IMG-LOGO

මොරටු සරසවි කාමරයකදී කාල බෝම්බ හදපු හැටි

  30-page8-BA_FI

 

ජ.වි.පෙ තහනමට විරුද්ධව හා ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව ගොඩනැගුණු ආණ්ඩු විරෝධී කැරැල්ල නොසිතූ-විරූ පරිදි ගලායමින් තිබිණි. ආණ්ඩුවේ මර්දනයට මුහුණ දෙන්නට ජ.වි.පෙ නොගත් උත්සාහයක් නැත. විශේෂයෙන් මර්දනයට මර්දනයෙන්ම පිළිතුරු  සැපයීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළේය. එතැනදී කැපී පෙනෙන කාර්යභාරය ඉටු කළේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයයි. 

 


එදා රජය ගෙනයන ලද වැඩපිළිවෙළ වැරදි යැයි සිතූ, වැරදි බවට අර්ථකථනය කරගත් බොහෝ දෙනා. ජ.වි.පෙ පැත්තේ සිට ගත්හ. එහෙත් ඒ කිසිවෙක් ජ.වි.පෙ හි වූයේ නැත. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ වූයේද නැත. ඔවුන් කළේ ජ.වි.පෙ හි උත්සාහයේ යම් ඇත්තක් ඇති බව තරාදියක තබා කිරා මැන බැලීමට කටයුතු කිරීමය. එවැනි බොහෝ ජනතාව වගේම උගත්හු පක්‍ෂයක් හැටියට ජ.වි.පෙ සන්නද්ධ ක්‍රියාවලියකට යාමට හේතුව, ඔවුහු මුහුණ දෙන ආණ්ඩුවේ මර්දනය දෙස බාහිරින් සිට බලා උන්හ.


දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය බරපතළ ලෙස මර්දනය කිරීමට ආණ්ඩුවේ හමුදා සහ පොලිසි තනි තනිවත් ඒකාබද්ධවත් මෙහෙයුම් දියත් කළහ. 
ඊට අමතරව ආණ්ඩුවේ දේශපාලන හස්ත විසින් තවත් මර්දන කණ්ඩායම් කීපයක් යොදවා උන්හ. ඉළුක්කුඹුර කියන ආකාරයට මේ රජයේ කල්ලි- කණ්ඩායම් යැපුණේ- ආණ්ඩුවේ ආයුධ වලිනි. ඉන් කීපයක් හැටියට ‘කළු බළල්ලු’, ‘සා’ සහ ‘ප්‍රා’ කණ්ඩායම් ප්‍රචලිත වී ඇත.

6
එදා සිටි දේශපාලනඥයෝ තමන්ගේ ආරක්‍ෂාවට පාතාලය බෙහෙවින් ළං කර ගෙන සිටියහ. ඔවුන්ගේද කාර්යභාරය වූයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ පිරිස් මර්දනය කිරීම හා දේශපාලනඥයන්ට එන ජ.විපෙ. මර්දනයෙන් ඔවුන් බේරා ගැනීමය. ඉළුක්කුඹුර හෙවත් හේමන්ත හා ලී යන සහෝදරයන් කොස්ගමදී පොලිස් අත්අඩංගුවට පත් පළමු අවස්ථාවේම තමන් පාතාලයේ සාමාජිකයන් බව එක හෙළාම ප්‍රකාශ කර සිටියේ එවක පාතාලයට පොලිසියෙන් බලවත් තර්ජනයක් නොවූ හෙයිනි.


‘දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට රටේ විවිධ අය ආධාර උපකාර කළා. විශේෂයෙන් ඒ අය පක්‍ෂ සාමාජිකයන් නොවන ජ.වි.පෙ වැඩපිළිවෙළට යම් අනුමත කිරීමක් කළ අයයි.....


-1988-1989 අවධියේ රෝහණ විජේවීර සහෝදරයාගේ හඬපටයක් මාස එකහමාරකට, දෙකකට සැරයක් නිකුත් කළා. එය බෙදාහැරීම කළේ අන්තරේ (අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය) විසින්. මමත් විශ්වවිද්‍යාල සිසුවෙක් ලෙස මේ හඬපටිය රැගෙන සමාජයේ විවිධ තරාතිරම්වල අය ළඟට ගියා. ඒ ගමන යන්නෙ අපි දෙන්නයි.


කොළඹ ඩී-4 හා ඩී-2 කලාපවල සංවිධායක හැටියට මා පුද්ගලිකව හමුවෙලා විජේවීර සහෝදරයාගේ හඬපටි දීපු අය තමයි ගංගොඩවිල සෝම හාමුදුරුවො, මාදුළුවාවේ සෝභිත හාමුදුරුවො වගේ අය. සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, සමහර මහාචාර්යවරුන්ටත් හඬපටිය දුන්නා.

1
අපි හඬ පටිය දුන්නම ඒ අය රුපියල් 200ක් - 300ක් - 500ක් ආදී වශයෙන් මුදල් දෙනවා. අපි ඒ මුදල් පක්‍ෂයට ලැබෙන්න සලස්සනවා. ඒ අනුව මෙවර හඬ පටිය වෙනුවෙන් අසවල් අය මුදල් දුන්නා. අසවල් අය ප්‍රතික්‍ෂේප කළා කියලා ජ.වි.පෙ ඉහළ තලයත්, දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයත් දැනුම්වත්. 
ජනතා විමුක්ති පෙරමුණේ සගයන්ට හා ඔවුන්ගේ පවුල්වලට දිගින් දිගටම හමුදා සහ පොලිසි කරදර කරන්නට වූහ. දෛනික කටයුතු සහමුලින්ම අඩාළ වෙද්දී ඒ ජන ජීවිත නඩත්තු කිරීමේ වගකීමට පක්‍ෂය උර දුන්නේය. එවැනි වූ කාර්යභාරයන් සඳහා ජ.වි.පෙ යොදා ගත්තේ ඉළුක්කූඹුර වැනිහුද, අන්තරේ සිසුන්ද එකතු කරන ලද විවිධ වූ මුදල් හා ආධාර උපකාරය. කොළඹ නගරයේ විහාරස්ථාන විශාල ප්‍රමාණයක් පෑන්, පැන්සල්, පොත්පත්, වියළි ආහාර, සබන් ආදී බොහෝ දේ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයට රහසේ පරිත්‍යාග කළහ. එයට තවත් හේතුවක් වූයේ පක්‍ෂයට සම්බන්ධ භික්‍ෂූන් බහුතරයක් කොළඹ පන්සල්වල වැඩ විසීමය.


‘අපි පක්‍ෂය පාවා දෙනවා නම් පාවා දෙන්න තිබුණේ ඔන්න ඔය කාලෙයි. අපි දේශප්‍රේමී ව්‍යාපාරයේ කියල භය කරල ව්‍යාපාරයකට සල්ලි කොල්ල කන්න තිබුණා. ඉහළ කෙනෙක් බය කරල රට යවන්න කියන්න තිබුණා. අපි ඒවා කළේ නෑ. අපි වැඩ කළේ අරමුණක් වෙනුවෙන්... අවසාන මොහොත දක්වාම අපි හිටියේ එවැනි ඉලක්කයක.’


එවක දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් විවිධ සිදුවීම් මුල්කරගෙන ඇඳිරි නීතිය පනවනු ලැබුවා. අප්‍රේල් විරු සමරු දිනය, කොළඹ හා පේරාදෙණිය විශ්වවිද්‍යාල කොළඹ හා පේරාදෙණිය විශ්වවිද්‍යාල නියෝජනය කරමින් දිවි දුන් රෝහණ, කිත්සිරිමෙවන් රණවක ආදි සොහොයුරන්ගේ සමරු දින ඒ අතර විය. එවැනි දවසක ඇඳිරි නීතිය පනවා ආණ්ඩුවේ ඇහැ-කන ඇරෙන උත්තේජනයක් දීමට දේශප්‍රේමී ව්‍යාපාරය කටයුතු කළහ. 


ඒ කාලෙ කොළඹ-රුහුණු-ජ’පුර වැනි විශ්වවිද්‍යාල හැමදාම වගේ වහලා. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයත්, මොරටුවේ ඉංජිනේරු පීඨයත් විවෘතව තිබුණා. ඒ අවසරෙන් දේශප්‍රේමී ව්‍යාපාරයේ වැඩ රැසකට එම අංශ දෙක යොදා ගනු ලැබුවා.


මෙතැනදී අපට අමතක කරන්න බෑ, කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ශිෂ්‍ය කීර්ති හෙවත් සම්පත් සහෝදරයා. ඔහු තමයි ආරක්‍ෂක ඇමැති රන්ජන් විජේරත්න ඝාතනයට කාර් බෝම්බය හැදුවෙත්. නමුත් අද ඔහු ජීවතුන් අතර නෑ. ඔහු අත්අඩංගුවට පත් වුණේ කොළඹ ඩී-01 කලාපයේ සන්නද්ධ නායකයා ලෙස කටයුතු කරද්දීයි. 


‘එදා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ බෝම්බ නිෂ්පාදන අංශය හැඳින්වූයේ. .ඊ. අංශය කියලා. එය මොරටු වි.වි හා තවත් ස්ථාන කීපයක තිබුණෙ. බෝම්බ අංශයේ හිටපු නිමල් බාලසූරිය සහෝදරයා එම අංශය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළ කෙනෙක්. පසු කාලයක ‘නිමල් බාලසූරිය’ විශ්වවිද්‍යාලය කියලා පුවරුවක් පවා සවි කළේ ඔහු දේශප්‍රේමි වැඩ පිළිවෙළට ලබාදුන් මනා දායකත්වය නිසයි’ ඉළුක්කුඹුර පවසයි. 


ආණ්ඩුවට තර්ජනයක් එල්ල කිරීමට එක්තරා විශේෂ විරු සමරු දිනයක් උදාවිය. ඒ සඳහා ලහි ලහියේ ‘ටයිම් බෝම්බ’ දෙකක් මොරටුව විශ්වවිද්‍යාලයේ කාමරයක නිෂ්පාදනය විය. නිමල් බාලසූරිය එහි පෙරමුණෙහි සිටියේය.


ටයිම් බෝම්බ දෙකින් එකක් කොළඹ නගරයේ පිපිරවීම සඳහාය. අනෙක නගරයෙන් පිට තැනක පිපිරවීම සඳහාය.


දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට අවශ්‍ය වූයේ බෝම්බය පුපුරුවා මිනිස්සු මරා දැමීම නොවේ. මහා හඬක් ඇතිව බෝම්බ පිපිරීමෙන් නගරයම දෙදරුම් කයි. වාහන ගමනාගමනය අඩාළ වෙයි. එය ආණ්ඩුවේ ඇස හැරවීමට ප්‍රබල හේතුවකි.


-මේ හදපු ටයිම් බෝම්බ දෙකින් එකක් නිමල් බාලසූරිය සහෝදරයා රැගෙන ගියා. අනෙක් බෝම්බය මට ලැබුණා. මට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය එය බාර දුන්නෙ අතුරුගිරියෙ තවත් සාමාජිකයකු අතට පත්කිරීමටයි. කොහොම හරි නිමල් බෝම්බය රැගෙන යද්දී වැල්ලවත්තේදී පොලිස් අත්අඩංගුවට පත් වුණා. බාලසූරිය සහෝදරයා අත්අඩංගුවට ගනිද්දීම බෝම්බය පුපුරුවාගෙන මියගියා. නමුත් ඒ මරණය ප්‍රචාරය වුණේ ඔහුව මැරුවා කියලයි. ඒක වැරදියි. නිමල් බාලසූරිය මරපු කෙනෙක් නෙවෙයි. එයා පක්‍ෂයේ වීරයෙක් විදිහට ජීවිතේ පූජා කළ කෙනෙක්. ඔහුගේ නමින් මොරටු විශ්වවිද්‍යාලය කාලයක් නම් කළෙත් ඒ නිසයි. පසුව ඒ පුවරුව ආණ්ඩුව කඩල ඉවත් කළා.


මට ලැබුණු ටයිම් බෝම්බය අතුරුගිරියෙ සඟයකුට පත් කළාට පසු ඔහු එය ඇඟලුම්හලක් ළඟදී අලුයම 5.30ට පුපුරුවා හැරියා. ජීවිත හානියක් නෑ. නමුත් මේ ටයිම් බෝම්බ දෙකම ආණ්ඩුවට යම් පණිවුඩයක් දුන්නා. ඒ තමයි මර්දනයට විරුද්ධව ජ.වි.පෙ යම් ජවයක් සහිතව සිටින බව..


අනික් දේ තමයි මේ ටයිම් බෝම්බ පරීක්‍ෂණ මට්ටමේ තිබුණු ඒවා. ඒවා ටයිම් කරන්න කලින් අපි එහා මෙහා ගෙනයාමේදී වුණත් පුපුරන්න තිබුණා. ඒ කියන්නෙ අපි බෝම්බ අරගෙන බස්වල නැගල ගියේ ඉතාම අවදානම් සහිත ගමනක්. ඉළුක්කුඹුර පවසයි.

m



අදහස් (0)

මොරටු සරසවි කාමරයකදී කාල බෝම්බ හදපු හැටි

නාමල් Thursday, 11 February 2016 12:57 PM

අපේ රට ආපස්සට ඈද දෑමු මොවුන් ගෑන නම් කිසිම පෑහෑදීමක් මට නෑහැ (හේ)

:       1       0

ලෙස්ලි Friday, 12 February 2016 12:00 AM

විජේවීර නිසා තරුණ ජීවිත දහස් ගණනක් නැති වුනා (කෞ)

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බුදු දහමේ කියැවෙන රාජ්‍ය පාලනය
2025 මැයි මස 14 31 0

ලෝකයේ විවිධ රටවල් විවිධ රාජ්‍ය පාලන ආකෘති අනුව පාලනය වේ. රාජාණ්ඩු, සමූහාණ්ඩු, ඒකාධිපති ආණ්ඩු, ප්‍රජාතාන්ත්‍රවාදී ආණ්ඩු යනාදී කුමන ස්වරූපයේ ආණ්ඩුවක් ව


ජ.වි.පෙ. දශක හයක ගමන
2025 මැයි මස 14 130 0

ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සරය අද 14 වැනිදාට යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ජනතා විමුක්ති පෙරමුණ බිහිවීම රෝහණ විජේවීර සහෝදරයා පැවසූ ආකාරයටම නි


පළාත් පාලන මැතිවරණයේ ජය කාටද?
2025 මැයි මස 14 326 0

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව මේ වනවිට දේශපාලන පක්ෂවල නායකයන්, බුද්ධිමතුන් සහ ඡන්ද නිරීක්ෂකයන් මෙන්ම විවිධ පක්ෂවලට අයත් විද්වතුන් විසින් වි


බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
2025 මැයි මස 13 292 0

හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමි‍යෝ වචනයේ පරිසමාප


​අසාද් මවුලානා ඉන්දියාව හරහා පලාගියේ ඇයි?
2025 මැයි මස 13 814 0

මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ


ඡන්ද ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව
2025 මැයි මස 13 182 0

වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1379 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1592 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 412 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site