IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


බණ්ඩාරනායක සමරුහල චීනයෙන් තෑගි ලැබුණේ මෙහෙමයි

SLD_20150308_B001

07-Page-06-S2-1  

 

බී.එම්.අයි.සී.එච්. නැතිනම් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව ප‍්‍රකටව ඇත්තේ දකුණු ආසියාවේ විශාලතම සම්මන්ත‍්‍රණ ශාලාව ලෙසිනි.  ජාත්‍යන්තර හා දේශීය සම්මන්ත‍්‍රණ, සම්මාන උළෙලවල් හා වෙනත් උත්සව පැවැත්වීම  ස`දහා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවට විශාල ඉල්ලූමක් තිබේ. මෙම සම්මන්ත‍්‍රණ ශාලාව පිළිබ`ද පසුගිය දා අලූත් කතාබහක් ඇති වූයේ 2008 වසරේ එවක වෛද්‍ය ශිෂ්‍යාවක වූ සමිතා සමන්මලී මෙනෙවියට සම්මන්ත‍්‍රණ ශාලා භූමියේ දී සිදුවූ අනතුරක් වෙනුවෙන් රුපියල් මිලියන 187 වන්දියක් ගෙවීමට  සම්මන්ත‍්‍රණ ශාලා පාලනාධිකාරියට අධිකරණය මගින් නියම කිරීමත් සමගිනි.

 


බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවට දසක හතරක පමණ ඉතිහාසයක් ඇත. එය 1956 සිට 1959 දක්වා මෙරට අගමැතිවරයා වූ එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා සිහිපත් කිරීම ස`දහා මහජන චීන සමූහාණ්ඩුව ලබා දුන් තිළිණයකි. එයට මුල පිරුණේ එවක අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ චීන සංචාරය අතරතුරය. එවක චීන අගමැතිවරයා වූ චෞ එන් ලායි මහතා, සිය වසරකට අධික කාලයක් මුළුල්ලේ පවතින චීන ශ්‍රී ලංකා මිත‍්‍රත්වය හා බණ්ඩාරනායක අගමැතිවරයා අනුස්මරණය කිරීම ස`දහා චීනය විසින් කළ යුත්තේ කුමක් දැයි ඇයගෙන් විමසා සිටියේය. එහිදී ඇති වූ එකඟතාව මත සම්මන්ත‍්‍රණ ශාලාවක් ඉදිකිරීමේ අදහස 1960 වසරේ අගෝස්තු මාසයේ කි‍්‍රයාත්මක විය. ඒ ස`දහා කැබිනට් අනුකමිටුවක් ද පත් කෙරිණි.


07-Page-06-S2-2බෞද්ධාලෝක මාවත, මැකාති පාර හා ලොන්ඩන් පෙදෙස වටා වූ අක්කර 37ක භූමි භාගය පුරා පැවැති එවක කටුකැලේ නමින් හැ`දින්වුණු හැව්ලොක් ගොල්ෆ් පිටිය මෙම සම්මන්ත‍්‍රණ ශාලාව ඉදිකිරීම ස`දහා යොදා ගැනිණි.


1963 දී ප‍්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් දූත කණ්ඩායම් 40කට සහභාගී විය හැකි සම්මන්ත‍්‍රණ ශාලාවක් ඉදි කිරීමට සැලසුම් කරන ලදී. 1964 දී එය දූත කණ්ඩායම් 90කට සහභාගී විය හැකි පරිදි විශාල කිරීමට තීරණය කෙරිණි.මේ ස`දහා චීන රජයේ ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව හිමි වූ අතර රුපියල් මිලියන 50ක ආධාරයක් ලබාදීමට චීන රජය එකඟ විය. ගෘහ නිර්මාණ අවශ්‍යතා පිළිබ`ද වාර්තාවක් සකස් කරනු පිණිස ශ්‍රී ලංකා රජය 1966 දී ඇමෙරිකානු ගෘහ නිර්මාණ ශිල්පියකු වූ අබෙල් බොරෙන්සන් පත් කළ අතර  ශ්‍රී ලාංකික හා චීන ගෘහ නිර්මාණ ශිල්පීන් හා ඉංජිනේරුවන් සමඟ එක්ව ඔහු ගොඩනැගිල්ලේ සැලසුම් පිළිබ`ද සම්පූර්ණ වාර්තාවක් සකස් කෙළේය.

 

ඇන්ඩර්සන් ගොල්ෆ් පිටිය පිරිසුදු කිරීමේ කටයුතු නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය පීටර් කේනමන් මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කළ ශ‍්‍රමදානයක් මඟින් සිදු කෙරුනේ ඒ ස`දහා වැය වන කම්කරු පිරිවැය අවම කරගැනීම ස`දහාය. 1970 නොවැම්බර් මස 24 වැනි දින සවස 4.00ට එවක අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ප‍්‍රථම පස් පිඩැල්ල කපමින් ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළාය. චීන හා ලාංකීය කම්කරුවන් විශාල පිරිසකගේ දායකත්වයෙන් 1970 සිට 1973 අතර කාලය මුළුල්ලේ එහි ඉදි කිරීම් සිදු විය. සියලූ ගොඩනැගිලි ද්‍රව්‍ය ගෙන එනු ලැබුවේ  චීනයෙනි. සම්මන්ත‍්‍රණ ශාලාව එහි වැඩ අවසන් කළ යුතු දිනට මාස තුනකට පෙර ඉදිකිරීම් කටයුතු නිමවූ අතර අපේක්ෂිත මුදලට වඩා මිලියන 5ක් අඩුවෙන් එය නිම කිරීමට ඔවුනට හැකි විය.


බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව 1973 මැයි මස උත්සවාකාරයෙන් විවෘත කෙරිණි. නව සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති ප‍්‍රථම සමුළුව වූයේ රබර් පර්යේෂණ ආයතනය මගින් සංවිධානය කළ ජාත්‍යන්තර රබර් සම්මන්ත‍්‍රණයයි. එය 1973 ජුනි මස 22 වැනි දින පැවැත්විණි. 1976 දී පැවැති පස්වැනි නොබැ`දි ජාතීන්ගේ සමුළුව පැවැත්වූයේ ද එහිය. ඒ ස`දහා රටවල් 90ක නායකයෝ සහභාගී වූහ.


සම්මන්ත‍්‍රණ ශාලා සංකීර්ණය ගොඩනැගිලි 9කින් සමන්විත වන අතර එහි සම්මන්ත‍්‍රණ, ප‍්‍රදර්ශන, නාට්‍ය, සංගීත ප‍්‍රසංග, සම්මාන උළෙල, විලාසිතා ප‍්‍රදර්ශන සහ වෙළෙ`ද ප‍්‍රදර්ශන ද පැවැත්වෙයි. ප‍්‍රධාන සම්මන්ත‍්‍රණ ශාලාවේ පුද්ගලයන් 1600 දෙනකුට පහසුකම් සැලසෙයි. මේ හැර බැන්ක්වට් ශාලාවක් හා කමිටු ශාලා ද, ජාත්‍යන්තර අධ්‍යයන පිළිබ`ද මධ්‍යස්ථානය, බණ්ඩාරනායක කෞතුකාගාරය හා පුස්තකාලයකින් ද සමන්විත එම පරිශ‍්‍රයට 1998 දී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය සිහිපත් කිරීම ස`දහා ප‍්‍රදර්ශන ශාලාවක් ද එක් කිරීමට චීන රජය කටයුතු කළේය.


බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව චීන රජය මගින් ශ්‍රී ලංකා රජයට ලබා දුන් පරිත්‍යාගයකි. එය රජය සතු ආයතනයක් වන අතර පාලනය වන්නේ එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක අනුස්මරණ පදනම මගිනි. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා නිල බලයෙන් පාලක මණ්ඩල සභාපතිවරයා ලෙස  පත්වෙයි.

m



අදහස් (0)

බණ්ඩාරනායක සමරුහල චීනයෙන් තෑගි ලැබුණේ මෙහෙමයි

වසන්ත Tuesday, 24 March 2015 10:24 PM

සමාජයට රටට සේවයක් කළ අයගේ නම් කොහෙවත් නොලිවුවාට ජන හදවත් තුළ ලියවී තිබෙනු ඇත. (නි)

:       0       0

ගයාන් Tuesday, 10 March 2015 12:26 PM

දැන් බලන්න බී.එම්.අයි.සී.එච්. එක ලැබිලා තියෙන්නේ චීනයෙන් ත්‍යාගයක් විදියට. ඒකයි ඒකට ඒ නම වැටිලා තියෙන්නේ. දැන් ඉන්න පාලකයෝ ජනතාවගේ බදුමුදලින් අලුත් ඒවා හදලා එයාලගේ නම දාගන්නවා, හරියට ඒගොල්ලන්ගේ පුද්ගලික වියදමින් හැදුවා වගේ. (නි)

:       0       0

රාජා Wednesday, 11 March 2015 11:47 PM

චන්ද්‍රිකා වැව සහ සේනානායක සමුද්‍රයේත්, පරාක්‍රම සමුද්‍රයේත් නම් වෙනස් කරනවා නම් අපි කැමතියි (නි)

:       0       0

නිමල් Wednesday, 11 March 2015 11:27 AM

පහුගිය දවස්වල අපේ අගමැතිතුමානම් කිව්වේ මැරුණට පස්සෙවත් නම් දාන්න හොඳ නැහැ කියලා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 275 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1217 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site