IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මහැදුරු එපිටවත්තගේ චාම් දිවිගමන

(විනීතා එම්  ගමගේ)

අභාවප්‍රාප්ත ඞී සෙනෙවි එපිටවත්ත මහතා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපතිවරයා මෙන්ම භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකුද විය.

මහාචාර්ය එපිටවත්ත මහතා 2002 ඔක්තෝබර් සිට 2003 දෙසැම්බර් දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති වශයෙන් කටයුතු කළ අතර එම විශ්වවිද්‍යාලයේ කලා පිඨයේ පිඨාධිපති සහ භුගෝල විද්‍යා අංශ ප‍්‍රධානී වශයෙන්ද සේවය කළේය.

එම විශ්ව විද්‍යාලයේම උපාධිදාරියකු වන ඒ මහතා පළමු උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ලැබූ අතර අනතුරුව මොරටුව විශ්ව විද්‍යාලයේ නගර හා ග‍්‍රාම නිර්මාණ අංශයෙන් විද්‍යාපති උපාධියක් ද ලබා ගත්තේය.

අනතුරුව එංගලන්තයේ ෂෙෆිල්ඞ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇති එපිටවත්ත මහතා ජෛව භුගෝල විද්‍යාව පිළිබදව පර්යේෂණ රැසක් සිදු කළේය.

ඔහු දක්ෂ දේශකයෙකු සහ කථිකයෙකු වශයෙන් ප‍්‍රසිද්ධියට පත්විය. පාරිසරික සංරක්ෂණය පිළිබදව මහජනතාව සහ සිසු දරුවන් අතර දැනුම බෙදාහැරිමේ අදහසින් රුපවාහිනි වැඩසටහන් පැවැත්වීමටද හෙතෙම කටයුතු කළේය.
ඒ අනුව සිංහරාජ වනාන්තරය පිළිබඳව සකස් කළ වාර්තාමය වැඩසටහනක් ජාතික රුපවාහිනියේ විකාශනය විය.

ඒ මහතා උසස් පෙළ හදාරන සිසු දරුවන් සඳහාත් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප‍්‍රයෝජනය සඳහාත් පොත්පත් සහ ප‍්‍රකාශන රැසක් එළිදැක්වූවේය.

සරල හා චාම් දිවිපෙවෙතක් ගත කළ එපිටවත්ත මහාචාර්යවරයා පිළිවෙල හා ක‍්‍රමාණුකූල බව නිතර අගය කළ අයෙකි. බොරලැස්ගමුවේ තම නිවසේ සිට විශ්ව විද්‍යාලය වෙත ඔහු පැමිණියේ පාපැදියෙනි.

එමෙන්ම  යුද හමුදා ස්වේච්ඡා සේවයටද එක්ව සිටි එපිටවත්ත මහතා කොතලාවල ආරක්ෂක සේවා විශ්ව විද්‍යාලයට ද සංස්කෘතික අරමුදලට සහ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය වෙත ද තම සේවය සැපයීය.

මහාචාර්ය එපිටවත්ත මහතා දියණියන් දෙදෙනකුගේ පියෙකි.ඒ මහතාගේ බිරිඳ වන මල්සිරි ජේ සෙනෙවිරත්න මහත්මිය පරිපාලන සේවයේ නිලධාරිනියක  වන අතර බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවය  කරන්නීය.

ඉකුත් 2 වැනිදා අභාවප‍්‍රාප්ත එපිටවත්ත මහතාගේ අවසන් කටයුතු හෙට (04) සවස 4 ට බොරලැස්ගමුව පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිත ය. දේහය බොරලැස්ගමුව සරණපාල පෙරේරා මාවතේ පිහිටි ඒ මහතා ගේ නිවසේ තැන්පත් කර ඇත.



අදහස් (1)

මහැදුරු එපිටවත්තගේ චාම් දිවිගමන

Tilak Sunday, 03 September 2017 01:02 PM

ඉතා කණගාටුයි. හොඳ මනුස්සයෙක්... නිවන් සුව පතමි...

:       1       507

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site