණා නම් ඩොලර් මිලියන ගණනාවක් ඒ දින කීපයට මේ රටට උපයා ගැනීමට අවස්ථාව තිබිණි. ගාල්ලෙන් නැව් ආරක්ෂකයන් නැව්වලට නැගීමට ප‍්‍රධාන හේතුව නම් නැව් ගමන් මාර්ගයේ ගාල්ල ආසන්න වශයෙන් පිහිටා තිබීමයි.
ජිනීවාහි පිහිටි ජාත්‍යන්තර නාවික සංවිධානය යටතේ සියලූ නාවික අංශ පවතී. එම සංවිධානය මගින් මුහුදු අවදානම් කලාපයක් හඳුන්වාදී තිබේ. ඒ කලාපයට ඇතුල්වන ඕනෑම නැවක් රක්ෂණය කළ යුතුය. නැවේ ආරක්ෂක නිලධාරින් ස්ථානගත කර සිටිය යුතුය.මුහුදු අවදානම් කලාපය වශයෙන් සළකන්නේ යුරෝපය දිසාවට යන නැවකට එම කලාපයට ඇතුල්වීමට පෙර ඇති අවසාන මධ්‍යස්ථානය ගාල්ලයි. ලංකාව පසුකර නාවික සැතපුම් 20 ක් පමණ ගිය පසු අවදානම් කලාපය හඳුන්වා ඇත. වෙඩි හුවමාරු සිදුවූ ස්ථාන සිතියමක සටහන් කර ඒ ප‍්‍රදේශය අවදානම් කලාපය වශයෙන් හඳුන්වාදී ඇත. ශ්‍රී ලංකාව අවදානම් කලාපයෙන් පිටත පිහිටුවා ඇත.
ගාල්ල වරායෙන් නැව් ආරක්ෂකයන් නැව්වලට ඇතුල් වන්නේ ලංකාව අවදානම් කලාපයෙන් පිටත පිහිටා තිබීමයි. ලෝකයේ නැව්වලට ආරක්ෂාව ලබාදෙන ආයතන අතුරින් රජයේ අනුමැතිය සහිතව මෙම සේවයේ යෙදෙන එකම රට ශ්‍රී ලංකාව පමණි. නාවික ආරක්ෂක නිලධාරින්ට අවශ්‍ය ආයුධ ලබා දෙන්නේද ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය මතය. මෙම ආරක්ෂක නිලධාරීන්ට අවසාන පාරිභෝගික සහතිකය යනුවෙන් ආයුධ පාවිච්චි කරන පුද්ගලයා විශේෂ සහතිකයක් ලබා තිබිය යුතුය. ආරක්ෂක අංශවල නිත්‍යානුකූලව විශ‍්‍රාම ගිය නිලධාරින්ට ආයුධ පුහුණුව ඇතත් මෙම සේවාව සඳහා අදාළ නිලධාරින්ට විශේෂ ආයුධ පුහුණුවක් යළි ලබාදෙයි.
ජාත්‍යන්තර නාවික සංවිධානය මගින් හොඳම ආයුධ කළමනාකරණ පුහුණුව යනුවෙන් පුහුණුවක් නියම කර ඇත. ඒ අනුව නැව්වලට ආරක්ෂාව සැපයීමේදී අනුගමනය කළ යුතු කි‍්‍රයා පිළිවෙතක් ඇත. උදාහරණ වශයෙන් ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමේදී නැවේ ආරක්ෂාව හා කොල්ලකරුවන් හැකිතාක් නැවෙන් ඈත්කර තැබීම අවශ්‍යවෙයි. සටන් කර බෝට්ටු ගිල්වා දැමූ අවස්ථාද ඇත. මුහුදු කොල්ලකරුවන් නැව් කොල්ලකෑමට බොහෝ විට පැමිණෙන්නේ ධීවරයන් ලෙසය. ඔවුහු ආයුධ සඟවා ගෙන පැමිණ වෙඩි තබති.
අපේ නිලධාරීහු මෙවැනි අවස්ථා රාශියකට මුහුණදී සිටිති. සෝමාලියා කොල්ලකරුවන් පවා ශ්‍රී ලංකාවේ නාවික ආරක්ෂක අංශය පිළිබඳව දැනුවත්වි සිටින බවට තොරතුරු ලැබී ඇත. ජාත්‍යන්තර නැව් සමාගම්වලට මෙම සේවය සැපයීම සිදුවෙයි. යුරෝපයේ සියලූ රටවල් ජපානය, චීනය, මැලේසියාව, සිංගප්පූරුව ආදි රටවල් ශ්‍රී ලාංකික නාවික ආරක්ෂකයන්ගේ සේවය ලබා ගනී.
නැව් ආරක්ෂකයකුට (Sea Marshal) නැවකට ඇතුළු වී අවදානම් කලාපය අවසන් වන වරායේදී නැවෙන් බසින තෙක් ඩොලර් 1000ක මුදලක් ගෙවනු ලබයි. එය ලංකාවේ මුදලින් රුපියල් 1,29,000ක් පමණය. දින 20ක් 22ක් අතර කාලයක් ඒ සඳහා ගතවේ. ඊජිප්තුව, ඕමානය, ඩුබායි, ටැන්සානියාව, මැඩගස්කරය, කෙන්යාව, දකුණු අපි‍්‍රකාව යන රටවල් බොහෝ විට ගමනාන්තය වෙයි. දුරම ගමනාන්තය සූවස්ය.
මේ වනවිට රක්නා ලංකා ආයතනය නැව් ආරක්ෂකයන් 478ක පිරිසක් සේවයේ යොදවා සිටිති. මෙම සංඛ්‍යාව තවත් වැඩි කිරීමට පියවර ගෙන ඇත. සන්නද්ධ හමුදාවෙන් නිත්‍යානුකූලව විශ‍්‍රාම ගත් අය බඳවා ගනී. සේවයේ ගුණාත්මක බව ආරක්ෂා කිරීම සඳහා නිත්‍යානුකූලව විශ‍්‍රාම ගිය අය බඳවා ගනු ලැබේ. නැව් ආරක්ෂාවට යොදවන අය සඳහා නාවුක නිෂ්කාශන සහතිකයද අවශ්‍යය. මෙම සහතිකය ඇති අය වෙළෙඳ නැව්වල සේවයේ යෙදෙති. නැවකට නැගීමට පෙර එම සහතිකය ලබා ගත යුතුව ඇත. මේ ආරක්ෂක නිලධාරින් සඳහාද මෙම සහතිකය අවශ්‍යවේ. එයට හේතුව නම් නැවේ රාජකාරිය දෛනික සිදුවීම් ඇතුළු එදිනෙදා කි‍්‍රයා පිළිබඳව අවබෝධය මෙම නිලධාරින්ද ලබා සිටිය යුතුය.
![]() |
ජාත්‍යන්තර මුර සංචාර |
පිටරට වලින් නැව් ආරක්ෂක සේවයට යොදවා සිටි අයට මේ සුදුසුකම් නොවු අතර ඔවුන් හැඩි දැඩි සිරුරු ඇති පුද්ගලයෝ වූහ. අපේ රටෙන් යොදවන නිලධාරින් උපරිම සුදුසුකම් ලබා සිටින අය නිසා විශාල ඉල්ලූමක් පවතී.
මේ ආයතනය පිහිටුවනු ලැබුවේ සන්නද්ධ හමුදාවෙන් විශ‍්‍රාම ලැබූ අයගේ අත්දැකීම් මේ රටේ ඉදිරි ගමනට යොදා ගැනීම සඳහාය. සෝමාලියානු කොල්ලකරුවන් නිසා ඇතැම් රටවලට ඩොලර් බිලියන ගණනින් සිදුවන හානිය ලෝක ආර්ථිකයටද විශාල ගැටලූවක් වී ඇත.
සෝමාලියානු කොල්ලකරුවන් අතර කණ්ඩායම් තුනක් කි‍්‍රයාත්මක වන බවට තොරතුරු ඇත. එක් කණ්ඩායමක් මුදාහරින පුද්ගලයන් තවත් කණ්ඩායමක් විසින් පැහැර ගෙන කප්පම් ඉල්ලයි. මේ තත්ත්වය මග හැරවීම සඳහා ශ්‍රී ලාංකික ආරක්ෂකයෝ යොදවති.
නැව යන රටවල් අනුව ආරක්ෂකයන්ට ආයුධ සැයීම සිදු වෙයි. ඇතැම් රටවලට ආයුධ සහිත පිරිස් බාර ගනු නොලැබේ. සමහර රටවල්වලට ආයුධ ප‍්‍රශ්නයක් නැත. කොල්ලකරුවන්ගේ ආයුධවලට වඩා වැඩි බලයක් ඇති ආයුධ මෙම නිලධාරින්ට ලැබිය යුතුය.
ආරක්ෂක අමාත්‍යංශයෙන් ආයුධ ලබා ගනී. අපේ සමාගම ලංකාවේ හැර ශාඛා 9 ක් මේ වනවිට ආරම්භ කර ඇත. සුවස්, ඩිබුටි, ටැන්සානියා, කෙන්යා, දකුණු අපි‍්‍රකාව, සීසෙල්ස්, මොරිසස්, ඕමාන්, යූ.ඒ.යී. යන ස්ථානවල ශාඛා පිහිටුවා ඇත. ඒ රටවල ආයුධ භාර ගන්නා ගබඩා පිහිටුවා ඇත. අපේ නිලධාරින් ඒ ගබඩා ස්ථානවලට පත් කර සිටී. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලා ගොඩනැගිල්ලේ පිහිටි මූලස්ථානයේ සිට මෙහෙයුම් කටයුතු සිදු කෙරේ.
ලෝකයේ ප‍්‍රථම නැව් ආරක්ෂක රාජ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ පිහිටුවීම රටට අතිශයින් වැදගත් කරුණකි. ශ්‍රී ලංකාවේ නැව් ඒජන්සි ආයතන 47ක් දැනට ශ්‍රී ලංකාවේ නැව් ආරක්ෂක සේවය ලබාගනී. ඇවන් ගාඞ්න් මෙරිටයිම් සේවා ආයතනය මගින් මෙම ආයතනයේ නිලධාරින් නැව් ආරක්ෂක සේවා අංශයට යොමු කරයි.
එක්සත් එමීර් රාජ්‍යයට අයත් මුහුදු තීරයේ සහ සෞදි අරාබියත්/යේමනයත් අතර මුහුදු තීරයේ ආයුධ සහිත නැව් දෙකක් රඳවා තිබෙන අතර, මෙම නැව් දෙකේදී ආයුධ හුවමාරුව සිදුවේ.
ඒ ඒ රාජ්‍යවල අනුමැතිය මත එම මුහුදු තිරවල අපේ ආයුධ නැව් රඳවා තබා ඇත.
![]() |
![]() |
මේජර් ජනරාල් කේ.බී. එගොඩවෙලේ |
මේජර් චින්තක පෙරේරා |
ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.
ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මුහුදු කොල්ලකරුවන්ගෙන් බේරෙන්න ආරක්ෂාව ලංකාවෙන්