හේ නට, කුඹුරට මෙන්ම තේ කූඩයට, රබර් ගසට මුළු ආයු කාලයම සින්න කළ ජිවිත තුළ ද දිනෙන් දින දළුළමින් හුස්ම ගන්නා එක් ගෞරවණීය පැතුමක් තිබේ.ඒ තමන්ට අහිමි වූ සිනහව තම දුවා, දරුවන්ගේ මුහුණු මත දිදුලණු දැකීමය. තමන්ට අහිමි වූ ලෝකය, තම දුවා, දරුවන්ගේ අනාගතය තුළ විරාජමාන වනූ දැකීමය.කඳුළු කැටයමක් බඳු සිය ජීවිත තුළට සිනාවේ චමත්කාරය රැගෙන එන්නැයි කියමින් ඔවුහු නොවරදවා දරුවෝ පාසල් යවන්නේ එහෙයිනි. බැරි, බැරි ගාතේ හෝ පත, පොත රැුගෙන දෙන්නේද වේලක් හැර වේලක් හෝ කුසගිනි නිවන්නේ ද එබැවිණි.පැන්සලක් පෑනක්, මකනයක්, අඩි කෝදුවක් යන මේ ඉගෙනුමට අවැසි සකල කළමනාම කිසිදු කන් කෙඳිරියකින් තොරව උපයා සපයා දෙන්නට මහන්සි ගන්නේ ද එනිසාය.දුවා, දරුවන්ගේ අධ්‍යාපනය හමුවේ, ඔවුන්ට ඇති එකම සැනසීම නම් ‘‘පාසල් නිල ඇඳුම් රෙදි’’ නොමිලයේ ආණ්ඩුවෙන් ලබාදීම පමණකි. බැලූ, බැල්මට එය ‘‘සොච්චම්’’ වැඩක් ලෙස කෙනෙකුට පෙනී ගියද, රුපියලේ කාසියකින් ජිවිතය ගණන් හදන, බිංදුවේ පන්තියේ වැඩිහිටියන්ට එය මහමෙරකි. එහෙත් පාසල් නිල ඇඳුම් රෙදි බෙදාදීම සම්බන්ධයෙන් ආරම්භයේ සිටම කි‍්‍රයාත්මකව පවතින අවිධිමත් ක‍්‍රමවේදය තුළ නොමිලේ ලබාදෙන රෙදි යාරයේ, සැබෑ හිමිකරුවන් හඳුනා ගැනීමට නොහැකි වී තිබීම මෙන්ම, නොසුදුස්සන්ට රෙදී පරිත්‍යාග කරන්නට යෑමෙන් ආරම්භක අරමුණට සිදුවී ඇති හානිය ද සුළුපටු නොවේ.
නොමිලේ ලබාදෙන නිල ඇඳුමේ උපත
පාසල් නිල ඇඳුම් නොමිලේ ලබාදිය යුතුය යන යහපත් සංකල්පය මුලින්ම කි‍්‍රයාවට නංවනු ලබන්නේ 1993 වර්ෂයේදී.ඒ එක්සත් ජාතික පක්‍ෂ පාලන සමයකය. නැතහොත් පේ‍්‍රමදාස යුගයේදීය. රජයේ සියලූම පාසල් සඳහාත්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලියාපදිංචියලත් පිරිවෙන් සඳහාත් නිල ඇඳුම් රෙදි නොමිලයේ ලබා දිය යුතු බවට එකල නිර්දේශ කෙරිණි.ඒ අනුව 1993 වර්ෂයේදී පමණක්, ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ ද ඇතුළුව ළමුන් ලක්‍ෂ හතළිහකට (40) නිල ඇඳුම් රෙදි බෙදා දෙනු ලැබීය. එහිදී මූලික අවධානය යොමු කෙරුණේ, සියලූම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යවන්ට නොමිලයේ නිල ඇඳුම් ලබාදීම පමණක් වන අතර ඒ ප‍්‍රදානය ලැබීමට වඩාත් සුදුස්සන් තේරීමේ ක‍්‍රමවේදයක් එකල ද කි‍්‍රයාත්මක නොවිණි. කමිස, ගවුම් හා පර්දා සඳහා සුදු රෙදිත්, කලිසම් සඳහා සුදු හා නිල් රෙදිත් මෙහිදී නිර්දේශ කෙරිණි. පාසල් නිල ඇඳුම් සඳහා සුදුසු රෙදි වර්ගය ලෙස සියයට 65 කපු ද, 35 පොලිසේටර් ද මිශ‍්‍ර කළ රෙදි වර්ගයක් තෝරාගත් අතර රෙදි සැපයුම්කරුවන් සම්බන්ධයෙන්ද ප‍්‍රතිපත්තිමය එකඟතාවයටක පැමිණිමට රජය තීරණය කළේය.ඒ පාසල් නිල ඇඳුම් නොමිලයේ සපයා දීමේ ද්විත්ව අරමුණින් එකක් වන දේශීය රෙදි නිෂ්පාදකයා ආරක්‍ෂා කිරීම හා ඔහුගේ ආදායම් තත්ත්වය ඉහළ දැමීම වෙනුවෙනි.ඒ අනුව මුල් වසර කිහිපයේදී පමණක් චීනයෙන් රෙදි ආනයනය කිරීමට එකඟ වූ අතර ක‍්‍රමිකව බෙදා දීමට අවශ්‍ය සමස්ත රෙදි ප‍්‍රමාණය ශ්‍රී ලංකාව තුළ නිපදවෙනු ඇතැයි බලාපොරොත්තු පළ කෙරිණි.
බෙදා දීමේ ක‍්‍රමය හා වියදම්
ළමුන් ලක්‍ෂ හතළිහකගෙන් ආරම්භ කළ නිල ඇඳුම් රෙදි බෙදීමේ වැඩ පිළිවෙළ වර්තමානය වනවිට, ළමුන් ලක්‍ෂ තිස්නවයකට ආසන්න ප‍්‍රමාණයක් දක්වා පහත බැස තිබේ. ඒ අනුව බෙදා දෙන රෙදි ප‍්‍රමාණය ද රෙදී මීටර් මිලියන දහයක් ලෙස ගණන් බලා ඇති අතර, ඒ සුදු රෙදි මීටර් මිලියන අටක් (08) කලිසම් රෙදි මීටර් මිලියනයක් හා සිවුරු රෙදි මීටර් ලක්‍ෂ පහක් (05) වශයෙනි. මෙම රෙදි ප‍්‍රමාණය, පාසල් ළමුන් අතර බෙදා දීම වෙනුවෙන් රජය වසරකට දළ වශයෙන් රුපියල් කෝටි එකසිය තිහක (130) මුදලක් වැය කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් සැපයීම් අංශයේ, ගණකාධිකාරී දුනිල් හෙයියන්තුඩුව මහතා පෙන්වා දෙයි.එසේම දේශීය නිෂ්පාදකයන්ගෙන් සමස්ත රෙදි අවශ්‍යතාවය සපුරා ගැනීමට මුලින් අපේක්‍ෂා කළද 2011 වර්ෂය වනවිටත් ඉන් සම්පූර්ණ වි ඇත්තේ, මුළු රෙදි අවශ්‍යතාවයෙන් සියයට 70ක ප‍්‍රතිශතයකි. ඉතිරි සියයට 30 අමු රෙදි මෙරටට ගෙන්වා නිමැවුම් කරන්නන්ගෙන් පියවා ගැනෙන බව පැවසේ.පාසල් නිල ඇඳුම් රෙදි බෙදීයාමේ ප‍්‍රතිශතය තුළ වැඩිම අගයක් ගනු ලබන්නේ බස්නාහිර පළාතයි.එහි දෙවැනි ස්ථානය, ගාල්ල දිස්ති‍්‍රක්කයටත්, තෙවැනි තැන රත්නපුරයටත් හිමිව තිබේ. වෙනත් සම්පත් බෙදීයෑමේදී නගරයේ සුපිරි පාසලක් හා ගම්බද දිළිඳු පාසලක් අතර වන විෂමතාවය, කොතෙක් ද යන්න හොඳින්ම දන්නා, ගුරු බවතුන් මෙන්ම මා පියන්ට, මෙය එක් අතකින් සිනා පහළ වන කරුණක් වනු නොඅනුමාණයි. එහෙත් යථාර්ථය එයයි.
කොළඹට කිරි සංකල්පයේ යථාර්ථය
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සතු නවතම සංඛ්‍යාලේඛනවලට අනුව ශ්‍රී ලංකාවේ දිළිඳුතම දිස්ති‍්‍රක්කය ලෙස හඳුනාගෙන ඇත්තේ මඩකළපුව දිස්ති‍්‍රක්කය යි. නමුත් පාසල් නිල ඇඳුම් රෙදි බෙදීමේ දී ලොකුම පංගුව වෙන් වී ඇත්තේ කොළඹටය.එසේ වැඩිම කොටස කොළඹට බෙදී ගියද, ඒවා භාවිතයට ගන්නා ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ගේ ප‍්‍රතිශතය සියයට 5 ත් සියයට 10 ත් අතර ඉතා පහළ අගයක පවති. එවිට, අපතේ යන ප‍්‍රමාණය, නැතහොත් නොමිලයේ සුදු රෙද්දක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති සිසු, සිසුවියන් සඳහා නිරපරාදේ බෙදාදෙන ප‍්‍රමාණය කොතෙක් දැයි අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සැපයුම් අංශ දත්තයන්ට අනුව එසේ නිරපරාදේ බෙදා දෙන සුදු රෙදි සඳහා රජය වැය කරන මුදල රුපියල් කෝටි එකසිය තිහක් වන වාර්ෂික මුළු මුදලින් සියයට 1ක ප‍්‍රතිශතයකි. සියයට 1 ක් යනු සුළු ප‍්‍රමාණයක් ලෙස බැලූ බැල්මට පෙනී ගිය ද කෝටි එකසිය තිහක් සමඟ සැසඳු විට එය විශාල මුදලකි.එතරම් විශාල මහජන මුදලක් අපතේ යවමින් නොසුදුස්සන්ට සුදු රෙදි බෙදාදීමේ ක‍්‍රමය වෙනුවට, නොමිලයේ පාසල් නිල ඇඳුම් රෙදි ලබා ගැනීමේ අවශ්‍යතාවය ඇති පිරිස පමණක් තෝරා සුදු රෙදි ප‍්‍රදානයට වටිනාකමක්ද එක්කළ හැකි ක‍්‍රමවේදයකට, එය කි‍්‍රයාවේ යෙදවිය නොහැකි දැයි යමෙකු ප‍්‍රශ්න කළහොත් එයද පුදුමයට හේතුවක් නොවන්නේය.‘‘ඇත්ත, අපිත් දන්නවා, මේ ක‍්‍රමය ටිකක් ගැටලූ සහගත බව. ඒ නිසාම, රනිල් වික‍්‍රමසිංහ මහත්මයගේ රජය කාලේ කූපන් ක‍්‍රමයකට පාසල් නිල ඇඳුම් නිකුත් කිරීමට පියවර ගත්තා. ඒ කියන්නේ අපි ඒ ඒ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත කූපන් නිකුත් කළා. අවශ්‍යතාවය ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මාපියන්ට පැමිණ ඒවා ලබාගත හැකි අයුරින්. එතකොට රෙදි නිකුත් කළේ අදාළ විවිධ සේවා සමූපකාර සමිති වෙත. නමුත් මේක ටිකක් ප‍්‍රායෝගිකව ගැටලූ සහගත වූ නිසා යළිත් පරණ ක‍්‍රමයටම වැටුණා. දැන්, කිසිම තෝරා බේරා ගැනීමකින් තොරව තමයි නිල ඇඳුම් රෙදි බෙදීම සිදු වන්නේ.’’ඒ අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් සැපයුම් අංශයේ ගණකාධිකාරී හෙයියන්තුඩුව මහතා, නිල ඇඳුම් රෙදි බෙදා දීමේ ගැටලූ සහගත ක‍්‍රමවේදය පිළිබඳව දක්වන පැහැදිලි කිරීමයි.එම පැහැදිලි කිරීම පිළිතුරක් ලෙස බාරගත හැකි වුවද අවිධිමත් ක‍්‍රමය නිවැරදි කරවීම සඳහා පාදක වන ප‍්‍රායෝගික විසඳුමක් නොවන බව නම් පැහැදිලිය.‘කොළඹට කිරි’ යනු හුදු ප‍්‍රබන්ධයක් පමණක්ම බව තහවුරු කරවීමට නම් තම පය පාමුල තිබෙන මේ ගැටලූවට විසඳුම් සෙවීමට අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් වහා පියවර ගත යුතු බව සමස්ත ශිෂ්‍ය ප‍්‍රජාව ප‍්‍රමුඛ පොදු රට වැසියාගේ හැඟීම වේ.මන්ද, නොමිලයේ බෙදා දෙන පාසල් නිල ඇඳුමේ, සැබෑ හිමිකරුවා විය යුත්තේ යන්තමින් එදා වේල පිරිමසා ගන්නා, දිළිඳු දුවා, දරුවෝ මිස, සුපිරි පාසලක් තුළ සපිරි ජිවිතයක් ගත කරන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ නොවන නිසාය.
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ
1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර
ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පාසල් නිල ඇඳුමට සාධාරණයක් කරමුද?