IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


පොලිසියේ විනයත් මානසික ප්‍රවණතා ගැනත් අවධානය ඕනෑ

අම්පාර තිරුක්කෝවිල් පොලීසියේ සැරයන්වරයකු එම පොලීසියේ දී ඉකුත් 24 වැනිදා රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරීන් සිවු දෙනකු මියයාමේ පුවත 2021 වසරේ වාර්තා වූ තවත් අනුවේදනීය සිද්ධියකි. එම වෙඩි තැබීමෙන් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් තුන් දෙනකු තුවාල ලබා රෝහල්ගත කරනු ලැබ සිටින බව ද අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

නිවාඩු ලබා නොදුන්නේය යන ප්‍රශ්නයක් මත මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි ද අනෙකුත් ඇතැම් නිලධාරීන් මෙම පොලිස් සැරයන්වරයා බරපතළ ලෙස මානසික පීඩාවකට ලක් කර ඇතැයි ද කියති. පොලිස් විශේෂ කාර්ය බළකායට අනුයුක්තව සිටියදී යුද්ධයේදී වෙඩි වැදීම හේතුවෙන් එම පොලිස් සැරයන්වරයා පොලීසියේ සාමාන්‍ය රාජකාරි සඳහා යොදවා ඇතැයි ද වාර්තා වන අතර, ‘පින් පඩි ගන්නවා’ යැයි පවසමින් ඔහු නිතර අවමානයට ලක් කරන බව ද පොලිස් අත්අඩංගුවට පත්වූ පසු පොලිස් සැරයන්වරයා ප්‍රකාශ කර ඇත.

හේතුව කුමක් වුව ද ඝාතනය සාධාරණීකරණය කළ නොහැකිය. මෙබඳු අපරාධවලට නීතියෙන් හෝ හෘදය සාක්ෂියෙන් කිසිදු සමාවක් නොලැබෙනු ඇත. මෙසේ ආවේගශීලීව හැසිරීමට කිසිවකුට අයිතියක් නැත. විශේෂයෙන්ම නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම දරන පොලිස් නිලධාරියකුට මෙසේ වගකීම් විරහිත ලෙස හැසිරීමට කිසිදු අයිතියක් නැත. පොලිස් නිලධාරියකු සැපැයිය යුත්තේ සමාජයට බලගතු ආදර්ශ විනා මෙසේ ආවේගශීලීව හැසිරීම් රටා නොවේ. නිවාඩු ලැබ ගෙදර යාමට නොහැකිවීම නිසා ගිනි අවිය අතට ගත් පොලිස් නිලධාරියාට සිදු වූයේ නැවත කවදා ගෙදර යන්නට වේ දැයි නොදැන යකඩ කූරු ගණන් කරමින් කාලය ගත කිරීමය. ඊට අමතරව ඔහු පොලිස් නිලධාරීන් සිවු දෙනකු රටට අහිමි කළේය. විනයගරුක පොලීසියක් ලෙස මහත් වැර වෑයමෙන් අත්පත් කරගනිමින් තිබූ ප්‍රතිරූපයට නින්දා සහගත කැළලක් එක් කළේය.

කරුණු කාරණා එපරිදි වන්නා සේම මෙම සිදුවීම තුළ විශේෂ අවධානයට ලක්කළ යුතු පැතිකඩක් ද වේ. තමන් ‘අවමානයට’ පාත්‍ර වී ඇති බවට යම් මිනිසකුට දැනුණහොත් එයටත් වඩා මනුෂ්‍යත්වයේ අසරණකමක් තවත් නැත. මෙලොව උපදින සෑම පුද්ගලයකුගේම ප්‍රාර්ථනය අභිමානවත්, ගෞරවනීය ජීවිතයකි. එයට තරාතිරම් බේදයක් නැත. වයස් බේදයක් නැත. එම ජීවිතය ඔහුට අහිමි වී ඇතැයි දැනෙන හැඟීම තුළ මහා අපරාධකාරයෙක් බිහි වෙයි. එම අපරාධකරුවා මෙල්ල කරගැනීම ඔහුට පහසු නොවේ. ඔහුට අවශ්‍ය වනුයේ මෙම මිනිස් වේදනාව බෝම්බයක් මෙන් පුපුරවා හැරීමටය. තිරුක්කෝවිල් පොලිස් බිම ඝණැති රුධිරයෙන් පෙඟී ගියේ ඒ අනුවය.

සමාජයේ ජීවත් වන්නෝ සියල්ලෝම සමානයෝ නොවෙති. ‘නානත්ත කායා - නානත්ත සංඥා’ යැයි කී පරිදි විවිධ රූපකායන්ගෙන් මෙන්ම විවිධ ලෙස සිතන පතන මිනිසුන්ගෙන් සමාජය පිරී පවතී. සමාජයක් සංකීර්ණ වන්නේ ද ඒ අනුවය. සංකීර්ණ සමාජය නිවැරැදිව හඳුනා ගැනීමටත්, තමන් ආශ්‍රය නිශ්‍රය කරන්නන් සරලව මතුපිටින් නොව ගැඹුරින් හඳුනා ගැනීමටත් සමාජයේ ජීවත් වන සෑම සාමාජිකයකුටම වගකීමක් තිබේ. අනෙකාගේ අසමානතා, නොගැළපීම් මෙන්ම රුචි අරුචිකම් හඳුනා ගැනීම අනෙකා සමග දිගු ආශ්‍රයකට හේතුවකි.

කෙනකු රිදවා, අවමානයට, අපහාසයට පත් කර සතුටක් ලැබීම මනුෂ්‍යත්වය නොවේ. එය අධමකමකි. ම්ලේච්ඡත්වයකි. තිරුක්කෝවිල් පොලිස් සැරයන්වරයාගේ මව මාධ්‍යයට කියා තිබූ පරිදි එම සැරයන්වරයා පොලිස් සේවය තුළ නොනැවතී එම ම්ලේච්ඡත්වයට පත්වී තිබේ. එහි අවසානය ඛේදවාචකයකි. සැබැවින්ම මේ වූ කලී වළක්වාගත හැකිව තිබූ ඛේදවාචකයකි.

පොලීසිය තුළ මෙන්ම ආරක්ෂක හමුදා තුළ තරම් නිලධාරිවාදය අන් ක්ෂේත්‍රවල නැත. පොලීසියත්, ආරක්ෂක හමුදාවත් පවත්වාගෙන යනු ලබන්නේ විනය මතය. විනය යනු විධානයට අවනත වීමය. විධානය පැමිණෙන්නේ ඉහළ නිලධාරීන්ගෙනි. එහෙත්, එම විධානය ආරෝපිත බලය මගින් කනිෂ්ඨ නිලධාරියා පීඩාවට පත් කරන්නක් නොවිය යුතුය. ‘සුහද මිත්‍රශීලී පොලිස් සේවය’ යන්න පොලීසියේ සහාය පතන පොදු මහජනයාට මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ සිට පහළ සිටින සෑම නිලදරුවකුටම උරුම විය යුතුය.

තිරුක්කෝවිල් පොලීසියේ ඛේදවාචකය යනු ඒ පන්නයේ පළමු සිදුවීම නොවේ. මෙයට පෙරත් ආවේගශීලීව හැසිරුණු පොලිස් නිලධාරීන්ගේ අවකල් ක්‍රියා නිසා බොහෝ විපත් සිදු වී තිබේ. විශේෂයෙන්ම ගිනි අවි අත දරන පොලිස් නිලධාරීන්ගේ මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් නිරන්තර අවධානයකින් පසු විය යුතුය. එහෙත්, ඒවා මතක් වෙන්නේ මෙබඳුම පන්නයේ තවත් ඛේදවාචකයකින් පසුවය. ඛේදවාචකයේ නරකම තැන එතැනය.

හැම ක්ෂේත්‍රයකම වගේම පොලීසියේ සිටින්නේත් මනුෂ්‍යයෝය. ඔවුහු ද රාජකාරි සහ පෞද්ගලික කාරණා මත මානසික පීඩනයට පත් වෙති. ඔවුන්ගේ හැසිරීම්වලින් මානසික තත්ත්ව හඳුනාගත හැකිය. විශේෂයෙන් අවි ආයුධ පරිහරණය කරන නිලධාරීන්ගේ මානසික තත්ත්වය නිරන්තර අවධානයට ලක් විය යුත්තේය.

(***)



අදහස් (1)

පොලිසියේ විනයත් මානසික ප්‍රවණතා ගැනත් අවධානය ඕනෑ

gamunu Friday, 31 December 2021 09:15 AM

30 වසරක පැවැති යුද්ධයකින් පසු පොලිසියේ විනයත්, මානසික ප්‍රවණතා ගැනත් අවධානය යොමුවිය යුතුබව පසුගිය කාලයේ පොලිසිය මැදිහත්වීම් නිසා සිදුවූ සිදුවීම් මාලාව අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වේ. සත්‍ය වශයෙන්ම පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට සහ එම ගැටලු විසඳීමට සහ මැදිහත් වීමට ඔම්බුඩ්ස්මන්වරුන් අවශ්‍ය බව පෙනේ. පොලිස් නිලධාරීන් ඔවුන්ගේ රාජකාරි ගැටළු නිවෙස් වෙත ගෙනයනවා සේම ඔවුන් සේවයට පැමිණීමේදීද නිවෙස් ගැටළු රාජකාරි ස්ථානය වෙත ගෙනඑනවා ඇත. කටුක රාජකාරියක යෙදෙන ඔවුන්හට ගැටළු ඉදිරිපත් කිරීමට සහ විසඳුම් ලබාගැනීම සඳහා අවස්ථාවක් සලසා දීම වැදගත් වේ. එමෙන්ම පොලිස් නිලධාරීන්ගේ අදහසද විමසා ඔම්බුඩ්ස්මන්වරුන් පත් කළයුතු වේ. ලෝකයේ දියුණු රටවල පොලිසිය හෝ ආරක්ෂක අංශයන් අවසානයේ පැමිණි පසු ඔවුන්ට මානසික සුවයක් ලබාදීම පිණිස කටයුතු කිරීම සාමාන්‍ය වේ. යුදහමුදාවන් සාමාන්‍ය සිවිල් වැසියන් සමග නිතර ගනුදෙනු නොකළත් ඔවුන් පිළිබඳවද මෙවැනි මැදිහත්වීම් අත්‍යාවශ්‍ය වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 635 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 437 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 336 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1540 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 85 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 701 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 639 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 165 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1189 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site