IMG-LOGO

2025 අගෝස්තු මස 21 වන බ්‍රහස්පතින්දා


මීගමුවේදී ආප්ප කා පාස්කු නාට්‍ය බැලූ මහ රැජින

බි‍්‍රතාන්‍ය කිරීටයෙන් මෙරටට නිදහස ලැබී හරියටම වසර හතරකට පසුව බි‍්‍රතාන්‍යයේ හයවැනි ජෝර්ජ් රජු අභාවප‍්‍රාප්ත විය. ඒ 1952 මාර්තු මාසයේදීය. අනතුරුව දෙවැනි එළිසබෙත් රැජින රාජාභිෂේක වූයේ 1953 ජූනි 02 වැනිදාය. එංගලන්ත මහ රැජින බවට පත්ව ඇගේ ප‍්‍රථම ශ්‍රී ලංකා සංචාරය සිදුවන්නේ 1954 අපේ‍්‍රල් 10 වැනිදාය. අගමැති සර්ජෝන් කොතලාවල විසින් මහත් හරසරින් පිළිගත් මහ රැජින විශේෂ දුම්රියකින් පොළොන්නරුවට ද ගියාය. දුම්රිය පැදවූ රියදුරාට විශේෂ තිළිණයක් පිරිනැමීමට ද රැජිණ මෙහිදී ක‍්‍රියා කළාය. මහ රැජිණ මෙන්ම 1948 පබරවාරි 04 දින මෙරට නිදහස් උත්සවයේ රාජාසන කතාව සඳහා පැමිණි ග්ලෝස්ටර් ආදිපාදවරයා සහ එම ආර්යාවට ද භෝජන සංග‍්‍රහයන් සඳහා සූදානම් කළ විශේෂ ස්ථානයක් තිබිණි. ඒ මීගමුව තානායමයි. මීගමුව නගරය ගොඩනැගී ඇත්තේ ලන්දේසි බලකොටුව හා ඒ වටා තිබූ මාර්ග පද්ධතිය අනුවය. බි‍්‍රතාන්‍ය පාලන සමයේදී පැරණි බලකොටුව කඩා දමා බන්ධනාගාරය සකස් කරනු ලැබූ අතර එහි නටබුන් බැලීමට ද මහ රැුජිණ ගියාය. ඉංග‍්‍රීසීන් විසින් සකස් කළ හැමිල්ටන් ඇළ ද රැජිනගේ නිරීක්ෂණයට ලක්වූවාය. විශේෂයෙන්ම ලන්දේසි හා ඉංග‍්‍රීසි පාලන සමයේදී ඉදිවූ ගොඩනැගිලි රාශියක් මේ වනතෙක් ආරක්ෂිතව පවතී. කතෝලික දේවස්ථාන මෙන්ම ප‍්‍රභූන්ගේ වාසස්ථාන ලෙස ඉදිවූ වලව් කිහිපයක් ද ඒ අතර වෙති. මීගමුව තානායම ද ප‍්‍රභූන් සඳහා ඉදිකරන ලද වලව් කීපයකින් එකකි. වසර 200 ක් පමණ පැරණි එම ගොඩනැගිල්ල මීගමුව මුහුදු වෙරළට මුහුණලා පිහිටා තිබේ. මෙහි ඇතුලත තරප්පු පෙළ සකසා ඇත්තේ කළුවර දැවයෙනි. තරප්පු පෙළ නැගීමෙන් පසුව පළමු මහලේ මුලින්ම හමුවන අංක 07 දරණ කාමරය බි‍්‍රතාන්‍ය රැජිණ ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවාතැන් ගත් ස්ථානය විය. රැජිනගේ ආහාර වේල සඳහා එදා පිරිනමා ඇත්තේ දේ්ශීය ආහාර වේලක් බව වත්මන් තානායම් කළමනාකරු විජිත ප‍්‍රනාන්දු මහතා කියයි. බටහිර ක‍්‍රමයට සැකසූ ‘‘සුප්’’ වේලට අමතරව රැජිණ මහත් ආසාවෙන් ‘‘සුදු ආප්ප’’ ආහාරයට ගෙන ඇතැයි ද ඔහු කීවේය. එසේම අඹ, අන්නාසි, ගස්ලබු, කෙසෙල් වැනි පළතුරු ද රැජිනගේ රසනහර පිනාගිය ආහාර ලෙස ද වාර්තා වන්නේයැයි ද ඔහු කීය. තානායමෙන් ආහාර ගත් මහ රැජින පිනවීමට පාස්කු නාට්‍ය, නාඩගම් හා නූර්ති ගී මෙන්ම ජර්මනියේ පාස්කු නාට්‍යය සම්ප‍්‍රදායේ එන මීගමුව දූවේ ඓතිහාසික පාස්කු නාට්‍ය ද රඟදැක් වූ බව ද කියැවේ. එලිසබෙත් මහ රැුජිනට පෙර එංගලන්ත මහරජු වූ හය වැනි ජෝර්ජ් රජු ද මෙරටට පැමිණි අවස්ථාවේ මීගමුව තානායමේ 07 වැනි කාමරයේ නවාතැන් ගෙන තිබේ. ජෝර්ජ් රජතුමාගේ ලංකා සංචාරය සිහිවීම පිණිස මීගමුව තානායම අසළ වූ මාර්ගය ‘‘කිං ජෝර්ජ් ඇවනිව්’’ ලෙස නම් කළ අතර අදට ද භාවිත වන්නේ එම නාමයයි. තානායම් භූමියේ එක් පසෙක අශ්වයන් ගාල්කර තැබීම සඳහා වෙනම ගොඩනැගිල්ලක් පිහිටා ඇති අතර ඞී.එස්. සේනානායක, ඩඞ්ලි සේනානායක ඇගමැතිවරුන් අසුන්පිට මීගමුව වෙරළ වටා ගොස් අශ්ව ගාලේ අසුන් නවතා තානායමේ විවේක ගත් බව ද කියැවේ. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ධීවර ඇමති ධූරය දරන කාලයේදී තානායමට පැමිණ විවේක ගත් බව ද කළමනාකරු විජිත ප‍්‍රනාන්දු මහතා කීය.රාජරාජ මහාමාත්‍යදීන් පවා මහත් අගය කරන ලද මීගමුව තානායමට අද අත්ව ඇති ඉරණම ඛේදනීයය අසළ පිහිටි මුහුදු තීරය කරවල වේළීම හා මාළු කැපීමේ මධ්‍යස්ථානයක්ව පැවතීම ඊට හේතුවයි. මේ නිසා සංචාරකයින් තානායමට නොපැමිණෙන අතර පැමිණි අය ද ‘‘ඉවසාගත නොහැකි දුර්ගන්ධය නිසා පිටව යමි.” යන්න අමුත්තන්ගේ පොතෙහි සටහන් කර පිටව යන බව ද කළමනාකරු විජිත ප‍්‍රනාන්දු මහතා කීය. නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙම තානායම දීර්ඝකාලීන බදු පදනමට අනුව පවත්වාගෙන යනු ලබන අතර 1997 සිට එහි පාලක ලෙස කටයුතු කරන ප‍්‍රනාන්දු මහතා කීවේ සංචාරකයින්ගේ නොපැමිණීම බරපතළ ගැටළුවක් වී ඇති බවයි. වසර සිය ගණනක් පැරණි මෙම තානායම ආරක්ෂා කර මතුපරපුරට ද දායාද කිරීම කාගේත් යුතුකම බව ද ඔහු පැවසීය.

දොම්පේ අජිත් මදුරප්පෙරුම
මීගමුව තානායමේදී බි‍්‍රතාන්‍යයේ ග්ලොස්ටර් ආදිපාදවරයා සමග අගමැති ඞී.එස්. සේනානායක මහතා 1948 පෙබරවාරි 04 දින ආහාර ගත් මොහොත 1948 දී මීගමුව තානායම වර්තමානයේ දී තානායම දිස්වන අයුරු



අදහස් (0)

මීගමුවේදී ආප්ප කා පාස්කු නාට්‍ය බැලූ මහ රැජින

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 57 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 142 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 181 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

Our Group Site