IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මහකුඹුක්කඩවල ගඩොල්කර්මාන්තය අනතුරේ

                                               
හිරාන් ප්‍රියංකර ජයසිංහ                         

ගඩොල් කර්මාන්තයට අවශ්‍ය මැටි සපයා ගැනීමට නොහැකි වීමෙන් තමන් බරපතල අසීරුතාවයකට ලක්ව ඇති බව ආණමඩුව මහකුඹුක්කඩවල  වේලාසිය ගඩොල් කර්මාන්තකරුවෝ පවසති. 

මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කිවුල ග්‍රාම නිලධාරී වසමේ පදිංචි පවුල් 300ක  පමණ පිරිසක් දශක ගණනාවක සිට තම ජීවිකාව ලෙස මෝඩ ගඩොල් කපා පුළුස්සා අළෙවි කිරීමේ කර්මාන්තයේ නිරතව සිටිති. ගඩොල් කර්මාන්තය සඳහා අවශ්‍ය මැටි සපයා ගීමට නොහැකි වීම නිසා තමන් බරපතල ගැටළු රැසකට මුහුණ පා ඇතැයි මොවුහු පවසති.

අතීතයේ තම ඉඩම්වලින් කර්මාන්තයට අවශ්‍ය මැටි සපයා ගත්තද මේ වන විට වෙනත් ප්‍රදේශ වලින් මැටි රැගෙන ඒමට සිදුව ඇති බවත් තමන්ට නියමිත බලපත්‍ර නොලැබීම හේතුවෙන් ගඩොල් කර්මාන්තය කරගෙන යාමට නොහැකි වී ඇති බවත් මොවුහු පවසති.

තම කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි වීම පිළිබඳව මහකුඹුක්කඩවල කර්මාන්තකරුවන් පවසා සිටියේ මෙවැන්නකි. 
 එන්. පී. ස්වර්ණලතා මහත්මිය මෙසේ පැවසුවාය.

“අපි දන්න කාලයේ ඉදලා ජීවත් වුණේ මෝඩ ගඩොල් කපලා. ඒ කාලයේ නීති රීති දමන්න කවුරුත් හිටියේ නැහැ. අපි ගඩොල් කපලා පුළුස්සලා දැන්නුවාම  රට හැමතැනින්ම මෙහි ඇවිත් ඒවා අරගෙන ගියා.  නමුත් මෑතක ඉදලා මේ කර්මාන්තයට නීති දාලා, ප්‍රශ්න ගොඩක් ඇතිකරලා. අපි අසරණයි. ජීවත් වෙන්න කරන සටන දන්නේ අපි විතරයි” යැයි ඇය පැවසුවාය. 

 මෙහිදී අදහස් දැක්වූ ඩබ්ලියු. පුෂ්පා මහත්මිය මෙසේ කීවාය.

“ මගේ දරුවෝ තුන් දෙනා පාසල් යන්නේ මේ ගඩොල් කර්මාන්තයෙන් සොයා ගන්නා මුදලින්. අද අපිව අන්ත අසරණ කරලා. ගඩොල් කපන්න උවමනා පස් ටිකවත් කපා ගන්න දෙන්නෙ නැහැ ” යැයි ඇය පැවසුවාය. 

වේලාසියේ ඩබ්ලියු. ක්වින්ටස් ප්‍රනාන්දු මහතා පැවසුවේ මෙවැන්නකි. 

 “ මේ ගම්මානය පරම්පරා ගානක් කළේ ගඩොල් රස්සාව. වෙන කරන්න රස්සා නැහැ. දැන් වර්ෂාව තිබුණට තව මාස කිහිපයක් යද්දි මේවා කාන්තාර බවට පත්වෙනවා. ගොවිතැන් කරන්න අවශ්‍ය ජලය අපිට නැහැ. ගඩොල් කපා ගන්න වතුර ටික කොහෙන් හරි හොයා ගෙන අපි අමාරුවෙන් කර්මාන්තය කරගෙන යනවා. ඒ රස්සාවට තමා මේ කටු ගහන්නේ . අපි මේ ගඩොලයක් කපලා මාළිගා හදා ගත්තේ නැහැ. එදා වේල සොයා ගන්නයි මේ සටන කරන්නේ” යැයි ඔහු කීවාය. 

 මේ පිළිබඳව කළ විමසීමේදී මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් දිලාන් ගුනරත්න මහතා මෙසේ කියා සිටයේය.

 “මේ ජනතාවගේ ප්‍රශ්නය  පිළිබඳව මීට කලින් ඉදලාම අපි දැනුම්වත්. මෙහි බලපත්‍ර ලබාදීමට අවසරය තිබෙන්නේ භූ විද්‍යා අංශයටයි. නමුත් ඒ අංශවලින් ගැටළුවක් මතුව තිබෙන බවයි අපිට හැගෙන්නේ. මේ බව දිස්ත්‍රික් ලේකම්තුමාට දන්වලා මේ කර්මාන්තකරුවන්ට සහනයක් ලබාදෙන්න අපි උත්සහයක් දරමු ” යි ඔහු පැවසීය.

 

 



අදහස් (1)

මහකුඹුක්කඩවල ගඩොල්කර්මාන්තය අනතුරේ

Lasantha Saturday, 24 November 2018 05:46 AM

පව් අසරණ මිනිස්සු...දුක් විදින්නේ ජිවත්වෙන්නනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 673 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2337 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site