විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) ලබා ගැනීම යළිත් වරක් මහමෙර තරණය කිරීමක් බවට පත් වෙමින් තිබේ. කාලයකට පෙර තිබූ අධික පිරිසක් පෝලිම්වල රස්තියාදු වන තත්ත්වය පසුගිය දිනවල යළි දැකගත හැකි විය. ගමන් බලපත්‍රය ලබා ගැනීමට දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගැනීමකින් තොරව බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට දිනපතා විශාල පිරිසක් පැමිණීම නිසා එහි දැඩි තදබදයක් නිර්මාණය වී තිබිණි.
ඇතැම් පිරිස් ගස් යට පවා රැඳී රාත්‍රිය පහන් කර තිබූ බව ද වාර්තා විය.දහස් ගණනක් දිනකට පාස්පෝට් ලබා ගැනීමේ චේතනාවෙන් පැමිණියත් දිනයකට බාරගන්නා අයැදුම්පත් සංඛ්‍යාව 500ක් පමණ බව ද සඳහන් වෙයි.
මුළු රටකටම සේවය සැපයිය යුතු ආයතනයක දිනකට සපුරා දෙන්නේ 500 දෙනකුගේ අවශ්‍යතාව පමණක් නම් එතැන අසීමිත තදබදයක් හට ගැනීම පිළිබඳ පුදුම විය යුතු නැත. අම්පාර, ත්‍රිකුණාමලය, නුවරඑළිය සහ යාපනය ආදී දුර බැහැර ප්‍රදේශවලින් පාස්පෝට් ලබා ගැනීමට පැමිණෙන පිරිස්වලට එය ලබා ගැනීමකින් තොරව ආපසු යාම තේරුමක් නැත.
එහෙත් කොළඹ නගරයේ මහ පාරක් අයිනේ දින කිහිපයක් ගත කිරීම ද කළ නොහැක. එය මානුෂික වශයෙන් ඉතා සංවේදී තත්ත්වයකි.
පාස්පෝට් එකක් ලබා ගැනීම සඳහා ජනතාව මේ තරම් දුක් විඳිය යුතු ද? මේ වනවිට ඉහළ නංවා ඇති ගාස්තු අනුව පාස්පෝට් එක ලබා ගැනීමට විශාල මුදලක් වැය කළ යුතුය. අඩුම තරමින් ගෙවන මුදලට හෝ සරිලන සේවාවක් ලබාදීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව අපොහොසත් වන්නේ නම් කොතැනක හෝ බරපතළ වැරැද්දක් තිබිය යුතුය.
උද්ගත වී තිබෙන තත්ත්වය මගහැරීම සඳහා ජූනි මස සිට නව ක්‍රමයක් හඳුන්වා දෙන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා අපගේ ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව අයැදුම් පත්‍රය මාර්ගගත ක්‍රමයට ලබාගෙන එම ගමන් බලපත්‍රය දින තුනකින් නිවෙසට තැපෑලෙන් යොමු කෙරෙනු ඇත. ඒ සඳහා දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් හඳුනාගෙන ඇඟිලි සලකුණු යන්ත්‍ර සවිකර නිලධාරීන් පුහුණු කිරීම අවසන් කර ඇති බව ද ඒ මහතා සඳහන් කර තිබිණි.
මෙවැනි ක්‍රමයක් මීට පෙරද ක්‍රියාත්මකව පැවති බව අපගේ මතකයේ තිබේ. ඒ කාලයේ මාර්ගගත ක්‍රමයට දිනයක් සහ වේලාවක් වෙන් කරගෙන ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණ පාස්පෝට් එක රස්තියාදුවකින් තොරව ලබා ගැනීමට හැකියාව තිබිණි. හොඳින් ක්‍රියාත්මක වෙමින් පැවති එම ක්‍රමය වෙනස් කරනු ලැබුවේ කාගේ බලපෑමකින්දැයි සොයා බැලිය යුතු යැයි අපි සිතමු. ක්‍රියාත්මක වෙමින් පැවති ක්‍රමයක් අවිචාරවත් ලෙස වෙනස් කර ජනතාව කරදරයට පත් කළ නිලධාරීන් සිටී නම් ඔවුන්ට විරුද්ධව විනය ක්‍රියා මාර්ග ගත යුතු බව අපගේ වැටහීමය.
දැඩි තරගකාරිත්වයක් සහ තදබදයක් යටතේ මෙවැනි සේවාවක් ලබා ගැනීමේ දී ඒ අතරට තැරැව්කරුවන් රිංගා ගැනීම ද බලාපොරොත්තු විය යුත්තකි. පෝලිමේ ගොස් කරගත නොහැකි වැඩ පෝලිමේ නොසිට කර දෙන තැරැව්කරුවන් සිටින බවටත් අතට විශාල මුදලක් ලබාදුන් විට පාස් පෝට් එක ලබා ගැනීමේ කටයුතු ඔවුන් ඉටුකර දෙන බවටත් චෝදනා එල්ල වන බව ද සඳහන්ය. ඒ පිළිබඳව සොයා බැලීම ද බලධාරීන්ගේ වගකීමකි.
මාර්ගගත ක්‍රමයට අනුව දිනයක් සහ වේලාවක් වෙන් කරගත හැකි ක්‍රමය මීට පෙර ක්‍රියාත්මකව තිබිය දී සේවාව ලබා ගැනීමට උත්සාහ දැරූ බොහෝ පිරිසකට ඉතිරි වූයේ බලාපොරොත්තු කඩවීමක් පමණි. මෙය වඩාත්ම සංකීර්ණ වූයේ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇති පරිදි ඡායාරූප ලබා ගැනීමෙන් අනතුරුව මාර්ගගත ක්‍රමය ඔස්සේ දිනයක් සහ වේලාවක් ලබා ගැනීමට උත්සාහ දැරූ පිරිසටය.
ලබාගන්නා ඡායාරූප වලංගු වන්නේ දින 90කට පමණක් බවට දෙපාර්තමේන්තුව නීතියක් පනවා තිබේ. එහෙත් දින 90ක් තුළ වේලාවක් සහ දිනයක් ලබා දීමට දෙපාර්තමේන්තුව අපොහොසත් වූ බව පසුගිය සති කිහිපය තුළ එම ක්‍රමයට උත්සාහ කළ බොහොමයක් දෙනාගේ අත්දැකීම බවට පත්ව තිබිණි. අවසානයේ බොහෝ දෙනකුට දැන් සිදුව ඇත්තේ ඡායාරූප ගැනීමට වැය කළ මුදල ද අහිමි කර ගැනීමය.
ඡායාරූප ගැනීමකින් තොරව පාස්පෝට් අයැදුම්පත් බාරදීම සඳහා දිනයක් හා වේලාවක් ලබා නොගත යුතු බවට නීතියක් පැන වූවා නම් ඡායාරූප අවශ්‍යතාව සම්පූර්ණ කළ අයැදුම්කරුවන්ට දිනය සහ වේලාව ලබා දීමට දෙපාර්තමේන්තුව සමත් විය යුතුය. පාස් පෝට් කන්තෝරුව වටේ විශාල ජනකායක් රැස් වූයේ එසේ සිදු නොවීම ඇතුළු අඩුපාඩු හේතුවෙනි.
දින තුනකින් පාස්පෝට් එක තැපෑලට යොමු කිරීමට කටයුතු කරන බවට ආගමන විගමන පාලක ජනරාල්වරයා කරන ප්‍රකාශය දෙස අප බලන්නේ එම පසුබිමේ සිටිමිනි. ඔහු තම වචනය අනුව කටයුතු කර පාස්පෝට් ලබාදීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කරනු ඇතැයි යන බලාපොරොත්තු දල්වාගෙන අපි බලා සිටිමු.
(***)
මෙවර “කිවිදා දැක්ම” මා උපයෝගී කරගන්නේ පසුගිය දවස්වල ලංකාවේ මාධ්‍ය වාර්තා කළ ප්‍රධාන සිදුවීම් දෙකක් නිමිති කොටගෙන ලංකාවේ දේශපාලන ආණ්ඩුකරණය පිළිබඳ සා
අප රට එක් අතකින් කෙතරම් අවාසනාවන්ත දැයි කියතොත්, එක් බරපතළ ප්‍රශ්නයක් නිරාකරණය කරමින් සිටින විට, රට ළඟින් යන නැවක් හෝ ගිනි ගනී. මේ දිනවල ද එබඳු ගින්නක් අ
මීට වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ඇද දැමීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (1) පැවසීය. තම අ
මහජන නියෝජිත ආයතන අතරින් පාර්ලිමේන්තුව උත්තරීතරය. ඒ එය රටේ ව්‍යවස්ථා සම්පාදන ආයතන ද වන හෙයිනි. වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනා අතරින් 196 ක
කළුතර පස්දුන් රට අධ්‍යාපන විද්‍යා පීඨයේ ගුරු සිසුන්ට ප්‍රමාණවත් ආහාර සැපයීමක් නොකරන බවත්, සිසුන් සියයක් පමණ රෝගාතුර වී ඇති බවත් පසුගිය දිනෙක අප පුවත්
‘‘අමුත්තාට - හිතවතාට නෑයාට අමතක ක්රමයේ වරදක් තිබේද?’’ මැයෙන් ලන්ඩනයේ සිට ආචාර්ය රාජසිංහ බණ්ඩාර නම් අයෙකුගේ නමින් ඉකුත් 24 වැනිදා ලංකාදීප පත්‍රයේ ලිපි
මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා
ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්
කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ
පාස්පෝට් කන්තෝරුවේ තදබදය වළක්වන්න බැරිද?
dharmapriye uwp Wednesday, 24 May 2023 11:43 AM
ඡායාරූප ගැනීමේදී ඒවා ඔන්ලයින් පද්ධතිය හා සම්බන්ධ වන සෙයින්ම අවශ්‍ය නම් අයදුම්කරුට ඒ වෙලාවේම දිනයක්, වේලාවක් වෙන්කර ගැනීමේ හැකියාව ලබාදිය යුතුයි. 2. ඔන්ලයින් එපොයින්මන්ට් ලබා ගැනීමේ අවස්ථාව දැන් ක්‍රියාත්මක නොවේ...
Sunil Wednesday, 24 May 2023 12:08 PM
මේ රජය යටතේ පවතින සැම ආයතනයක්ම දැන් අවුල් ජාලයන්ය...
nimalThursday, 25 May 2023 06:39 AM
හොඳින් ක්‍රියාත්මක වෙමින් පැවැති එම ක්‍රමය වෙනස් කරනු ලැබුවේ තැරැව්කරුවන් අතට විශාල මුදලක් ලබාගැනීමට වන්නට පුළුවනි. තැරැව්කරුවන් හට පමණක් දූෂිත නිලධාරින්ද සහාය මෙවැනි ක්‍රියාවන් කළ නොහැක. ඡායාරූප අවශ්‍යතාව සහ අවශ්‍ය අනෙක් සියලු DOCUMENTS සම්පූර්ණ කළ අයැදුම්කරුවන්ට පමණක් දිනය සහ වේලාව ලබාදීමට දෙපාර්තමේන්තුව කටයුතු කළයුතුයි. පාස්පෝට් ලබාගැනීමට එම ආයතනය වෙතයාමට පෙර ප්‍රාදේශීය පුහුණු කරනා ලද නිලධාරියා විසින් අවශ්‍ය DOCUMENTS සියල්ල පරීක්ෂා කරගැනීමට අවස්ථාවක් ලබාදිය යුතුවේ. එම අවස්ථාවේදීම අවශ්‍ය DOCUMENTS සියල්ල නිවැරැදි නම් ප්‍රාදේශීය පුහුණු කරනා ලද නිලධාරියා විසින් ලබාදෙන්නා වූ FILE # රැගෙන PASSPORT OFFICE වෙත පැමිණීමෙන් PASSPORT ලබාගැනීම ඉක්මනින් කර ගැනීමට අවස්ථාව ලැබේ. දෙවනුව පාස්පෝට් කන්තෝරුව වටේ විශාල ජනකායක් රැස් වූයේ එසේ සිදුනොවීම ඇතුළු අඩුපාඩු සහ මිනිසුන්ගේ මූලික අවශ්‍ය තත්වයන් සපුරාගැනීමට Toilet, බීමට ජලය පහසු කම් ලබාදීමට එම ආයතනය කටයුතු කළයුතුවේ.
nimalThursday, 25 May 2023 06:40 AM
එම ආයතනය Toilet, බීමට ජලය පහසුකම් ලබාදීමට නොහැකි නම් පුද්ගලික ආයතනයක් මගින් හෝ අඩු මුදලක් අයකර Toilet පහසුකම් සැලසීම මානුෂීය වශයෙන් සලකාබලා මේ පිළිබඳ තීරණයක් ගැනීම PASSPORT OFFICE විසින් කළයුතු වේ. බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ ප්‍රධානියා වශයෙන් නොව සාමාන්‍ය පුද්ගලයකු වශයෙන් ඔහු PASSPORT OFFICE වෙත පැමිණ ඔහුට urinate කිරීමේ අවශ්‍යතාවය මතු වුවහොත් ඔහුට Toilet යාමට පහසුකම් නොමැති වූවිට දැනෙනා අපහසුව PASSPORT OFFICE වෙත පැමිණෙන අනෙක් පුරවැසියන් හටද සිදුවන බව ඔහු තේරුම් ගත යුතුවේ...
fairoos Wednesday, 24 May 2023 05:03 PM
ඔක්කොම හොඳට තමයි තිබුණේ... පොහොට්ටුවේ කාලකණ්ණින්ට රට බේරගන්න ඕනෑ වුණේ... දැන් සැපද?
chandimaWednesday, 24 May 2023 10:11 PM
මල්ලි පොහොට්ටුව පන්නලා දැන් හුඟක් කල් ගිහින්නේ..? ඊට පස්සේ පාස්පෝට් කන්තෝරුවට අවශ්‍ය බඩු රුවල් නැවක ගෙනාවත් මේ වෙනකොට ගේන්න කල් නේද?
de silva Friday, 26 May 2023 11:11 AM
ඔය ප්‍රශ්න නිරාකරණය කරගෙන පෝලිම් නැතිවුණාම කොහොමද නිලධාරීන් අල්ලස් ගන්නේ? ඕකේ උඩඉඳලා පහළට ඉන්න නිලධාරීන්ගෙන් 95%ක් අල්ලස් ගන්නවා. ලොක්කගේ ඉඳලා පහළ ඉන්න පියන් දක්වා ඉන්න සියලු දෙනාම අතරේ කොටස බෙදනවා. ඔය අවුල් දිගින් දිගටම තියේවි..