(ගයාන් සූරියආරච්චි)
බුලත්විට සැපීමේදී භාවිත කරන රෝස පැහැති හුණුවල පිළිකා සංඝටක පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ පිරිසක් කියති.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුරංගි යසවර්ධන, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රදීප් ජයවීර, මහාචාර්ය මංජුලා වීරසේකර සහ ආචාර්ය සජිත් එදිරිසිංහ යන මහත්ම මහත්මීන්ගේ මඟපෙන්වීම යටතේ අවසන් වසර උපාධි අපේක්ෂක හෂාන් ප්‍රියන්ත විසින් සිදුකළ පර්යේෂණයකින් අනතුරුව රෝස පැහැති හුණුවල පිළිකා සංඝටක පවතින බව තහවුරු වී තිබේ.
රෝස පැහැති හුණුවල පිළිකාකාරකයක් වන රොඩමීන් බී (Rhodamine B) නැමැති රසායනික සංඝටකය පවතින බව එම පර්යේෂණයෙන් අනතුරුව පර්යේෂකයෝ කියති.
බුලත්විට කෑමේදී භාවිතයට ගන්නා හුණු වර්ග දිවයින පුරා විවිධ ප්‍රෙද්ශවලින් සාම්පල ලෙස පර්යේෂණයට භාජනය කර ඇති අතර, විශේෂයෙන් යාපනය ප්‍රෙද්ශයේ ජනතාව බුලත්විට සඳහා යොදා ගන්නා රෝස පැහැති හුණුවල මෙම පිළිකාකරක වැඩි ප්මාරමාණයක්ණ හදුනාගැනීමට හැකිවූ බව විද්‍යාඥයෝ කියති.
මෙම පර්යේෂණය සදහා සාම්පල් 48 ක් පරීක්ෂණයට ගත් බව පර්යේෂණ කණ්ඩායමක කියයි.
ඒ පිළිබද අදහස් දැක්වූ පර්යේෂකයෝ මෙලෙස අදහස් පළකළහ.
‘‘2019 වර්ෂයේ දී සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව මුඛ පිළිකා ආශ්‍රිත රෝගීන් හා ඒ ආශ්‍රිත මරණ වැඩි ප්‍රමාණ්‍යක් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති බව සඳහන් වුණා. ඒ සදහා බොහෝවිට රොඩමීන් බී නැමති පිළිකාකාරකය ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන්.
ඒ අනුව ඉකුත් දා අප විසින් සිදුකළ පර්යේෂණ වාර්තාව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන පරිපාලන ඒකකය වෙත භාර දුන්නා. පසුව එම ඒකකය මගින් යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රෙද්ශ කිහිපයකින් ලබා ගත් හුණු සාම්පල රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත වැඩි දුර රසායනාගාර පරීක්ෂාව සඳහා ලබාදීමට කටයුතු කළා.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් කරන ලද සාම්පල විශ්ලේෂණයෙන් ද එම හුණු සාම්පලවල පිළිකාකාරක ‘රොඩමීන් බී‘ සංඝටකය අඩංගු බව තහවුරු වුණා. පසුව අප පර්යේෂණ කණ්ඩායම මේ සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ද දැනුවත් කළා.
යාපනය ප්‍රෙද්ශය ඇතුළු සෙසු ප්‍රෙද්ශයල ජනතාව මෙම පිළිකාකාරක පිළිබදව දැනුම්වත් කිරීම වැදගත් වෙනවා. එමෙන්ම පිළිකාරක හුණු වෙළදපොළ භාවිතයෙන් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කිරීමත් වැදගත් වෙනවා. යැයි පර්යේෂකයෝ කීහ.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
බුලත්විටත් එක්ක කන රෝස හුණුවල පිළිකාකාරක
ගවේෂක Monday, 03 April 2023 08:52 PM
දකුණේ බොහෝවිට රෝසපාට හුණුවිට කෑමට ගන්නවා. සමහර අය දිය නොගැසූ අලුහුණු වලට කහ මිශ්‍ර කරලා රෝසපාට හුණු හදාගෙන විට කනවා... පිළිකා කාරක තියෙනවා කියලා ස්ථිරවම හිතන්න පුළුවන්... ඒත් සැමටම විෂ නොවෙන නිසාද නොදනිමි. පිළිකා කාරක තියෙනවා කියන තරමටම රෝගීන් සිටිනවා කියලා එම ප්‍රදේශවල සිටි කෙනෙක් ලෙසට මම නම් දැකලාම නැහැ. ඒ අතර පරීක්ෂණ කළා කියන යාපනයේ තියෙන දුම්කොළවලට පැණි මිශ්‍ර කරන තත්වයක් මත (සීනි) පැණි සමග හුණු මිශ්‍රවීමෙන් බදාමයක් වගේ හැදෙනවා. ඒවා පිළිකාවක් ලෙසට වර්ධනය වෙන්න පුළුවන් කියලා කියන්න වෙනවා... ඒ ගැනත් බලන්න.
Niroshan Wednesday, 12 April 2023 10:43 AM
හොඳම දේ තමයි බුලත් විට නොකා සිටීම...
Niroshan Wednesday, 12 April 2023 10:44 AM
හොඳම දේ තමයි බුලත්විට නොකා සිටීම...