IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


මිනිස් දෑතින් නිමවූ විස්මය ගෙනෙන මහා මුහුදු මාවත

Untitled-1

   

ජීවත් වීමට හොඳම තැන එතැන යැයි බොහෝ දෙනා පවසති. ඒ  ඕස්ටේ‍්‍රලියාවය. ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් විදෙස්ගතව සිටින රට වන්නේද ඔස්ටේ‍්‍රලියාවය. සිඞ්නි, ඇඩිලේඞ්, පර්ත්, බි‍්‍රස්බේන් සහ මෙල්බර්න් නගරයන්හි ශ්‍රී ලාංකිකයන් ස්ථානගතව සිටින නමුදු වැඩිහරියක්ම ජීවත්වන්නේ මෙල්බර්න් නුවර ය. ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් එහි වෙසෙන හෙයින් සමහරුන් මෙල්බර්න් හඳුන්වන්නේ පුංචි ශ්‍රී ලංකාව යනුවෙනි. මෙල්බර්න්හි ඩැන්ඩිනොන් යනු ශ්‍රී ලාංකිකයන්ගේ පාරාදීසයකි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම මෙල්බර්න් කී‍්‍රඩා පිටියේදී තරග වදින විට පැමිණෙන පිරිස දෙස බැලීමේදී මෙය කදිමට සනාථ වේ.

 

19-Page-09-BB

 


මෙලෙසින් ශ්‍රී ලාංකීය ප‍්‍රජාවක් වෙසෙන මෙල්බර්න්හි ඇති ලාංකිකයන්ගෙන් සැදුම්ලත් සංවිධානද බොහෝය. ඒවා ශ්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර වූ සංස්කෘතික පාලම්මෙනි. ඒ අතරින් ඔස්කා (AUSCA) සංවිධානය යනු වෘත්තීයවේදීන් පිරිසකගෙන් සමන්විත සංවිධානයක් වන්නේය. ඉංජිනේරු, ගණකාධිකාරී සහ වෘත්තීය මට්ටමේ මෙන්ම උපාධිධාරීන්ගෙන් සමන්විත මෙම සංවිධානයෙහි අරමුණ වන්නේ තම සංවිධානයේ ප‍්‍රාග්ධනය තරකර ගැනීමට වඩා ශ්‍රී ලාංකීය යහගුණය මෙන්ම හරවත් සංස්කෘතිය  ඕස්ටේ‍්‍රලියාවේ ජනගත කිරීමය. දහසකුත් වැඩ රාජකාරී අතරේ ඔවුන් ගෙවන ජීවිත අතිශයින්ම කාර්ය බහුලය. සැමියා - බිරිඳ දෙදෙනාම රැකියා කළ යුතු වේ. එලෙසින් රාජකාරී කිරීමට ඇත්තේද තම දරුවන්ගේ කටයුතුද බලාගෙනය. එමෙන්ම රාජකාරියේදී සැමියා එක් වරුවකදී වැඩය, බිරිඳ තවත් වරුකවකදී රාජකාරියෙහි නිරත වේ. ගෙදර දොර වැඩ කටයුතු කිරීමට උදවුවට කෙනෙක්ද නොමැත. මෙකී ස්වභාවය යටතේ ඒ ජීවිත ක‍්‍රියාත්මක වන්නේ යන්ත‍්‍ර මෙනි. නමුත් ඔව්හු ඒ සියල්ල සතුටින් ඉටු කරති. ඒ සඳහා පීඩනය අවම වූ සමාජ පරිසරයක් එහි තිබේ. ශ්‍රී ලාංකීය යහගුණය කැන්ගරු දේශයේ සමාජගත කිරීම සඳහා මේ සියලූදෙනා බොහෝ සංස්කෘතික වැඩසටහන් සංවිධානය කරන්නේ අතිශය කාර්යබහුල සමාජ පරිසරයකදීය. එනයින් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් සැදුම්ලත් ඔස්කා (AUSCA) සංවිධානය විසින් ‘‘අසිරිමත් ශ්‍රී ලංකා’’ ඡුායාරූප ප‍්‍රදර්ශනය සංවිධානය කෙරුණේ කිසිදු ලාභ ප‍්‍රයෝජනයක් සඳහා නොවීය. එමෙන්ම මෙල්බර්න් ඉතිහාසයේ ශ්‍රී ලාංකීය ඡුායාරූප ශිල්පියකුගේ ප‍්‍රදර්ශනයක් පැවැත් වූ ප‍්‍රථම අවස්ථාව ද එයවීම අප ලද භාග්‍යයකි ගෙවී ගිය කාලයේදී එලෙසින් ඔස්කා සංවිධානය විසින් කෙරුණු දේ බොහෝය. එලෙසින් වූ බොහෝ දේ කිරීම සඳහා එහි සභාපතිනිය වූ ශි‍්‍රයානි ජයවික‍්‍රම, ලේකම් පුෂ්පික ගමගේ, භාණ්ඩාගාරික දීපාල් ඇතුළු අනෙකුත් සියලූ දෙනාගෙන් ලැබෙන අත්වැල විශාලය. එකී දේ කිරීම වෙනුවෙන් දැනට එරට වෙසෙන ප‍්‍රවීණ රංගවේදී ශ්‍රීනාත් මද්දුමගේ වෙතින් ලැබෙන දායකත්වය ඉතා ඉහළය. එකී සියලූ දෙනා එලෙසින් වූ බොහෝ දේ කිරීම වෙතින් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලාංකීය උසස් සංස්කෘතියෙන් ඈත්ව සිටින තම දූ දරුවනට එහි අරුත සමීප කරවීමට ය. මෙකී සියල්ල අතරේ ඔවුනගේ ඇරියුම මත එරටට පැමිණෙන ආරාධිතයන්හට ඔස්ටේ‍්‍රලියාවේ ඇති අපූරු ස්ථාන දැක බලා ගැනීමට අවස්ථාවද සංවිධානය කර දෙන්නේය. ඒ අනුව මෙම ඔස්කා (AUSCA) සංවිධානයේ සභාපතිනිය වන ශ‍්‍රියානි ජයවික‍්‍රම මද්දුමගේ ඇතුළු අනෙකුත් පිරිස මෙල්බර්න්හි අපූරු තැන් කරා අප රැුගෙන ගියහ. ගේ‍්‍රට්  ඕෂන් රෝඞ් හෙවත් මහා මුහුදු මාවත ඉන් එක් සංචාරයක් විය. මේ සටහන් වන්නේ ඒ අපූරු ගමනාන්තය ගැනය.

dfhh

 


මහා මුහුදු මාවත දිගේ ගිය අපූරු ගමන


ලෝකයේ වෙරළ තීර ඔස්සේ තනා ඇති මාර්ග අතරින් වඩාත් සුන්දර දසුන් දැකගත හැකි මාවත, ලෙස හැඳින්වෙන්නේ මෙම ගේ‍්‍රට්  ඕෂන් රෝඞ් හෙවත් මුහුදු තීරය ඔස්සේ තනා ඇති මහා මාවතය. මෙල්බර්න් නගරයේ සිට මෙම මහා මුහුදු මාවත ඔස්සේ යන ගමන සඳහා රංජිත් සහ චිත‍්‍රා යුවළ ස්වකීය කැමැත්තෙන්ම අප සමඟ එක්වූහ. ඒ මාර්ගෝපදේශකයන් ලෙසය. අප මෙම මාවත ඔස්සේ ගිය ගමන සඳහා පිටත් වූයේ රංජිත් සතු රථයෙනි. මහා මුහුදු මාවතට පිවිසීමට පෙර මෙල්බර්න් නුවර සිට ජීලෝන් දක්වා කිලෝමීටර 74ක පමණ දුරක් යා යුතුය. එතැන් සිට ඒන්ජල්ස් දක්වා ගිය පසු මෙම අපූරු මාවතට ප‍්‍රවේශය ලබාගත හැකිය. ඊට අමතරව තවත් මාර්ග තිබුණ ද බොහෝ සංචාරකයන් තෝරා ගන්නේ මෙම මග ඔස්සේ යාමටය. මෙලෙසින් මෙම මාවත ඔස්සේ යන බොහෝ සංචාරකයන්ගේ ගමනාන්තය වන්නේ ප‍්‍රින්ස්ටවුන් පසුකර ගිය විට හමුවන මුහුද තීරයේ ඇති ගල්කණු දොළස දැක බලා ගැනීමටය. මේ මග ඇඩිලේඞ් දක්වා විහිදී තිබුණද පෝට්, කැම්බල්, පීටර්බරෝ දක්වා බොහෝ සංචාරකයෝ තම ගමනාන්තය බවට එය පත් කර ගනිති. එය කිලෝමීටර තුන්හාර සීයයක් දක්වා වූ දුරකි. මෙම මහා මුහුදු මාවතේදී දැකිය හැකි සුන්දර දේ ගැන පැවසීමට පෙර, මෙහි අතීතය දෙස අපි විමසුම් කර බලමු.

dj


මේ මහා මාර්ගය තැනීම ආරම්භ වූයේ පළමු ලෝක යුද සංග‍්‍රාමයේ නිමාවත් සමඟය. පළමු ලෝක යුද සංග‍්‍රාමය නිසා සෙබළු විශාල පිරිසක් ඔස්ටේ‍්‍රලියාවට අහිමිව ගියහ. 1919 සහ 1932 අතර කාලයේදී එලෙසින් සිදුවිණි. පසුව නැවත පැමිණි සෙබළුන්ගේ ශක්තියෙන් මේ මහා මාවත නිර්මාණය වීම ඇරඹිණි. ලොව විශාලතම යුද සැමරුම් මාවත ලෙස ද මෙය හැඳින්වේ. එමෙන්ම ඔස්ටේ‍්‍රලියාවේ සොඳුරුතම භූමි සංකේතයක් ලෙස ද හඳුවන්වනු ලබයි. ඊට ඉහත සඳහන් කළ වෙරළ තීරයේ ඇති ගල්කණු දොළොස ද ඇතුළත්ය. මෙම ගල්කණු දොළොස දැක බලා ගැනීමට පෙර මහා මුහුදු මාවතේදී දැක ගත හැකි සොඳුරුතම දේ නම් බොහෝය. එය හරියට සිහින සිත්තමක් දිග හැරෙන්නාක් මෙනි. එක් තැනෙකදී විශාල තෘණබිම් යායක් හමුවේ. තවත් තැනෙකදී ඊට හාත්පස වෙනස් පාරිසරික දසුනක් දැක ගත හැකිය. මෙම පාරිසරික දසුන් සැබැවින්ම සොඳුරු සිත්තරුවන් විසින් අඳින ලද චිත්තාකර්ශනීය සිතුවම් මෙනි. ඒ සිතුවම් එකිනෙක දිග හැරෙන්නේ අප මවිත කරවමිනි. මේ මග ඔස්සේ යන සංචාරකයෝ තැන - තැන නතර වී මේ අපූරු දසුන් රිසිසේ නරඹා සෞන්දර්යය රසය විඳගනිති. කිලෝමීටර 243ක පමණ දුරක් දක්වා විහිදී ඇති මහා මුහුදු මාවත ඔස්සේ යන විට හමුවන ප‍්‍රධාන නගරය වන්නේ වර්නැම්බුල්ය. ඊට අමතරව ඇති කුඩා නගර පවා තනා ඇත්තේ සංචාරක ආකර්ශනයට නතුවන පරිදිය. මේ නගරවල ඇති හෝටල සහ නවාතැන් පහසුකම් ඇති ස්ථාන, සති අන්තයේ දීර්ඝ නිවාඩු එළැඹි කල සංචාරක පාරාදීසයන් බවට පත් වේ. සමහර සංචාරකයෝ කැරවෑන් රථ යොදාගෙන ඒවා තම නවාතැන් ස්ථාන බවට පත්කර ගනිති. තවත් සංචාරකයන් සිනිඳු සුදුමුදුතලාවේ ළැගුම්ගෙන විවිධ මුහුදු ක‍්‍රීඩාවල යෙදෙති. සමහරු වනජීවී සංචාරයේ යෙදෙති. තවත් සමහර සංචාරකයෝ පා ගමනින් ගොස් මේ මාවතේ සුන්දරත්වය රිසිසේ විඳ ගනිති.

f


වසරක් පාසා මේ මාවතේ මැරතන් ධාවන තරගයක්ද පැවැත්වේ. එය කිලෝමීටර 45ක පමණ වූ මැරතන් තරගයකි. ඊට අමතරව එක්දින බයිසිකල් ධාවන තරගයක්ද පැවැත්වේ. සමහරුන් එය හඳුන්වන්නේ පුංචි ප‍්‍රංශ සවාරිය ලෙසය. මෙම බයිසිකල් ධාවන තරගය නම් කර ඇත්තේ, කැඩල් ඉවන්ස් ගේ‍්‍රට්  ඕෂන් රෝඞ් රේස් නමිනි.


ඒන්ජල් මුහුදු තීරය, එයාර්අයිස් ඉන්ලට්, ලෝර්න්, වසු ගංගාව, කෙනට් ගංගාව, ඇපලෝ බොක්ක, ලේවර්ස් කන්ද, කැම්බල් වරාය, පීටර්ස්බරෝ, මේ මාවත හැඩකරන විශේෂිත ස්ථාන වේ. විටෙක වැසි වනාන්තර පවා හමුවන බව පැවසීම සැබැවින්ම ඔබ මවිතයට පත්කරවන දෙයකි. දිගු නිවාඩු සමයක් එළැඹි කල මේ මාවතේ අසිරිය විඳ ගැනීම සඳහා පොදි ගැසෙන සංචාරක රංචු බොහෝ වෙති. අද මෙලෙසින් මේ මහා මුහුදු මාවත සුව පහසු මාර්ග ධාවන පථයක් ලෙස නිර්මාණය වී තිබුණ ද, මෙහි ඉතිහාසය දෙස බැලීමේදී මේ මග තැනීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ පිරිස නම් බොහෝය.
මෙම මාර්ගය තැනීම ආරම්භ වූයේ 1919-09-19 වැනි දිනදීය. යුද්ධයට මුහුණ දී දිවිගලවාගෙන ආ සෙබළුන් තුන්දහසකගේ ශ‍්‍රම ශක්තියෙන් මෙම මාර්ගය තැනීම ආරම්භ විණි. ඉන්පසුව මිනුම් විශේෂඥයන්ගේ සහය ලබාගැනුණි මාර්ගය තැනීම ආරම්භ වූ පසුව කිලෝමීටර තුනක පමණ දුර ප‍්‍රමාණයක් නිම කිරීම සඳහා මසක කාලයක් ගත කිරීමට සිදුවිය. සියලූ නිම කිරීම් සිදු කෙරුණේ සේවක ශ‍්‍රම ශක්තියෙන් ඔවුනගේ දෑතේ සවියෙනි. මාර්ග බාධක ඉවත් කිරීම සඳහා පුපුරණ ද්‍රව්‍ය යොදා ගැනුණි. නමුත් සියලූ දේ ඉවත් කිරීම සඳහා විල්බැරෝ සහ ෂවල් පමණක් යොදාගෙන තිබේ. ඒ හැරෙන්නට ඉතා සුළු යන්ත‍්‍ර පමණක් යොදා ගැනිණි. නමුත් මේ අතිශය දුෂ්කර කාර්යයේදී සේවයේ නිරතව සිටියදී, විවිධ අනතුරු, ආබාධ මත ජීවිතක්‍ෂයට පත් වූ පිරිස බොහෝය. එදා එක් සෙබළකු හට පැය අටේ සේවා මුරය සඳහා ගෙවා ඇත්තේ ෂිලිං 10ක් සහ පැංස 6කි. ඔවුන් අධික ශීත කාලගුණය යටතේ පවා දිවිගෙවා ඇත්තේ ටෙන්ට් හෙවත් අවටාගත් කූඩාරම් මතය. නමුත් මෙම කඳවුරු සමූහයේ (කුඩාරම් අටවා ගත්* පියානෝ, ග‍්‍රැමෆෝන්, වාදන ඇසීමට පුවත්පත් බැලීමට මෙන්ම විවිධ සමාජීය ක‍්‍රීඩා සඳහාද අවකාශය තිබිණි. මාර්ගයෙන් අඩක් නිම වූ පසු කැසිනෝ ක‍්‍රීඩාව සඳහා අවකාශය තිබී ඇත. බැරල් 500ක බීර සහ මත්පැන් බහාලූම් 120ක් පමණ ආනයනය කෙරිණි. සෙබළුන්ට ඒ සඳහා විරාමයක්ද ලැබිණි. 1932 දී ලෝර්න් හරහා ඇපලෝබොක්ක දක්වා කටයුතු නිම වූ පසුව, මාර්ගය විවෘත කෙරුණේ එවකට වික්ටෝරියාවේ ලූතිනන් ආණ්ඩුකාරවරයා වූ සර් විලියම් අර්වින් අතිනි. ඉන්පසුව තව තවත් වැඩි දියුණු කිරීම් ඉදිරියටත් සිදු විය.


අද මේ මහා මාවතේ යන බොහෝ දෙනාගේ දැන ගැනීම පිණිස මේ විස්තර, සහිත පුවරු තැන් - තැන්හි සවිකොට තිබේ. එක් පසෙකින් දැවැන්ත කඳු පන්තිය පිහිටා ඇත. තවත් පසෙකින් නිල්වන් මුහුදු තීරය දර්ශනය වේ. මේ දෙකට මැදිව මහා මුහුදු මාර්ගය ඔස්සේ යන විට දක්නට ලැබෙන පාරිසරික දසුන් පියවරෙන් පියවරට විවිධාකාරය. එය සැබැවින්ම චිත‍්‍රයක්ම යැයි අතිශයෝක්තියකින් තොරව කිව යුතුමය. ඒ සොඳුරු සිත්තර ගමනේ ඉම බොහෝ දෙනා නතර වන්නේ කැම්බල් වරාය නගරයේ ඇති ජාතික උද්‍යානයේය. මුහුදු රළ වැදී ඛාදනය වී ශේෂ වූ, නටබුන් මෙන් වූ යෝධ ගල්කණු දොළස පිහිටා ඇත්තේ එම ස්ථානයේය. එය සංචාරක පාරාදීසයක් බවට නිරන්තරයෙන්ම පරිවර්තනය වී තිබේ. ශීතාධික කාලගුණය නොතකා සංචාරකයන් ඒ අපූරු දසුන් දෙස බලා සිටින්නේ කලාගාරයකට ගොස් සිතුවම් ප‍්‍රදර්ශනයක නරඹන්නාක් මෙනි. ලෝකයේ බොහෝ තැන්හි. බොහෝ මාවත් ඔස්සේ ඔබ ගමනාන්තයේ යෙදී ඇතිවා විය හැකිය. නමුත් මෙවැනි අපූරු මගක් නම් ඔබට ජීවිතයේ හමු වී තිබේ නම් ඒ මේ මහා මුහුදු මාවතම පමණෙකි. මේ අපූරු මාවතේ මෙන්ම මෙල්බර්න්හි තවත් බොහෝ තැන්වලට අප රැගෙන ගිය ඔස්කා   (AUSCA) සංවිධානයේ සියලූ දෙනාටත් ප‍්‍රවීණ රංගවේදී ශ්‍රීනාත් මද්දුමගේටත් අපගේ ස්තුතිය හිමිවිය යුතුමය.


ඔස්ටේ‍්‍රලියාවේ සංචාරයකින් පසු

sadun-gamage



අදහස් (0)

මිනිස් දෑතින් නිමවූ විස්මය ගෙනෙන මහා මුහුදු මාවත

චන්ද්‍රා Wednesday, 27 May 2015 12:51 AM

මේ යකඩ වගේ පොළව කෙටුවට වෙනම තෑග්ගක් දෙන්න ඕනෑ. (නි)

:       0       0

දිල්ප් Monday, 27 April 2015 07:08 AM

අපේ අය නම් ගියතැන වනසනවා කුණු පුරවනවා පින්නවල මේ දවස් ටිකට අපායක් කරලා (නදී)

:       0       0

කුමාරි Monday, 18 May 2015 12:06 PM

දවසක අපටත් මේ අසිරිය විදින්න ඇත්නම්? අපි තාම ඉගෙන ගන්න වයසනේ, එක නිසා අපට බෑ තවම ඒ අසිරිය විදින්න යාමට. (ර)

:       0       0

සුපුන් මදුරංග Monday, 27 April 2015 08:30 AM

ලෝකයේ කොච්චර තාක්ෂණය දියුණු වුනත් සොබා දහමේ තියෙන සුන්දරත්වය ඉක්මවන වටපිටාවක් හදන්න බෑ කවදාකවත්.... (ම)

:       0       0

රවින්ද්‍ර ජයනන්ද Friday, 08 May 2015 04:44 AM

ස්වභාවික බව සොදුරු බව කරන මිනිසුන්ටම සුන්දරත්වය විඳින්න දකින්න පුළුවන් දවසක අපිත් යන්න පතමු ඒ සොදුරු බව විඳින්න (බ)

:       0       0

ශ්‍රීලාල් Thursday, 23 April 2015 07:42 PM

ඉතාමත් ආකර්ශනීයයි!!!! මගේ මතක සටහන්වල ඉතාමත් වැදගත් තැනක් හිමිවෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 765 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site