IMG-LOGO

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා


මගී ප්‍රවාහන බෝට්ටු සේවා අතරමග නතර කළේ ඇයි?

උත්සවශ්‍රීයෙන් හොඳ ආරම්භයක් ගෙන සද්ද නැතිවම අතහැර දමන ව්‍යාපෘති ආරම්භ කෙරෙන්නේම බොරු පුරාජේරු මට්ටමෙනි. ඒවා ක්‍රියාවට නංවන්නේත් ලාබ ප්‍රචාරක වැඩට කප්ගසා සිටින ඇතැම් දේශපාලනඥයන් විසිනි. එහෙත් සමහර ව්‍යාපෘති හොඳ අරමුණකින් ආරම්භ කළත් අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් හෝ වෙනත් විවිධ ප්‍රායෝගික දුෂ්කරතා පැන නැගීමෙන් හෝ අතරමග නවතී.

දැනට කලකට පෙරදී ආරම්භ කළ එවැනි ව්‍යාපෘතියක් වූ කොළඹ නගරයේ ඇළ මාර්ග ඔස්සේ මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භයද එසේ අතරමග නැවතී තිබෙන බව අපගේ ලංකාදීප ප්‍රවෘත්තියකින් හෙළිදරව් කර තිබිණි.

වැල්ලවත්ත සිට බත්තරමුල්ල දක්වා ආරම්භ වූ දෙපසටම ක්‍රියාත්මක වූ මගී ප්‍රවාහන බෝට්ටු සේවාව 2020 වසරේ මාර්තු මාසයේ දී ආරම්භ වූවකි. සතියේ දිනවල බත්තරමුල්ල සහ වැල්ලවත්ත හරහා කොළඹට ඇතුළු වන විශාල ජනකාය හේතුවෙන් ඇතිවෙන මාර්ග තදබදයට එක් විසඳුමක් වශයෙන් මේ ව්‍යාපෘතිය හඳුන්වාදෙනු ලැබී ය. කොළඹ නගරයේ අලංකාර පරිසර පද්ධති මැදින් දියත උයන සිට නාවල සහ කිරුළපන හරහා වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව අසල දක්වාත් මේ බෝට්ටු සේවය ක්‍රියාත්මක විය. ආරම්භයේ දී එය මගීන්ගේ ආකර්ශනයට ලක්වූ ප්‍රවාහන සේවාවක් වශයෙන් ද හැඳින්විණි. එය කොළඹ නගරයේ මාර්ග තදබදය මග හරවාගනිමින් ඉක්මනින් ගමන් කළ හැකි ලාබදායි ප්‍රවාහන සේවාවක් වශයෙන් ද ව්‍යාපෘතිය හඳුන්වාදුන් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාවේ එවකට සිටි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් එච්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා මහතා කළ ප්‍රකාශයක සඳහන් විය. එහෙත් එම ව්‍යාපෘතිය මේ ආකාරයට පසු කාලයක දී අතහැර දමනු ලැබීම කනගාටුවට කරුණක් බව පෙන්වා දිය යුතු ය.

ඒ කාලයේම බේරේ වැව ආශ්‍රිතව ද බෝට්ටු සේවාවක් ආරම්භ කරනු ලැබී ය. එම සේවාව ද ඇනහිට තිබේ. මේ සේවා සඳහා සපයාගෙන තිබූ බෝට්ටු දිරාපත්වීමට ඉඩ හැර තිබීම තවත් මුදල් නාස්තියකි. මේ බෝට්ටු සේවා නතර කර දැමීමට තීන්දු කිරීමට පෙර ඒවා වැඩි දියුණු කර පවත්වාගෙන යාම කෙරෙහි ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වා තිබේදැයි විමසා බැලීම ද අවශ්‍යය. ප්‍රවාහනයේ දී ඇතිවන අධික වාහන තදබදය මගහැර යාමට හැකි හැම පියවරක්ම ගත යුතුව තිබියදී ආරම්භ කළ එවැනි ව්‍යාපෘතියක් හෝ පවත්වාගෙන යාමට නොහැකි වූයේ කාගේ වරදින්දැයි සොයා බැලිය යුතු ය.

2020 වසරේ දී ආරම්භ කර තිබූ මෙම බෝට්ටු සේවාව සඳහා සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන බෝට්ටු කිහිපයක් ද 2022 වසරේ දී එකතු කර තිබිණි. ඒ සඳහා පියවර ගෙන තිබුණේ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසිනි. ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ පෞද්ගලික සමාගමක් ඒකාබද්ධව මේ ව්‍යාපෘතිය ආරම්භ කරන බව ද අමාත්‍යවරයා ඒ අවස්ථාවේ දී සඳහන් කර තිබුණේ මේ සඳහා සූර්ය පැනල භාවිත කිරීම තෙල් හිඟයට සහ විදුලිය අර්බුදයට ද විසඳුමක් බව ද පෙන්වා දෙමිනි. එහෙත් මේ සියල්ල මේ වනවිට නවතා දමා තිබේ. අමාත්‍යවරයා ලංකාදීපය කළ විමසීමක දී ප්‍රකාශ කර තිබුණේ මගීන් එම සේවාවේ වැදගත්කම හඳුනා නොගැනීම හේතුවෙන් බෝට්ටු සේවාව නවතා දැමූ බව ය. එහෙත් එය මගීන්ගේ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනයට ලක්කරවීම රජයේ බලධාරීන්ගේ වගකීමක් බව අපගේ විශ්වාසයයි.

මගී ප්‍රවාහන සේවා තවදුරටත් අලුත් ක්‍රියාමාර්ග ඔස්සේ වර්ධනය කළ යුතුව තිබියදී ඒ සඳහා හොඳ විකල්පයක් කරගත හැකිව තිබූ ඇළ මාර්ග ඔස්සේ බෝට්ටු සේවා පැවැත්වීම කෙරෙහි රජයේ බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු ය. මෙම මගී ප්‍රවාහන ව්‍යාපෘතිය වත්මන් රජය මගින් හඳුන්වාදී තිබූ කොළඹ වාණිජ නගර සංවර්ධන සැලැස්ම (2019-2030) ට ද ඇතුළත්ව තිබූ බව ද එහි ලිපි ලේඛනවල සඳහන් වී තිබේ. වඩ වඩාත් සංවර්ධනය කළ යුතු ව්‍යාපෘති මේ ආකාරයට දිරාපත්ව යාමට ඉඩ දී තිබීම සංවර්ධන ක්‍රියාදාමයට ද කළු පැල්ලමක් බවත් පෙන්වා දිය යුතු ය.

(***)



අදහස් (1)

මගී ප්‍රවාහන බෝට්ටු සේවා අතරමග නතර කළේ ඇයි?

ලුම්බිණි Friday, 03 May 2024 07:47 AM

කිසිම අධ්‍යනයක් නොකර හිතුමතේ පටන් ගන්නා ව්‍යාපෘති එදා ඉඳලම ලංකාවේ තිබුනා. උත්සවශ්‍රීයෙන් හොඳ ආරම්භයක් ගෙන සද්ද නැතිවම අතහැර දැමීම දැමීම අපේ පුරුද්දක්. "පොතට කලින් හැමදාමත් පිටකවරෙයි බැලුවේ".

:       1       10

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ස්වාධීන නිදහස් චින්තනයෙන් විදුදය බැබළවූ යතිවරයාණෝ
2024 මැයි මස 15 308 0

එවකට විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ (වත්මනෙහි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) උප කුලපතිවරයකුද වූ, ස්වාධීන නිදහස් චින්තනයෙන් මෙරට භික්ෂු පරපුරට නව මංපෙ


ජන අභිලාෂය වැඩද? කතාවද?
2024 මැයි මස 15 537 1

ජනාධිපතිවරණය ළඟදී පැවැත්වෙන බැවින් වෘත්තීය සමිති ඇතුළු සමහර සංවිධාන සිතන්නේ වර්ජන සහ උද්ඝෝෂණ පැවැත්වීමෙන් තමන්ට ඕනෑම දෙයක් රජයෙන් දිනාගත හැකිය යන්


මන්ත්‍රීන් වගකීම පැහැර හැරීම තනතුර බාල්දු කිරීමක්
2024 මැයි මස 15 75 0

පාර්ලිමේන්තුව වරින් වර රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙයි. හොඳ සහ නරක මාතෘකා දෙවර්ගයම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ජනතාවගේ විමසුමට ලක්වුණත් බොහොමයක් අ


අයාලේ ගිය පශ්චාත් නූතනවාදී කතිකාව
2024 මැයි මස 14 119 0

ලෝක සන්දර්භයක් තුළ දී නූතනවාදී කලා සාහිත්‍යය හා සංස්කෘතික සංකලනය සඳහා පදනම වැටෙනුයේ පළමුවන ලෝක යුද්ධය පසුබිම් කොටගෙනය. විශේෂයෙන්ම සාහිත්‍ය නිර්මාණක


හික්මීම ලේඛකයකුට භයානකයි
2024 මැයි මස 14 133 0

නූතන ලාංකික සාහිත්‍යයෙහි ප්‍රතිභාසම්පන්න ලේඛිකාවක වන ශමෙල් ජයකොඩී පාඨක ආකර්ෂණයට හා කතාබහට ලක් වූ අගනා නවකතා රැසක් මෙරට සාහිත්‍ය යට දායාද කළ විදෙස්ගත


මවුබස නැති ජාතියක ඉරණම
2024 මැයි මස 14 696 12

අපගේ අනාගත පරපුර, ජාත්‍යන්තරව පිළිගැනෙන හැකියාව සහිත ගෝලීය පුරවැසියන් බවට පත් කිරීම උදෙසා පාසල් තුළ විෂය අධ්‍යාපනයේ භාෂා මාධ්‍යය ඉංගිරිසියට හැරැවිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 723 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2249 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1931 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site