IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


බටකැත්තර කම්හල තවත් රතුපස්වලක් වීමට පෙර

රතුපස්වලට වඩා දරුණු තත්ත්වයට පිළියන්දල බටකැත්තර පත්ව ඇත. රතුපස්වල ජලය ඉල්ලා අරගල කරද්දී බටකැත්තර ජනතාවට සිදුව ඇත්තේ ජලය, වාතය දෙකම ඉල්ලා අරගල කරන්නටය. ජනතාව ඉල්ලා සිටින්නේ බටකැත්තර රතුපස්වලක් නොකරන ලෙසය.


 

 

ශ‍්‍රී ලංකාවේ ආයෝජන ප‍්‍රවර්ධන   කලාප කිහිපයක් පැවතුනත් ඉන් පිටත කර්මාන්ත ශාලා ඉදි කිරීම ගැන මේ වන තෙක් පුළුල් කතා බහක් ඇති වී නැත. සුළු සුළු ගැටළු පැන නැගි අවස්ථාවල එයින් පැන යාමට ලැබෙන පහසුම පිළිතුර වනුයේ  කර්මාන්ත ශාලාව එතැන ඉදි කරනකොට ඒ හරියේ ගෙවල් වැඩියේ තිබ්බේ නෑ යන පිළිතුරයි. එම පිළිතුර ලබා දී වගකිව යුතු පාර්ශ්වයන්ට ලිස්සා යා හැකිදැයි සාකච්ඡුා කිරීමට රතුපස්වල හා පිළියන්දල බටකැත්තර සිද්ධි හොඳ පාඩම් ය.

ජීවිත තුනක් නැති වී තවත් පිරිසක් තුවාල ලැබූ රතුපස්වල සිද්ධියට ස්ථිර විසඳුමක් නැතිව ඇදි ඇදී යද්දී පිළියන්දලින් තවත් ගැටළුවක් වාර්තා විය. ඒ පිළියන්දල මඩපාත බඩකැත්තර පිරිසිදුකාරක නිෂ්පාදනය කරන කම්හලකින් විෂ වායුවක් පිටවීමේ සිද්ධියයි. එයින් හැත්තෑ දෙදෙනකුට රෝහල් ගත වන්නට සිදු විය. ඒ ශ්වසන අපහසුතා නිසාය.

එම විෂ වායු කාන්දුව නිසා පරිසරයට ද දැඩි හානියක් වූ බව වාර්තා විය.  සෞඛ්‍ය හා පරිසර අංශ ළිං ජලයට විෂ මුසුවී ඇතිදැයි සෙවීමට පරීක්ෂණ ඇරැඹීය. ගෙන් ගෙට ගොස් ගැටළු සොයා බැලීය. ගමේ විහාරස්ථානයකට ගම්වාසීන් කැඳවා සාකච්ඡා කළේය. රතුපස්වල පරිසර දුෂණය ඇස් පනාපිට සිදු නොවුණත් පිළියන්දල සිද්ධිය සිදු වූයේ ඇස් පනාපිටය. ඒ නිසා බලධාරීන්ට ලිස්සා යෑමේ අවස්ථාව අහිමි විය.

රතුපස්වල දී වැලිවේරිය පොලිසිය ඇල් මැරුණු ස්වභාවයකින් කටයුතු කළත් බටකැත්තර දී එසේ නොවීය. අධිකරණ ක‍්‍රියාමාර්ග ගෙන කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමිණි.  

වැඩි දෙනකු පැවසුවේ අශ්වයා පැන ගිය පසු ස්තාලය වසා වැඩක් නැති බවයි. ගැටළුවක් පැන නගින්නට පෙර ඊට පිළියම් සෙවීමට නොහැකි නම් වගකිවයුතු අංශවලින් ඇති ඵලය කුමක්දැයි ඔවුහු විමසති.

බටකැත්තර ගම්වාසීන් කිහිප දෙනකුම පැවසුවේ එම කම්හල නිසා පරිසර හානි වන බවට පැමිණිලි කර ඇතත් නිසි විසඳුම් නොලැබුණු බවයි. එම නිසා මෙතරම් හානියක් සිදු වූ බව ද ගම්වාසීහු කියති.

ගම්මාන මැද කර්මාන්ත ශාලා ඉදි කළ හැකිද? කර්මාන්ත ශාලා අසල නිවාස ඉදි කළ හැකිද? ජනාවාස මැද ඉදි වී ඇති කර්මාන්ත ශාලාවලට කුමක් කරන්නේ? මේ ගැටළුවලට වහා විසඳුම් සෙවිය යුතුය. ගැටළුවක් වූ විට කර්මාන්ත ශාලාතුළට කඩා පැන පර්යේෂණ කිරීමේ කලාව නවතා දමා කර්මාන්ත ශාලා නිසි නීති රීතිවලට ක‍්‍රියාත්මක වන්නේදැයි සොයා බැලිය යුතුය. එලෙස නිරන්තරයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගත්තේ නම් රතුපස්වල හා බටකැත්තර වැනි සිද්ධීන් වාර්තා නොවනු ඇත.

ශ‍්‍රී ලංකාවේ කර්මාන්ත ශාලා ක‍්‍රියාත්මක විය යුතුය. කර්මාන්ත ශාලා නිසා උත්පාදනය වන සෘජු හා වක‍්‍ර රැකියා අවස්ථා ගැන අමතක නොකළ යුතුය. කර්මාන්ත ශාලා රටට උපයා දෙන රට සල්ලි  ගැන ද අවධානය යොමු කළ යුතුය. නමුත් එසේ වුවත් කර්මාන්ත ශාලා ක‍්‍රියාවලියේ දී පරිසර හානිය අවම වන අයුරින් කටයුතු කළ යුතුය. ඒ සම්බන්ධයෙන් නිසි බලතල ඇති ආයතනයක අවශ්‍යතාව රතුපස්වල හා බටකැත්තර සිද්ධි කියාපායි.

මේ වනවිට කැස්බෑව නගර සභා මහජන සෞඛ්‍ය නිලධාරින් බටකැත්තර ප‍්‍රදේශයේ ලිං ජලය සාම්පල් ලබා ගැනීම සිදු කරනු ලැබ තිබේ.

ලබාගත් ජල සාම්පල්වල දුෂණ තත්ත්වයක් ඔප්පු වුවහොත් ප‍්‍රදේශවාසීන්ට ජල බවුසර් මගින් ජලය ලබාදීමට පියවර ගන්නා බව කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප‍්‍රදේශවාසීන් පැවැසුවේ මෙන්න මෙවැනි කතාවකි.

ඔය සිද්ධිය සිදුවූනේ එදා පාන්දර. ඇස් අරින්න බෑ. ඇස් දැවිල්ලයි. හුස්ම ගන්න බෑ. මමයි මහත්තයයි. නිවසින් එළියට එනකොට දුටුවා ඝන මීදුමකින් පරිසරය වැසී තිබෙනවා.

ප‍්‍රදේශයම කලබල වෙලා. ජනතාව පාරට ඇවිත් ප‍්‍රදේශයෙන් පිටවෙනවා අපි දුටුවා. සමහරු බිම ඇද වැටෙනවත් අපි දුටුවා. අපි ති‍්‍රරෝද රියකින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට පැමිණියා.

 

 

ඔය කම්හලේ තියෙනවා භූගත ටැංකියක්. එයට තමයි කම්හලේ අප ජලය මුදා හැරෙන්නේ. නමුත් වැස්ස වෙලාවට මේ ටැංකියේ ජලය වේරැස්ගඟට මුදා හැරෙනවා. මේ වෙනකොට කිසිම ළිඳක වතුර බොන්න බෑ.

රතුපස්වලට වඩා දරුණු තත්ත්වයට පිළියන්දල බටකැත්තර පත්ව ඇත. රතුපස්වල ජලය ඉල්ලා අරගල කරද්දී බටකැත්තර ජනතාවට සිදුව ඇත්තේ ජලය, වාතය දෙකම ඉල්ලා අරගල කරන්නටය. ජනතාව ඉල්ලා සිටින්නේ බටකැත්තර රතුපස්වලක් නොකරන ලෙසය.

 



අදහස් (0)

බටකැත්තර කම්හල තවත් රතුපස්වලක් වීමට පෙර

සුරා Monday, 04 November 2013 11:24 AM

අප්පට සිරි මේකට පාබල හමුදාව ව්තරක් නෙමේ ගුවන් හමුදාවත් එවයි වගේ අනේ ඉතින් පව් අර ගමේ ඉන්න නිරායුධ හමුදාව......(නදී)

:       0       0

අබුඩාබි පොඩ්ඩා Tuesday, 05 November 2013 05:27 PM

අපේ රටේ හැමතැනම දේශපාලුවෝ,තමන්ගේ මඩිය තර කරගන්න බලනවා ඇරෙන්න අහිසක ජනතාවගේ එදිනෙදා ප්‍රශ්න වලට සුළු වශයෙන්වත් පිළිතුරක් නැහැ.ඡන්දය ගන්න විතරක් බඩගාගෙන ඇවිල්ලා දෙකට නැමෙනවා (නි)

:       0       0

දිසානායක Tuesday, 05 November 2013 12:57 AM

රතු පස්වල ප්‍රස්නයක් නැහැ කියල ඇග බේරා ගන්න හදන බඩගෝස්තර වාදින් ඇස් දෙක ඇරලා බලපල්ලා.(නදී)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Tuesday, 05 November 2013 12:57 AM

රතු පස්වල ප්‍රශ්නයක් නැහැ කියලා ඇග බේරා ගන්න හදන අය ඇස් දෙක ඇරලා දැන්වත් හොදට බලන්න (නි)

:       0       0

මලින්ත Wednesday, 06 November 2013 05:24 PM

මොකක් හරි හේතුව්ක කියලා රටේම තිබෙන කම්හල් සියල්ල වහලා දැම්මා නම් ඉවරයි (නි)

:       0       0

සමන් Monday, 04 November 2013 07:35 PM

ඕවා කම්හලේ වරද නොවේ. ඕවට මුලින්ම ලයිසන් දෙන ආයතනවල දෝෂ. ඇයි ජනාවාස තියෙන තැන්වල ඔය වගේ කම්හල් අනුමත කරන්නේ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 125 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 203 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1067 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site