IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


මුල්ලේරියාවේ පහත් බිම් ගොඩකිරීමේ සීමාව කොතැනද?

(විනීතා එම්.ගමගේ)

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල සීමාවේ පහත් බිම් ගොඩ කිරීමත් නේවාසික ප්‍රදේශවල නීති වි‍රෝධී අන්දමින් කම්හල් ඉදිකිරීමත් ජයටම සිදු කෙරමින් පවතින බව එහි වැසියෝ චෝදනා කරති. අධික නේවාසික ඝනත්වයක් ඇති එම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ‍සිදුවන පහත්බිම් ගොඩ කිරීම් හා කම්හල් ඉදිකිරීම් අති බහුතරය අනවසර ඒවා බවද ප්‍රදේශවාසිහු පෙන්වා දෙති.

මෙම ගොඩ කිරීම් හා අනවසර කම්හල් මඟින් සිදුවන පාරිසරික හානිය අති විශාල එකක් බවත් වැල්ලම්පිටිය හා අංගොඩ  පොලිස් ස්ථානවලට දිනපතා විශාල ප්‍රමාණයක් පැමිණීලි ලැබෙන බවත් ඔවුහු පෙන්වා දෙති.

මේ සම්බන්ධව පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ ලැබෙන පැමිණිලි විභාග කරන අවස්ථාවන්හිදී පෙනී යන්නේ එම ගොඩ කිරීම් හා ඉදිකිරීම් සදහා ප්‍රාදේශීය සභාවේ අවසරය ලැබී ඇති බැවින් කළ හැක්කක් නොමැති බවය. අනවසර බව බැලූ බැල්මට පෙනී ගියත් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අනුමත කරන ලද සැළසුම් අදාල විත්ති පාර්ශවය සතු බැවින් පැමිණීලි කරුවන් වෙනුවෙන් කිසිදු සහනයක් සළසන්නට හැකියාව නොමැති බව ද පොලිස් නිලධාරියා කීය.

මේ සඳහා හොඳම උදාහරණය ඇත්තේ දහම්වෙල නිවාස පරිසරයේ ය. එහි නිවාස 27 ක් ඇති අතර ඒවාට දැඩි පීඩාකාරි තත්ත්වයක් උදාකරමින් එම නිවාස දෙකක් අතරේ පර්චස් 15 ක ඉඩම් කට්ටියක මෝටර් රථ අමතර කොටස් එකලස් කිරීමට, මෝටර් රථ ගලවා සවිකරන හා මෝටර් රථ අලෙවි කරන ව්‍යාපාරයකට අවසර ලබා දී ඇති අතර එම නිවාස සදහා ඇත්තේ අඩි 10 ක් පළලැති නිවාස සඳහා පමණක් අනුමත පාරකි.

කිසිසේත්ම වයාපාරයකට සුදුසු නොවන නේවාසික පරිසරයක මෙම ව්‍යාපාරය පවත්වාගෙන යාම නිසා එහි නිවාස 27 හි වැසියන් විඳින පීඩාව පිළිබඳව ඔවුන් මේ වනවිට 17 වතාවක් ප්‍රාදේශීය සභාවට ලිපි ලියා ඇතැයි එහි වැසියකු වන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ චිත්‍රපට හා හඬ කැවීම් අංශයේ, ජ්‍යෙශ්ඨ මාධ්‍යවේදී දර්ශන පනංගල මහතා පැවැසුවේය. පසුගියදා පැවැති මහ වැසි මැද මෙම ප්‍රදේශය කිසිදු කළක සිදුනොවූ පරිදි වැසි ජලයෙන් යටවුණේ එම ප්‍රදේශයේ ජලය බැස යාමට පැවැති හියුම් පයිප්පයෙන් ජලය බැස යානොහැකි පරිදි අඩි පහකටත් වඩා භූමිය ගොඩ කර මෙම ව්‍යාපාරය ඉදිකර ඇති බැවිනි.

මේ පිළීබඳව මධ්‍යම  පරිසර අධිකාරිය පහත්බිම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව ඇතුළු ආයතන ගණනාවකට පැමිණිලි කර ඇතත් එම ආයතන පවා අර්බුදයකට පත්ව ඇත්තේ ප්‍රාදේශීය සභාවෙන් නීති වි‍රෝධී අන්දමින් අවසර දීම නිසා යැයි ද පනන්ගල මහතා පෙන්වා දුන්නේය.

එම ප්‍රදේශයේ කළ සංචාරයේ දී ප්‍රදේශවාසිහු ‍පැවැසූයේ පර්චසයට රුපියල් 35,000 බැගින් ප්‍රාදේශීය සභාවට දිය හැකි නම් පහත්බිම් ඕනෑ තරම් ගොඩ කළ හැකි බවය. රටේ එක් නීතියක් යැයි පැවැසුව ද මෙවැනි අසාධාරණ සිද්ධීන් සිදුවීම කණගාටුවට කරුණකැයි ද ඔවුහු පෙන්වා දෙති.

මේ සම්බන්ධව කොටිකාව්ත්ත මුල්ලේරියාව නගර සභාවේ නගරාධිපති රංගජීව මහතාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ කිසිදු අවස්ථාවක තමන් නීති විරෝධී අන්දමින් කිසිදු  ගොඩකිරිමක හෝ ඉදිකිරිමකට අවසර දී නැති බවය. එසේ තමන් විසින් නීති විරෝධීඅන්දමින් අවසර දී ඇති යම් ඉදිකිරීමක් හෝ ගොඩ කිරීමක් පෙන්වා දිය හැකිනම් පැය විසිහතරක් ඇතුලත තමන් නගරාධිපති ධූරයෙන් ඉවත් වනබව ද හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් අනුන්ගේ දරුවන්ට උප්පැන්න දීමට තමන් සූදානම් නැතැයි කී රංගජීව මහතා තමන් එම නගර සභාව භාර ගැනීමට පෙර සිදුවූකිසිදු  අවසර දීමකට වගකීමට තමන් සූදානම් නැතැයි ද සඳහන් කළේය.



අදහස් (2)

මුල්ලේරියාවේ පහත් බිම් ගොඩකිරීමේ සීමාව කොතැනද?

pakeer Monday, 21 June 2021 11:04 PM

මේ තත්වේ රටේ හැමතැනකම තියෙනවා. ලංකාව ඇත්තටම මිනිසුන් ජීවත් වීමට සුදුසු රටක් නොවේ.

:       0       1

gayani Friday, 25 June 2021 10:29 AM

ඒකනම් ඇත්ත. මෙම ගොඩකිරීම් නිසා ප්‍රදේශයේ ජීවත්වන ජනතාව පොඩි වැස්සකටත් ජලයෙන් යටවන තත්වයක් ඇතිවී ඇත. ප්‍රාදේශීය සභාවට කිව්වත් හරියාකාර විසඳුමක් නම් නොමැත. ප්‍රාදේශීය අප දන්නා තරමින් මෙම අනවසර ගොඩකිරීම්වලට මේ වනතෙක් කිසිඳු නීතිමය පියවරක් ගෙන නොමැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 345 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2150 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1630 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site