IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


බොදුබල සේනාවක් හදලා ජාතින් අතර ප‍්‍රශ්න හැදුවෙ මේ අය

 

අමීර් අලි මහතාට මන්ති‍්‍ර පදවිය ලබා දුන්නේ සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයට දුන් පොරොන්දුවක් ඉටු කිරීමටයි. ඒක පොරොන්දුවක් ඉටු කිරීමක් පමණයි. ඒ පොරොන්දුව ඉටුකළා කියල තව දුරටත් මහින්දට සහාය දක්වමින් සිටිය යුතු නැහැ. අපිට සිදුවූ අසාධාරණකම් හමුවේ දේශපාලන තීරණයක් ගැනීමට තම පක්ෂයට අයිතිය හා හැකියාව තිබෙන බව සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක හිටපු ඇමැති රිෂාඞ් බදියුදින් මහතා ”ඉරිදා ලංකාදීපය” සමග පැවැති සාකච්ඡුාවකදී ප‍්‍රකාශ කළේය.

 

 

27-Page-20-M-head

asf


ඔහු සමග පැවැති සාකච්ඡාව මෙසේය.


button ප‍්‍රශ්නය- 2005 ඉඳලම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහාය දැක්වූ ඔබ ඒ තීරණය වෙනස් කළේ ඇයි?
පිළිතුර-
ගියවර ජනාධිපති දිනුවෙ ලක්ෂයකට ආසන්න ඡුන්ද ප‍්‍රමාණයකින්. මෙදා මෛතී‍්‍ර දිනවන්න අපි තීරණය කළා. 2005 සිට 2010 දක්වා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ එකතුවී මේ රටේ සාමය ඇති කිරීමට ජනතාව නැවත පදිංචි කරවීමට රට වෙනුවෙන් අපි උපරිම සහාය දුන්නා. 2010 දී ඔහුට තුනෙන් දෙකක බලයක් ලැබුණා. සියලූ දෙනා එකතුවෙලා ඒ බලය ලබා දුන්නා. පවුලේ හතර පස් දෙනෙක් නොවෙයි, පාර්ලිමේන්තුවෙ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර පත්වීමටත්, වරප‍්‍රසාදවලටත් මේ සන්ධානයෙ සියලූ පක්ෂවලට අයිතියක් තියෙනවා. විමල් වීරවංශගෙ පක්ෂයට මන්තී‍්‍රවරු දෙන්නයි. ජාතික ලැයිස්තු මන්තී‍්‍රවරයෙකුත් පත් කළා. හෙළ උරුමයට මන්තී‍්‍රවරු දෙන්නෙක් පත්වුණා. ජාතික ලැයිස්තු මන්තී‍්‍රධුරයකුත් දුන්නා. දිනේෂ් ගුණවර්ධන පමණක් ඡුන්දයෙන් ආවා. එයාටත් ජාතික ලැයිස්තු මන්ති‍්‍ර පදවියක් දුන්නා. ඩිව් ගුණසේකර, රජිව් විජේසිංහට තිස්ස විතාරණ පක්ෂවලට ජාතික ලැයිස්තු මන්ති‍්‍ර පදවිය බැගින් දුන්නා. අපි මන්ති‍්‍රවරු 3ක් පත්වුණා. අපි එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවෙ. ඡුන්දයට පෙර දුන් පොරොන්දුවට ඡුන්දයට පස්සෙ කිව්වෙ.

ටිකක් ඉවසන්න මේ වෙලාවෙ දෙන්න බැහැ කියලයි. මේ රජයට තුනෙන් දෙකේ බලය ගන්න ටිකක් උදව් කරන්න කියල ඉල්ලූවා. අනෙක් පක්ෂ උදව් කළේ නැහැ. නමුත් අපි මේ රජය හදන්න ඉවසාගෙන හිටියා. මේ රජය පොරොන්දු ඉටු කරන රජයක් නොවෙයි. විශ්වාසය කඩ කරනවා.


button ප‍්‍රශ්නය - 2012 නැගෙනහිර පළාත් සභා ඡුන්දයෙන් පසුවත් ඔබේ පක්ෂයෙ පොරොන්දු ඉටු කළේ නැද්ද?
පිළිතුර -
හකීම්ට තනිවම තරග කරන්න  ඕනෑ කිව්වා. ඔහු ඒ වනවිට ඇමැතිවරයෙක්. 2007 දි අපට මන්තී‍්‍රවරු තුන් දෙනෙක් හිටියා. අපිටත් තනිව ඉල්ලන්න පුළුවන්කම තිබුණා. ඒත් මේ රජය රැුක ගැනීමටත් එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනවීමටත් අපි රජය එක්කම තරග කළා. 2007 දී සෞඛ්‍ය ඇමැති තනතුර අපේ පක්ෂයට දුන්නා. බෝනස් පත්වීම් තිබුණා. අතාවුල්ලාට මන්තී‍්‍ර පදවි 3 ක් තිබුණ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 4ක් තේරුණා. අපිටත් මන්තී‍්‍රවරු 3ක් හිටියා. බෝනස් ආසන සියල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගත්තා. මහ ඇමැතිධුරය සභාපතිධුරය හා ඇමැතිකමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දුන්නා. අපිට තුන් දෙනෙක්ම ආවත් අපිට ඇමැති කමක්වත් දුන්නෙ නැහැ. සෞඛ්‍ය අමාත්‍යංශයත් ගත්තා. අපිට ඉවසන්න කිව්වා.

 


ප‍්‍රශ්නය- ඒ කොපමණ කාලයකටද?
පිළිතුර-
කාලයක් නැහැ. බැසිල්, සුසිල්, ඩලස්, නිමල් සිරිපාල, මෛතී‍්‍රපාල, අනුරයාපා ඇමැතිවරු අපි එක්ක ඡුන්දයට පෙර හා පසු සාකච්ඡුා කළා. ඒ සාකච්ඡුාවලදි අපේ තිබුණ ඇමැතිකම ඉල්ලූවා. ඒ වෙනුවට අමීර් අලි පාර්ලිමේන්තුවට පත් කරල නියෝජ්‍ය ඇමැතිකමකුත් දෙනවා කිව්වා. මම ඇහුවා කොයි තරම් කාලයකින්ද කියල. පැය කීපයක් ඇතුළත කියල කිව්වා. නමුත් ඉටු වුණේ නැහැ. මේ ගැන ජනාධිපතිට කිව්වා. එයා කිව්වෙ මම පොරොන්දු වුණේ නැහැ කියලයි. ඒ අය පොරොන්දු උනාට මමයි නායකයා කියලයි කිව්වෙ. ජනාධිපතිට අවශ්‍ය නම් කරන්න පුළුවන් කියල මම දන්නවා.

 


button ප‍්‍රශ්නය- ඔබ කොහොමද එහෙම කියන්නෙ. ජනාධිපති පක්ෂ ගණනාවක් එක්ක කටයුතු කරන්නෙ.
පිළිතුර-
මම හොඳ උදාහරණයක් කියන්නම් ජනාධිපතිට අවශ්‍ය නම්  ඕනෑම දෙයක් කරන්න පුළුවන්. බැසිල් ඇමැතිවරයගෙ අවශ්‍යතාවට මාලිනී ෆොන්සේකා මහත්මිය ඉල්ලා අස්වීම බාර දුන්නා. ඒක මැතිවරණ කොමසාරිස්ටත් ගියා. අමිර් අලිගෙ නම ඒ වෙනුවට දාන්න ගියා.?ට අරලියගහ මන්දිරයෙත් දවල්ට ආණ්ඩුව විවේචනය කරන මාධ්‍යවේදී මන්තී‍්‍රවරයෙක් මේ සිද්ධිය පොඩි රාජපක්ෂට කිව්වා. පොඩි රාජපක්ෂ වහාම තාත්තේ මේක නතර කරන්න කියල නතර කෙරෙව්වා. මේක බැසිල්, අනුර පි‍්‍රයදර්ශන යාපා, නිමල් සිරිපාල, ඩලස්, මෛතී‍්‍රපාල ඇමැතින් පක්ෂය වෙනුවෙන් ජනාධිපති වෙනුවෙන් දීපු පොරොන්දුව. ඒක ඉටු කරන්න යනකොට තරුණ රාජපක්ෂ බෑ කියපු නිසා ඒක අවලංගු කළා. මේක ඇත්ත සිද්ධියක්. බොරු නොවෙයි. බැසිල් ගැන ලොකු විශ්වාසයක් තිබුණා. 2005දිත් 2010 දිත් අපි කැපවෙලා මේ රජය දිනවීමට උදව් කළා. මාවිල්ආරු සිද්ධියෙදි තොප්පිගල දක්වා යුද්ධයෙන් පසු අතරමං වූ ජනතාවට සහන දෙන්න කි‍්‍රයා කළා. අවතැන් ජනතාව නැවත පදිංචි කරවීමට බෝම්බ ඉවත් කිරීම්වලට අපේ පක්ෂය කැප වුණා. නමුත් අපිට දුන් පොරොන්දු ඉටු කළේ නැහැ.

 

button ප‍්‍රශ්නය- අස්වර් මහත්තය ඉවත් වුණේ අමිර් අලිට අවස්ථාව දෙන්න නේද?
පිළිතුර-
ඔව්. ඒත් අපි සති දෙකක් මේක ගන්නවද? නැද්ද? කියල බල බලා හිටියා. අමිර් අලි මහතාගේ ගමේ අය කිව්වෙ බැසිල් මුස්ලිම් පල්ලියකදි කළ කතාවක්. ඒක පරිවර්තනය කළේ හිස්බුල්ලා. අපි ගාව වීඩියෝ දර්ශන තියෙනවා. අමිර් අලිට දුන් පොරොන්දුව ඉටු කරනවා. ඔහු නියෝජ්‍ය ඇමැතිවරයෙක් කර මේ ගමට එවනවා කියලා ඔට්ටමාවඩු මුස්ලිම් පල්ලියෙදි කළ කතාව ජනතාව මතක්කර දුන්නා. මේ මන්ති‍්‍ර පදවිය අපිට දෙන්න  ඕනෑ එකක් බව ඔවුන් කිව්වා. අපිට ලබාදී තිබූ පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයත් නැති නිසා මේ මන්තී‍්‍රකම බාර ගන්න කියල ජනතාව කිව්වා. ඒ විතරක් නොවෙයි. පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයත් තීරණය කළා. ඒ අනුව අපි මන්ති‍්‍ර පදවිය බාර ගත්තා.

 


button ප‍්‍රශ්නය- මන්තී‍්‍ර පදවිය බාර ගත්තට පස්සෙත් මොකද මේ.
පිළිතුර-
මේක දෙන්න  ඕනෑ එකක්. සියලූම අනෙක් සුළු පක්ෂවලට සියලූ දේවල් දුන්නා. දැන් ඉන්න ඇමැතිවරු වැඩි දෙනා මේ රජයට සහාය දක්වපු අය නොවෙයි. මුළුමනින්ම ඔවුන් රජයට විරුද්ධව වැඩ කරපු අය. රජයට විරුද්ධව කතා කරපු අය. අපි එහෙම නොවෙයි. මන්ති‍්‍රවරු 113ක් නැති කාලෙ මේ රජය ශක්තිමත් කරන්න මහින්ද ශක්තිමත් කරන්න කැප වුණේ අපි. මහන්සි වුණේ අපි. එල්.ටී.ටී.ඊ. තර්ජන තියෙන කාලෙ, අපේ ජීවිත ගැන නොසලකා, නැගෙනහිරට ගිහිල්ල ඔහු දිනවන්න කටයුතු කළ පක්ෂයක්. ඉතින් අපිට මේ මන්තී‍්‍රකම ගන්න අයිතියක් නැද්ද? කුහක ලෙසින් හිතන්න එපා. අපේ පැත්තෙනුත් සාධාරණව හිතන්න. මේක අපිට දීපු පොරොන්දුවක් ඉටු කිරීමක් විතරයි. අවුරුදු 4ක් ඒක ඉටු කළේ නැහැ. දැන් ඉටු කළා. ඒ පොරොන්දුව ඉටු කළා කියල කියන්නෙ රජයේ යුතුකම ඉටු කළා. එපමණයි. අපි තව දුරටත් ඒක නිසාම රජයට සහාය දැක්විය යුතුයි කියල එකක් නැහැ. එහෙම නම් එක්සත් ජාතික පක්ෂයේ ලේකම්වරයා රජයට ගියේ?

 


button ප‍්‍රශ්නය - මෛතී‍්‍රට සහාය දක්වන්නෙ ඇයි?
පිළිතුර -
2005 සිට 2010 දක්වා මේ රටේ හොඳ පාලනයක් තිබුණා. රටේ සාමය සහජීවනය තිබුණා. සමගියෙන් ජීවත් වුණා. සරත් ෆොන්සේකා පරාජය කළේ මහින්ද හොඳට රට පාලනය කළ නිසා. නමුත් මොකද වුණේ මේ වසර 4 තුළ ප‍්‍රශ්න. බොදු බලසේනා රටට  ඕනෑද? හෙළ උරුමය වට්ටන්න  ඕනෑ නම් බොදු බල සේනා හැදුවා. කවුද මේක හැදුවෙ. බොදුබල සේනා කාර්යාලය විවෘත කරන්න ගියේ කවුද? දැන් කටවහගෙන ඉන්නවා. කොහේද ස්විච් එක තියෙන්නෙ. මේ හැම දෙයක්ම කෙරෙව්වෙ මේ රජය ග‍්‍රෑන්ඞ්පාස් පල්ලිය තවම වහලා. මහියංගන පල්ලිය තවම වහලා. දඹුල්ල අවුරුදු 60 ක් පරණ පල්ලිය කඩන්න සූදානම් වුනාම හොඳ වෙලාවට පොලිසිය හිටියා. දෙහිවල පල්ලියට ගල් ගැහුවා. නෝලිමිට් එක ගිනි තිබ්බා. කෝටි 40 ක් පාඩුයි. තවම සැකකරුවො අල්ලලා නැහැ. ප‍්‍රභාකරන් අල්ල ගන්න පුළුවන් වුණා. මේ විනාශයක් කරපු අය අල්ල ගන්න බැරි වුණා. මාස 6 ක් ගියා. තවම සැකකරුවො ඇල්ලූවෙ නැහැ. අලූත්ගම සිද්ධියට අදාළ අයට දඬුවම් දෙන්න කියල ජනාධිපතිගෙන් ඉල්ලූවා. එහෙම කළොත් මගේ ඡුන්ද නැතිවේවි කිව්වා. දැන් කියන්න අපි වැරැුදිද? එකක් දෙකක් ඉවසිය හැකියි. අඩුගානේ එක පියවරක් ගත්තද? අනික අපි රජයේ පාර්ශ්වකරුවන්. තව හිටියත් ඔච්චරයි. අඩුගානේ රටේ නීතියවත් අපිට කි‍්‍රයාත්මක වේවි කියල විශ්වාසයක් නැහැ. බොදු බල සේනාවක් හදලා ජාතීන් අතර ප‍්‍රශ්න ඇති කරවීමට උත්සාහ කළා. රට විනාශ කළා.

 

m



අදහස් (0)

බොදුබල සේනාවක් හදලා ජාතින් අතර ප‍්‍රශ්න හැදුවෙ මේ අය

නිසාර් Monday, 29 December 2014 04:28 PM

කළ වැඩේ සාධාරණිකරනය කරනවට වඩා, අර මන්ත්‍රීකමින් ඉල්ලා අස්වෙන්න. අපි බොහොම ඉහළින් ගරු කරන්නම්. (නි)

:       0       0

නිසාර් Monday, 29 December 2014 04:49 PM

ඇසළ, තොප්පි විතරක් නෙවෙයි, තොප්පි ඇති, නැති, කොන්ඩෙත් නැති අය දැන් කැරකිලා ඉන්නේ (නදී)

:       0       0

ධම්ම Tuesday, 30 December 2014 07:42 AM

මෙයාගෙ තොප්පිය බම්බුව වාගේ.. හැරෙන හැරෙන පැත්තට එක වාගේ.

:       0       0

ජනක Thursday, 01 January 2015 08:32 PM

මේවාට කවුද දැන් වගකියන්න ඕනෑ? (නි)

:       0       0

ඇසළ Monday, 29 December 2014 03:22 PM

ඕවට තමයි කියන්නේ තොප්පිය ඕනේ පැත්තකට කැර කුනත් එක වගේ කියලා. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
2025 මැයි මස 13 104 0

හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමි‍යෝ වචනයේ පරිසමාප


​අසාද් මවුලානා ඉන්දියාව හරහා පලාගියේ ඇයි?
2025 මැයි මස 13 128 0

මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ


ඡන්ද ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව
2025 මැයි මස 13 55 0

වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි


ජීවිතය බබළවන බුදු සිරිතේ ආදර්ශ
2025 මැයි මස 13 25 0

සිද්ධාර්ථ ගෞතම චරිතය ලොවට දායාද වන්නේ ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේදීය. එම අසිරිමත් උපත තත්කාලීන විවිධ ආගමික මතවාද ප්‍රකාශ කළ ෂඩ් ශාස්තෘවරුන්ට කිසි


බුදු දහමේ නියම රසය සොයා යමු
2025 මැයි මස 13 35 0

අප ජීවත් වන්නේ නව තාක්ෂණික ලෝකයකය. ඒහි පස්සිකෝ සන්දිට්ඨිකෝ හෙවත් එන්න බලන්න ගුණය අත්විඳින්න යන ගුණාංග ඇති ආගමකට පැවැත්මක් තිබේ. කෙසේ වුවත් ලෝකය කෙතරම්


ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 477 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1293 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1540 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site