ඩෙංගු උවදුර ලෝකයේ බොහෝ රටවලට තර්ජනයක් වී ඇති බව නොරහසකි. ඒ ඒ රටවල් ඩෙංගු මර්දනය සඳහා නොයෙක් ක‍්‍රමෝපායන් අනුගමනය කරයි. සිංගප්පූරුව සහ කියුබාව මේ වනවිට මදුරු වසංගතය මුළුමනින්ම තුරන් කොට ඇති රටවල්ය. එම තත්ත්වයට පැමිණීමට තැත් දරන රටවල් අතර බ‍්‍රසීලයද වෙයි. මේ වනවිට බරපතල තර්ජනයක් වී ඇති ඩෙංගු මදුරුවන් මඩින්නට ඔවුන් තෝරාගෙන ඇති ක‍්‍රම වේදය වන්නේ ඩෙංගු උණ බෝ කරන ඊඩිස් මදුරු ගහනය අඩු කිරීමට ජාන තාක්ෂණය යොදා ගැනීමයි. එහිදී කෙරෙන්නේ ජාන තාක්ෂණය මගින් ජානමය වෙනස්කම් කළ පිරිමි සතුන් පරිසරයට මුදා හැරීමයි. ඔවුන් වන්ධ්‍යාකරණයට ලක්ව සිටීම නිසා ඊළඟ මදුරු පරම්පරාව අඩුවෙමින් යයි. ඩෙංගු රෝගයෙන් බරපතළ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාවට මේ ක‍්‍රමය අනුගමනය කළ නොහැකිද? ඉරිදා ලංකාදීපය මේ ප‍්‍රශ්නය ඇසුවේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පර්යේෂණ නිලධාරින් ගෙනි. මේ ඔවුන් කී කතාවයි. නම සඳහන් කරනවාට කැමැති වූයේ නැත. ශ්‍රී ලංකාවට මේ ක‍්‍රමය ගැලපෙන්නට ඉඩ තිබෙනවා. නමුත් ඒ ගැන නිශ්චිතව කිව හැක්කේ පුළුල් පර්යේෂණයකින් පසුවයි. මදුරු කීටයන් විශාල ගහණයක් අල්ලා රසායනාගාරයක් තුළදී ඔවුන්ගේ පිරිමි සතුන් ජාන තාක්ෂණය ඔස්සේ වන්ධ්‍යාකරණය කිරීම හෝ විවෘත පරිසරයේදී යොදා ගන්නේ යම් රසායනික කි‍්‍රයාවලියකින් එම තත්ත්වය උදාකර ගත හැකියි. එමෙන්ම ශබ්ද තරංග මඟින් ද එසේ සතුන් වන්ධ්‍යාකරණය කිරීමේ ක‍්‍රම පවතිනවා. එහෙත් මෙකී ක‍්‍රම යොදා ගැනීමට පෙර එයින් සිදුවිය හැකි වෙනත් හානි මොනවාද යන්න සොයා බැලිය යුතුයි. විශේෂයෙන් විවෘත පරිසරයේදී මෙම කටයුත්ත කිරීමේදී වෙනත් ජීව විශේෂයන්ට එය බලපානු ඇත්ද යන්න ගැන පුළුල් අධ්‍යයනයක් කරන්න වෙනවා. විද්‍යාගාරයකදී කරන්නේ නම් මදුරු කීටයන් විශාල ප‍්‍රමාණයක් අල්ලා විද්‍යාගාරයට ගෙන ආ යුතුයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට මේ ක‍්‍රමය යොදා ගත හැකිද යන්න ගැන පුළුල් අධ්‍යයනයක් කිරීමෙන් පසුව එය ආරම්භ කළ යුතුයි. මන්ද මදුරු ගහන පාලනය බිය නැත්තට නැති කිරීම අපහසුයි. එමෙන්ම ඒ කටයුත්තේදී පාරිසරික සමතුළිතතාවට හානි නොවන ලෙස එය කළ යුතු බැවින් ඉතා පරෙස්සමින් කටයුතු කළ යුතුව පවතිනවා. යැයිද පර්යේෂණ නිලධාරිනිය කීවාය.
2025 නොවැම්බර් මස 17
59
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
896
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2522
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බ‍්‍රසීල ඩෙංගු මර්දන ක‍්‍රමය ලංකාවටත් ගැළපෙයිද?
කේ.කේ Sunday, 15 July 2012 10:48 PM
මදුරුවෝ නැති කලාම දොස්තරලට සල්ලි හම්බ වෙන්නේ නැ
සමන් Monday, 16 July 2012 02:34 PM
ඇයි මදුරු කොයිල් මුදලාලිලා?
ටිටි Monday, 16 July 2012 03:39 PM
තව කී දෙනෙක් මැරෙනකල්ද බලන් ඉන්නේ? දැන්වත් කුමක් හෝ කළ යුතුයි නේද?
බුවා Sunday, 15 July 2012 05:42 PM
හරි ශෝක්...