IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


පරෙස්සමෙන්, කොළඹ කුණු කෑම

කොළඹ මහ නගර සභා සීමාව තුළ පවත්වාගෙන යනු ලබන හෝටල් සහ ආපනශාලාවල ආහාර සාම්පල්/නියැදී පරීක්‍ෂාකිරීමේදී, පරීක්‍ෂා කළ දෙදහසක නියැදි ප‍්‍රමාණයෙන් සියයට 33ක් පමණ භාවිතයට නුසුදුසු තත්ත්වයේ ඒවා බව තහවුරු වී තිබේ. කොළඹ මහ නගර සභා සීමාව තුළ ඇති හෝටල් සහ ආපනශාලාවලට 2012 වසර සඳහා වෙළෙඳ බලපත‍්‍ර නිකුත් කිරීමට පෙර සිදුකළ වැටලීම්වලදී මෙම කරුණු අනාවරණය වී ඇත. වෙළෙඳ බලපත‍්‍රයක් ලබාැනීමට ආපන ශාලාවලින් සහ හෝටල් වලින් සම්පූර්ණ කළ යුතු කරුණු ගණනාවකි. එහිදී ප‍්‍රධාන වශයෙන් සලකා බලන කරුණු වනුයේ, ආහාර පිසීමට භාවිතා කරනා ජලය, ප‍්‍රධාන ජලනළ පද්ධතියෙන් ලබා ගන්නේද සකස් කරනා අහාර සහ පාන වර්ග පිරිසිදු අමුද්‍රව්‍ය භාවිතයෙන් පිළියෙල කරන්නේද සහ ආහාර පිළියෙල කරනා සහ පිළිගන්වන සේවක පිරිස, යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින්නේ ද යන්න සලකා බැලීමය. මීට අමතරව වෙළෙඳ බලපත‍්‍රය නිකුත් කිරීමේදී හෝටලය හෝ ආපනශාලාව පවත්වාගෙන යන ගොඩනැගිල්ල නාගරික සංවර්ධන අධිකාරියේ සහ කොළඹ මහ නගර සභාව තුළ ලියාපදිංචි කර තිබෙන්නේද යන්නද සලකා බැලේ. මීට අමතරව වෙළෙඳ ව්‍යාපාරය පවත්වාගෙන යන ගොඩනැගිල්ල ජාරාවට පත්නොවූ, අබලන් නොවූ හොඳ තත්ත්වයෙන් ඇද්ද යන්නත් සොයා බලනු ලැබේ. ආහාර පිසීමටත්, ආහාර පිළිගැන්වීමටත් පාරිභෝගිකයන්ට භාවිතා කිරීමටත් ලබාදෙන සියලූ උපකරණ භාවිතයට සුදුසු ඒවාද යන්නද සොයා බැලීමට සිදුවේ. ඊට අමතරව හෝටලය හෝ ආපන ශාලාව පවත්වාගෙන යනු ලබන ගොඩනැගිල්ල වාතාශ‍්‍රය ඇති හිරු එළිය හොඳින් ලැබෙන ස්ථානයක්ද යන්නද සලකා බලන කරුණු අතර වේ. වෙළෙඳ බලපත‍්‍රය ලබා දීමේදී ව්‍යාපාරය කරගෙන යන ස්ථානයේ සහ ආපනශාලාව තුළ  කැරපොත්තන්, මීයන්, හූනන් වැනි කෘමි සතුන් ඇද්ද යන්නද සළකා බලනු ලැබේ. සේවකයන්ට භාවිතා කිරීමට හා පාරිභෝගික පාවිච්චිය සඳහා ඇති වැසිකිළි සහ සනීපාරක්‍ෂක පහසුකම් පිරිසිදු  තත්ත්වයෙන් ඇද්ද යන්නද සොයා බලනු ලැබේ. ආහාර පිසීමටත්, පාරිභෝජනය සඳහාත් භාවිතා කරනා ජලය, ප‍්‍රධාන ජලනළ පද්ධතියෙන් ලබා ගන්නා ජලය විය යුතුය. භූතගත ජලය ලබා ගැනීමෙන් ආහාර පිසීම හෝ භාවිතය සිදුකිරීම රෝග බෝවිය හැකි බැවින් එලෙස ජලය භාවිතා කිරීම වෙළෙඳ බලපත‍්‍ර නොලැබී යෑමට පවා බලපාන කාරුණකි.2000 වසරේදී භූගත අපිරිසිදු ජලය භාවිතයෙන් ආහාර පිසූ බවට සියයට පහයි දශම පහක් (5.5%)  ප‍්‍රමාණයක් වාර්තා වී තිබුණද, වර්තමානය වන විට භූගත ජල භාවිතා කරන ප‍්‍රමාණය සියයට එකකටත් අඩු ප‍්‍රමාණයක් ලෙස සටහන් වී තිබේ. ක‍්‍රියාත්මක කළ යුතු නීති රීති පැනවීම තුළින් මෙම තත්ත්වය ළඟාකරගෙන ඇත. හෝටල්වල සහ ආපනශාලාවල සේවය කරනා සේවකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක ඇතිද යන්නද වෙළෙඳ බලපත‍්‍රය ලබා දීමේදී සලකා බලන කරුණු අතර ප‍්‍රධාන වේ. සේවයේ නියුතු සේවකයන්ට සම ආශ‍්‍රිත කුෂ්ඨ, සුව නොවන තුවාල, දිලීර ආසාදන, හෙපටයිටිස් ඒ වැනි අපිරිසිදු ජලයෙන් සහ ආහාර හා ජලය මගින් ඇති වන රෝග, සැල්වොනෙල්ලා විසබීජය ශරීරගත වී ඇද්ද යන්නත්, බාහිර පාර්ශවයට පැතිරිය හැකි උගුරේ ආසාදන තත්ත්වයන් තිබේද යන්න, වෛද්‍ය පරීක්‍ෂණවලට ලක්කර සොයා බලනු ලැබේ. මෙහිදී සේවයේ නියුතු සේවකයන්ගේ රුධිරය සහ නාසයෙන් ලබාගන්නා ශ‍්‍රාවයන් රසායනාගාර පරීක්‍ෂාවට ලක්කෙරේ. සේවයේ නියුතු සේවකයන්ගෙන් සියයට තුනක් බෝවන රෝගී තත්ත්වයෙන් පෙළෙන බව, කොළඹ මහ නගර සභාව මගින් සිදුකරනා හදිසි වැටලීම් වලින් අනාවරණය වී තිබේ. මෙම කරුණු සියල්ල සැලකිල්ලට ගෙන බැලීමේදී වෙළෙඳ බලපත‍්‍රය දීමට කිසිසේත්ම නුසුදුසු ආපන ශාලා සහ හෝටල් දෙසීයක් පමණ කොළම මහ නගර සභා සීමාව තුළ ඇති බව කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප‍්‍රදීප් කාරියවසම් මහතා අප කළ විමසුවකදී කියා සිටියේය. බොහෝ හෝටල් සහ ආපනශාලාවල ආහාර පිසීම සඳහා භාවිතා කරනා තුනපහ වර්ග නියමිත පරිදි පිරිසිදු නොකර, ආවරණයක් නොමැතිව හිරු එළියේ වේලා, කුඩුකර භාවිතා කරනා ඒවා බව ද දුවිලි තට්ටු පිටින් ඇති බවද වැටලීම් වලදී තහවුරු වී තිබේ. කොළඹ මහ නගර සිමාව තුළ ඇති සම්පූර්ණ හෝටල් සහ ආපනශාලා ප‍්‍රමාණය හත්සියය පනහක් අටසීයයක් පමණ වේ. මෙලෙස ගණනය කර තිබුණද, වෙළෙඳ බලපත‍්‍රය ලබා ගැනීමට සුදුසුකම් සැපුරූ වෙළෙඳ ව්‍යාපාර ගණන පන්සියයක් පමණ වන බවත්, තුන්සියයකට ආසන්න ප‍්‍රමාණයක් නුසුදුසු මට්ටමේ ඒවා බවද තහවුරු වී තිබේ. සුහදශීලි පිළිගැනීම. නෙක නෙක වර්ණ යොදා අලංකාර කර තිබීම හෝ මුහුණ බැලීමට තරම් දිලිසෙන පොලොව පිරිසිදු කර තිබුණද බොහෝ ආපනශාලා හා හෝටල්වල ආහාර පාන පිළියෙල කරනා මුළුතැන්ගෙය සේවකයන් භාවිතා කරනා වැසිකිළි ආදිය මිහිපිට අපායක් යැයි වැටලීම් සිදුකළ බොහෝ අවස්ථාවලදී අනාවරණය වී තිබේ. එම නිසා ඔබ යම් මුදලක් වියදම් කර විවේකී, විනෝදයෙන් සිට ආහාර වේලක් ලබා ගැනීමට ගොඩවදිනා හෝටලය හෝ ආපනශාලාව කුමන තත්ත්වයකද යන්න, පාරිභෝගිකයා වශයෙන් මෙන්ම රටේ පුරවැසියන් ලෙසද දැන ගැනීමට ඔබට අයිතියක් ඇත්තේය. ආහාර පිළිගන්වන සේවකයින් නියමිත නිල ඇඳුමකින් සැරසී ඇත්නම්, කෑම ගැනීමට ඇති මේස පුටු ආදිය සේම, ආහාර ගන්නා ස්ථාන පිරිසිදුව ඇත්නම්, එය අප ගොඩ වදිනා ආපන ශාලාවේ හෝ හෝටලයේ හෝ තත්ත්වය මැන ගත හැකි සරල හා පහසු ක‍්‍රමයකි. මහජනතාව දැනුවත් විය යුතු තවත් ප‍්‍රධානම කරුණක් වනුයේ, කුමන හෝ ස්ථානයකින් මුදලක් ගෙවා ලබා ගන්නා ආහාර පාන පරිභෝජනයට සුදුසු තත්ත්වයේ නොමැතිනම්, වගකිව යුතු ස්ථානයන්ට දැනුම්දීම මහජනතාවගේ වගකීමකි. එසේ නොමැතිව මිලදී ගත් ආහාරය පිළුණු වී ඇතිනම් කල් ඉකුත් වී ඇතිනම් හෝ ගබඩා කිරීමේදී නිසි පරිදි නොකිරීමෙන්, ආහාර පාන පරිභෝජනයට ගත නොහැකිනම්, එය මිලදී ගත් ආපනශාලාවෙන්, හෝටලයෙන් හෝ වෙළෙඳසැලෙන් මිලදී ගත් ද්‍රව්‍යයෙහි විකුණුම් මිල ලබා ගැනීමට උත්සාහ ගැනීම ජනතාව අතින් සිදුවන විශාල වරදකි. එසේ කිරීමෙන් එක් පුද්ගලයෙකුට හානියක් සිදුනොවී, වාසියක් සිදුවුවද තව බොහෝ පිරිසකට සිදුවිය හැකි අවදානම් තත්්ත්වය වැළකී යන්නේ නැත. (විශේෂ ස්තූතිය කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප‍්‍රදීප් කාරියවසම්)

සටහන  -  අසුන්තා එදිරිසූරිය



අදහස් (0)

පරෙස්සමෙන්, කොළඹ කුණු කෑම

පුංචා Monday, 02 July 2012 02:04 PM

ඊයා පණුවෙක් නේද ?? කමක් නෑ....කිරි රහට හැපෙයි..

:       0       0

සෙනූෂ් Monday, 02 July 2012 02:49 PM

ඕව කොහොමත් කුණු ගොඩවල් නේ...

:       0       0

එස්.පී. Tuesday, 03 July 2012 02:56 PM

ආයෙ පිටිපස්සට යන්න ඕන නැහැ ඉස්සර කුණු තමයි තියෙන්නෙ...

:       0       0

සමන් Tuesday, 03 July 2012 05:13 PM

කණුවෙච්ච ලූණු, එළවලු තක්කලි පරණ මස් මාලු දාල හදන කෑම

:       0       0

සුරාජ් Tuesday, 03 July 2012 05:13 PM

ලට්ට පට්ට එකතුකරල ගහන කොත්තු රොටිය...

:       0       0

දයා,saudi Monday, 02 July 2012 11:21 AM

මේ ලිපියට ස්තූතියි.කොළඹ හුගක් හෝටල් වල ඉස්සරහ පැත්තේ තියෙන ලස්සන පිටිපස්සට ගියාම බලා ගන්න පුලුවන් හොදට.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 232 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 112 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 236 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 133 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
2024 ජුලි මස 25 606 2

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ


මාසයක්ම කියවූ ලොකුම සෙල්ලිපියේ ඇත්තේ මොනවාද?
2024 ජුලි මස 24 4817 3

සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site