IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පොලිසියේ ගෞරවය කෙලෙසන්නන් පිටු දකිමු

පොලිසිය ‘පොලිෂ්’ කළ යුතුම පැය එළැඹ තිබේ. පොලිසිය සම්බන්ධයෙන් වන ජනතා විශ්වාසය වැසි දියට පෙඟුණ බිත්තියක් බිමට පාත්වන්නාක් මෙන් ඉරිතලමින්, පුපුරායමින් තිබීම එයට හේතුවය. එකල ඉතා දුලබ වශයෙන් පොලිස් පුවත් වාර්තා වුවද මෙකල එබඳු පුවත් සුලබ වෙමින් තිබේ.

‘‘හරක් කටා’’ නමින් හඳුන්වන නඳුන් චින්තක දරුණු ගණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. පොලිස් ඇසට හසු නොවී ඔහු විදෙස් රටකට පැන ගත්තේය. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය පවා රතු නිවේදන නිකුත් කළේය. කුළියට ගත් ගුවන් යානයකින් වෙනත් රටකට පලා යාමට සැලසුම්කර මැඩගස්කරයේ රැඳී සිටිය දී එරට පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේය. ශ්‍රී ලංකා පොලිස් නිලධාරිහු පිරිසක් එරටට ගොස් ඉතා ආරක්ෂාකාරීව ඔහු මෙරටට රැගෙන ආහ. ඒ හරක් කටා සමග සිටි තවත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කුඩු සළිඳු සමගය.

මෙරටට රැගෙන ආ හරක් කටා සහ කුඩු සළිඳු රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමට එම දෙපාර්තමේන්තුවේ නිලධාරිහු පියවර ගත්හ. ඉන් පසුව සිදු වූ දේ දැන් මුළු රටම දනී.

ඉකුත් 10 වැනිදා ඉරිදා දිනයකි. එහෙයින් එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳෙන්නේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා පැමිණෙන නිලධාරින් පමණි. එම නිලධාරිහු කණ්ඩායමක් ‘‘හරක් කටා’’ගෙන් ප්‍රශ්න කරමින් සිටියහ. ඒ අතරවාරයේ එක් පොලිස් කොස්තාපල්වරයෙක් එම නිලධාරීන්ට කෑමට කිරි ටොෆි ලබාදී තිබේ. එම කිරි ටොෆි තිත්ත ගතියෙන් යුතු නිසා එම නිලධාරිහු එම කිරිටොෆි ප්‍රතික්ෂේප කළහ. අනතුරුව එම කොස්තාපල්වරයා පොලිස් නිලධාරීන්ට කිරි තේ පිළිගන්වා තිබේ. එම තේ පානයෙන් පසුව නිලධාරීන්ට මත් ගතියක් සහ හිසේ කැක්කුම් ඇතිවී තිබේ. මේ අතරවාරයේ දී ‘‘හරක් කටා’’ වැසිකිළි යාමට අවශ්‍ය බව කී හෙයින් ඔහු ඒ වෙතට රැගෙන ගොස් ඇත්තේ ද එම පොලිස් කොස්තාපල්වරයාමය. වැසිකිළියට යාමේ දී මාංචු ගලවන අතර වැසිකිළියෙන් පිටතට ඒමේ දී ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරියා නැවත මාංචු දමනු ලබයි. වැසිකිළියට ගිය ‘‘හරක් කටා’’ එළියට පැමිණ ඇත්තේ දෑතට මාංචු දැමූ විලාසයෙනි. ඔහු එක්වරම ආරක්ෂාවට සිටි උප පොලිස් පරීක්ෂකවරයකුගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සාහ දරා ඇත. එහෙත් උප පොලිස් පරීක්ෂකවරයාගේ දක්ෂතාව නිසා එම උත්සාහය ව්‍යර්ථ වී තිබේ.

ඔය අතර වාරයේ දී පොලිස් කොස්තාපල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලාගොස් තිබේ. ඔහු බෝට්ටුවක් මගින් හෝ රටින් ද පලාගොස් ඇතැයි සැකයකි. වැසිකිළියට ගිය ‘‘හරක් කටා’’ට මාංචු නොදමා සිටීමට හා ඔහුට පලා යාමට කළ සැලැස්ම වෙනුවෙන් ‘‘හරක් කටා’’ පොලිස් කොස්තාපල්වරයාට කොහොම සලකන්නට ඇද්දැයි සෙවීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේම වගකීමකි.

අදාළ පොලිස් කොස්තාපල්වරයා මුළු මහත් පොලිස් දෙපාර්තමේන්තුවටම රැගෙන ආවේ මකා දැමිය නොහැකි මහා කළු පැල්ලමකි. රුපියල් ශත වෙනුවෙන් වෘත්තිය ගරුත්වය පාවා දෙන මෙවැනි ගහලයන්ට දිය යුතු දඬුවම් කුමක්දැයි විමසා බැලිය යුතුය.

අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ හොර අරක්කු නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයට ව්‍යාජ අත්සන් සහිත දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කළ බව කියැවෙන පියංකරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි වික්‍රමගේ පිළිබඳ සිද්ධියකි. එයින් කියැවුණේ නීති විරෝධි මත්පැන් බෝතල් 30ක් සන්තකයේ තබාගත් බවට චෝදනා ලැබූ විත්තිකරුවකු පොලිස් පරීක්ෂකවරයා රාජකාරිය හරිහැටි නොකිරීම නිසා ඒ සම්බන්ධව විත්තිකරු නඩු විභාගය අතරතුරුදීම නිදොස් කොට නිදහස් කළ බවය.

මුළු පොලිස් දෙපාර්තමේන්තුවම තරාතිරම භේදයකින් තොරව ජරා ජීර්ණ වී ඇත. මෙහෙම ගියොත් සිදුවන්නේ පොලිසිය සම්බන්ධයෙන් ඇති ජනතා විශ්වාසය බිඳ වැටීමය. රටකට සිදුවීමට ඊටත් එහා ගිය ඛේදවාචකයක් තවත් නැති බව ඒකාන්ත සත්‍යයකි. කෙසේ වුවද පොලිස් සේවයේ උත්තරීතරභාවය රකින පොලිස් නිලධාරිහු විශාල පිරිසක් සිටිති. ඔවුන්ට අපේ ආචාරය පිටිනමන අතරම එහි ගෞරවය කෙලසන අයට අපගේ අප්‍රසාදය පළ කරමු.

(***)



අදහස් (3)

පොලිසියේ ගෞරවය කෙලෙසන්නන් පිටු දකිමු

Nimal Sunday, 17 September 2023 10:28 AM

පොලිසියට ගෞරවය පිළිබඳව අංශු මාත්‍රයක්වත් අදහසක් තිබේද?

:       0       3

කළණසිරි ගජසිංහ Sunday, 17 September 2023 01:42 PM

ස්ථානාධිපති හොර අත්සන් ගහලා නෙවෙයිනේ... ස්ථානාධිපතිගේ අත්සන වෙනත් කෙනෙක් යොදලා දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරලනේ තියෙන්නේ. උසාවි රාජකාරි කරන කෙනා විතරයි දිවුරුම් පෙත්සම හදන්න දන්නේ. අනෙක් අය දන්නේ නැහැ. හදපු දිවුරුම් පෙත්සමට අත්සන ගන්නවත් ඒක අයිතිකාරයා නැහැ. දිවුරුම් පෙත්සම නියමිත දවසේ ඉදිරිපත් නොකළොත් නඩුව කපා හරිනවා. ඒක වළක්වාගන්න ඉතින් දිවුරුම් පෙත්සම හදපු උසාවි රාජකාරි කරන කෙනාම අත්සනක් යොදලා බාරදෙනවා. ඕකයි තත්වේ...

:       0       3

Don perea Tuesday, 19 September 2023 01:21 AM

ලෝක හොරු ඉන්න ලොකුම තැන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 45 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 734 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site