IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බන්ධනාගාර රැඳවියන්ගේ සෞඛ්‍යය ගැන සිතන්න ඕනෑ

ගාල්ල රිමාන්ඩ් බන්ධනාගාරය යළිත් පුවත් මවන ස්ථානයක් බවට පත්වී තිබේ. මෙයට පෙර පාතාල අපරාධකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධ ප්‍රවෘත්ති ගාල්ල රිමාන්ඩ් බන්ධනාගාරයෙන් බහුලව වාර්තා විය. එහෙත් මෙවර ප්‍රවෘත්තිය බන්ධනාගාර රැඳවියන් සම්බන්ධවය. ඔවුන් මුහුණ දී සිටින අලුත් තත්ත්වයක් සම්බන්ධයෙනි.

පළමු ප්‍රවෘත්තියෙන් කියැවුණේ ගාල්ල බන්ධනාගාරයේ කුෂ්ට රෝගයක් සමඟ උණ පැතිරීමේ අවදානමක් ඇති බවත් මෙය මෙනින්ගොකොකල් නමැති මාරාන්තික බැක්ටීරියාවක් හේතුවෙන් ඇතිවන්නක් බවත් කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ නිරීක්ෂණය වී ඇති බවය.

එමෙන්ම එවැනි රෝගීන් කිහිප දෙනකු වාර්තාවී ඇති අතර කරාපිටිය රෝහලට ඇතුළු කෙරුණු මෙම රෝග ලක්ෂණ සහිත රැඳවියන් දෙදෙනකු මියගොස් ඇති බවය.

බූස්ස බන්ධනාගාරයට සම්බන්ධ දෙවැනි ප්‍රවෘත්තියෙන් කියැවුණේ බන්ධනාගාරයේ ඇතිවූ හදිසි රෝගී තත්ත්වය හේතුවෙන් එහි රඳවා සිටින රැඳවියන් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම සහ අලුතෙන් රැඳවියන් ඇතුළු කිරීම සති දෙකකට අත්හිට වූ බව මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළ බවය. එමෙන්ම රැඳවියන් හත් දෙනකු කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් රෝග ලක්ෂණ පෙන්නුම් කරන රැඳවියන් හත් දෙනකු බන්ධනාගාරයේ වෙන්කර තබා ප්‍රතිකාර දෙමින් සිටින බවත්ය.

බූස්ස බන්ධනාගාරයේ මතුවී තිබෙන්නේ අතිශය භයානක තත්ත්වයකි. කුෂ්ට රෝගයත් සමග උණ පැතිරීමේ හේතුව මාරාන්තික බැක්ටීරියාවක් හේතුවෙන් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ප්‍රකාශ කිරීමෙන් තත්ත්වයෙහි බරපතළකම පහසුවෙන්ම වටහාගත හැකිය.

‘සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය’ යන උස් මානසිකත්වයෙන් රැඳවියන් දෙස බලන සමාජයක බූස්ස බන්ධනාගාරයේ ඇතිවී තිබෙන තත්ත්වය නොසලකා සිටිය නොහැක. සෑම ප්‍රශ්නයකටම විසඳුමක් ඇතැයි යන්න ගැඹුරින් විශ්වාස කරන සමාජයක මෙම මාරාන්තික ප්‍රශ්නයට ද විසඳුමක් සොයා ගැනීමට සමත් විය යුතුය යන්න අපගේ අදහස වේ.

බන්ධනාගාරවල ඇති තදබදය කාලාන්තරයක් මුළුල්ලේ කතාබහට ලක් කෙරෙන මාතෘකාවකි. එහෙත් මෙම ප්‍රශ්නයට කල්පවත්නා විසඳුමක් සොයා ගැනීමට තවමත් නොහැකිවී තිබේ. එක්කෝ රැඳවියන් බිහිවීම නතර කළ යුතුය. එය හුදෙක් ප්‍රායෝගික නොවන ප්‍රාර්ථනාවක් පමණි. එසේ නම් ඇති එකම විකල්පය වනුයේ බන්ධනාගාරවල පහසුකම් පුළුල් කිරීමය. එයට විශේෂ අවධානයක් යොමු කළ යුතුමය.

අතිවිශාල පිරිසක් රඳවා සිටින ස්ථානයක සෞඛ්‍යාරක්ෂිත වටපිටාවක් නිර්මාණය කිරීම අතිශයින්ම දුෂ්කරය. එහෙත් දුෂ්කර යැයි කියා එය මගහැර යා නොහැකිය. බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව 1023කි. එහෙත් ඒ තරම් පිරිසකට අවශ්‍ය පහසුකම් එහි නොමැති බව වාර්තාවේ.

අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ මුළු රටේම බන්ධනාගාරවල රැඳවියන් 28300කට අධික පිරිසක් සිටින බවත් සෑම බන්ධනාගාරයකම රැඳවියන් වැඩිවීමෙන් තදබද තත්ත්වයක් මතුවී තිබෙන බවය. 

ප්‍රශ්නයක් මතු වූ විට ක්‍රියාත්මක වීම එකකි. මතුවිය හැකි ප්‍රශ්න මොනවාදැයි උපකල්පනය කර ඒවාට සූදානම්වීම තවත් එකකි. මතුවිය හැකි ප්‍රශ්නය උපකල්පනය කර විසඳුම් සූදානම් කරගෙන සිටී නම් එය ඉතා පහසුවක් වනු ඇත. විශේෂයෙන්ම දහස් ගණනින් රැඳවියන් සිටින බන්ධනාගාරවලට එය ඉතාම අත්‍යවශ්‍ය වූවකි.

(***)



අදහස් (0)

බන්ධනාගාර රැඳවියන්ගේ සෞඛ්‍යය ගැන සිතන්න ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site