IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


පොලිස්පති පීල්ල මාරුකරයි

හරියටම දවස් 7 කට කලින් අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී, තමන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය පසුපස සිටින්නේ ඉන්දියාවේ රෝ ඔත්තු සේවය බවට ජනපති සිරිසේන මහතා චෝදනා කළ අවස්ථාව හැරෙන්නට කැබිනට් මණ්ඩලයේ අනෙක් කටයුතු සිදුවූයේ සාමාන්‍ය පරිදිය. ඒ හමුවේ සභාග රජයේ පාර්ශවකරුවෝ අවසානයේ දී එකිනෙකා හා සාමදාන වී ඇතැයි හැගීමක් දැනැවුණු අතර, ඉදිරියේ එන ජනපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය දක්වා වන කාලයේ සාමකාමී රාජ්‍ය පාලනයක් පවතිනු ඇතැයි එයින් ගම්‍ය විය.

නමුත් පිටතට පෙන්වනු ලැබුණු සාමාන්‍ය තත්ත්වයට පසුපසින්, දෙපාර්ශවය අතට අත දී සාමදාන වී ඇතැයි කැරුණු ඇඟවීමට යටින්, ජනපති සිරිසේන මහතා සහ අගමැති වික්‍රමසිංහ මහතා අතර අර්බුදයක් ඔඩු දුවමින් පැවැතිණ. ක්‍රිකට් ක්‍රීඩාවේ විස්සයි20 තරගයක් මෙන් පෙනෙන්නට තිබුණේ ජය - පරාජය, ගෙවෙන සෑම විනාඩියකදීම දෙපාර්ශවයට මාරු වෙමින් යන බවකි. දෙදෙන අතර අර්බුදය දිගහැරුණේ එළෙස ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඒ වන විටත් ගැටලු බොහෝමයක් පැන නැග තිබිණ. වික්‍රමසිංහ මහතා වෙනුවට පත්කරගත හැකි අගමැතිවරයකු ඔහු සොයමින් සිටියේ ය. 
ගෙවුණු සතියේ ඔහුට නැඟුණු ගැටළුව වූයේ එවන් අගමැතිවරයෙක් කොහෙන් සොයාගම් ද? යන්නය. නව ඇගමැතිවරයා සොයාගන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් ද? නැතහොත් දැන් තමාගේ මැදිහත්වීමෙන් සංවාදයක් ගොඩනැගී තිබෙන විපක්ෂ නායකයන් අතරින් ද? 

ජනපතිවරයාගේ පළමු විකල්පය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව නොලැබිණ. එයට හේතුව වූයේ අගමැතිවරයා ලෙස පත්කිරීමට සුදුසුයැයි නිගමනය කැරුණු පුද්ගලයින්ගේ ප්‍රතිචාරය “ඔව්” සහ “පස්සේ බලමු” යන වදන් අතර දෝලනය වීමය. වික්‍රමසිංහ මහතා වෙනුවට අගමැතිවරයා ලෙස පත්වීමට ඔවුන් පැකිළෙන බව පැහැදිලිව පෙනිණ.

පසුගිය සතියේ දිගහැරුණු සිදුවීම්වලින් ඒකාබද්ධ විපක්ෂයෙන් නව අගමැතිවරයකු තෝරාගැනීම කෙරේ ජනපති සිරිසේන මහතාගේ අවධානය යොමුව තිබෙනු පෙනිණ. ගැටලු බොහෝමයක් සම්බන්ධයෙන් මෛත්‍රී - මහින්ද මුහුණට මුහුණ සංවාදයේ දී දෙදෙන එකම ස්ථාවරයක සිටින බව පැහැදිලි වූ අතර, ජනපති සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතා සමග වූ සබදතාවය දිගටම පවත්වා ගත්තේ ය.

ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රතික්ෂේප කළ ද, දැන් අනාවරණයව තිබෙන්නේ හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක මහතා, ජනපති සිරිසේන මහතා පැමිණියායින් පසුව තම නිවසට පැමිණෙන ලෙස රාජපක්ෂ දෙසොහොයුරන්ට දැනුම් දී තිබෙන බවය. 

දෙපාර්ශවය අතර හමුව පැවැත්වුනේ මදක් ප්‍රමාදවීය. 

ජාතික ආරක්ෂාව පිළිබද පාර්ලිමේන්තු කමිටු රැස්වීමට සහභාගීවීමෙන් පසුව දිසානායක මහතාගේ නිවස වෙත පැමිණීමට නියමිත වූවද, ඊට ප්‍රථමයෙන් තම නිල නිවස වෙත ගොස් එතැන සිට පැමිණීමට ජනපතිවරයා තීරණය කළේය. මෙම කරුණු හේතුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයෙන් අවසන් වූ මෛත්‍රී - රාජපක්ෂ හමුව පැවැත්වුනේ රාත්‍රිී 8.00 ද පසුවීය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය ඒ වන විටත් මහින්ද රාජපක්ෂ මහතාට ජනපති සිරිසේන මහතා සමග සංවාදයක නිරත වීමට මනාපය ලබා දී තිබිණ. 

නව අගමැතිවරයකු යටතේ පත්වන නව එක්සත් ජාතික පක්ෂ රජයකට පාර්ලිමේන්තුවේ බහුතරය පහසුවෙන්ම දිනාගත හැකි බව පැහැදිලි විය. ඒ වෙනුවට විකල්පය, එනම් එක්සත් ජාතික පක්ෂයෙන් නව අගමැතිවරයකු සොයාගත නොහැකි වුවහොත් යන පැනය කුතුහලය දනවන සුලු විය. 

පාර්ලිමේන්තු සාමාජිකයන් 225 න්, බහුතරය වන 113 ක් දිනාගෙන වැඩබලන රජයක් පිහිටුවාගැනීමේ හැකියාව ඒකාබද්ධ විපක්ෂයට තිබෙන බව රාජපක්ෂ මහතාගේ අදහස විය. එය කෙසේ කළ හැකිදැයි දැනට පැහැදිලි නැති මුත්, අපට හොද විශ්වාසයක් තිබෙනවා යැයි එක් දේශපාලන ආංචි මාර්ගයක් පැවසී ය. 

නමුත්, මෙම විකල්පයන් ද්විත්වයම ජනපති ලෙස පත්ව වසර 3කට පසු දේශපාලන අර්බුදයකට මැදිව සිටි ජනපති සිරිසේන මහතාට අවදානම් සහගත ප්‍රවේශයන් විය. අවසානයේ දී ඔහු දැඩි තීරණයකට එළැඹ සිටින බව පෙනෙන්නට තිබිණ. 

දෙපාර්ශවය අතර සාමය ඇති කිරීම සදහා ජනපතිවරයාට යොදාගත හැකි නියමුවකු ලෙස තමන් හදුන්වාගත් එක්තරා කැබිනට් අමාත්‍යවරයකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය නැවත අත්වැල් බැදගැනීමට යොමු කිරීමට දැරූ උත්සාහයන් ජනපති සිරිසේන මහතා එකහෙළාම ප්‍රතික්ෂේප කළේ ය. 

කැබිනට් මණ්ඩලයේ දී විහිලුකාරයෙක් යැයි හදුන්වාදුන්න ද, තවමත් පොලිස්පති ජයසුන්දරව තනතුරින් ඉවත් කිරීමට නොහැකිව තිබීම හමුවේ ජනපතිවරයා සිටියේ අතිශය කණගාටුවට පත්වය. පසුගිය සතියේ ජේ්‍යෂ්ඨ පොලිස්පතිවරුන් සහභාගීව සිටි සම්මන්ත්‍රණයක් ඇමතූ ජයසුන්දර මහතා, සමහරු මාව ඉවත් කරන්න උත්සාහ කරනවා. නමුත් 2020 දී මගේ ධූර කාලය අවසන් වෙනකන් මම යන්නේ නැහැ යැයි කියා සිටියේ අවධාරාණාත්මකවය.

තමන් හා අමනාපයෙන් සිටි ජේ්‍යෂ්ඨ පොලිස් නිලධාරීන් සමග නැවත මිතුදම් ගොඩනගා ගැනීමට ජයසුන්දර මහතාට හැකිව තිබිණ. එවන් එක් නිලධරයකු වූයේ නියෝජ්‍ය පොලිස්පතිධූරයට උසස් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා හා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගැටුමට පැටළී සිටි කිළිනොච්චි ප්‍රදේශය භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතාය.

“පාලිත, පරණ තරහ අමතක කර දාන්න. මම ඔයාට පත්වීමක් දුන්නා” යැයි පොලිස්පති ජයසුන්දර මහතා සිරිවර්ධන මහතාට දුරකතනය ඔස්සේ පැවසුවේ ය. ඒ අනුව සිරිවර්ධන මහතා කෑගල්ල සහ අවිස්සාවේල්ල කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්වීම් ලැබුවේ ය. නමුත් පොලිස්පතිවරයා ජනපති සිරිසේන මහතා හමුවීමට ජනාධිපති මන්දිරය වෙත පැමිණිය ද ඔහුට එම අවස්ථාව නොලැබිණ. 

පොලිස්පතිධූරයේ දිගටම රැඳෙමින්, ඒ සදහා සටන් වදින ලෙස එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් කණ්ඩායම් ජයසුන්දර මහතාව උනන්දු කර තිබෙන බව දැන් බොහෝ දෙනා දන්නා දෙයකි. සිකුරාදා රැයේ තවත් නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇමතූ ඔහු, මචන් වැඬේ ඉවරයි නේ යැයි විමසුවේ ය. එම නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔහුගේ මිතුරකු හා කියා තිබුණේ එම ඇමතුම ලැබෙන තෙක් පුරා මාස 6 ක කාලයක් පොලිස්පති ජයසුන්දර තමා හා කිසිදු අදහස් දැක්වීමක නොයෙදුණු බවය.

හිටපු අගමැති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනපති සිරිසේන මහතා සමග කුමන ආකාරයකින් හෝ සාමයක් ගොඩනගාගෙන සභාග රජය ඉදිරියටත් පවත්වාගෙන යාමට තිබූ හැකියාව අවසානයේ දී ඉතාම දුෂ්කර කාර්යයක් බවටත් එතැන් සිට කිසිසේත්ම ඉටු කරගත නොහැකි කාර්යයක් බවටත් පත්විය.   

දෙදෙන අතර මෙම බෙදීම සිදුවූයේ ඔක්තෝබර් මස 16 වැනිදා පැවැති කැබිනට් රැස්වීමෙන් පසුවය. ඉන්දියාවේ රෝ ඔත්තු සේවය තමන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක පසුපස සිටින්නේයැයි ජනපතිවරයා චෝදනා කළේ මෙම රැස්වීමේදීය. එම තතු කෙසේ හෝ මාධ්‍ය වෙත නිදහස්ව තිබූ අතර, ඒ හමුවේ දැඩි අපහසුතාවයකට පත්වූ ජනපතිවරයාට තමන් එවැනි ප්‍රකාශයක් නොකළ බවට සඳහන් කර නිවේදනයක් නිකුත් කිරීමට පවා සිදුවිය. එතැනින් නොනැවතී, ඉන්දියානු අගමැතිවරයා සමග පෞද්ගලික දුරකතන සංවාදයක යෙදෙමින්, එවැනි ප්‍රකාශයක් නොකළ බව රාජ්‍ය නායක මට්ටමින්ම සහතික කිරීමට ද ජනාධිපතිවරයාට සිදුවිය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, ඉන්දියාව හා සමග එළැඹෙන ඒකාබද්ධ ගිවිසුමක් යටතේ සංවර්ධනය කිරීමට අගමැතිවරයා දැරූ උත්සාහය, දෙදෙන අතර බෙදීම තවදුරටත් පුලුල් කිරීමට හේතු වූ අනෙක් කාරණය විය. සන්ඬේ ටයිම්ස් දේශපාලන තීරුවලින් අනාවරණය කළ ආකාරයට එම ජනපතිවරයාගේ දැඩි තීරණය වූයේ නැගෙනහිර බහාලුම් පර්යන්තය කිසිදු පිටස්තර පාර්ශවයකට නොදිය යුතු බවය.

මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ ඇතිවූ අතිශය උණුසුම්කාරී වාතාවරණය සමනයවීමට මතතෙන්, කැබිනට් රැස්වීමෙන් දිනකට පසු, ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවීම සඳහා වික්‍රමසිංහ මහතා නවදිල්ලිය බලා ගියේ ය. එයින් පසුව සනිටුහන් වූ සිදුවීම් ජනපතිවරයා සහ අගමැතිවරයා අතර ගැටුම තවත් උග්‍ර කළා පමණක් නොව රටේ පැවැතුනු ආන්දෝලනාත්මක ගැටලුවලට ද නව මුහුණුවරක් එක් කිරීමට සමත්විය.

වික්‍රමසිංහ මහතාගේ සංචාරයෙන් පසු අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක් එම සිදුවීම්වලින් ප්‍රධාන විය. දෙදෙන අතර පැවැති සාකච්ඡාවේ දී 2017 අප්‍රේල් මාසයේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත වූ සංවර්ධන වැඩසටහන් තවමත් ප්‍රමාද වෙමින් තිබීම සම්බන්ධයෙන් ඉන්දියා අගමැතිවරයා කණගාටුව ප්‍රකාශ කළ බව එම නිවේදනයේ සදහන්ව තිබිණ.

එවන් නිවේදනයක් නිකුත් කිරීමට ප්‍රථමයෙන් අගමැතිවරයා, රටේ ජනපතිවරයා සහ රජයේ ප්‍රධානියා වන තමන්ව දැනුම්වත් කළ යුතුව තිබුණේ යැයි ජනපති සිරිසේන මහතාගේ අදහස විය. එය ජනපතිවරයාගේ විශේෂ අවධානයට ලක්වූයේ, දෙදෙන අතර පැවැති හමුව සම්බන්ධයෙන් ඉන්දියා අගමැති කාර්යාලය නිකුත් කර තිබුණු නිවේදනයේ, ඉන්දියානු අගමැතිවරයා සෘජුව කරුණු දැක්වීමක් නොකර තිබූ නිසාත් - එම නිවේදනයේ සැබෑ පණිවුඩය වටහාගැනීමට එය අවධානයෙන් යුතුව කියැවිය යුතුව තිබුණු නිසාත්ය. එනිසා අගමැති වික්‍රමසිංහ මහතා මෙවැනි නිවේදනයක් නිකුත් කළේ ඉන්දියාව හමුවේ තමන්ව අපහසුතාවයට පත්කිරීමට බව ජනපති සිරිසේන මහතා විශ්වාස කළේ ය.

කෙසේවුවත්, ඉන්දියානු අගමැතිවරයා සමග පැවැති හමුව සම්බන්ධයෙන් ජනපති සිරිසේන මහතාව දැනුම්වත් කිරීමට, වික්‍රමසිංහ මහතා, පසුගිය සදුදා උදැෑසනම පියවර ගත්තේ ය. මලික් සමරවික්‍රම, අර්ජුන රණතුංග සහ සාගල රත්නායක යන එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරු ද ඔහු සමග පැමිණ සිටියෝ ය. 

පැවැත්වුනු සාකච්ඡාව සම්බන්ධයෙන් දැනුම්වත් ආරංචි මාර්ගයන් සදහන් කළ ආකාරයට, ඉන්දියානු අගමැතිවරයාට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාවේ නායක දෙපළ (ජනපතිවරයා සහ අගමැතිවරයා), ඔහු සම්බන්ධයෙන් නොපහන් සිතකින් සිටින්නේ ද සහ ඔහුගේ රජය සමග වැඩකටයුතු කිරීමට අකමැත්තෙන් සිටින්නේ ද යන්නත්, එය එසේ නම් සහ යම් වරදක් සිදුව තිබෙන්නේ නම්, එවැන්නක් සිදුවීමට ඉඩ හැරීමේ තමාගේ කිසිදු අරමුණක් නොතිබූ නිසාවෙන්ම ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටීමට බවත්, වික්‍රමසිංහ මහතා ජනපති සිරිසේන මහතා හමුවේ පැහැදිලි කර තිබේ. විදෙස් සබදතා සැළකීමේ දී, ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩි කාලයක් කැප කිරීමට තමා කටයුතු කළ බව ද ඉන්දියානු අගමැතිවරයා පවසා ඇත.



අදහස් (0)

පොලිස්පති පීල්ල මාරුකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 470 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 376 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 291 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1405 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 73 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 674 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 571 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1174 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site