IMG-LOGO

2024 ජුනි මස 25 වන අඟහරුවාදා


පාරේ ඇවිද්ද ඇමැති

නියගින් නම් අඩුවක් නැත. සද්දන්ත ජලාශවල පතුළටම ඇවිදගෙන යමින් කාවයියන්, මගුරන් දඩයම් කිරීමටත් වැව්පිටිවල බෝල ගැසීමටත්, කොල්ලො කුරුට්ටෝ පෙළඹෙති. අවශ්‍ය නම් මේ දිනවල වැව්පිටිවල ගොල්ෆ් කී‍්‍රඩාංගණ තැනීමේ සංකල්පනා කෙනකුට ඇතිකර ගත හැක. දේශපාලනය කරන අයට නම් නියඟ වුව ද තමන්ගේ වාසියට හරවාගත හැකිය. තවත් කොටසකට ආණ්ඩුව පතුරු ගැසීමට වුව ද  නියඟ මාතෘකාවක් වේ. ජනතාව අතර නොසිට කොළඹට වී විවිධ විකාර වැඩවල නිරතව සිටි අයට නියං සමයේ හිටි හැටියේ අත වන වනා ගමට යනවාට වඩා නියං ආධාර සමඟ යෑම නම් ගුණදායක ය. ආරක්‍ෂාකාරීය. මෙම නියඟයට ගොදුරු වී ඇති සමහර ජලාශ පසුගිය අපේ‍්‍රල් මාසයේ වැස්සට වාන් දැමූ එ්වා යැයි කියාවි. එය සත්‍යයක් නම් මාස එකහමාරක් ඇතුළත මේ ජලාශ සිඳී ගියේ ඇයි? නියෙඟ් දරුණුකම නිසා ද ? ජලාශ ගොඩ වෙලා ද ? ගොඩ වීමක් වුව ද සිදු වන්නේ කලක සිටය.  සමහර ජලාශ මීට ඉහත මෙතරම් වේගයෙන් නොසිඳුණේ ඇයි? නියඟය ගැන මෙසේ ප‍්‍රශ්න කරන අය ද සිටිති. මඩ සෝදාගත් කළ ගොවියා රජකමට සුදුසු යැයි කියැවේ. රොබට් නොක්ස් මෙසේ කීවේ රජ පෙළපත හා සම්බන්ධතා පැවැති උඩුනුවර හා යටිනුවර ගොවියන් ගැන සිතීමෙනි. එහෙත් දැන් එය රටට ම ආදේශ වී තිබේ. එහි වරදක් නොවන්නේ ගොවියා අන්දන්නේ නැත්නම් පමණි. එදා කීවේ ”දැන වෙළෙඳාම්- නොදැන ගොවිතැන්” කියලාය. එහෙත් අද නොදැනුවත්ව ගොවිතැන් කළ නොහැක. වතුර නිකුත් කරන දින වකවානු මෙන්ම ප‍්‍රමාණයන් ද දැනගෙන ගොවිතැන් කළ යුතු වේ. නොඑසේ නම් ගොවියාට සිදුවන්නේ රජවීම කෙසේ වෙතත් මඩ කන්නය. පසුගිය සමයේ ගොවි සංවිධාන මඟින් දෙනු ලබන ප‍්‍රායෝගික උපදේශ ගැන එතරම් තැකීමක් කළ පාටක් නොපෙනේ යැයි කියැවේ. එසේ වූවා නම් මෙසේ වන්නේ නැතැයි ද ඔවුහු සඳහන් කරති. ජලය ප‍්‍රමාණයටත් වඩා පිට කිරීම නිසා මේ තත්ත්වය උද්ගත වූ බව සමහරු කියති. ඒවා ප‍්‍රතිගාමී කතා ද, ප‍්‍රගතිශීලි කතා ද, මෝඩ කතාදැයි කියන්න දන්නේ නැත. කෙසේ නමුත් නියඟ වැනි ස්වභාවික  උවදුරු කැබිනට් පති‍්‍රකාවකින් නතර කළ නොහැක. මේ රටේ වාරි යෝජනා ක‍්‍රම නඩත්තුවට හා ජල කළමනාකරණයට පසුගිය වසරේ වැයකර ඇති මුදල රු. බිලියන 2.3කි. ජල කළමනාකරණය හා වාරි අංශයේ ආයෝජනය රු. බිලියන 16.2කි. (රු. කෝටි 1602කි.) එම වර්ෂය සඳහා අදාළ සමස්ත ක්ෂේත‍්‍රයට වැයකළ මුදල් සම්භාරය රු. බිලියන 19කි. කෝටි 1900කි. 2010ට සාපේක්‍ෂව ද දක්නට ලැබෙන්නේ මෙම වියදමේ වර්ධනයකි. මේ නිසා ඉතා වේගයෙන් අපේ ජලාශ සිඳී යෑමත් ඒ ආශි‍්‍රත ප‍්‍රශ්න සම්බන්ධයෙනුත් නිවැරදි පැහැදිලි කිරීමක් අවශ්‍යව තිබේ. නියඟය ස්වභාවිකය. ඊට අපට කළ හැකි දෙයක් නැත යන්න කීමෙන් පමණක් ගොවි ජනතාවත් රටේ සමස්ත ජනතාවත් සෑහීමකට පත්වන බවක් නොපෙනේ. කෘෂිකර්මය ගත්තත් එසේය. දෙන උපදෙස් පිළිපදින්නේ නැතැයි කෘෂිකර්ම උපදේශකයකු වන ආචාර්ය හේමකුමාර නානායක්කාර සිය තනතුරින් ඉල්ලා අස්වී ඇත. හේමකුමාර කෘෂිකර්මය පැත්තෙන් එසේ මෙසේ බඩුවක් නොවේ. වැඬේ දන්නා කෙනෙකි. කෘෂිකර්මය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති අයෙකි. දැන්වත් ඔහු සමඟ කතිකාවතකට යෑමෙන් කිසිවකුට අවැඩ වන්නේ නැත. එ් ඉල්ලා අස්වීම කෘෂිකර්මය පදනම් කරගෙනද දේශපාලනය පදනම් කරගෙනදැයි සඳහන් කිරීමට කල්මදිය. කෙසේ නමුත් කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ ද යම් අර්බුදයක් පවතින බව පෙනේ. රටේ දළ දේශීය නිෂ්පාදිතයට අනුව එහි වර්ධනය 1.5%කි. එය පසුගිය වසරේ 7%ක වර්ධනයට සාපේක්‍ෂව පසුබෑමකි. නියඟ, වැස්ස හා ගංවතුර, වගා හානි ආදී සුපුරුදු නිලධාරීවාදී උත්තර මේවාට  ඕනෑ තරම් තිබේ. කවදත් වැමෑරුවේ මේ වචනමය. එහෙත් මේ පසුබෑම දක්නට ලැබෙන්නේ පොහොර සහනාධාරය සඳහා පමණක් රු. දශ ලක්ෂ 42,036ක් 2011 වසරේ වැය කළ රටකය. කෘෂිකර්ම අංශය සඳහා වූ සමස්ත රාජ්‍ය වියදම 2011 රු. දශ ලක්ෂ 50,184කි. මේ වසරේ වෙන් කිරීම මීටත් වඩා වැඩිය. හදිසියේ නින්දෙන් අවදි වූවා සේ කුණ්ඩසාලේ බීජ ගොවිපළ ගැන පමණක් කතා කිරීමෙන් කෘෂිකර්මය ඔටෝ පිබිදෙන්නේ නැත. උපදේශකයෝ සිටිත්. ඉවත් වුණත්, රටේ නායකයා කවුරු වුනත්, ඔහුට මේ හැම දෙයක් ගැනම සොයාබැලිය නොහැක. හොඳ මිලක් ලැබී ගොවියාගේ රජවීම කෙසේ වෙතත් කමතට පැමිණ සාධාරණ ලෙස වී මිලයට ගන්නා හොඳ යුගය උදාවූයේ ද වත්මන් පාලනය යටතේය. නියඟ කෘෂිකර්ම හා වාරිමාර්ග ක්ෂේත‍්‍රයට පමණක් නොව රටේ අඛණ්ඩ විදුලිබල සැපයුමට ද ඍජු බලපෑමක් එල්ලකරයි. එහෙත් පැය 24 පුරාම විදුලිය සැපයීමට අදාළ බලධාරීහු සමත්ව සිටිති. දකුණු ආසියාවේ කිසිම රටක අඛණ්ඩ විදුලිය සැපයුමක් නැත. අපේ රටේ නිවාසවලින් සියයට 92කට විදුලිබල පහසුකම් ලබා දී තිබියදීත් අඛණ්ඩ විදුලි සැපයුමක් සිදු කිරීම ජයග‍්‍රහණයකි. සාක් කලාපයේ රටවල විදුලිය කප්පාදුව දෙස බලන විට මෙය තවත් කැපී පෙනේ. ඉන්දියාවේ විදුලිය සපයා තිබෙන්නේ අවශ්‍යතාවෙන් සියයට 60කි. ඉන් කප්පාදුව සියයට 14කි. බංගලිදේශයේ සියයට 50ක විදුලිය සැපයුමෙන් කප්පාදුව සියයට 35කි.  අපට  මෙය, එය විජයග‍්‍රහණයක් නොවන්නේ වැඩි වශයෙන් ඛනිජ තෙල්වලින් විදුලිය නිපදවෙන නිසාය. ඊට ද වගකිව යුත්තේ 1985 සිට මේ දක්වා ද විශේෂයෙන් 2005 දක්වා ද මේ රටේ කි‍්‍රයාත්මක වූ කබල් දේශපාලන තීන්දුය. මේ රටේ ජල විදුලියට යා හැකි උපරිම දුර ගැන අනාවැකි පළවූයේ 1985 සිටය. මහවැලියේ අවසන් අදියරේය. ගල් අඟුරු බලාගාර ගැන කතා වන්නේ එදා සිටය. එහෙත් විශේෂඥ උපදෙස් තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැත. ඛනිජ තෙල් හැරුණු විට අපට ඇති ලාබම බලශක්ති ප‍්‍රභවය ගල් අඟුරුය. නැතිනම් පරමාණු බලශක්තියයි. පරමාණු ගැන කතා කරන විටත් අපේ අයගේ දනිස් පණ නැති වන නිසා ගල් අඟුරු වඩාත් යෝග්‍යය. නොරොච්චෝලේ බලාගාරය ඉදිවී එහි ප‍්‍රතිඵල බුක්ති විඳීමට තිබුණේ මීට වසර 10කට පෙරයි. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ 2005 බලයට එන තුරුම එහි වැඩ කටයුතු ඇරඹීමට වත් නොහැකි විය. ඊට හේතුව කලට වේලාවට නිසි තීන්දු නොගන්නා දේශපාලනයයි. එ් අතින් නම් මේ ජනාධිපතිවරයා වත්මන් විදුලි අර්බුදයේ වැය පාර්ශවයේ වගඋත්තරකරුවකු වන්නේ නැත. අද මේ රටේ ඛනිජ තෙල් බිල රු. බිලියන 5,000කට අධිකය. එය රටේ සමස්ත ආයෝජන වටිනාකමින් 20%කට අධිකය. මින් අඩකට වඩා වැයවන්නේ විදුලිය නිෂ්පාදනයටය. මේ වන විට ජලයෙන් විදුලිය නිපදවිය හැකි ප‍්‍රමාණය සමස්ත ධාරිතාවෙන් 13% දක්වා අඩු වී තිබේ. ඉදිරියේ දී මෙය 10% දක්වා වුව ද අඩු විය හැකි ය. පසුගිය වසර 11 තුළ සාමාන්‍ය වර්ෂාපතනය මඟින් වසරකට ගි. වොට් පැය 3,588ක් ලබාදුණි. එහෙත් 2011 මැයි 31 සිට 2012 මැයි 31 දක්වා කාලය තුළ ලැබී ඇත්තේ ගෙ.වො. පැය 2,261කි. මේ රටේ බලශක්තිය නිපදවීමේ කි‍්‍රයාවලියට මහවැලිය ද එක්වීමෙන් පසුව ලැබුණු පහළම ජල සැපයුම මෙය විය. මේ නිසා නියඟයේ තරම පැහැදිලිය. එදා දකුණු ඉන්දියාවට ද විදුලිය දිය හැකි යැයි කීවා අපට මතකය. එවිට මේ ක්ෂේත‍්‍රයේ විද්වතුන් කීවේ හෙට දවසේ ජලය නොවන වෙනත් විකල්ප බලශක්තිවලට යෑම දැන් සිටම ඇරඹිය යුතුය කියලාය. අපේ දේශපාලඥයන් ගණන් නොගත්තේ  ද එයමය. 2012 නියග ගැන ද මෙවන් අනාවැකි පළවිය. එම අනාවැකිවලට ගරු කරමින් ඊට අනුරූපව තම සැලසුම් සකස් කරගත් දේශපාලනඥයකු වර්තමානයේ මේ ක්ෂේත‍්‍රයේ සිටීම පැසසිය යුතුය. ඔහු විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවකය. අමාත්‍ය චම්පික සිය බලශක්ති සංරක්‍ෂණ සැලැස්ම ඉදිරිපත් කරන විට මේ නියෙඟ් ලකුණක්වත් තිබුණේ නැත. සත්‍යවශයෙන්ම ඔහු ඒ බව සඳහන් කළේ ධාරානිපාත වැස්සේ ය. හෙතෙම එය ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකට සීමා කළේ ද නැත. ප‍්‍රායෝගික වැඩ පිළිවෙළකට පරිවර්තනය කළේ ය. මේ නිසා ”මිහිකත හෝරාවේ දී පමණක්” පැයක් ඇතුළත මෙ: ටො: 133ක් ඉතිරි කර ගැනීමට සමත් විය. ඔහු විදුලි සංරක්ෂණ වැඩ පිළිවෙළ හරහා ඇමතුවේ පාසල් දරු දැරියනටය. මේ අනුව විදුලි සංරක්‍ෂණය ප‍්‍රායෝගික ව නිවස තුළට ගෙනයාමේ නිලය ඔහු හඳුනාගෙන තිබුණි. අවසානයේ තම වැඩපිළිවෙළ උදෙසා චම්පික රණවක අමාත්‍යවරයා කොළ මිටියක් රැගෙන පාරටම බැස්සේය. කටුබැද්ද විශ්වවිද්‍යාල මණ්ඩපයේ උපාධිය හැදෑරු විදුලි ඉන්ජිනේරුවරයකු වන චම්පික වැඬේට ගැළපෙන මිනිසා වනවාට අමතරව ඔහු සරසවි යුගයේ සිටම පෙරළිකාරී චරිතයකි. දේශීය චින්තනය පදනම් කරගත් ප‍්‍රායෝගික දේශපාලනඥයෙකි. මේ නිසා කොළමිටියක් රැුගෙන පාරට බැසීමට ඔහුට වැඩි අමාරුවක් නැත. ශිෂ්‍ය අවදියේ තම දේශපාලන මතවාදය බෙදා හරින ලද චම්පික අද බස්රථ, කාර්යාල, හා ජනතාව එක් රැස්වන හන්දි ගානේ අත්පති‍්‍රකා බෙදමින් විදුලි සංරක්‍ෂණ වැඩ සටහනකට ජනමතය සකසමින් සිටින්නේ ඔහු මේ ආණ්ඩුවේ වගකීමක් කරටගත් ඇමැතිවරයකු වීම නිසාය.  මෙය වත්මන් දේශපාලන චක‍්‍රය තුළ සුවිශේෂී සිදු වීමකි. ඔහුට අවශ්‍යව ඇත්තේ පාරට බැස හෝ විදුලිය ඉතිරි කරවීමට ජනතාව පෙළඹවීමටයි. අදාළ කාරණය උදෙසා මේ මොහොතේ කළ හැකි වෙන කිසිවක් නැත. ඔහු එ් සඳහා උපරිමයෙන් කැප වී සිටී.  සාමාන්‍යයෙන් විදුලිය ගැන කතා කරන විට විදුලි බිල මතක් වේ. බිල මතක් වූ සැණින්ම ජනතාවගේ පිත ඇවිස්සේ. එතකොට නම් පාරට බැස තනිපංගලමේ යන ඇමතියකුට වුවද නෙළන්නට තරම් ඇතැම් කෙනකුට සිතක් ඇති විය හැක. අඩුම ගානේ ලූණු ඇඹුල් ඇතුව කතා කරන්නටවත් නොසිතෙන්නට විදියක් නැත. එහෙත් රු. 16.74කට අලෙවි කරන්නේ ආණ්ඩුව රු. 28.27කට නිපදවන විදුලි ඒකකයක් බවත්, මේ ඇමැතිවරයා උත්සාහයෙන් යමක් කරන අවංක කෙනෙකු බවත් ජනතාව ඉවෙන් මෙන් හැඳිනගෙන සිටී. ඒ නිසා විදුලිය ගැන කතා කළත් ඔහුට ජනතාව අතරින් බාධක මතු නොවේ. මේ නිසා අත්පති‍්‍රකා රැගෙන යෑමට අමාත්‍ය චම්පික රණවකටත්, ඩෙංගු පෝස්ටර් පාරේ කඩමන්ඩියක බිත්තියේ ඇලවීමට අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේනටත් හැකි වී තිබේ. ගන්නවා නම් ආදර්ශ මේවාය. ඔය කිව්වට මොනවද විදුලියේ ඉතිරි කරගෙන තියෙන්නේ? කෙනකුට ප‍්‍රශ්න කළ හැකිය. වෙන විධියකට එවන් ප‍්‍රශ්නවලින් කියැවෙන්නේ ඇමතිවරුන් පාරේ ඇවිද්දට විදුලියේ මොනවද ඉතිරි වෙන්නේ කියලා ය. රටේ යම් යම් තැන්වල සිදුවන නාස්තියත්, අනවශ්‍ය ලෙස දැල්වෙන විදුලිපහන් දෙසත් බලන කෙනකුට මෙවන් සාධාරණ ප‍්‍රශ්නයක් මතු වේ. සත්‍ය වශයෙන් සංදර්ශනවල අනවශ්‍ය ලෙස දැවී යන විදුලි බුබුළුවල සීමාවක් නැත. සාමාන්‍යයෙන් 2011 වසරේ දෛනික විදුලි අවශ්‍යතාව මෙ: ටො: 2000කි. මේ වසරේත් එම ප‍්‍රමාණයම නඩත්තු කරමින් සිටින්නේ වැඩිවන ලක්ෂ දෙක හමාරක 3ක විදුලි ඉල්ලූමත්, නියඟය නිසා වැඩි වන විදුලි පරිභෝජනයක් සමඟ ය. මෙම සංරක්ෂණ වැඩ පිළිවෙළ නොතිබෙන්නට මේ වන විට රු. ද. ල. 17,000ක් පමණ වටිනාකමක් ඇති විදුලිය සැපයුමක් පෞද්ගලික අංශයෙන් ලබා ගැනීමට සිදු වන බව විදුලි මණ්ඩලය සදහන් කරයි. අඳුරට සාප කරනවාට වඩා ඉටිපන්දමක් දැල්වීම යහපත් ය. වත්මන් බලශක්ති අඳුරේ අමාත්‍ය චම්පිකගේ දැල්වීම ඉටිපන්දමකටත්, හුළු අත්තකටත් වඩා ආලෝකවත්ය. සිඳීයන ජලාශය හා පිදුරු බවට පත්වන ගොයම් කරල් ගැනද අදාළ බලධාරින්ට මෙවන් කල්පනාවන් ඇතිවෙන්නේ නම් රටට වැඩදායකය.

වසන්තපි‍්‍රය රාමනායක



අදහස් (0)

පාරේ ඇවිද්ද ඇමැති

හමීඩ් Saturday, 30 June 2012 11:48 AM

වන සම්පත රැක ගනිමු..

:       0       0

අචිනි Saturday, 30 June 2012 12:35 PM

මේ පයින් ඇවිදීමේ ව්‍යාපෘතියේ වියදම කීයද දන්නවද ???

:       0       0

පුන්ච Saturday, 30 June 2012 06:07 PM

නැ නේ අචිනි ඔයා දන්නවද ?

:       0       0

අජව්ක Saturday, 30 June 2012 11:42 AM

ජල සම්පත රැක ගැනිමටනම් වන සම්පත රැක ගත යුතුය.. හැමෝම එකතුවෙලා වන සම්පත විනාශ කරන කොට මෙවැනි ඇමති වරයෙක් කරන උතුම් ක්‍රියාවල ප්‍රතිඵල අවම වේ. මෙතුමට පරිසර ඇමති කමක් දුන්නනම් තමා වටිනාකම තියෙන්නෙ..

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රේමදාස දස වත
2024 ජුනි මස 24 227 0

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස සියවැනි ජන්ම සංවත්සර සැමරුම (1924 -2024) ඊයේට (23) යෙදී තිබුණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අර්බුද විසඳීමට සම්මුති අවශ්‍යතාව
2024 ජුනි මස 24 69 0

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නිගමනය පිළිබඳව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද ආන්


තෙල් සංස්ථා වංචාව වසර 8 ක්ම යටගැහීම
2024 ජුනි මස 24 108 0

වංචාවක් සිදුකිරීම බරපතළ වැරැද්දකි. එයින් රජයට සිදුවන පාඩුව මකා ගැනීමට එම පාඩුව ජනතාවගේ කර මතට බද්දක් වශයෙන් පැනවීම තවත් වංචාවකි. මේ දෙකම තෙල් සංස්ථාවේ


පාස්කු දා ප්‍රහාර පරීක්ෂණ
2024 ජුනි මස 22 174 0

2019 පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ඉකුත් 12 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරන ලද පරීක්ෂණ කමිටුව එ


ප්‍රමිතියෙන් තොර ඖෂධ නිකුත් කිරීම ජාතික අපරාධයක්
2024 ජුනි මස 22 107 1

පොසොන් පුර පසළොස්වක පොහොය දිනයට පසුදින වුවද අපට ලිවීමට සිදුවී තිබෙන්නේ සිත් නිවී සැනසීම් බවට පත් කරන කරුණක් නොව සිත් කීරිගස්වන්නට හේතුවන භීතිය අවුළු


බොහෝ පව්කම් කුසලයෙන් වැසීයයි
2024 ජුනි මස 21 307 0

සියලු පව්කම් නොකළ යුතු බවත් උතුම් කුසල ධර්මයේ යෙදිය යුතු බවත් සියලු බුදුවරයන් වහන්සේගේ උතුම් බුද්ධ වචනය බව බොහෝ දෙනා දන්නා කරුණකි. ව්‍යවහාරික සමාජයේ ස


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 226 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1440 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3218 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site