IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මුහුදට දියවෙන ‘මුතු පන්තිය’

02-Nim-P1-01 02-Nim-P1-02       

 

මා මීට වසර කීපයකට f්පර මුතු පන්තිය දුපත් ගම්මානයට ගමන් කරද්දි කළපුව හරහා තිබූ අබලන් පාලම මා භීතියට පත් කළේ කඩා වැටෙයිදෝ යන සැකයෙනි. නමුත් දැන් එයට බියක් නැත. මන්ද මුතුපන්තියට පසුගිය රජය මගින් අංග සම්පූර්ණ පාලමක් ලබා දී තිබේ. එය සැනසුමට කරුණකි.
නමුත් හැමිල්ටන් ඇළ හරහා අලුතින් ඉදිවූ පාලම මතින් දූපතට ගමන් කරද්දී මේ වැසියන් මේ වනවිට පත්ව ඇති ඛේදජනක පුවත බරපතළය. ඒ දූපතට පැමිණීමට පාලමක් සකසා දුන් පසුගිය රජයටත් පවතින රජයටත් මුතු පන්තියේ කුඩා බිම් කඩ ඩැහැගන්නා මුහුදු රකුසාගෙන් බේරා ගැනීමට තවමත් නිසි පිළියමක් ලබා දීමට නොහැකිවීම  නිසාය.


සංක්‍රමණික ධීවර පවුල් 05 කින් අතීතයේ ආරම්භ වූ මුතු පන්තියේ ආගමනය ඉන් පසුව ක්‍රමයෙන් වැඩි වී තිබුණි. සංක්‍රමණික ධීවර ආගමනය ක්‍රමයෙන් නැවතී යද්දී එම පිරිස් මුතු පන්තිය තම ගම බවට පත්කර ගත් බව පැරණි පිරිස් පවසති. පිංකට්ටිය, මීගමුව, බරුදැල්පොල, ආදී ප්‍රදේශවල පිරිස්, මුතු පන්තියේ අද දවසේ හිමිකරුවන් වී තිබේ. 

02-Nim-P1-03


 මුහුද වලාලේ සමයේ එය තම වාසියට හරවා ගන්නා ධීවරයන් මුහුද තම ජීවිකාව සරි කර ගැනීමට මහත් වෙහෙසක් ගනිති. ඉන් පසු එළැඹෙන වාරකන් සමය තුළ දී ආසන්නයේම පිහිටි කළපුව තුළ ඇති ඉස්සන්, කකුළුවන් හා අනිකුත් මසුන්ගෙන් තම දරු පවුල් ජීවත් කිරීමට  මහත් වෙහෙසක් ගනී.


පුත්තලම දිස්ත්‍රික්කයේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පිහිටි මුතුපන්තිය ධීවර ගම්මානය එක් පසකින් මුහුදත්  අනෙක් පසකින් කළපුවත් මැදිව පිහිටි  සුන්දර වූ කුඩා දුපතකි. 590  ආනවිලුන්දාව ග්‍රාම නිලධාරි  වසමට අයත් මෙම ගම්මානයේ පවුල් 200කට ආසන්න ප්‍රමාණයක් අද දවසේ ජීවත් වෙති.


 මුත්තුමාරි අම්මාන් කෝවිලත් ශාන්ත ජූඞ් කතෝලික දේවස්ථානයත් මේ දූපත් වාසීන්ගේ දුක හා සතුටට පිහිටට ඇති එකම ස්ථානය වෙයි. ඉංග්‍රීසීන් ශ්‍රී ලංකාව මුතු කැනීමට යොදා ගනිද්දී හලාවත හා ඒ ආසන්නයේ වූ මෙම මනරම් දූපත ආසන්නයේද කැනීම් සිදු කර ඇති බව කියයි. 

02-Nim-P1-04


මුතු පන්තිය ධීවර ගම්මානය දිගින් සැතපුම් දෙකකට ආසන්න දිගකින්ද පළලින් මීටර් 500ක් පමණකින්ද සැදුම්ලත් මෙම දූපත සංචාරක ආකර්ශනය ලබා ඇති පුංචි බිම් ප්‍රදේශයකට හිමිකම් කියන අඩු පහසුකම් රැසකින් මිරිකී ඇති භුමියකි.


 කෙසේ නමුත් මේ සියල්ල හමුවේ මුතු පන්තියේ අනාගතය දීප්තිමත්ව තිබෙන බවට එක් ඉඟියක් මතුව තිබේ. ඒ මුතු පන්තිය විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට මෙවර පෙනී සිටි සිසුන් 11 දෙනා අතරින් 9 දෙනකු තම කඩ ඉම ජය ගැනීමට සමත් වී තිබුණි. මේ සඳහා මුතු පන්තිය විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය විශාල කැපවීමක නිරත වී ඇති  බව කියයි.

02-Nim-P1-05


කෙසේ නමුත් මේ වනවිට මුතු පන්තිය ධීවර ගම්මානය බරපතළ ලෙස මුහුදු ඛාදනයට ලක්ව තිබේ. ගෙවී ගිය සති දෙකක් තුළ පමණක් වෙරළ මීටර් 100 ආසන්න ලෙස ඛාදනයට ලක්ව ඇති බව ජනතාව කියයි.


 මෙම මුහුදු ඛාදනයත් සමඟ මෙම දූපත්වාසීන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන ධීවර රැකියාවට එල්ලවී ඇත්තේ මරු පහරකි. ඒ සමගම මුතු පන්තියේ හෙට දවස වෙනුවෙන් ඉතිරිව ඇති මෙම පුංචි බිම් කඩ ක්‍රමයෙන් අහිමි වෙමින් තිබේ.


මුතු පන්තිය ග්‍රාමීය ධීවර සමිතියේ සභාපතිවරයා තම හඬ    අවදි කළේ යම්කිසි කනස්සල්ලකින් යුතුව බව හැඟුණි.


“අපි කාටවත් කරදර කරන පිරිසක් නොවෙයි නමුත් මේ සුන්දර දූපත අපේ මතකයෙන් ඇතට යයි කියලා බයයි. මොකද අද වන විට පවතින තත්ත්වය නිසා මුහුද අපේ දූපත මකා දමයිද කියලා පවතින අවිනිශ්චිත තත්ත්වය තේරුම් ගන්න අමාරුයි. නමුත් වගකිවයුතු පිරිස් තවමත් ක්‍රියාත්මක වන ආකාරය මන්දගාමියි. අපි කියන්නේ ඉක්මනින් වෙරළ ආරක්ෂා කිරීමට කටයුතු කරන්න කියලයි” යැයි ඔහු පවසයි.

02-Nim-P1-06


ජුඞ් ලසන්ත තමේල් ධීවරයෙකි. මේ ඔහු පැවසූ කාරණයි.

“ මම අවුරුදු 15 ඉඳලා ධීවර රැකියාවේ නිරත වෙනවා දැනට මට අවුරුදු 42 ක්. අද වෙනවිට අපි අසරණ වෙලා. බෝට්ටුවක් ගොඩදා ගන්න සැතපුම් දෙකක් විතර දුරක් යන්න වෙලා. මේ පුංචි දුපත ලංකා සිතියමෙන් මැකීමට පෙර රැක දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අපි බෝට්ටු දැල් බැංකු ලෝන් දාලා අරන් තියෙන්නේ. ඒවා ගෙවා ගන්න විදිහක් නෑ. සුනාමියෙන් පසුව තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ මේ දූපත මුහුදට සේදිලා ගියාට අපිට නගරේ ඉඩම් ලබා දීලා වැඩක් නෑ. මොකද, අපිට වෙන රස්සාවක් කරන්න පුළුවන්කමක් නෑ. මේ දුපත නැතිව ගියාට පස්සේ නගරයට ගිහින් අල බතල හිටවා පුරුදු නෑ. අනාගතේ දරුවන්ට මුතුපන්තිය රැක දෙන්න කියලයි අපි ඉල්ලා සිටින්නේ යැයි පැවසීය.

fggu
  ඩැනියෙල් තිසේරා මහතා පැරණි ධිවරයෙකි ඔහු පවසන්නේ.
“මම අවුරුදු 35ක ඉඳලා මුහුදු රස්සාව කරන්නේ. මීට කලින් සුනාමියෙන් පසු දිගින් දිගටම මුහුදු ඛාදනය වැඩි වුණ නිසා පසුගිය රජය රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ගල් වැටි පහක් පාස් වුණා නමුත් දාපු ගල් වැටි නිසි ලෙස දාලා නෑ. ගල් වැටි නිසිලෙස දාල නැති නිසා තවත් මීටර් 100 වැඩි ප්‍රමාණයක් මුහුදට ගසාගෙන ගිහින් එක් ධීවර පවුලකට තියෙන්නේ පර්චස් 45ත් 60 අතර ප්‍රමාණයක් එයත් මුහුදට ගසාගෙන ගියොත් අපි කොහෙද යන්නෙ කියලා තමයි ප්‍රශ්නය,  


 පැටි්‍රක් තමේල් මහතා මුතුපන්තියෙ  ධීවරයෙකි.
 “මේ ගල් වැටි දියඹට මදි නිසයි වෙරළ කඩන්නේ එය ගොඩට වැඩි නිසයි වැලි සේරම ඇදගෙන ගිහින් නිසයි මේ තරමට හානි වෙලා තියෙන්නේ.


 මේරි ඇග්නස් මහත්මිය පැවසුවේ,
“ අපේ පිරිමි මුහුදු රස්සාවේ නිරත වෙද්දි අපි ඌරන්, කුකුළන් ඇති කරනවා නමුත් පසුගිය කාලයේ සති දෙකට මුහුද අයිනෙ හුඟක් කැඩිලා ගිහින් ඉවරයි. මුහුද අයිනේ තිබුණ කුකුල් කොටු ඌරු කොටු මුහුදට ගසාගෙන ගොස් අවසන් බැංකුවලට ණයවෙලා මේ දේවල් කරද්දි බැංකු ණය ගෙවා ගන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් වෙලා යැයි ඇය කම්පාවට පත්ව කීවාය.


 මේ පිළිබඳව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතාගෙන් කළ විමසීමේදී ඔහු පවසා සිටියේ.....
 “මම මේ ගැන සොයා බලා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්තුමාට දැනුම් දුන්නා. අදාළ කටයුතු කරන්න වෙරළ සංරක්ෂණ නිලධාරීන් වහාම දැනුම්වත් කරන්න කියලා චිත්‍රානන්ද මහතා කීවේය.

m

 



අදහස් (0)

මුහුදට දියවෙන ‘මුතු පන්තිය’

මුෆාස් Wednesday, 06 April 2016 09:07 AM

හොඳ ලිපියක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 737 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site