කාංචන කුමාර ආරියදාස
සීගිරි කාශ්‍යප රජුගේ දියණියන් දෙදෙනා බුදු සසුනට එක් වූ ස්ථානය යැයි විශ්වාස කරනු ලබන පෞරාණික සිද්ධස්ථානයක් සොයාගැනීමට දඹුල්ල ප්‍රදේශයේ තරුණයෝ කණ්ඩායමක් සහ ප්‍රදේශවාසීහු පිරිසක් සමත්වූහ. විහාර මහා දේවිය දස මහා යෝධයන්ට ආධ්‍යාත්මික ශක්තිය එක්කළ ස්ථානය ලෙසද සැලකෙන මෙම ස්ථානය, දිවයිනේ විශාලතම නාඋයන සහිත අක්කර 200 කට අධික වනගත විහාර ආරාම සංකීර්ණයකි.
අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උපුල් වෙහෙර ප්‍රදේශයේ කහල්ල රක්ෂිතයේ කඳු බෑවුමේ සිට මුදුන දක්වා මෙම සිද්ධස්ථානය පිහිටා තිබේ.
ගලේවෙල කලාවැව ප්‍රධාන මාර්ගයේ පලාගල ආඬියාගල හතරමං හන්දියෙන් හැරී පොල්පිතිගම මාර්ගයේ කිලෝමීටර් 10 ක් පමණ ගමන් කරන විට උපුල් වෙහෙර රජමහා විහාරස්ථානය හමුවෙයි. එතැන් සිට කිලෝමීටර් එකහමාරක් පමණ දුරක් පාගමනින් කඳු මුදුන තරණය කළ යුතුය.
මෙම ඓතිහාසික ස්ථානයේ නොසිඳෙන ජල උල්පත, ශ්‍රී විෂ්ණු දෙවියන් වෙනුවෙන් පුද පූජා කළ නා බෝධිය, සීගිරි කාශ්‍යප රජුගේ දියණියන් තෙරණියන් බවට පත්ව වැඩ විසූ විහාර ආරාමය, විහාර මහා දේවිය දස මහා සේනාව වෙනුවෙන් ආධ්‍යාත්මික ශක්තිය ලබාදුන් ස්ථානය, ඉපැරණි නාගස් මණ්ඩිය, විහාර ආරාම, පැරණි චෛත්‍යය, විවිධ ගණයේ සංඝාවාස හා නටඹුන් දැක බලා ගත හැකිය. නා ගස් වලින් පිරි කුඩා නා මණ්ඩිය, මහා නා මණ්ඩිය, රජුගේ සොහොන යන ස්ථානය හරහා ප්‍රධාන මළුවට පිවිසීමට හැකිය.
වෙහෙර ආසන්නයට ගිය කල එහි එක් එක් දිශාවලින් සීගිරි රාජධානියද, දඹදෙණිය රාජධානියද, අනුරාධපුර රාජධානියද, විජිතපුරයද, ඓතිහාසික රංගිරි දඹුලු ලෙන් විහාරය සංකීර්ණයද දර්ශනය වීම විශේෂත්වයකි.
මෙහි ඇති නොසිඳෙන ජල උල්පතින් බැමිණිටිසාය සමයේ ජය ශ්‍රී මහා බෝධින්වහන්සේ නෑවීම සඳහා ජලය රැගෙන ගිය බව ජනප්‍රවාදයේ සඳහන් ඇතැයි දාගම ධම්මාලංකාර නාහිමියෝ පවසති.
මෙහි පිහිටි සෙල්ලිපියක සඳහන්ව ඇත්තේ වලගම්බා රජු සමයේ ඇමතිවරයෙකු විසින් මෙම ස්ථානය ප්‍රතිසංස්කරණය කොට අවට වැව් සාදා ඉන් ලද ආදායම මෙහි පිහිටි රජ මහා විහාරස්ථානයට ගෙවිය යුතු බව සඳහන්ව ඇති බවය.
ලංකාවේ මෙතෙක් හමුවූ ඉපැරණිම නා ගස් සමූහය පිහිටි විශාල වනයක් මැද මෙම ස්ථානය පිහිටීම ද විශේෂ වේ.
එමෙන්ම මෙම වනය මැද ශ්‍රී විෂ්ණු දෙවියන් වෙනුවෙන් පුද පූජා පැවැත්වූ ස්ථාන රැසක තවමත් හාස්කම් පවතින බවද ප්‍රදේශවාසීහු කියති.
මෙම ස්ථානය දෙස් විදෙස් ඕනෑම අයෙකුට දැක බලා ගැනීමට මෙන්ම ආධ්‍යාත්මික සුවය ලබාගැනීම සඳහා ද සුදුසු යැයි තරුණ සංවිධානයේ සභාපති රංජිත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේය.
මෙතෙක් කලක් ගම්මුන් සහ විහාරස්ථානයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේ පමණක් විසින් මෙම ස්ථානය ආරක්ෂා කරමින් සිටි බවත් විහාරස්ථානය වැඳ පුදා ගැනීම මෙන්ම ආරක්ෂා කර ගැනීම සමස්ත ජනතාවගේම වගකීමක් බවත් හෙතෙම සඳහන් කළේය.
උපුල් වෙහෙර රජමහා විහාරාධිපති පලාගල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මහා ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත දාගම ධම්මාලංකාර ස්වාමීන් වහන්සේගේ දැනුම්දීම පරිදි දඹුල්ල ”ලයන් හාට්” තරුණ සංවිධානය, උපුල් වෙහෙර රජමහා විහාරස්ථ දායක සභාව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපුල් වෙහෙර කාර්යාලයේ නිලධාරීහු, ගල්කිරියාගම පොලිසියේ නිලධාරීහු සහ මානේරුව විදුහලේ සිසු දරු දැරියෝ පිරිසක් මීට එක්ව සිටියහ.









2025 නොවැම්බර් මස 04
673
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පෞරාණික උපුල් වෙහෙර හමුවෙයි
Rasika Friday, 23 November 2018 08:19 AM
රටේ සාක්ෂි තමයි මේවා...
DhammikaSaturday, 24 November 2018 06:14 AM
මොනවට සාක්ෂි ද වසර 2500 ක ඉදන්ම දේව පුජාවලටත් බුදු දහම හා සමතැන දුන්න කියන එකටද
jaya Saturday, 24 November 2018 05:51 AM
එම තරුණ පිරිසට අපේ උත්තමාචාරය!