IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මනමාලියට වෙඩි තබා මනමාලයාත් දිවි නසාගෙන

6   

 

යම් කාන්තාවක් හෝ පුරුෂයකු හෝ විවාහය යහ සාධකය හේතුකොටගෙන නිශ්චල හා චංචල දේපළ කාන්තාවගේ පවුලට හෝ පුරුෂයාගේ පවුලට හෝ ලබාදීම දෑවැද්ද ලෙස සඳහන් කළ හැකිය.

ttguj
අප්‍රිකානු රටවල වෙසෙන මුණ්ඩුකුමාර් වැනි ගෝත්‍රවල පිරිමියා ගැහැණියගේ පවුලට දෑවැද්ද දීම හා සේවය කිරීම සිදුවන අතර දකුණු ආසියාතික සමාජවල ගැහැණියගේ පාර්ශවයෙන් දෑවැද්ද දීම සිදුවේ. ඉන්දියාවට සමීප රටක් වූ ලංකාවේද දෑවැද්ද දීමේ චාරිත්‍රය අතීතයේ සිටම පැවතියේය. එහිදී කුලය, සමාජ පසුබිම විවාහය සඳහා මූලික සාධක වූ අතර කාන්තාව සමඟ පවරා දෙන නිශ්චල හා චංචල දේපළ ප්‍රමාණය ධනවත් පවුලක තරුණයෙකු සමඟ විවාහ වීමට සුදුසුකමක් විය. එසේම විවාහය සහ දැවැද්ද පිළිබඳව තොරතුරු හුවමාරුකරන පුද්ගලයා කපුවාලෙස නම් කෙරුණු අතර ඔහුගේ මුඛරී බව හා දක්ෂතාව මත විවාහයක් කෙරුණු අවස්ථාද එමටය. එවන් වූ අවස්ථාවලදී කාන්තා පාර්ශවයේ වැඩහිටියන් බොරු පුරාජේරු කියමින් ලොකු දෑවැදි දෙන බවට පොරොන්දු දීම් හා කපුවන්ට ලැබෙන ගතමනා මත ඒ මිථ්‍යාවන් සත්‍යබවට පත්කර විවාහ ස්ථිර කිරීම නිසා ඇති වූ සමාජ ගැටලුද බොහෝය.


ඊට උදාහරණ සපයමින් 1969 වසරේ උඩුගල ග්‍රාමයේද එවැනිම විවාහ කටයුත්තක් සිදුකර ඇත. එහි අවසන් ප්‍රතිඵලය වූයේ මංගල උත්සවයට පසු රාත්‍රියේ බිරිද ස්වාමියාගේ වෙඩි පහරින් මරු වැලදගැනීම සහ ඔහුත් වෙඩිතබා ගෙන සියදිවි නසාගැනීමය. ඒ පිළිබදව මාටින් අප්පුහාමි නම් ලේඛකයා විසින් ලියන ලද කොළඹ වේල්ල වීදියේ පිහිටුවා ඇති “සිසිල මුද්‍රණ ශිල්පියෝ” ආයතනය ප්‍රකාශයට පත්කළ ශත දහයේ කවි කොළයේ එන කතාව මෙසේය.


උඩුගල සොබහ සිරියෙන් අනුන ගම්මානයකි. පේමිස් සහ රොසලින් එහි විසු ආදරණීය යුවළකි. පරම්පරාවෙන් උරුම වූ සහ වෙහෙස මහන්සියෙන් උපයාගත් ධනයැති මේ යුවළ ග්‍රාමීය ප්‍රජාව අතර කළ එළියට ජීවත් වූහ. ඔවුන්ගේ ජීවිත ආලෝකවත් කරමින් කිරිකැටි දියනියක්ද උපන්නාය. මේරි නෝනා නම් වූ ඇය රූප සෝබාවෙන් අනුන වූවාය. ගමේ අන් දරුවන්ට වඩා සැප සම්පත් ලැබූ මේරි නෝනා දවසින් දවස පිරිපුන්ව වැඩුණාය.


“රොසලියෝ අපේ මේරි නෝනා මේ ගමට හඳ පායලා වගේ නේද?”


ජෙමිස් රොසලින්ට පවසන්නේ උජාරුවෙන්ය. ඔහු ඇගේ දියණිය දෙස බලමින් සිහින මාලිගා ගොඩනැගුවේය.


අපේ කෙල්ල හරි වාසනාවන්තයි. කවදාහරි රැජිනක් වගේ ජීවත්වෙන්න ඕනා. මේ වගේ ලස්සන කෙල්ලෙකුට අකමැතිවෙන අවාසනාවන්තයා කවුද?
රොසලින් සිය දියණියගේ රූප සම්පත්තිය පිළිබද කතා කළේ එසේය. ඇය ගමේ සියලු දෙනාටම වඩා මේරි නෝනා ජීවිතයෙන් ඔසවා තබන්නට සිහින දුටුවාය. යෞවනත්වයට පත් මේරිනෝනාට ගමේ තරුණයන් මංගල යෝජනාගෙන ආ බොහෝ අවස්ථාවල ඊට විරුද්ධත්වය ප්‍රකාශ කළේ රොසලින්ය.
මගේ කෙල්ල කපලා මුදේ දැම්මත් මේ වගේ කැතහිල්ලුන්ට මම දෙන්නේ නෑ. මුන් අපි කවුරු කියලා හිතාගෙනද මගුල් යෝජනා මම හත් දවසක් මගුල් කාලයි මගේ කෙල්ල වැදගත් කෙල්ලෙකුට බන්දලා දෙන්නේ. රොසලින් ගමේ ගැණුන් හා පුරාජේරු කතා පැවසුවාය. ඒ වගේම හොද කපු මහත්තයෙක් මුන ගැහුනොත් ගෙවල් පැත්තේ ඇවිත් යන්න එන්න කීමට ඇය අමතක නොකළාය.


ඇගේ බලාපොරොත්තුව එසේ වුවද ඔවුන් උපයාගත් ධනය ටික ටික වැය වී තිබුණි. ඔවුන් සාදාගත් නිවසත් යම් තරමක දේපලකුත් පමණක් ඔවුන් සතුවිය. එහෙත් රොසලින්ගේ අදහස වූයේ මේරිනෝනාගේ රූමත්කම ප්‍රයෝජනයට ගෙන ඇයව ධනවත් තරුණයකුට විවාහකර දීමටය. ඇගේ සිහිනය මල්ඵල ගන්වමින් කපු මහතෙකු නිවසට පැමිණියේය.


මේරිනෝනා දුටු ඔහු


මේ හදක් වගේ ලස්සන නෝනට හොයන්න සල්ලිකාරයෙක් නැත්නම් මගේ කපු කමෙනුත් වැඩක් නෑ” යනුවෙන් කයිවාරු ගසන්නට විය. රොසලින්ද ආහාර පානාදියෙන් කපු මහතාට සංග්‍රහකර මේරිනෝනාට දීමට බලාපොරොත්තුවන චංචල හා නිශ්චල දේපළ පිළිබඳව වර්ණනාවක්ද කළාය. එය එදා කවි කොළයේ සටහන් කර තිබුණේ මෙසේය. 


මැෂින් එකක් සහ අල්මාරියකුත් ඇදපුටු මේසත් අපි     දෙනවා
කුසින් කරපු පුටු වෙනම සැටි එකයි රුපියල් අටදහකුත්     දෙනවා 
දුසිම් ගණන් නව වෙන බඩු වලිනුත් ඉසදිය මන්ගල්ලෙදි     දෙනවා  
ගොසින් කියනු කපු මහත්තයෝ මෙය දෑවැද්දට අපි තව     දෙනවා

fg
මේ ආකාරයට මේරිනෝනා වෙනුවෙන් දෑවැද්ද දෙන බව රොසලින් කපුමහතාට පැවසූ අතර ඔහු ඒ පිළිබඳව වූ සතුටින් මනමාල මහතෙකු සෙවීම ආරම්භ කළේය. ඔහුගේ බලාපොරොත්තුව ඉටුකරමින් බටහිර පන්නයට අනුව දිගු කලිසම් අදින තරුණයෙකු මුණ ගැසුණේය. ඔහු පෙනුමෙන් ධනවතෙකු වුවද සැබැවින්ම ධනවතෙකු නොවීය. ඔහුගේ අපේක්ෂාව වූයේ ධනවත් තරුණියක් විවාහ කරගෙන ඇයගෙන් ලැබෙන දෑවැද්දෙන් ධනවත්වීමය. කපුමහතා තරුණයා සහ ඔහුගේ මව්පියන් හමු වී මේරිනෝනාගේ පවුලේ වතගොත සහ සශ්‍රිකත්වය පැවසුවේය. එය අසා සිටි තරුණ මහතා මේරි නෝනා බැලීමට යාම සඳහා දිනයක්ද දාගත්තේය.


සියලු දෙනා කතාකරගත් පරිදි ඒ සුබ මොහොත උදාවිය. මේරිනෝනාගේ නිවසේ කෑම මේසය විවිධාකාර වූ කැවිලි වර්ගවලින් පිරි තිබුණේය. නිවස සහ ගෙවත්ත පුරා පැතිරි තිබුණේ සිරියාවන්ත බවකි. මේරි නෝනාද මිහිපිට වන් දෙවඟනක්සේය. ඇයට ලැබෙනා දායාදයද සිත්ගන්නා සුලුය. තරුණ මනාල මහතාගේත් ඔහුගේ මව්පියන්ගේත් ප්‍රසාදය මේරි නෝනාට ලැබුණේය. මනාල මහතාද කඩවසම්ය. ගමේ කොල්ලන් මෙන් සරම් අදින්නේ නැත. බුලත්විට කා කහට බැදුණු දසන්ද නැත. කලිසම් ඇඳසිටි ඔහු මේරිනෝනාගේ පවුලට අනුව උගත් මහත්මයෙකි. ඒ නිසා ඇගේ පවුලේ ප්‍රසාදයත් තරුණ මනාල මහතාට ලැබුණේය.


සියලු දේ ප්‍රශංසනීය විය. මේරිනෝනාත් තරුණ මනාල මහතාත් කිරි පැණියි සේ ගැලපෙන බව වැඩිහිටි මතය විය. ඔවුහු සුබ නැකතක් බලා මංගල කටයුතු සිදුකිරීමට කතිකාකර ගත්හ. මේරි නෝනාගෙන් ලැබෙන දායාදය පිළිබඳව තරුණයා සිහින දැක්කේය. ගමේ හැමෝටම පවසා දින ගණනාවක් ජයටම මගුල් කෑ යුතුයැයි තීරණය කළේය. ඔහුගේ මව්පියන්ගේ ආශාව වූයෙත් සිය නෑදෑයන්ට පෙනෙන ලෙස ගමේ කවුරුත් නොකෑ අයුරින් මඟුලක් කෑමය. ඒ නිසාම ගේ දොර උකස් කරමින් ලෝකයට ණය වෙමින් ඔවුහු මගුලට සුදානම් වූහ.


මේරිනෝනා දහසකුත් හීන දැක්කේය. ඇගේ හිරිමල් හිත බටහිර පන්නයට අනුව සැරසුණු තරුණයා ළඟ නැවති තිබු ලස්සන මනාලියක් ලෙස ඔහු සමීපයට යාම, ඔහුගේ ආදරය නොමඳව ලබා ගැනීම, ඔහුත් සමඟ ඥාති නිවෙස්වල ඇවිදීමට යාම, ඔහු වැනි හුරුබුහුටි පුංචි පුතෙකුගේ දරුසුරතල් බැලීම ඇගේ සිහිනය විය.


ඇගේ මංගලදිනය එවැනි අහිංසක සිහින වලින් පිරී යනවිට තරුණයාගේ සිත පිරිගොස් තිබුණේ ඇයට ලැබෙනා දැවැද්ද පිළිබදවය. උදා වූ සුබ මොහොතින් මංගල කටයුතු ආරම්භ විය. තරුණයාගේ නිවසේත් මේරිනෝනාගේ නිවසේත් දින ගණනාවක් ජයටම මගුල් උත්සව පැවැත්වීය. ගම්මු ඒ පිළිබඳව උජාරුවෙන් කතා කළහ.


“අපේ කොල්ලා හරි පින්වන්තයි. ඉටි රූපයක් වගේ කෙල්ලක් ලැබිලා තියෙන්නේ” “ඒ විතරක් නෙවෙයි දෑවැද්දත් බරටම හම්බවෙනවලු”
මංගල උත්සවයට සහභාගී වූවන්ගේ මුවගින් විවිධාකාර වූ වදන් පිටවන්නට විය. සියලු මංගල කටයුතු. අවසානයේ නැදෑයේ එකතු වූයේ මනාලිය ගෙනා දෑවැද්ද බැලීමටය. රුපියල් අටදහසක් දීමට පොරොන්දු වූ දෑවැද්ද රුපියල් සියයකට සීමා වී තිබිණි. මනමාල මහතාට තරුපෙණුනේ ඒ මොහොතේය. ඔහු අසල තිබූ පුටුවක වාඩිගත් අතර දෑස් නිලංකාර වී ගියේය. තොල කට වේලී මුළු ගතම ගැහෙන්නට විය. ඔහු යළිත් මුදල් ගැන බලන ලෙස ඥතින්ට පැවසුවේය. ඒත් එහි වෙනසක් නොවීය.


බලාපොරොත්තු සියල්ල සුන්විය. නෑදෑයෝ අවලාද කියමින් නිවෙස්බලා ගමන් ගත්හ. මංගල රාත්‍රියේ සොදුරුබව සැගවී ගියේය. රූමත් මනාලිය සයනයට වී ඔහු එනතුරු බලාසිටියාය. ඔහුගේ ආදරණී්‍ය සිනහව බලාපොරොත්තුවෙන් සිටි අහිංසකාවගේ නෙත ගැටුණේ ඇය දෙස රකුසු විලාසයෙන් බලාසිටිනා සැමියාය.


“අනේ ඇයි මේ” ඇය බිය වී වෙව්ලන්නට විය.


ඇයි උඹලා අපිව රැවැට්ටුවේ” ඔහු කෑ ගසමින් ඇගේ කෙස් වැටියෙන් අල්ලා ගත්තේය.


“කවුද රැවැට්ටුවේ මොකටද රැවැට්ටුවේ” ඇගේ සියුමැලි හඬ ඉකිලමින් ඇසෙන්නට විය. 


“උඹලාගේ අම්මා දැවැද්දට රුපියල් අටදාහක් දෙනවා කිව්වා. රුපියල් සීයයි දීලා තියෙන්නේ”


ඔහු රකුසෙකුමෙන් ගිගුරුවේය.


“අනේ මම මේ කිසි දෙයක් දන්නේ නෑ”


ඇය මරණබයෙන් තැතිගත් මුවැත්තියක් සේ ගැහෙන්නට වුවාය.


ඔහු සඟවාගෙන සිටි පිස්තෝලය දෑතට ගෙන ඇයට ඉලක්ක කළේය.


“අනේ එපා ඒ අපරාධය කරන්න එපා මම දන්නේ නෑ දෑවැදි කතා. මම ඔයාට ඇත්තටමයි කැමතිවුණේ” ඇගේ හඬ ඉකිලද්දී ඔහුගේ පිස්තෝලයෙන් පිට වූ වෙඩි උණ්ඩ ඇයගේ ළය පසාරු කරගෙන ගියේය. මංගල යහන රක්ත වර්ණ වූවේය. තවත් මොහොතකින් ඔහුත් ඔහුගේ ලයට පිස්තෝලය එල්ලකර ගත්තේය.


සුන්දර සිහිනදුටු මංගල යුවළ දෑවැද්දක් නිසා ලොවම හඬවමින් අවසන් ගමන් ගියහ. බොරු පොරොන්දුදීමේ ප්‍රතිවිපාකය මත සුන්දර දියණියක් රොසලින්ට සහ ජේමිස්ට අහිමිවිය. දෑවැද්ද සිහිනයක් කරගත් තරුණයාට එය නොලැබීම ජීවිතය අවසන් කරගැනීමට තරම් හේතුවක් විය. මෙම ඛේදවාචකය දුටු පී.ඩී.මාටින් අප්පුහාමි මහතා දෑවැද්දේ ආදීනව පිළිබඳව කවියෙන් සැපයුවේ මෙවැනි අදහසකි.


දෑවැදි නොපත කර ගැනුමට     විවාහය
සිතන්නා කළේ රටටම යහ     පතය
සිතතොත් දෑවැද්ද ඕනය යන     මතය
ඔහුහට දිය යුතුය ගිය ගිය තැන     වදය


ගොඩනැගිල්ල ගෘහයක් කරන්නේ ස්ත්‍රීයයි. ඇය විටක සැමියාගේ ආදරණීය බිරිද වන්නීය. ඔහුගේ දරුවන්ගේ ආදරණීය මව වන්නීය. ඔහුගේ ආදරණීය යෙහෙළිය, සහෝදරිය වේ. නිවසේ සියලුදේ කළමනාකරනය වන්නේ ඇගේ දෑතිනි. එවන් වූ ගැහැණිය දෑවැද්දක් මත තෝරාගන්නා පිරිමින් නිවටයින් කොට සැලකුබව මෙම කවියෙන් අනාවරණ වේ. සැබැවින්ම දෑවැද්ද මත තීරණගන්නා වන්මන් සමාජයටද මෙවැනි වෘත්තාන්ත යහපාඩම් ගෙනදෙයි.
මඟුල් දා රෑ මනාලියට වෙඩි තබා මනාලයත් වෙඩි තබා ගැනීමේ දුක් මුසු පුවත හෙවත් දෑවැද්දේ වරද.

 

1 2


m

 



අදහස් (0)

මනමාලියට වෙඩි තබා මනමාලයාත් දිවි නසාගෙන

නිම්මි Wednesday, 25 May 2016 03:33 PM

මේ වගේ අය තාමත් ඉන්නවා.(හේ)

:       0       0

අසෝකා Friday, 27 May 2016 05:27 PM

තවමත් සිටියි අප අතරේ මෙවැනි දනන්... සමහර මව්පියෝත් මේවට දෙති පන්දන්... දෑවැද්දට බැඳපු ගැහැණිව ගෙදර තියන්... මිනිහා හොරෙන් යති රහසේ වෙන සෙල්ලන්... (නි)

:       0       0

තිළිණි Friday, 02 December 2016 09:50 AM

මටත් අපේ නැන්දම්මාගෙන් කතා අහන්න උනේ මේ දැවැද්ද හින්ද නිසයි. අපේ දෙමව්පියෝ විශ්ව විද්‍යාලවලට යනකන් උගන්නපු එකම ඇති. ලංකාවෙන් මේක නැති කරන්න ඕන කියන එකයි මගේ අදහස. නීති ගෙනවානම් වඩා හොදයි. (ර)

:       0       0

රොෂේන් Monday, 11 July 2016 09:58 AM

පුදුම අප්පිරියාවක් දැනුනේ මේ කතාවේ ඉන්න මනමාලයා ගැන කල්පනා කරද්දී. (හේ)

:       0       0

අයිරා Friday, 03 June 2016 04:42 PM

මේ වගේ දෙවල් අපේ රටේන් ඈත් වෙන්න ඕන.දැවැද්ද ඉල්ලන පිරිමි ආදරය කරන්නේ දැවැද්දට තමයි .(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 731 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2392 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site