IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


පරිසරය වනසන ප්ලාස්ටික්

ලෝක බැංකුවේ දෝෂ සහගතවූ, නිරවද්‍යතාව ඔප්පු නොකළ සංඛ්‍යාලේඛන නිසා ශ්‍රී ලංකාවට සිත් තැවුල් විඳින්නට සිදුව තිබේ.

එවැනි වැරදි සහගත ගණන් බැලීමක් නිසා ප්ලාස්ටික් අපද්‍රව්‍ය මුදාහැර ලෝකයේ සාගරය දූෂණය කරන රටවලින් ශ්‍රී ලංකාව පස්වැනි තැනට පත්ව ඇතැයි හංවඩු ගැසී ඇත.

අවුරුදු හයකට පෙර ලෝකයේ ඉහළම ගණයේ විද්‍යා සඟරා දෙකෙන් එකක් වූ සයන්ස් මැගසින් (Science Magazine) හි ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් සාගර දූෂණය වීම පිළිබඳව විද්වතුන් අට දෙනකුගේ ලිපියක් පළ විය.

2012 ලෝක බැංකු දත්ත පදනම් කරගනිමින් ශ්‍රී ලංකාව ලෝකයේ පස්වැනි සාගර දූෂකයා බව මෙම කණ්ඩායම් නිගමනය කර තිබිණි. ශ්‍රී ලංකාවට ඉදිරියෙන් ඇත්තේ චීනය, ඉන්දුනීසියාව, පිලිපීනය සහ වියට්නාමය බවද එහි සඳහන් වේ. ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් එක් පුද්ගලයකු දෛනිකව උත්පාදනය කරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය කි.ග්‍රෑ 5.1 ක් බව කියන ඔවුහු ඒ අනුව ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් මිලියන 1.59 ක් පාලනයකින් තොරව මුදාහැරෙන බව කියති. එහි ප්‍රතිඵලය ලෙස වාර්ෂිකව මෙට්‍රික් ටොන් මිලියන 0.24 ත් 0.64 ත් අතර ප්‍රමාණයක් සාගරයට මෙරටින් මුදාහැරෙන බව එහි සඳහන්ය.

මේ කිසිවක් නිවැරදි නොවන බව හැඟෙන්නේ එය එසේ සිදු නොවන නිසාය. 2017 දී ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත දැඩි ලෙස වෙහෙස වී කරන ලද විමර්ශනයකින් පසු එම දත්තවල මුල් විහිදුණ තැන් කරා ගොස් කරුණ සොයා බැලීය. ඉහත කී කණ්ඩායම එවැනි වැරදි සහගත නිගමනයකට එළඹී ඇත්තේ, වැරදි මූලාශ්‍ර අනුසාරයෙන්, නිරවද්‍යතාව සොයා නොබලා සැකසූ 2012 ‘වට් අ වේස්ට්’ (What a Waste - WAW) වාර්තාවේ අඩංගු කරනු උකහා ගැනීමෙන් බව පෙනී ගියේය.

මෙම ගණනය කිරීම කරනු ලැබුවේ කෙසේද යන්න ගැන හෝ එම නිගමණයට එළඹියේ කෙසේද යන්න ගැන වට් අ වෙස්ට් වාර්තාව කරුණු අනාවරණය කර නැත. ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත ගැඹුරින් කරුණු අවුස්සා විමසා බලද්දී මෙකී අපද්‍රව්‍ය උත්පාදන සංඛ්‍යාලේඛන වැරැදි සහගත බව ලෝක බැංකුව තහවුරු කළේය.

‘සයන්ස් මැගසින්’ හි මෙම පත්‍රිකාව පළ කළේ දැනට ජෝර්ජියා ඇත්ලටික් ඇසෝසියේෂන් හි පාරිසරික ඉංජිනේරු මහාචාර්ය ජෙනා ජැම්බෙක් ප්‍රමුඛත්වය දැරූ කණ්ඩායමක් විසිනි. ඇය මේ සතියේ කියා සිටියේ ඔවුන් සඳහන් කළ කරුණු මේ දක්වා ලෝක බැංකුව විසින් යාවත්කාලීන කිරීමක් හෝ වෙනස් කිරීමක් හෝ නිවැරදි කිරීමක් කර නොමැති බවය.

අපගේ මූලාශ්‍රය වන (ලෝක බැංකුවේ) වාර්තාව නිවැරදි කරන තුරු අපගේ ලේඛනය නිවැරදි කළ නොහැකිය. හරි හැටි තොරතුරු නොදැන අපට එය නිවැරදි කළ නොහැකිය. ‘මේ ගැන අපගේ අනෙකුත් සහාය කතුවරුන් සමග සාකච්ඡා කළා’ යනුවෙන් ඇය ඊමේල් පණිවිඩයකින් ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට පැවසුවාය. ‘ලෝක බැංකුවට දත්ත වාර්තා කර තිබුණේත් රජයෙන් ඒවා පළ කර තිබුණේත් රජයෙන්’ ඇය තවදුරටත් කීවාය.

එහෙත් ගැටලුව ඇත්තේ එතැන නොවන බව ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට නිශ්චිත ලෙස දැනගන්නට ලැබිණි.

2019 ඔක්තෝබර් මාසයේදී මොරටුව විශ්වවිද්‍යාලයේ රසායන සහ සැකසුම් ඉංජිනේරු අංශයේ කථිකාචාර්යවරයකු වූ සුසිරි කොස්තා ද ප්‍රසිද්ධියේ පලකළ මෙම මතයට අභියෝග කළේය. එය එම දිනවල දේශීය හා අන්තර්ජාතික වශයෙන් ගැඹුරින් කතාබහට ලක්විය.
ඔහු පෙන්වා දුන් පරිදි ශ්‍රී ලංකාවේ වෙරළ තීරය කිලෝමීටර් 1340කි. එම වෙරළ තීරයේ ජනගහනය ගෝලීය වශයෙන් වෙරළ තීරයන්හි වෙසෙන ජනගහනයෙන් 0.72% ක ප්‍රතිශතයකි හෙවත් මිලියන 14.6 කි. ‘සයන්ස් මැගසින්’ නම් සඟරාවට අනුව එම ජනගහනය ලෝකයේ සාගරවල ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා සිදුවන සමස්ත දූෂණයෙන් 5% කට  වගකිව යුතුය.

ඉන්දියාවේ වෙරළ තීරය කි.මී. 7517 කි. එහි වෙරළබඩ ජනගහනය මිලියන 187.5 ක් හෙවත් ගෝලීය වෙරළබඩ ජනගහනයෙන් 9.27%ක ප්‍රතිශතයකි. එම ජනගහනය සමස්ත ගෝලීය ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා සිදුවන සාගර දූෂණයට දායක වන්නේ 1.9% ක ප්‍රතිශතයකිනි.

ඒ අනුව කරුණු විග්‍රහයක යෙදුණු කොස්තා මහතාගේ නිගමනය වූයේ සාවද්‍ය දත්ත සහ wkHqH.uKhkag (උපකල්පනයන්ට) මෙරට ගොදුරු වී ඇති බවය. එසේ ගෝලීය වශයෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය යොදා සාගරය දූෂණය කරන රටවලින් ඉහළම රටවල් 5 අතරට වැරදි සහගත ලෙස අප රට එක්කොට ඇත.

කොස්තා මහතා නියත ලෙසම ලෝක බැංකු දත්ත සාවද්‍ය බව කියා සිටී. ඔවුන් ඒකපුද්ගල අපද්‍රව්‍ය උත්පාදනය පිළිබඳ දත්ත මෙරට මූලාශ්‍රයකින් ලබාගත්තේ නම්, එම දත්ත මූලාශ්‍රවල දරුණු වරදක් ඇති බවද ඔහු කියා සිටියේය.

දිනකට එකතුවන සමස්ත අපද්‍රව්‍ය ප්‍රමාණයද ඔවුන් ලබාගෙන ඇත්තේ මෙරට මූලාශ්‍රයකින් නම් එක්කෝ එම දත්තවල වරදක් ඇත. නැතහොත් ලෝක බැංකුව එය ගණනය කර ඇත්තේ දෝෂ සහගත ලෙසය.

ලෝක බැංකු වාර්තාවේ තොරතුරු ලබාගත් ම්‍රලාශ්‍රය පැහැදිලිව සඳහන් කර නැත. ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත මෙම තොරතුරු ලබා ගත්තේ ලෝක බැංකුව ප්‍රශ්න කිරීමෙනි. එහිදී 2012 (WAW) වට් අ වේස්ට් කතුවරුන්ගෙන් එක් අයකුගෙන් විමසූ අවස්ථාවේ මුල් තොරතුරු ගත් පත්‍රිකාව ලෙස ඇය 2003 පෙරේරා පත්‍රිකාව නම් ලේඛනයක් ඉදිරිපත් කළාය.

ඔවුන් දෛනික ඒකපුද්ගල ප්ලාස්ටික් අපද්‍රව්‍ය උත්පාදනය කි.ග්‍රෑ 5.1 ක් යන සංඛ්‍යාව ලබා ගත් ආකාරය ඇය කීවේ නැත. කොළඹ නගරය තුළ පමණක් දෛනික අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 1500 ක් බව පෙරේරා පත්‍රිකාවේ සඳහන්ව ඇති බව පමණක් ඇය පෙන්වා දුන්නාය.
2012 WAW (වට් අ වේස්ට්) ලිපියට පදනම් වී ඇති තවත් වාර්තාවකි එක්සත් ජාතීන්ගේ 2009 සංඛ්‍යාලේඛන අංශයේ වාර්තාව. ඊට ඉවහල් කරගෙන ඇත්තේ දෙහිවල, ගල්කිස්ස, මොරටුව ප්‍රදේශවල අපද්‍රව්‍ය උත්පාදන සංඛ්‍යාලේඛනයි. දෛනිකව පුද්ගලයකු උත්පාදනය කරන අපද්‍රව්‍ය ප්‍රමාණය ලෙස කි.ග්‍රෑ 0.73 සංඛ්‍යා ලේඛනයත් Kg 0.63 (පුද්/ දිනකට) සංඛ්‍යාවත් උපුටාගෙන ඇත්තේ ඒවායිනි. එහිදී ජාතික මට්ටමේ තොරතුරු ඉවහල්කර ගෙන නැත.

දෙවැනි මූලාශ්‍රය වූයේ 2003 වසරේදී පරිසරය හා සෞඛ්‍යයට අදාළ තුන්වැනි අන්තර්ජාතික සමුළුවට, කේ.එස්.එල්. පෙරේරා රචනාකොට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාවේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ගැටලුව පිළිබඳ විමසා බැලීමක් (An overview of the issue of solid waste management) නමැති පත්‍රිකාවයි. සන්ඩේ ටයිම්ස් පුවත්පත 2017 දී අන්තර්ජාලයෙන් එය ලබාගෙන පෙරේරා මහතා සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූයේය. ඔහු වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන ආයතනයේ විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි.

මෙම පත්‍රිකාවේ, දිනකට කොළඹ නගරය ඝණ අපද්‍රව්‍ය ටොන් 1500 ක පමණ ප්‍රමාණයක් බැහැර කිරීමේ උග්‍ර ප්‍රශ්නයකට මුහුණපා ඇති බව පවසා ඇතත්, එහි දිනකට එක් පුද්ගලයකු කි.ග්‍රෑ 5.1 ක අපද්‍රව්‍ය ප්‍රමාණයක් උත්පාදනය කරන බවක් කියා නැත.

එහෙත් මහාචාර්ය ජැම්බෙක්ගේ මතය වන්නේ ලෝක බැංකුව සිය මුල් ලේඛනයේ වැරදි තොරතුරු යාවත්කාලීන කර නැති බවය. 2018 දී What a waste 2: A Global snapshot of solid waste management to 2050 (වට් අ වේස්ට් 2: 2050 උදෙසා ගෝලීය අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ දැක්මක්) යනුවෙන් අලුත් වාර්තාවක් පළ වූයේය. මෙම වාර්තාවේ ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල දෛනික අපද්‍රව්‍ය උත්පාදනය කි.ග්‍රෑ. 0.34 ලෙස සඳහන් විය. ඒ 2012 දී සාගර දූෂණය ගැන දක්වමින් වැරදි සහගත ලෙස දෛනික ඒකපුද්ගල අපද්‍රව්‍ය ප්‍රමාණය කි.ග්‍රෑ 5.1 යැයි කීමට අමතරවය. (කෙසේ වුවද ඉහත කී ප්‍රමාණය ඊට වැඩි විය හැකියයි කොස්තා මහතා අදහස් කළ ද)

මෙම දත්ත WAW වාර්තාව සහ සයන්ස් මැගසින් සඟරාවෙන් දහස් වාරයක් නැවත නැවත උපුටා ගැනීමට ලක්ව තිබේ. මහාචාර්ය ජැම්බෙක් පෙන්වා දුන්නේ මේ වනවිට තමා කර්තෘත්වය දරන පත්‍රිකාවත් ඇතුළු අලුත් පත්‍රිකා රාශියකින් එම තොරතුරු පළකර ඇති බවයි. ඒවායේද අලුත් යාවත්කාලීන තොරතුරු භාවිත කළ යුතු වුවත් ශ්‍රී ලංකාව සම්බන්ධ ගැටලුවේදී එසේ කර නොමැත. මෙරට තුළ පවා සාමාන්‍ය දැනීමෙන් ජනතාව ප්‍රශ්න කිරීමට පෙලඹෙන ආකාරයෙන් ඒවා යාවත්කාලීන කොට පලකර නැත.

ඉහත කී ප්‍රකාශයන් අභියෝගයට ලක් කර ඇති තවත් විද්‍යාඥයෙකි අජිත් ද අල්විස්. ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ රසායන හා සැකසුම් ඉංජිනේරු අංශයේ මහාචාර්යවරයෙකි. පසුගිය වසරේ පළ කළ ලිපියකින් ඔහු කියා සිටියේ දෛනික ඒකපුද්ගල අපද්‍රව්‍ය උත්පාදනය කි.ග්‍රෑ 5.1 (මිලියන 21 ක ජනගහනයක) යනුවෙන් සයන්ස් මැගසින් හි දක්වා ඇති ලිපිය විග්‍රහයට ලක් කරන්නන් සහ එහි රචකයන් එය නිරවද්‍ය නොවිය හැකි බව බැරෑරුම්ව සලකා බැලිය යුතු බවයි.

මේ මගින් ශ්‍රී ලංකාව ලෝකයේ පළමු සාගර දූෂකයා වනවා පමණක් නොව ඒකපුද්ගල අපද්‍රව්‍ය උත්පාදනය අතින්ද වාර්තාවක් තබන බවට (වැරදි හුවා දැක්වීමක් කරන බව) ඔහු කියා සිටියේය.


(*** පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ)



අදහස් (0)

පරිසරය වනසන ප්ලාස්ටික්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 232 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 111 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 236 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 132 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
2024 ජුලි මස 25 606 2

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ


මාසයක්ම කියවූ ලොකුම සෙල්ලිපියේ ඇත්තේ මොනවාද?
2024 ජුලි මස 24 4815 3

සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site