අටුලුගම ප්‍රදේශයේදී තමාගේ රාජකාරියට බාධා කරමින් තම මෝටර් රථයටද පහරදීමේ සිද්ධිය පිළිබඳ බණ්ඩාරගම පොලිසිය සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් නොවන බව සඳහන් කරමින් බණ්ඩාරගම ප්‍රාදේශීය මාධ්‍යවේදී බිමල් ශ්‍යාමන් ජයසිංහ මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත ලිඛිත පැමිණිල්ලක් කර ඇති බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.
සිද්ධිය වාර්තා වූයේ රාමසාන් උළෙල පැවැති ඉකුත් මාසයේ 24 වැනිදාය. ඒ වනවිට කොරෝනා මාරාන්තික වයිරසයේ තර්ජනය ඉතා තදින් දැනෙමින් තිබිණි. එම හේතුව නිසා සමාජ දුරස්ථකරණය ඇති කිරීම පිණිස රජය ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කර නිවෙස් තුළම රාමසාන් අවුරුද්ද සැමරීම සිදු කරන ලෙස රජය උපදෙස් දුන්නේය. බණ්ඩාරගම ප්‍රාදේශීය මාධ්‍යවේදී බිමල් ශ්‍යමන් ජයසිංහ මහතා වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ලිඛිතව කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ අටුලුගම ප්‍රදේශවාසීන් රාමසාන් අවුරුද්ද රජයෙන් ලබාදී තිබෙන උපදෙස්වලට අනුව පල්ලි වසා නිවෙස්වල සමරන ආකාරය පිළිබඳව පල්ලි සංගමයේ සභාපති හජිම් හජ්ජියාර් මහතාගේ අදහස් ලබාගෙන ඔහුගේ උපදෙස් මත පල්ලි වසා තිබෙන අයුරු වීඩියෝ ගත කර නැවත නිවෙස කරා මෝටර් රථයෙන් පිටත්වීමට සූදානම් වීමේ දී දෙසීයකට ආසන්න පිරිසක් මෝටර් රථය වට කරගෙන ආවේගශීලිව හැසිරී මෝටර් රථයට පහර දෙමින් අලාභහානි කළ බවය. එම පහර දීමෙන් මෝටර් රථයට දෙලක්ෂ තුන් දහසක අලාභයක් සිදුවී ඇති බවද ඒ මහතාගේ ලිඛිත පැමිණිල්ලේ සඳහන්ය.
තමන් සේවය කරන මාධ්‍ය ආයතනයකට ප්‍රවෘත්ති ලබා දීම සඳහා ගිය මාධ්‍යවේදියකුට එල්ල කළ ප්‍රහාරය අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. මාධ්‍ය වාර්තාකරණ පහසු කටයුත්තක් නොවේ. මාධ්‍යවේදියකු වාර්තා කරනු ලබන ඕනෑම ප්‍රවෘත්තියකට අදාළව එක් පිරිසක් සතුටු වෙති. තවත් පිරිසක් උරණ වෙති. උරණවන පිරිස් කුපිතව පෙරළා පහර දුන් අවස්ථා මාධ්‍යවේදීන් මරා දැමූ අවස්ථා මෙරට මාධ්‍ය ඉතිහාසයෙන් ලෝක මාධ්‍ය ඉතිහාසයෙන් ඕනෑ තරම් වේ. අටුලුගමින් වාර්තා වූයේත් එබඳු නින්දිත ප්‍රහාරයකි.
බණ්ඩාරගම අටුලුගම ගම්මානය කොරෝනා වසංගතයත් සමඟ විශේෂ අවධානයට ලක් වූවකි. කොරෝනා ආසාදිතයන් නිසා මුළුමනින්ම හුෙදකලා කෙරුණු ලංකාවේ ගම් අතර අටුලුගමද විය. එසේ හුෙදකලා කර තිබියදීත් නිරෝධායන නීති තඹ දොයිතුවකට නොසැලකූ අටුලුගම ගම්මානයේ පදිංචි ඇතැම් පිරිස් බොල්ගොඩ ගඟ ඔස්සේ එහා මෙහා ගිය බව මාධ්‍ය වාර්තා කළේය. එබඳු හිතුවක්කාරකම්, මුළු රටම කැරකොප්පුවක් බවට පත් කිරීමට වුවද හේතුවිය හැකිය. එහෙයින්ම බොල්ගොඩ ගඟට නාවික හමුදාවේ විශේෂ ආරක්ෂාව යෙදවීමට සිදුවූ බවද සත්‍යයකි.
අටුලුගම ගමේ ඉතිහාස කතාව එපරිදි වන විට ඔවුන් රාමසාන් අවුරුද්ද සමරන්නේ කෙසේදැයි යන්න විශේෂ අවධානයට ලක්වන්නකි. බණ්ඩාරගම ප්‍රාදේශීය මාධ්‍යවේදියා යන්නේ එම රාජකාරිය ඉටු කිරීමටය. එහිදී කුපිත වූ පිරිස් හැසිරුණු ආකාරය සම්බන්ධ වීඩියෝ පට තිබේ. ඒවා නැරඹීමේදී වාහනයේ දොරගුළු දා නොතිබුණේ නම් මාධ්‍යවේදියාගේ ජීවිතයට පවා අනතුරක් විය හැකි බවට සැක මතුවේ.
බණ්ඩාරගම ප්‍රාදේශීය මාධ්‍යවේදියා වැඩ බලන පොලිස්පතිවරයාට කළ ලිඛිත පැමිණිල්ලේ සඳහන් වන්නේ සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසියේ විමර්ශන සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් නොවන බවය. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් පුද්ගලයන් පනස් දෙනකුගේ පමණ සේයා රූ සහ වීඩියෝ පට පොලිසියට බාර දුන්නද විමර්ශන සිදු නොවන බවද බණ්ඩාරගම ප්‍රාදේශීය මාධ්‍යවේදියා සඳහන් කරයි.
පොලිසිය තම වගකීම පැහැර හරින සෑම අවස්ථාවකදීම එය සමාජයට ඉතා අහිතකර ලෙස බලපාන බව අමුතුවෙන් කිව යුතු නොවේ. පොලිසිය සිය වගකීම ඉටු නොකරන්නේ යැයි පෙනුණු විට පළමුව බිඳි වැටෙන්නේ නීතියේ ආධිපත්‍යය වේ. නීතියේ ආධිපත්‍යය බිඳ වැටුණු විට ආදේශ වන්නේ කැලෑ නීතියයි. එසේ කැලෑ නීතිය ආදේශ වූ විට සමාජයේ සන්සුන් සංහිඳියාව බිඳී යයි. එබඳු පරිසරයක කිසිවකුගේ පැවැත්ම තහවුරු නොවේ. රටකට අත්වීමට ඊටත් වඩා විනාශයක් තවත් නැත.
රටකට නීතියක් යනු ගඟකට ඉවුරක් බඳුය. ඉවුර බිඳී ගිය කල්හි ගඟ අයාලේ යයි. කුමන හෝ හේතුවක් නිසා කුමන හෝ බලපෑමක් නිසා තම වගකීම ඉටු නොකරන පොලිසියක් වේනම් ඔවුන්ගේ ක්‍රියා කලාපය නිසා නිර්මාණය වන්නේ චිකාගෝවක් බව තේරුම් ගන්නේ නම් එය රටේ අනාගතයට යහපත් වනු ඇත.
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ
1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර
ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මාධ්‍යවේදියාගේ පැමිණිල්ල ගණන් ගත යුතු නැද්ද?
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 07 June 2020 07:01 AM
පුවත්පත් කලාවේදීන්ව ලොව හඳුන්වන්නේ නිලනොළත් රජවරුන් ලෙසයි. ඒ අදහස අපගේ රටේ සමාජයේ බොහෝදෙනාට කෙසේ ගැළපේදැයි දන්නේ නැහැ. එහි සැබෑ අවබෝධය සැබෑලෙස දැකිය හැක්කේ ප්‍රඥාවන්තයින්ට පමණයි. අන්ධයාට කොකාගේ පාට පෙන්වීමට උත්සාහ කිරීම නිෂ්ඵල ක්‍රියාවක්... රැල්ලට විසිල් ගසනා මිනිසුන්ට සත්‍යය වටහනවා බොරු... අර කියමනක් තියෙනවනේ, වහළුන්ව දුකෙන් මුදවන්න වෙර දරණ මිනිසා මියයන්නේත් වහලෙකු අතින්මයි කියලා...
janahitha Tuesday, 09 June 2020 08:06 AM
ජනමාධ්‍ය ඔහුගේ රැකිය... එමනිසා විශේෂ වරප්‍රසාද ලැබිය යුතුයි කීම මෝඩකම ප්‍රදර්ශනය කිරීමක්... නමුත් සිදුවීම සිදු නොවිය යුත්තක්...
සමිත සේනක අලුත්ගමගේ.Thursday, 09 July 2020 04:49 AM
ජනමාධ්‍ය ගැන ඔබගේ නොදැනීම මේ අදහස් වලින් ්‍ප්‍රකට වෙනවා... මේවා මෝඩ කතා වෙන්නේ කොහොමද .. ? මේවා ලොව පිළිගත් කතා... එය ඔබට වෙනස් කරන්න බැහැ. ඒය ඔබට වැටහෙන්නේ නැහැ. එයට අපට කළ හැකි දෙයක් නැහැ ...
lal Sunday, 07 June 2020 11:13 AM
කිසියම් පොලිසියක් විසින් පක්ෂපාතීව පැමිණිලි විභාග කරයි නම්, වැරදි පටලවා නඩු දමයි නම්, විභාගයකට පොලිසියට ගියවිට තමන් ලක්ෂ පැත්තේ අයට කතා කිරීමට ඉඩදී අනෙක් පාර්ශවයකට කරුණු දැක්විමට නොදි සැර දමයි නම්, ලියන කටඋත්තරය පෙන්වන්නේ නැතුව මෙතන අස්තන් කරන්න කියයි නම් පැමිණිලි කළ යුත්තේ කාටද? මේවා ක්ෂණිකව පිළිතුර ලබාදෙනවාද?
neel Sunday, 07 June 2020 11:16 AM
මෙය මාධ්‍යවේදියෙකුට වුනු නිසා මෙහෙමවත් කතා කරනවා. නමුත් සාමාන්‍ය මිනිහාටත් පොලිසිවලින් වෙන අකටයුතුකම් එමටයි. මේවාට මොකද කරන්නේ...? පොලිස් කොමිසම් තිබුණාට ඒවට ගිහින් ගමේ පොලිසියත් එක්ක තරහ වුණාම ඊට වඩා කරදර වෙයි කියලා මිනිස්සු කට පියාගෙන අසාධාරණකම් විඳගෙන ඉන්නවා. නමුත් මෙම ලිපියෙන් කියනවා වගේ පොලිසිවලින් සාධාරණය ඉටු නොවුණාම රට යන්නේ අවනීතිය පැත්තට... මේ ගැන විශේෂ අවධානයක් යොමුකළ යුතුයි පොලිස්පතිතුමන් විසින්..
chandima Monday, 08 June 2020 03:29 AM
සටනක් මැදට ගොස් එය වාර්තාකිරීම දක්ෂ මාධ්‍යවේදියෙකුගේ හැකියාවක්. එහෙත් එහිදී වෙඩි වැදුණාට කිසිවෙකුත් වන්දි ගෙවන්නේ නැහැ. එසේ ගෙවනවා නම් ගෙවන්නේ අදාළ මාධ්‍ය ආයතනය විසිනුයි. ඒ නිසා දෙස් දෙවොල් තබමින් පොලිසි ගිහින් වැඩක් නැහැ...
jayath Monday, 08 June 2020 03:57 AM
කොහොමත් මේ රටේ අමුතු පොලිස්කාරයෝ ටිකක් ඉන්නවා. මෑතකාලීන එක උදාහරණයක් තමයි සොයිසාපුර අර හෝටලේට පහර දුන්නේ ආයුධ සන්නද්ධ පොලිස් කාරයින් දෙන්නෙක් ඉන්දෙද්දී ! හරිනම් මොවුන් රෙදි ගලවලා තියලා ගෙදර යන්න ඕන! අනික මේක බණ්ඩාරගම පොලීසියක් තියනවද කියලා හිතෙනවා මේ අටුලුගම එවුන් හැසිරෙන විදිය දැක්කම කොහොමත් සමහර පොලිස් නිලධාරින් පාතාලය මත්ද්‍රව්‍ය ජාවාරම් සමහර බන්ධනාගාර නිලධාරින් එකම දම්වැලක පුරුක්...