වැලිකතර මරුකතරක්දැයි සිතෙන තරමට ලැබෙන ප්‍රවෘත්ති බිහිසුනුය. එමෙන්ම ජුගුප්සාජනකය. සිය වසකින් මෙපිට පැමිණි ලෝක වසංගතයක මරණීය බියකරු අත්දැකීම් ලබා තිබියදීත් මනුෂ්‍යත්වයේ අසරණකම සමග සූදු ක්‍රීඩාවේ යෙදීමට යමකුට හැකිනම් ඔහු මනුෂ්‍යයකුම විය නොහැකිය. එහෙයින් මිනිස් වෙස් ගත් එබඳු තිරිසනුන් වෙනුවෙන් මෙම තීරුව යළිත් වෙන් කිරීමට සිදුවී තිබේ.
අප පුවත්පත ඉකුත් දා වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ කාන්තාවන්, ඩුබායි, ඕමානය සහ අබුඩාබිය යන රාජ්‍ය වෙත සංචාරක වීසා මත රැගෙන ගොස් එරට ධන කුවේරයන් ඇතුළු විවිධ පුද්ගලයන්ට රුපියල් ලක්ෂ ගණනින් අලෙවිකරමින් මිනිස් ජාවාරමේ නිරත වූ බව කියන ප්‍රධාන තැරැව්කරුවකු සහ ඔහුගේ ජාවාරම්වල දේශීය නියෝජිතයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බාරයට පත්කර ඇති බවය.
මෙම මිනිස් ජාවාරම් හා ඔහුගේ දේශීය නියෝජිතයා අත්අඩංගුවට පත්වීමේ සිදුවීම් දාමය තුළ විශේෂ අවධානයට ලක් කළ යුතු කාරණාවක් තිබේ. මැද පෙරදිග එසේ අතවරවලට වදබන්ධනවලට ලක්වන කාන්තාවන් තමන් මුහුණ දී සිටින අභාග්‍ය සම්පන්න ඉරණම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත් කර තිබේ. අනතුරුව සිද්ධිය පැමිණිල්ලක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාන්තාවන් වෙළඳාම, ජාවාරම් විමර්ශන කොට්ඨාසය එම රටවල්වලට ගොස් එම වින්දිත කාන්තාවන් හමුවී සාක්ෂි රැස් කරගෙන තිබේ. ඒ අනුව ජාවාරමේ මහ මොළකරු මෙරටට පැමිණෙන විට කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇත. ජාවාරමාගේ දේශීය නියෝජිතයා අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉන් අනතුරුවය.
ලිංගික හිංසන, අතවර සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට වින්දිත කාන්තාවන් මැලිකමක් දක්වන බව පොදු පිළිගැනීමය. එහෙයින් බොහෝ සිදුවීම් කාලයේ වැලිතලාවෙන් වැසී යයි. ජාවාරමුන්ට අවශ්‍ය පිටුබලය ලැබෙන්නේ ද ඒ අවසරයෙනි. සිදුවීම් පැමිණිලි ලෙස ඉදිරිපත් නොවනවිට අපරාධකරුවන්ට නිරුපද්‍රිතව පැවතීමේ හැකියාවක් ද තිබේ. එහෙත් තමන්ට සිදුවූ අසාධාරණය අයුක්තිය හා නිගරුව සම්බන්ධයෙන් නිර්භයව එළියට පැමිණ අවශ්‍ය තැන්වලට පැමිණිලි කරන්නේනම් තමන්ට යුක්තිය සාධාරණත්වය ඉටු කරගත හැකි බව මෙම සිදුවීමෙන් පැහැදිලි වේ.
යුනිසෙෆ් අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ මෙරට දරුවන් 56000ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවය. වයස අවුරුදු 5ට අඩු දරුවන්ට වහා ප්‍රතිකාර අවශ්‍ය බව ද එම සංවිධානය අවධාරණය කර ඇත. රටට ඩොලර් වැසි වැටී රට බත බුලතින් සරු සාර වී දරුවන්ට බඩ පිරෙන්න යමක් කන්න දිය හැකි යුගයක් උදාවන තුරු අම්මලාට බලා සිටිය නොහැක. අකාරුණික හා දුෂ්කර කොන්දේසිවලට යටත්ව දහදුක් විඳිමින් ඔවුන් මැදපෙරදිග බලා යන්නේ දරුවන්ගේ වේලෙන් වේලට අලුත්වන බඩගින්න නිවාදැමීමට ඇති ඒකාන්ත මාර්ගය එය යැයි ඒ අම්මලා කල්පනා කරන නිසාය. ඒ මනුෂ්‍ය වේදනාවත්, මනුෂ්‍යත්වයේ අසරණකමත් ජාවාරම්කරුවෝ හොඳින් හඳුනති. අනා තැබූ පිටි ගුලි මෙන් තමන්ට අවශ්‍ය පරිදි ඒ අම්මලා හැඩ කපා ගැනීමට ජාවාරම්කරුවන් සමත් වන්නේ ඒ අනුවය.
මැද පෙරදිග රැකියාවකට යාමේ විධිමත් පිළිගත් ක්‍රමවේදයක්, මාර්ග සිතියමක් තිබේ. එහෙත් කැකෑරෙන ආර්ථික අර්බුදය හමුවේ එතෙක් කල් බලා සිටින්නට ඇතැම් අම්මලා අකැමැති වෙති. ජාවාරම්කරුවන් දැල එලන්නේ ඒ අම්මලාටය. කාන්තාවන්ටය. අපේ රටේ පුරවැසියන් කෙළි බඩු බවට පත්කර අරාබිකරයේ සුල්තාන්ලාගේ ඇඟ නහර පිනවන්නට හැකිවීම සම්බන්ධයෙන් සෙසු සෑම පුරවැසියකුම සීමා විරහිතව ලජ්ජාවට පත් විය යුතුය. අරාබිකරයේ ඒ ශාපලත් ඉරණමට ලක්ව සිටින්නේ අපේම අම්මා, සොහොයුරිය, බිරිඳ යැයි සිතීමේ හැකියාවක් සියල්ලන්ම නිර්මාණය කර ගත යුතුය. මෙබඳු පාපතර ම්ලේච්ඡ ක්‍රියා මැඩපැවැත්විය හැක්කේ එබඳු බලගතු සදාචාර බලයකින් පමණි.
අපට ඇත්තේ නීතියේ පිහිට පිළිසරණ පමණි. එම ක්‍රියාදාමයට මුදල් බලයෙන් යම් බලපෑමක් ඇති කළ හැකි බව වසන් කළ නොහැකි සත්‍යයකි. ජාවාරම්කරුවන් බියකින් සැකයකින් තොරව මිනිස් ජාවාරම් හා මාංශ වෙළඳාම්හි නිරතවන්නේ ද එහෙයිනි. එතෙක් අහිංසක අම්මලාගේ කඳුළ සිනාවකට පරිවර්තනය කළ යුතුය. එය කළ හැකි වන්නේ අධිකරණ ක්‍රියාදාමය හරහා සියලු ජාවාරම්කරුවන් දණ ගැස්සීමෙන් පමණි. එහෙයින් මෙම ක්‍රියාදාමය දෙස අපි අවධානයෙන් බලා සිටිමු.
හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමියෝ වචනයේ පරිසමාප
මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ
වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි
සිද්ධාර්ථ ගෞතම චරිතය ලොවට දායාද වන්නේ ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේදීය. එම අසිරිමත් උපත තත්කාලීන විවිධ ආගමික මතවාද ප්‍රකාශ කළ ෂඩ් ශාස්තෘවරුන්ට කිසි
අප ජීවත් වන්නේ නව තාක්ෂණික ලෝකයකය. ඒහි පස්සිකෝ සන්දිට්ඨිකෝ හෙවත් එන්න බලන්න ගුණය අත්විඳින්න යන ගුණාංග ඇති ආගමකට පැවැත්මක් තිබේ. කෙසේ වුවත් ලෝකය කෙතරම්
දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මැද පෙරදිගට යවන කාන්තා ගෞරවය රකිනු