IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


බස් සේවාවේ ප්‍රමිතිය විශේෂ අවධානයට ගනිමු

බලපත්‍ර කොන්දේසි කඩ කළ බස් රථ 58ක් සඳහා නොබෝදා දඩ නියම කළ බව ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා අප පුවත්පතට ඉකුත් දා ප්‍රකාශ කළේය. අධික ගාස්තු අය කිරීම, ප්‍රමාණයට වඩා මගීන් රැගෙන යාම, මාර්ග නීති උල්ලංඝණය කරමින් බස්රථ ධාවනය ඇතුළු කරුණු රැසක් මුල්කර ගනිමින් මෙම බස්රථ සඳහා දඩ නියම කළ බව ද සභාපතිවරයා සඳහන් කළේය. ජාතික ගමනා ගමන කොමිෂන් සභාව යටතේ ලියා පදිංචි ප්‍රදේශවල බස්රථ ඉලක්ක කර ගනිමින් මෙම සෝදිසි මෙහෙයුම් කළ බවත් ඉදිරි කාලයේ දී තවදුරටත් විමර්ශන කරන බවත් සභාපතිවරයා ප්‍රකාශ කර තිබිණි.

සංඛ්‍යා ලේඛනවලට අනුව රිය අනතුරුවලින් දිනකට මිය යන සංඛ්‍යාව හත්දෙනකු  පමණ වේ. බස් අනතුරු  ඉන් ප්‍රධානය. පොලිස් දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛනවලට අනුව මෙම වසරේ ජුලි 10 වැනිදා දක්වා කාලය තුළ සිදුවී ඇති රිය අනතුරු ගණන 10,055කි. මුළු රටම කම්පාවට පත් කළ පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ කොටලීය පාලමේ ගැටී කොටලිය ඔයට බස්රථය  පෙරැළීමෙන් පුද්ගලයන් 11 දෙනකු මියයාමේ සිද්ධිය මෙන්ම ඊට පසු එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වූ රිය අනතුරු මෙම සංඛ්‍යා ලේඛනය තුළ නැත.

‘මාෆියා’ ක්‍රියාත්මක වන කේෂ්ත්‍ර අතර බස් මාෆියාව ප්‍රධානය. එ්වාට එරෙහිව කතා කරන මගීන්ට ලැබෙන්නේ යකඩ පොලු පහරවල්ය. වී මෝල් හිමියන් සහල් මිල තීරණය කරන රටක බේකරි සංගම් ප්ලේන්ටියේ සිට බනිස් ගෙඩිය දක්වා වූ ආහාර ද්‍රව්‍යවල මිල තීරණය කරන රටක බස් ගාස්තුව තීරණය කරනු ලබන්නේ බස් සංගම්වලට අමතරව බස් රියැදුරන් හා කොන්දොස්තරවරුන්ය.

 ධාවන කාල සටහනකට අනුව එක් ගමන් වාරයකට නියමිත වේලාවක් වෙන්කර තිබුණ ද ගමන් වාරයේ කාලය තීරණය කරනු ලබන්නේ බස් සේවකයන් විසිනි. මගී ජනතාවට සිදුවන්නේ මුවින් නොබැණ ඉවසීම පමණි. මගී ජනයා රුපියල් දහයේ - විස්සේ  කෑලි බවට පත්ව ඇති රටක ඒ මගී ජනයාගේ ඉරණම සම්බන්ධයෙන් විමතියක් ඇතිකර ගත යුතු ද නැත.

රටේ පොදු ප්‍රවාහන සේවය මෙබඳු ඛේදවාචකයකට ලක්වීම අතිශයින්ම වේදනාබරය. ඉන්ධන ගාස්තු ඉහළ යාම බස්රථ අමතර කොටස් මිල ඉහළ යාම ආදී කරුණු නිසා වැඩිපුර මගීන් රැගෙන යාම සිදුවේ. එහි දී මගියා මුහුණ දෙන අසීරුතාව සම්බන්ධයෙන් සැලකිලිමත් වීමක් නැත. ඊළඟ බසය කීයට ඒවිදැයි විශ්වාසයක් නොමැති හෙයින් කිටි කිටියේ තෙරපෙමින් හෝ ගමන යෑමට ජනතාවට සිදුවේ.

බස් අනතුරුවලට ප්‍රධාන හේතුවක් වන්නේ බස්රථ නිසි පරිදි නඩත්තු නොකිරීමය. ඇතැම් බස්රථ ලණුවලින් ගැට ගසාගෙන ධාවනය කරවන අවස්ථා ද වේ. බස් රථය රියැදුරුගේ හෝ කොන්දොස්තරගේ නොවන හෙයින් ඔවුහු වගකීමක් බාර නොගනිති. බස් හිමිකරු ද රාත්‍රියේදී අතට ලැබෙන මුදල පිළිබඳව දක්වන අවධානය බස් රථයේ නඩත්තුව කෙරෙහි නොදැක්වීම නිසා තත්ත්වය තව තවත් බරපතළ වේ.

බොහෝ බස් රථවලට ස්ථිර සේවකයෝ නොවෙති. ‘ස්ටෑන්ඩ්’ එකෙන් ඇහිඳ ගන්නා රියැදුරන් හා කොන්දොස්තවරුන් එම දිනයට පමණක් බස් රථය බාර ගන්නා අතර දවසේ ගතමනාව සොයා ගැනීම පමණක් ඔවුන්ගේ කාර්යභාරය බවට පත් වේ. එහෙයින්ම බස් රථයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් අවබෝධයක් ඔවුන්ට නැත. අනතුරුවලට එක් ප්‍රධාන හේතුවක් වන්නේ එයය.

බස් සේවකයන්ට අදාළව යම් යම් නියමයන් පනවා තිබෙන බව පැවසුණ ද බස් රියැදුරන්ගෙන් බොහෝ දෙනකු මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කරන බවට ද වාර්තා පළවේ. එබන්දකුගෙන් සිදුවිය හැකි අනතුරේ ප්‍රමාණය ගැන වටහා ගැනීම අසීරු නැත.

ස්වයං විනයකට යටත්ව කටයුතු නොකරන්නේ නම් දැඩි නීතිරීති පනවා හෝ මෙම අශිෂ්ට බස් මාෆියාව මෙල්ල කළ යුතුය. නොඑසේනම් මෙරට පුරවැසියන්ට සිදුවන්නේ අකාලයේ තම ජීවිත වලින් වන්දි ගෙවීමටය.

(***)

 



අදහස් (2)

බස් සේවාවේ ප්‍රමිතිය විශේෂ අවධානයට ගනිමු

majr31gmail.come Thursday, 27 July 2023 10:13 AM

මෙය ඉතාම ‍ හොඳ අදහසක්, කරුණාකර මනුෂ්‍යයින් ප්‍රවාහනය සඳහා සුදුසු ආකාරයට රටේ තිබෙන බස් රථ සූදානම් කරන්න. කන පැලෙන පපුවට මිටියකින් ගහනවා දැනෙන සිංදු නවත්තන්න. එක පෙලට සීට් තුනක් තිබෙන බස් රථවලට ඉඩ නොදෙන්න! පාට පාට ලයිට්, විච්චූරණ හෝන් බස් රථ වලින් අයින් කරන්න...

:       0       7

සල්ලි Friday, 28 July 2023 07:15 AM

කුමාර වෙල්ගමගේ ගේ මල්ලි නේද? ඉතුරු ටික සිතාගන්න පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 91 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site