IMG-LOGO

2024 මැයි මස 26 වන ඉරිදා


මිය ගිය ප‍්‍රසිද්ධ පුද්ගලයන්ගේ අමතක නොවන සිහිවටන

ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතාගේ මඟ පෙන්වීම අනුවය. මරණය කොහේ කොතැනක හෝ සැඟව සිට කවර හෝ තත්පරයක අප කැටුව යන්නට පැමිණිය හැකිය. වරෙක මරණය පැමිණෙන්නේ අබිරහස් ලෙසින් අනපේක්‍ෂිත මොහොතකය. මරණයටත් සාධාරණීකරණය වූ විනිශ්චයක් අවැසි වෙන්නේ මෙවන් පසුබිමකදීය. මරණයටත් සාධාරණය ගෙනෙන විනිශ්චයේ භාරකාරත්වය අධිකරණ වෛද්‍ය විදයාව යැයි සිතේ. ඉතාමත් සියුම් සාධක ඔස්සේ මරණයට හේතුව, අපරාධයේ ස්වභාවය, මියගිය තැනැත්තාගේ වයස, අපරාධකරු හඳුනාගත හැකි සාධක මේ ආදී බොහෝ කරුණු කාරණා ඔස්සේ තීක්‍ෂණ විමසුමක යෙදෙන්නට අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක සිද්ධාන්ත මඟ පෙන්වයි. කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට ඉකුත් දිනයක අප ගියේ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතා මුණ ගැසෙන්නටය. අප ගිය ගමනේ අරමුණක් තිබුණි. ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවේ අධිකරණ වෛද්‍ය විශේෂඥවරයෙක් ලෙස බොස්නියාවේත් එක්සත් ජාතීන්ගේ මණ්ඩලය යටතේ කොසෝවෝ දේශයේ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥවරයෙකු ලෙසත් කටයුතු කර ඇති ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතා තම වෘත්තීය ජීවිතය තුළ ලැබූ අත්දැකීම් රාශියකි.අධිකරණ වෛද්‍ය විද්‍යාව යනු කුමක්ද? අබිරහස් ලෙස වැළලෙන්නට නොදී එය මරණය පසුපස හඹා යා යුතු අවස්ථාවලදී එසේ හඹා යන ක‍්‍රමවේද මොනවාද? මේ බොහෝ කරුණු කාරණා ගැන ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතා පුළුල් ලෙස අප දැනුම්වත් කළේය. ඉනික්බිති ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් සුනිල් පේ‍්‍රමසිරි මහතා අප ඉදිරියට කැඳවන ලදී. කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පැරැණිතම සේවකයකු වන සුනිල් පේ‍්‍රමසිරි මහතා අප කැඳවාගෙන ගියේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාල පරිශ‍්‍රයේ පිහිටි කෞතුකාගාරය වෙතය. එම කෞතුකාගාරයේ සහායකයකු ලෙස ඔහු නිහඬ සේවයක් කරන ලද පුද්ගලයකු ලෙස හැඳින්වීම ඔහුට ලබාදිය හැකි ඉහළම ගෞරවයැයි සිතේ. අනපේක්‍ෂිත ලෙස මළවුන්ගේ ලෝකය වෙත ගිය ප‍්‍රසිද්ධ පුද්ගලයන්ගේ සිරුරු අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට රැගෙන ගිය විට ඒ පුද්ගල චරිත හැමදාමත් ගෞරවයෙන් සිහිපත් කරනු පිණිස යම් මතකයන් සිහිවටනයන් ලෙස කෞතුකාගාරයේ සුරැුකි කොට තබන්නට සුනිල් පේ‍්‍රමසිරි නම් මේ සේවකයා කල්පනා කළේය. එය රාජකාරී මට්ටමින් කළ දෙයක් නොවේ. එහෙත් නොනිල මට්ටමින් කළ ඒ ‘‘රාජකාරියේ’’ නිල වටිනාකමක් ගැබ්වී ඇතැයි අපට සිතුනේ ඒ මතක ශේෂ ඉතාමත් පරිස්සමින් ඔහු අප දෑස් ඉදිරියේ තබද්දීය. විජය.... දහස් සංඛ්‍යාත පේ‍්‍රක්‍ෂකයන් රංගනයෙන් කුල්මත් කළ ආදරණීය නළු විජය කුමාරතුංග. ජනතාවාදී දේශපාලනඥයකු ලෙස දේශපාලන කරළියේ නොමැකෙන මතක සටහන් තැබූ විජයගේ ඉරණම ඔබට අදටත් අමතක වන්නට හැටියක් නැත. ඒ 1988 පෙබරවාරි මස 16 වැනිදාය. විජය කුමාරතුංග නම් මනුෂ්‍යත්වයෙන් පිරිපුන් මිනිසාගේ පණනළ උඳුරාගනු රිසින් සාහසිකයකු ඔහුගේ ජීවිතය හඹා ආයේ එදිනය. විජය ඝාතකයා කෲර ලෙස සැහැසි විය. බිම වැටී සිටි විජයගේ හිස පසාරුවෙන්නට තවත් වෙඩි උණ්ඩ කිහිපයක්ම ඝාතකයා එල්ල කළේ ආදරණිය මිනිසකුගේ ප‍්‍රාණවායුව හිස් අහසට මුදා හරිමිනි. විජය අපෙන් සමුගෙන 23 වසරක් නික්ම ගියේය. එහෙත් මා දෑස ඉදිරියේ වූයේ ඒ ආදරණීය මිනිසාගේ හිසකෙස්ය. විජය කුමාරතුංගගේ හිස කෙස්ය. විජයගේ වෙඩි වැදුණු දේහය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට රැගෙන ආ පසු ඔහුගේ හිසකෙස් රොදක් ගෞරවයෙන් යුතුව ඉවත්කොට තබන ලද්දේ හැමදාමත් විජය සිහිවන සිහිවටනයක් කොට තබා ගන්නටය. මරණය හා සබැඳි විවිධ මතකවලින් පිරුණු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ඒ කෙස් රොද සුදු දවටනයක් මත අදටත් සුරැකිව පවතී. ‘‘මට මතකයි එතකොට මම සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරියෙක්. විජයගේ සිරුර ගෙනාවේ කොළඹ මහ රෝහලට. එතකොට විජය මැරිලා. විජයගේ සිරුර කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට ගෙනාවම පශ්චාත් මරණ පරීක්‍ෂණය ආරම්භ කළා. මං හිතන්නේ ඉතිහාසයේ කිසිම දවසක මෙතෙන්ට ඒ තරම් සෙනඟක් එකතුවෙලා නැතිව ඇති. විජයගේ සිරුර මෙතෙන්ට ගෙනාවා කියලා දැනගත්තම මෙතන එකම ජනගඟක් වුණා. සෙනඟ පාලනය කරගන්න මෙහේ සේවකයන්ට අමාරු වුණා. මට මතකයි විජයගේ හිස තුවාල වෙලා ලේ ශරීරයේ තැවරිලා තිබුණා. මෙවැනි ජනතාවගේ ආදරයට පාත‍්‍ර වුණ පුද්ගලයන්ගේ මතකයන් අරගෙන තියලා තියෙන්නේ ඒ පුද්ගලයන්ගේ විශේෂත්වය මතයි...’’ සමරසේකර මහතා කියයි. ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ ගොදුරක් බවට පත්වූයේ 1993 මැයි පළමු වැනිදාය. ඒ මැයි රැළියට සහභාගි වී සිටියදීය. අවසානයේ ජනපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රාණය නිරුද්ධ සිරුරද කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත ගෙන ආවේය. මම ආනන්ද සමරසේකර ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා දෙස බැලූවෙමි. ජනාධිපතිතුමාගේ කොණ්ඩය පීරා තිබුණු ආකාරයෙන්, ඔරලෝසුවෙන්, ඇඳුමේ ඉතිරිව තිබූ කොටස් වලින්, ඒ වගේම ජනාධිපතිවරයා පිත්තාශයේ ශල්‍ය කර්මයකට භාජනය කරලා ඇති වී තිබූ කැළලින්, එතුමාගේ සිරුර වැටී තිබූ තැන අනුව මේ සාධක ඔස්සේ තමා රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගේ සිරුර හඳුනාගත්තේ. එක් වරම බලලා අඳුරාගන්න බැරි විදිහට මූණ වෙනස්වෙලා තිබුණේ. මූණ පුරාම පුංචි පුංචි තුවාල රැසක් තිබුණ නිසා. මහජනතාවට එතුමාගේ දේහය නොපෙන්නුවෙත් ඒ තරම් ඒ මුහුණ වෙනස් වී තිබුණ නිසා. රාජ්‍ය නායකයකුගේ දේහය ඒ අයුරින් ජනතාවට ප‍්‍රදර්ශනය කිරීම සදාචාරවත් නොවන නිසා...” ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා පැවසුවේය. එදා රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයා අවසන් මොහොතේ පාවිච්චි කළ සුදු ලේන්සුවත්, එතුමාගේ ඉණෙහි බැඳ තිබූ සුර දෙකකුත් අද අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාල පරිශ‍්‍රයේ ඇති කෞතුකාගාරයේ තැන්පත්ව තිබේ. ඒ ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස චරිතයේ අවසන් මතක ශේෂ වශයෙනි. ඉතා හීනි පෑනක් ළඟ මා දෑස නැවතුනේය. මෙය කවුරුන් සිහිවීම පිණිස තබන ලද්දක් දැයි අපි එහි සේවකයාගෙන් විමසීමු. රන්ජන් විජේරත්න ඇමැතිවරයා සිහිපත් වෙන්නයි. 1991 මාර්තු 02 වැනිදා බෝම්බයක් වැදී මියගිය රන්ජන් විජේරත්න ඇමැතිවරයාගේ දේහය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට රැුගෙන ආවිට එයින් රැගෙන තැබූ මතකයකි ඒ. 1999 ජූලි 29 වැනිදා පෙරවරුවේදී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උපසභාපති හා පාර්ලිමේන්තු මන්තී‍්‍රව සිටි ආචාර්ය නීලන් තිරුචෙල්වම් මහතා ජීවිතක්‍ෂයට පත්වූයේ මරාගෙන මැරෙන කොටි ප‍්‍රහාරයෙනි. ඒ බොරැුල්ල කිංසි පාරේදීය. නීලන් තිරුචෙල්වම් මහතාගේ සිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට රැගෙන ආවේය. ඔහු අත බැඳි ඔරලෝසුවේ මුහුණත වටා පෙදෙස ඇඹී ගොස් තිබුණි. ඒ ඇඹුනු ඔරලෝසුවේ කොටස අදටත් සුරැකිව පවතින්නේ ඔහුගේ ඛේදවාචකය නිහඬව කියන සාක්‍ෂියක් පරිද්දෙනි. අපේ සිත බෙහෙවින්ම සසල කළේ බෝනික්කකු මෙන් නිදා සිටිතැයි හැගුණ කුඩා දරුවකුගේ සිරුරයි. බෙහෙත් දියරයේ ගිල්වා තිබූ පියවුණු නෙතින් යුත් ඒ සිරුර දෙස අපි බොහෝ වේලාවක් බලා සිටියෙමු. ඒ බෙල්ලට ඇණ මරා දැමූ පුංචි දරුවකුගේ මොළකැටි සිරුරකි. සමන් කුමාර නම් පාසල් ශිෂ්‍යාගේ මරණයද එදා අප සිත සසළ කළ මරණයකි. මතුගම ප‍්‍රදේශයේ ජීවත් වූ ඒ දරුවා පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලා සිටියේ ව්‍යාපාරිකයකු වූ ඒ දරුවාගේ පියා යටතේ ඉන් පෙර සේවය කළ ඒ දරුවාගේම ඥාතියෙකි. ඒ ලංකාවේ ළමයකු පැහැර ගෙන ගොස් කප්පම් ඉල්ලා සිටීම පිළිබඳ පළමු සිද්ධියයි. අවසානයේ දරුවා වෙනුවට හමුවූයේ ගෙල සිරකර මරාදමන ලද සමන් කුමාරගේ සීතල සිරුරයි. දරුවා පය ලා සිටි සපත්තු දෙකේ එක් සපත්තුවක ලේස් පටියෙන්ම දරුවාගේ ගෙල සිර කර තිබුණි. මරණයේ රහස අධිකරණ වෛද්‍ය විද්‍යාවේ සියුම් සිද්ධාන්තවලින් වළකනු නොහැකි විය. දරුවා වෙනුවෙන් සැකකරු කප්පම් ඉල්ලා ඇත්තේ දරුවා මරාදැමීමෙන් පසුව බව අධිකරණ වෛද්‍ය විද්‍යාව අනුව නිශ්චය කෙරුණි. ඒ සැකකරු කප්පම් මුදල ඉල්ලා සිටි දිනය අනුව දරුවාගේ සිරුරේ තත්ත්වය සැලකිල්ලට ගෙනය. ශරීරයේ කුණුවීමේ ස්වභාවය, ශරීරයේ උෂ්ණත්වය ටිකෙන් ටික නැති වී යාමට ගත වන කාලය, මෘත ශරීරයේ මැස්සන් කෘමි සතුන් ජීවත්වීමට පටන් ගත් විට උන්ගේ ජීවන රටාව උපයෝගී කරගෙන මරණය සිදුවුණු කාලය පිළිබඳ විනිශ්චයකට එළඹෙන්නට අධිකරණ වෛද්‍ය නිලධාරියකුට හැකිය. සමන් කුමාර ශිෂ්‍යයාගේ සපත්තු යුවල අද ඔහු ගැන මතකයක් ලෙස මේ කෞතුකාගාරයේ තබා ඇත. වඩා සංවේදී වූයේ ඒ එක් සපත්තුවක ලේස් පටිය නොමැති වීමය. ඒ නැති වූ ලේස් පටිය යනු සමන් කුමාරගේ මාරයා විය. මේ සියලූ මතක අප සිත් වෙත ගෙනාවේ වඩා සංවේදී හැඟීම්බර බවකි. එහෙත් මළවුන්ගේ නොමළ මතක සිත මත දැනවු හැඟීම් මෙයාකාර යැයි ඔබට පවසන්නට අපට නොතේරෙයි. ඒ එම හැඟීම් ඒ තරමටම සංවේදී වන හෙයිනි.

සටහන: සංජීවිකා සමරතුංග ඡායාරූප: ඇලෙක්සැන්ඩර් බාලසූරිය
තිරුචෙල්වම්ගේ ඔරලෝසුවේ කොටස විජය කුමාරතුංගගේ කෙස් රොදක් ජනපති පේ‍්‍රමදාසගේ ලේන්සුව සහ සුර මතුගම සමන් කුමාරගේ සපත්තු දෙක ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර සුනිල් පේ‍්‍රමසිරි      



අදහස් (0)

මිය ගිය ප‍්‍රසිද්ධ පුද්ගලයන්ගේ අමතක නොවන සිහිවටන

Sniper Wednesday, 19 October 2011 03:36 PM

කෝ ප්‍රභාකරන්ගේ ...............ක

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දිඹුලාගල සිංහයා - කිතලගම නාහිමි
2024 මැයි මස 25 249 1

රට, ජාතිය, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කර මෙරට වැඩිම දරු පරපුරක්, සම්බුද්ධ ශාසනයට ඇතුළත් කරගත් දිඹුලාගල හාමුදුරුවන් හෙවත් මාතර කිතලගම ශ්


ජනපතිවරණයට උතුරු - දකුණ ඡන්ද සාධක
2024 මැයි මස 25 183 0

ලක්ෂ ගණනක් ජනතාව 2012 දී වීදි බැස ආණ්ඩුවට එරෙහිව මාස හතරක් පුරා අරගල කරන්නට පොළඹවමින් උත්සන්න වූ ආර්ථික අර්බුදය හේතුවෙන් රටපුරා අති බහුතරයකගේ සාම්ප්‍රද


පාසල් අසල මාර්ගවල රථවාහන පාලනයක් ඕනෑ
2024 මැයි මස 25 65 0

අනතුරු සිදු වන්නේ කල් ඇතිව දැනුම් දී නොවේ. එහෙත් ඇතැම් අනතුරු වළක්වාගත හැකිය. එයට එළැඹගත් සිහියෙන් ක්‍රියා තළ යුතුය. එසේම ඇතැම් අනතුරුවලට හේතුව නොසැලක


චිත්‍රපට අරමුදලක් වහාම ඕනෑ
2024 මැයි මස 24 405 0

ඔහු මෙරට සිනමාව, ටෙලිනාට්‍යය යන අංශ ද්විත්වයේ නිතරම තම අධ්‍යයන කටයුතු සිදුකරන නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙකි. ‘‘සුදු කළු සහ අළු’’ යන සිනමා පටය නිර්මාණය ක


සංස්කෘතික විප්ලවයක අවශ්‍යතාව
2024 මැයි මස 24 193 4

ලෝක පූජිත භෞතික විද්‍යඥ සහ සාපේක්ෂතා න්‍යායේ නිර්මාතෘ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සුප්‍රකට ප්‍රකාශයක් පහත එන පරිදි ය. “නූතන ලෝකයේ විද්‍යාත්මක අවශ්‍යතා


ජාතික ආරක්ෂාවේ සූදානම නිරන්තරයෙන් අවශ්‍යයි
2024 මැයි මස 24 188 1

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානයෙන් සිටීමේ වැදගත්කම අවධාරණය කෙරෙන සිද්ධියක් පසුගිය දින කිහිපය පුරාම අප පුවත්පත වාර්තා කළේ ය. එම සිදුවීම නම්, ඉන්දියා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 946 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2494 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2135 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site