IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මැණික් ගඟත් කිඹූල් පුරයක් වෙයි

නුගේගොඩ පිරිසක් කතරගම පැමිණියේ පාසල් නිවාඩුවෙන් ප්‍රයෝජනයට ගනිමිනි.

වර්ෂයකට වරක් කතරගම පැමිණෙන මෙම පිරිස දේවාලය වැද පුදා ගැනීමට පෙර මැණික් ගගෙන් දිය නා පිරිසිදු වීමට අමතක නොකළහ. නඩයේ සිටි පුංචි දරුවෝ හැමදාම කොළඹ නළ ජලයෙන් නාන නිසා ගලා බසින මැණික් ගඟේ දිය නෑමට දැඩි කැමැත්තක් දැක්වුහ.

කවුරුත් මැණික් ගඟට බැස ඉවුරු අයිනේ සිට දිය නාමින් සිටියහ. අඩියක් තරම් ගැඹුරු ජලයේ කිමීදෙමින් සිටි පුංචි දරුවෙක් එක් වර 'අම්මේ අර කළු කොටයක් උඩ යට යනවා' යැයි සිය මවට පෙන්විය. මෙය දුටු මව කළු කොටය දෙස බලා සිටියාය. අරුමයකි. කොටය උඩුගම්බලා යමින් තිබේ. නිමේෂයකින් මවට මේ සිටින්නේ කිඹුලකු බවට වැට හී වහා දුවගොස් දරුවා රැගෙන  මහා හඩ දෙමින් මැණික් ගගෙන් ගොඩට පැමිණියේ තවත් මැණික් ගඟේ දිය නාමින් සිටි පිරිසක් ද සමගිනි.

මේ දින සිය මව නොසිටින්නට තවත් වටිනා  මැණික් ගඟේ කිඹුලන්ට බිලි වෙන්ට තිබුණි.

අද කතරගම මැණික් ගඟ මාතර නිල්වලා ගඟ මෙන් බියකරු වු ස්ථානයක් බවට පත්ව තිබේ. වෙනදා සුදුු වැලි පෑදුණු මැණික් ගඟට අද කුමක් හෝ වී ඇත. මැණික් ගඟ හරහා පාළම් උඩින් යන වන්දනාකරුවන් අන්න කිඹුලා යනවා වැනි වචන දැන් නිතරම ඇසේ. කිඹුලන්  50 ක් පමණ ගඟේ සැරිසරතියි කියයි.

පසු ගිය මාස කීහිපයේ දි ජීවිත 06 ට වැඩි  කිඹුලන්ගේ ගොදුරු බවට පත්විය.

පස්සර නමුණුකුළ කන්දෙන් ගලා බසින මැණික් ගඟ ඉන්දියාවේ ගංගා නම්  ගඟ හා සමානව ලාංකීය ජනයාට උතුම් ශුද්ධ වු ගඟකි.

2012 වර්ෂයේ දි එක්තරා පිරිසක් මැණික් ගඟ අසළ අංක 02 පාළම ආසන්නයේ තිබු හරස් බැම්ම කඩා දැමීමේ ප‍්‍රතිඵළයක් මත ගඟේ තිබු වැලි පහළ කොටසට ගලා ගෙන ගොස් වළවල් සැදීම නිසා කිඹුලන්ට අවශ්‍ය පරිසරය සැදී තිබේ. කිසිදු ස්ථානයක වැල්ලක් දැක ගැනීමට නැත. කතරගම පෙරහැර අවසන් වී මෙවර දිය කැපෙනුයේ ද ගඟේ වෙනත්  තැනකය.

ගැඹුර ද දිනෙන් දිනම වැඩි වෙයි.  ආරක්ෂක බැමි  ද ගඟට  වැටී ඉවුරු ගඟට  සෝදා යයි.

මැණික් ගඟේ කිඹුලන් අල්ලා වෙනත් ස්ථානයකට රැගෙන යන ලෙස වනජිවි නිළධාරින්ට රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා මීට මාස 03 කට පෙර නියෝග කරනු ලැබීය.  රුහුණු මාගම් පත්තුවේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක කතරගම අභිනවාරාමාධිපති කපුගම සරණතිස්ස හිමියන් රජයෙන් ද ඉල්ලා සිටියේ මැණික් ගඟ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි. 

katharagama_151222(1) katharagama_151222(2) katharagama_151222(3)



අදහස් (0)

මැණික් ගඟත් කිඹූල් පුරයක් වෙයි

සෑම් Wednesday, 23 December 2015 08:37 AM

වන සතුන්ට ඔවුන්ගේ ස්වාභාවික පරිසරයේ ජීවත්වෙන්න තිබෙන අයිතිය අහිමිවෙලාද? (නි)

:       0       0

සොපී Wednesday, 23 December 2015 02:44 AM

ඉස්සර අහුන්ගල්ල පැත්තේත් සත්ත්ව උද්‍යානයක් යැයි කියාගත් පුද්ගලික භූමියක් තිබුණා. එතන වැඩියෙන්ම හිටියේ කිඹුලෝ. පසුව එය වසාදැමුණා. අක්‍රමවත් ලෙස මේ කිඹුලන් අවට ජලාශ වලට සහ මුහුදට පවා මුදාහැරි බවට පසුව ආරංචි වුණා. මේ කිඹුල් ගහණයට හේතුව එය විය නොහැකිද? (නි)

:       0       0

නිලාන් Saturday, 02 January 2016 01:58 PM

කිඹුලන්ට බැනලා වැඩක් නැත. ඔක්කොම අපේ අයගේ වැරදිය. එතන ඉපදුනා කියලා කිඹුලා මොනවා කරන්නද? ඒ පරිසරය හදපු අපේ මිනිසාය වැරදි. (නි)

:       0       0

ජගත් Friday, 01 January 2016 05:28 PM

මේ අර 2012 දී කළ වැඩෙන් පසු ඇතිවූ තත්ත්වයක් බවයි මම හිතන්නේ (නි)

:       0       0

ඉන්දික Monday, 18 January 2016 07:47 AM

කතරගම යනු පුරාණයේ සිට පැවෙත එන ශුද්ද භූමියක් මෙය මෙලෙස විනාශයට පත්වෙන තුරු බලධාරින් යැයි පවසන පිරිස බලාසිටිම ලොකුම ප්‍රශ්නයක් අද රටේ තත්වය මේක තමයි මෙයට බලධාරින් විසදුමක් ලබාදෙන්න.කිඹුල් ගහනය වැඩිවීම ඔවුන්ගේ ප්‍රශ්නයක් නොව මොලයක් නැති බලධාරින් ගේ හිස්බවේ ප්‍රතිපලයක්ය. (බ)

:       0       0

ගුණවර්ධන Tuesday, 22 December 2015 07:22 PM

මේ කිඹුලන්ව දැක්කත් බය හිතෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 750 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2404 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site