IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිස නවනවා කියලා මහින්දගේ රජය නිවේදනය කළේ අපේ ඉල්ලීම මතයි

27_MAIN_P_6 

 

යුද්ධයක් නොවුණත් යුද්ධයෙන් පසු ගෙවුණු යුගය යුදහමුදාව විෂයෙහි අතිශය තීරණාත්මක විය. උතුරු - නැගෙනහිර නොව දකුණේ සිදු වූ ඇතැම් දෑටත් හමුදාව වගකිව යුතු බව කියැවිණි. විශේෂයෙන් පසුගිය ජනාධිපතිවරණය දා රටේ වෙන්නට ගිය කුමන්ත‍්‍රණයක් ගැන බලවත් රාවයක් මතුවිය. මේ ගැන හිටපු හමුදාපතිවරයාගෙන් රහස් පොලිසිය ද පැය ගාණක් ප‍්‍රකාශ ගෙන තිබේ. මේ කුමන්ත‍්‍රණය සැබෑවක්ද? ඒ කුමක්ද? පසුගිය කාලයේ යුදහමුදාව අතින් දේශපාලන අතපෑම් වීද? අපි ‘‘මුහුණට මුහුණ’’ සාකච්ඡා මේසයක වාඩි වෙමු. හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක ඉරිදා ලංකාදීප සමඟ කතා කරයි.

 


ප‍්‍රශ්නය - ඔබ හමුදාපතිව සිටි සමය යුද හමුදාව බලවත් කතාබහට ලක්වූ කාල පරිච්ෙඡ්දයක්. එම කාලයත්, ඔබගේ සමස්ත හමුදා ජීවිතයත් සමඟ තෘප්තිමත් විශ‍්‍රාම ගැනීමක් කළා කියලා විශ්වාසද?1
පිළිතුර - මම හැම මොහොතේම සන්තෝෂයෙන් වැඩ කළ නිලධාරියෙක්. රස්සාවක් වෘත්තියක් ලෙස අභියෝගාත්මක දේවල් තිබුණා. විශේෂයෙන් යුද්ධයක් රටේ ඇතිවුණා. ඒවාට සම්බන්ධ වෙලා ඒවා නිරාකරණය කරන්න මැදිහත් වුණා. අවසානෙ පශ්චාත් යුද සමයේත් කටයුතු කළා. මේ සියල්ල අත්දැකීම්. ඒ කිසි තැනක ආපහු බලලා දුක්වෙන කාරණා නෑ. විශාල තෘප්තියක් තියනවා.

 


ප‍්‍රශ්නය - යුද්ධය අවසන් වීමෙන් පසු ඔබ බරපතළ රාජකාරියක් බාර ගත්තා. ඒ තමයි එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් නැවත සමාජගත කිරීමේ පුනරුත්ථාපන රාජකාරිය. ඔබ පුනරුත්ථාපන කොමසාරිස් හැටියට කටයුතු කළ සමයේ සිටි ඔවුන් නැවත ත‍්‍රස්තවාදීන් ලෙස හිස ඔසවන්නේ නැති බවට ඔබේ විශ්වාසයක් තියනවාද?
පිළිතුර - යුද්ධයෙන් පසු රටට තිබුණු විශාලම අභියෝගය මම හිතන්නෙ මේකයි. දීර්ඝ කාලයක් සටන් කරපු, සටන්කාමීන් නැවත සමාජගත කිරීම. මෙතන හිටියා, සාමාන්‍ය මට්ටමේ සිට මරාගෙන මැරෙන සාමාජිකයා දක්වා අය. ඒවගේම සාමාන්‍ය එල්.ටී.ටී.ඊ. සාමාජිකයාගේ සිට ප‍්‍රබල නායකයන් දක්වා අය. ඒ අතර ළමා සොල්දාදුවො, කාන්තා සොල්දාදුවො හිටියා. මේ අය පුනරුත්ථාපනය කිරීම මම හිතන්නෙ ලෝක වාර්තාවක්. ඒක ලෝකෙ කිසිම රටක එතරම් සාර්ථක වුණා කියල හිතන්න බෑ. වැඩසටහනේ සියලූ අංශ ආදර්ශමත්. මේ අය සමාජගත වෙලා දැන් අවුරුදු හතරකට වැඩියි. මේ කාලය තුළ මධ්‍යස්ථාන 22කදී සාමාජිකයො 14,000කට වැඩියෙන් සමාජගත වුණා. ඔවුන්ගෙන් කිසිම කෙනෙක් අද වෙනකල් අන්තවාදී කටයුත්තකට සම්බන්ධ වෙලා නෑ. ඒ බවට තොරතුරු පොලිස් වාර්තා සහ බුද්ධි වාර්තාවල නෑ. ඒ වගේම ඔවුන් ස්ත‍්‍රී දූෂණ, සොරකම් ආදී සමාජ විරෝධි කි‍්‍රයාවලට සම්බන්ධ වෙලත් නෑ.

 


ප‍්‍රශ්නය - උතුරේ යම් යම් ප‍්‍රශ්න දෙමළ අන්තවාදීන්ගෙන් මතු වුණා කියලා මාධ්‍යවල පළවුණා. කටකතා ආරංචි ගියා. එහෙම වුණේ නෑ කියලා ඔබ බැහැර කරනවද?
පිළිතුර - එහෙම නොවුණා කියලා මම කියන්නෙ නෑ.

 


ප‍්‍රශ්නය - ඒ කියන්නෙ වුණා කියන එකනෙ?
පිළිතුර - ඔව්. සිදුවුණා. ඒවට පුනරුත්ථාපනය වුණු අය සම්බන්ධ වුණා කියලා මට ආරංචි වෙලා නෑ. දෙතුන් දෙනෙක් පුංචි පුංචි සමාජ විරෝධි ක‍්‍රියාවල ඉන්න පුළුවන්. මම ඒ අයට සුදු හුණු ගාන්න උත්සාහ කරනවත් නොවෙයි. හැබැයි ඔවුන් විනය ගරුක කොටසක් කර තබා ගැනීමේ කාරණය ඉදිරියට රැගෙන යාම විශාල සමාජ වගකීමක්.


ප‍්‍රශ්නය - පසුගිය කාලයේ උතුරේ යම් හිර කිරීමක්, අපි දැක්කා. පැවති ක‍්‍රමවේද වෙනස් කිරීම මත නැවත එල්.ටී.ටී.ඊ.යක ලකුණු පැමිණිය නොහැකිද?
පිළිතුර - කාට වුණත් පවතින ප‍්‍රශ්න ඒ ඒ අවස්ථාවලම ඔවුන් ගෙන එන ඉල්ලීම් අවශ්‍යතා ඉටුනොවන විට ප‍්‍රශ්න ඇතිවීම සාමාන්‍ය දෙයක්. දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී තත්ත්වය ඉතා හොඳින් පවතිනවා. පසුගිය රජයේ බෙදී හිටපු ජාතීන් සිංහල - දෙමළ - මුස්ලිම් සියලූ දෙනා මේ රජය සමඟ එකට එකතු වී සිටිනවා. මේවා හොඳ ප‍්‍රවණතා. එය ඉදිරියට ගෙනයාමට රජය හා කවුරුත් ක‍්‍රියා කළ යුතුයි. එහෙම නොවුණොත් ත‍්‍රස්තවාදය වුණත් නොඒයැයි කියන්න බෑ.

fjk

 


ප‍්‍රශ්නය - ඔබ යුද හමුදාපති සමයේ ඇතැම් දේශපාලන හස්ත යුද හමුදාව දේශපාලන වැඩවලට ගාව ගත් බවට රාව තියනවා. ඔබ මොකද කියන්නේ?
පිළිතුර - ඒක සාවද්‍යයි. ශ්‍රී ලංකා යුද හමුදාව ලෝකෙ අනෙක් හමුදාවලට සාපේක්ෂව දේශපාලනයට නොගෑවුණු තැනක්. දැනට රටේ අනෙක් සංවිධාන, රජයේ ආයතනවලට සාපේක්ෂවත් එහෙමයි. හැබැයි මේක දිහා බලාගෙන ඉන්න අය හමුදාව මේ රජයට පක්ෂයි, අසවල් දේශපාලනඥයට ගැතියි, අර රජයට පක්ෂයි කීම සාමාන්‍ය දෙයක්.


ප‍්‍රශ්නය - නමුත් ඔබ හමුදාපති සමයේ හමුදාව දේශපාලනික වැඩවලට ගාවා ගත් බවට ඍජු චෝදනාවක් තියනවා. මම අහන්නෙ ඒ ගැනයි? සමහරු මේකට හමුදාව යොදවා ඔබ දේශපාලන වාසි ගත් බවත් කිවුවා?
පිළිතුර- යුද්ධයකින් පස්සෙ විශාල හමුදාවක ශ‍්‍රමය අපට ගන්න පුළුවන්. යුද සමයකින් පසු රටේ සංවර්ධනයක් කෙරෙන්න තියනවා. එතනදි නගර නිර්මාණය වේවා, පුනරුත්ථාපන වැඩසටහන් වේවා, නැවත පදිංචි කිරීම් වේවා, පාරවල් හැදීම වේවා, රටේ යටිතල පහසුකම් දියුණු කිරීම වේවා, මේ අභියෝග ජය ගැනීමට රජය වැඩසටහනක් දියත් කරන විට එහි පෙරගමන්කරුවා වෙන්නෙ හමුදාවයි. එතැනදි රජය සමඟ හමුදාව ඉතා කිට්ටුවෙන් කටයුතු කරනවා. ඒවා ජාතිය ගොඩනැගීමේ ක‍්‍රියාවලියේ වැඩසටහන්. මේවා එක එක කණ්ණාඩි දාගෙන බලන්න පුළුවන්.

 


ප‍්‍රශ්නය - හමුදාව කුලීකාරයන් කම්කරුවන් හැටියට වැඩටගත් බවට ඔබ සමයේ චෝදනා නැගුණා. වර්තමාන හමුදාපතිටත් පාරවල් හදන්න, නගර හදන්න හමුදාව යෙදවිය හැකිනෙ. හමුදාවක් එසේ යෙදවීමට නීති තියනවද?
පිළිතුර - අදටත් මාතර, හම්බන්තොට, කොළඹ ඇතුළු රටේ සෑම තැනකම හමුදාව ඒ වැඩවලට යොදවල තියනවා. මේ ආණ්ඩුව ඇවිත් ඒවා නවත්වනවා කිවුවට ඒක නැවතිලා නෑ. මම හිතන්නෙ ඉදිරියට මේ යෙදවීම් තවත් වැඩිවේවි. රටේ සංවර්ධනයට හමුදාව යෙදවීම වැරදි ක‍්‍රියාවක් නොවෙයි. රටේ ව්‍යවස්ථාව වගේම හමුදා නීතියටත් අනුකූලයි. පශ්චාද් යුද සමයට මුහුණ දුන් සියලූ රටවල හමුදා ජාතිය ගොඩනැගීමේ ක‍්‍රියාවලියට සම්බන්ධයි. එසේ සම්බන්ධ විය යුතුයි.

 


ප‍්‍රශ්නය - පසුගිය ජනාධිපතිවරණය දා රාත‍්‍රියේ අරලියගහ මන්දිරයේ බලය බලෙන් පැහැර ගැනීම පිළිබඳ කුමන්ත‍්‍රණයක් සිදු වූ බව ප‍්‍රබලව කියැවුණා. ඔබත් හමුදාපති ලෙස එහි සිටි බවට නම ගෑවී තිබුණා. මොකක්ද ඔය කුමන්ත‍්‍රණය?
පිළිතුර - මේකෙ ඇත්ත කතාව නම් කිසිම කුමන්ත‍්‍රණයක් සිද්ධ වුණේ නෑ. එහෙම සැලසුමක් තිබුණෙත් නෑ. ඔය කියන දෙයක් කතා වුණෙත් නෑ. මම මේ කියන්නෙ බොහොම වගකීමෙන්. ඔය කුමන්ත‍්‍රණ කතාව ඇති වෙන්නෙ ජනාධිපතිවරණය තිබුණු දවසෙ නෙවෙයිනෙ. ඡන්ද සමය පුරාම කුමන්ත‍්‍රණ කතාවක් කියවුණා. පළවෙනි ප‍්‍රචාරය ගියේ උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ඡුන්දය කඩාකප්පල් කිරීමේ ව්‍යාපාරයක් රජය කරගෙන යනවා, එය කරන්නෙ හමුදාව යොදවලා කියලා. එහෙම දෙයක් සිදුවුණාද නැද්ද කියලා ඔබලාම දන්නවනෙ. සීයට 80ක් උතුරු නැගෙනහිර ජනයා ඡන්දය දුන්නා. එතකොට පළවෙනි කුමන්ත‍්‍රණ ප‍්‍රචාරය බොරු වුණා. හමුදාව හැටියට මාධ්‍ය ප‍්‍රකාශක හරහා හමුදාවෙන් නිවේදන දුන්නා එවැනි දේකට හමුදාව ගෑවිලා නෑ කියලා. ඒත් සමහරු ඒ නිවේදන පිළිගත්තේ නෑ.


ඊළඟට රාත‍්‍රියේ ප‍්‍රචාරයක් ගියා තිබුණු රජය පරදිනවා. පැරදුණත් හමුදාව දාලා බලය අල්ල ගන්න යනවා කියලා. මේ ප‍්‍රචාරයත් කලින් ගිය එකක්. එදා ? කෙටි පණිවුඩවලින්, ඇතැම් මාධ්‍ය හරහා, කටකතාවලින් මේක පැතිරුණා. මමත් බුද්ධි අංශ හරහා දැන ගත්තා. හැමෝටම කලින් අපියි මේක දැනගත්තේ.

 


ප‍්‍රශ්නය - ඔය ආරංචි යනකොට හිටපු ජනාධිපතිතුමාට ‘‘රතු ලයිට්‘‘ වැටිලා, පරදින බවට?
පිළිතුර - ඔවු ? 10-11 ඉඳල ඔය කියන ආරංචිත් ගියා.


ප‍්‍රශ්නය - කුමන්ත‍්‍රණය පිළිබඳව ආරංචිය යද්දි ඔබලා මොකද කළේ?
පිළිතුර - අපි ජනාධිපති ලේකම්ට කිවුවා, මෙහෙම ආරංචි යනවා, වහාම නිවේදනයක් නිකුත් කරන්න, රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ජනාධිපතිතුමා හිස නමනවා, ප‍්‍රජාතන්ත‍්‍රවාදි විදිහට මේ බල හුවමාරුව සිදුවේවි කියලා. ඒ කිව්ව විදිහටම මාධ්‍ය නිවේදනයක් රජය නිකුත් කළා.

 


ප‍්‍රශ්නය - එදා රාත‍්‍රියෙ ඔබ අරලියගහ මන්දිරයේ සිටි බව පැහැදිලියි. එදා ඔබට එහි එන්න කිවුවේ කවුද? නැත්නම් ඔබ හිතලම ගියාද?
පිළිතුර - මට එන්න කිවුවෙ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි ජෙනරාල් ජගත් ජයසූරිය

 


ප‍්‍රශ්නය - ජනාධිපතිවරණයක් දවසේ මෙසේ ආරක්ෂක ප‍්‍රධානීන් ‘‘රජ ගෙදරට’‘ රැස්වීමම කුමන්ත‍්‍රණයක් නොවෙයිද?
පිළිතුර - කුමන්ත‍්‍රණයක් වෙන්නෙ කොහොමද? එදා ? ආරක්ෂක මණ්ඩලේ රැස්වීමක් තිබුණා. ආරක්ෂක මණ්ඩලේ රැස්වෙන්නෙ කුමන්ත‍්‍රණ කරන්නද?

 


ප‍්‍රශ්නය - කීයටද ආරක්ෂක මණ්ඩලය රැුස්වුණේ. පැය කීයක් හිටියද?
පිළිතුර - රාත‍්‍රි 2.00 සිට අලූයම 6.00 දක්වා පැය 4 ක් පමණ අපි එහි හිටියා.

 


ප‍්‍රශ්නය - ඔය කියන වේලාවලත් ආරක්ෂක මණ්ඩලය රැස්වෙනවාද?
පිළිතුර - වේලාවක් මොකටද? රටේ තීරණාත්මක  ඕනෑම වේලාවක ආරක්ෂක මණ්ඩලය රැුස්වීම වැදගත්. හේතුව අපි එතැන රැඳී සිටීම රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා වීමට වඩාත් බලපාන කාරණයක් බව රටේ දේශපාලනය, සමාජ මේ සියලූ දේ විධිමත්ව දකිද්දි මට විශ්වාසයි.

 


ප‍්‍රශ්නය - එදා ? ආරක්ෂක මණ්ඩලයට අමතරව දේශපාලන මැති ඇමැතිවරුත් ‘‘රජගෙදර’’ හිටියනෙ?
පිළිතුර - ඔව්. මැති ඇමැතිවරු කීප දෙනෙක් අරලියගහ මන්දිරේ හිටියා. මමත් දැක්කා ඒ අය යනවා, එනවා. ඒ අය වෙනම හිටියෙ. ආරක්ෂක මණ්ඩලෙට එයාල එන්නෙ නෑ.

 


ප‍්‍රශ්නය - ඔබලා මන්දිරේ කොහේද හිටියෙ?
පිළිතුර - අපි හිටියෙ වෙනදටත් ආරක්ෂක මණ්ඩලය රැස්වන කාමරේ.

 


ප‍්‍රශ්නය - ඒක නිල ගමනක් නම් ඔබ නිල ඇඳුමින් හිටියෙ?
පිළිතුර - ඔව්. අපි යුනිෆෝම් හිටියෙ. ඒක හමුදාවට අනුකූල නිල ගමනක්.

 


ප‍්‍රශ්නය - ආරක්ෂක මණ්ඩලයට අයත් නොවන දේශපාලනඥයො එතන හිටියෙ නෑ...?
පිළිතුර - ආරක්ෂක මණ්ඩලයට අයත් ජනාධිපතිතුමා, ආරක්ෂක ලේකම්, ජනාධිපති ලේකම්, ති‍්‍රවිධ හමුදාපතිවරු, පොලිස්පතිතුමා හිටියා.  ඊට අයත් නොවන එකම දේශපාලනඥයෙක් හිටියා. ඔහු අගමැතිතුමා.

 


ප‍්‍රශ්නය - මොනවද සාකච්ඡා කළේ?
පිළිතුර - ඒ වෙලාවේ රටේ තියන තත්ත්වය, ඇතිවිය හැකි දේ, ආරක්ෂක තත්ත්වය සාකච්ඡා කළා. ඒ වෙලාවේ තමයි අපේ ඉල්ලීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිස නමන බවට රජය නිවේදනයක් නිකුත් කළේ. තවත් යෝජනාවක් කළා. විපක්ෂ නායකතුමා (රනිල් වික‍්‍රමසිංහ) ගෙන්වල සාකච්ඡා කරන්න කියලා. ඒකත් ජනාධිපතිතුමා සහ ආරක්ෂක මණ්ඩලය පිළිගත්තා. බල හුවමාරුව ඉතාම හොඳින් සිදුවුණා. ආරක්ෂක මණ්ඩලය එතැන සිටීමම වටිනා දෙයක්.

 


ප‍්‍රශ්නය - පරාජය පෙනි පෙනී සිටි මොහොතේ හිටපු ජනාධිපතිතුමා, හිටපු ආරක්ෂක ලේකම්වරයා ආරක්ෂක මණ්ඩලයට මොකද කිවුවේ?
පිළිතුර - එතුමා මේ සිදුවීම සරලව ගත්ත බවත්, පරාජය ජීවිතයේ පුරුදු බවත් අපට පේන්න තිබුණා. එතුමා කිවුවා, මේක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හැටි, මේ අය රටේ ප‍්‍රශ්න ඇති කරන්න හදයි, ඒ ගැන බලන්න කියලා. මමත්, පොලිස්පතිතුමත් රටේ ප‍්‍රශ්නයක් නොවෙන්න වග බලා ගන්නවා කියලා ප‍්‍රකාශ වුණා.

 


ප‍්‍රශ්නය - ජනාධිපතිතුමාට, ගෝඨාභය රාජපක්ෂට වගේම අනෙක් අයට ආරක්ෂාවෙන් ප‍්‍රශ්නයක් විය හැකි බව කිවුවද?
පිළිතුර - පරාජය සමඟ රටේ ප‍්‍රශ්නයක් ඇති කළ හැකි බව මේ අය කිවුවා. ඒ නිසා පුද්ගලිකව ආරක්ෂාව ලබාදීම ගැන කතා වුණා. අරලියගහ මන්දිරය හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒ මොහොතේ ආරක්ෂාව පිිළිබඳ කතා වුණා. රටේ ආරක්ෂාව ගැනත් කිවුවා. ඒ පිළිබඳවත් වගකීම අපට පැවරුණා.

 


ප‍්‍රශ්නය - විශේෂ හමුදා ඛණ්ඩ කොළඹ තැන තැන ස්ථානගත කිරීම කාටත් ගැටළුවක් වුණු දෙයක් එහෙම දෙයක් කළාද?
පිළිතුර - ඔවු ඒක කළා.

 


ප‍්‍රශ්නය - ඇයි එහෙම කළේ? මේකත් කුමන්ත‍්‍රණයට කළ දෙයක් බවට කතා පැතිර ගියා.
පිළිතුර - මේ දවස්වලට හමුදාව  ඕනෑ  ඕනෑ වැඩ කරන්නෙ නෑ. එවැනි දෙයක් කරන්නෙ ආරක්ෂක මණ්ඩලය සාකච්ඡා කරලා පොලිසියේ ඉල්ලීම මතයි. මැතිවරණයක් වේලාවක ඡන්ද මධ්‍යස්ථාන ආදී සියලූ තැන්වලට යෙදවෙනවා. ප‍්‍රශ්නයක් වෙන කොතැනටත්, මොන ඡන්දයකදී වුණත් පොලිසිය විසින් හමුදාව කැඳවලා ළඟින් තියා ගන්නවා. ඒක සාමාන්‍ය ක‍්‍රමවේදය, යුද සමයේ හමුදාව ඡන්ද මධ්‍යස්ථානවලට පවා යෙදෙවුවා. මෙවර එහෙම කළෙත් නෑ. අවශ්‍ය වේ යැයි තීරණය වූ තැන්වල හමුදා ස්ථානගත කිරීමක් කළා. වෙනත් දිනවලට පොලිසිය යොදවන තැන්වලටත් මැතිවරණ කාලයේ මැතිවරණ කොමසාරිස්ගේ පවා අවසරය ලබාගෙන හමුදාව යොදවනවා. එය සිදුවෙන්නෙ පැය 48කට, පැය 72කට පෙර විය හැකියි. ඒ ස්ථානය රූපවාහිනිය, ගුවන්විදුලිය, ලේක්හවුස් ආයතනය, විදුලි බල මණ්ඩලය විය හැකියි. කොළඹට ඇතුළු වන පිට වන තැන්වලට වගේම ප‍්‍රශ්න ඇති විය හැකි තැන්වලට කණ්ඩායම් දැම්මා. සියල්ල ලිඛිතව වෙන දේවල්. දැන් වුණත් ඒවායේ පිටපත් තියනවා.

 


ප‍්‍රශ්නය - එදා කොළඹට හමුදාවේ කොපමණ පිරිසක් යෙදෙවුවද?
පිළිතුර - දෙදාහකට ආසන්නයි.

 


ප‍්‍රශ්නය - ඔබේ අනුදැනුම මත එවැනි පිරිසක් යොදවා හිටියා. ඔබේ අනුදැනුමට පිටින් යම් හස්තයක් ආරක්ෂක ඛණ්ඩ ගෙන්වීමක් කර තිබුණද?
පිළිතුර - කොහෙත්ම නෑ

 


ප‍්‍රශ්නය - එදා රාත‍්‍රියෙ කුමන්ත‍්‍රණයක් කොට බලය පැහැර ගනිමුයි යෝජනාවක් ආවා නම් හමුදාපති හැටියට ඔබ මොකද කරන්නෙ?
පිළිතුර - හමුදාපතිවරු ඉන්නෙ එහෙම කියන කියන වැඩ කරන්න නෙවෙයි. සමස්ත රටේම ජාතියේම වගකීමක් හමුදාපතිවරයෙක් අතේ තියෙන්නෙ. එවැනි යෝජනාවක් ආවොත් ප‍්‍රතික්ෂේප කරනවා. ඒකටනෙ හමුදාපති කෙනෙක් කියන්නෙ. ඒකටනෙ කොන්දක් තියනවා කියන්නෙ. හමුදාපති කියන්නෙ රටේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය ආරක්ෂා කරන ප‍්‍රධානම පුද්ගලයෙක්. රටේ ජනාධිපති හෝ දේශපාලනඥයෙක් හෝ මේ කවුරු හෝ රටේ පවතින නීති රීතිවලට විරුද්ධව ව්‍යවස්ථාවට විරුද්ධව යම් ප‍්‍රකාශයක් හෝ ඉල්ලීමක් කළොත් අපි සහාය දෙන්නෙ නෑ. ඒක කාටවත් බලෙන් කර ගන්න පුළුවන් වැඩක් නෙවෙයි.

 


ප‍්‍රශ්නය - එදා සිදුවීම් පෙළ තුළ ඔබගේ නම ගෑවී තිබුණු නිසා ඔබෙන් මේ ගැන කවුරුන් හෝ ප‍්‍රශ්න කළාද? කරුණු විමසීමක් කළාද?
පිළිතුර - මගෙන් සී.අයි.ඞීය පැය හතරක් පමණ ඔය ගැන ප‍්‍රශ්න කළා. විශාල පිරිසකගෙන් සාක්ෂි ගත්තා. මාත් එහි එක්කෙනෙක්. ඒ පරීක්ෂණ දැන් නිමා වෙලත් ඇති.

 


ප‍්‍රශ්නය - යුද සමයේ වුණැයි කියන අපරාධ සම්බන්ධව මේ වසර අග අපේ හමුදාවට විරුද්ධව ජාත්‍යන්තර වාර්තාවක් එන බව කියැවෙනවා. එතැනදී රටක් වශයෙන් ගත යුත්තේ කවර පියවරක්ද?
පිළිතුර - රටක් හැටියට සිදුවුණු දේවල්වල යථාර්ථය අවබෝධ කරගෙන ඊට මුහුණ දෙන්න  ඕනෑ. අපි මේ කළේ ලෝකෙ කාටවත්ම කළ නොහැකි දෙයක්. අපි කළේ වරදක් නෙවෙයි. මේක ලෝකෙට ආදර්ශමත් වැඩක්. ත‍්‍රස්තවාදය නැවැත්වීමෙන් ඔය කියන මිනිස් අයිතිවාසිකම් කෙළෙසුනේ නෑ. මේවාට උත්තර දෙන අයත්, උත්තර දෙන්න යන අයත් පුළුල් පරාසයක දැනුමින් ඒ ගමන යා යුතුයි. වැරැුද්දක් කළා. ඒක වහගන්න යනවා කියන චේතනාවෙන් ගිහින් හරියන්නෙ නෑ. ඔය  ඕනෑම චෝදනාවකට අපට උත්තර දෙන්න පුළුවන්. කුඩා වරදක් හෝ වෙලා තියනවා නම් ඒ අයට අපි දඬුවම් දීලත් තියනවා.

 


ප‍්‍රශ්නය - හමුදාපති ධුරයෙන් ඉවත් වුණාට පසුව කෙටි කලෙකින් සරත් ෆොන්සේකා මහත්මා දේශපාලනයට අවතීර්ණ වුණා. දයා රත්නායක හිටපු හමුදාපතිටත් එවැනි දේශපාලනයට පැමිණීමේ අදහසක් තියනවද? ආරාධනා ආවද?
පිළිතුර - මට ඉල්ලීම් ඇවිල්ලත් නෑ. දේශපාලනයට එන්න අදහසකුත් නෑ. හිටපු හමුදාපතිවරයෙක් ලෙස මගෙන් විය යුතු වැඩ ගොඩක් තියනවා.

 


ප‍්‍රශ්නය - හමුදාවේ ඉන්න අය දේශපාලනයට ඒමේ යම් නොගැලපීමක් තියනවා කියලා හිතනවද?
පිළිතුර - අපේ රට ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක්. දේශපාලනයට හැකියාව, දක්ෂතාව, ආශාව තියන අය ඒකට ආවට කමක් නෑ. හැබැයි හමුදාවේ කීර්ති නාමයට, අභිමානයට කෙළෙසීමක් නොවෙන විදිහට.

m



අදහස් (0)

ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිස නවනවා කියලා මහින්දගේ රජය නිවේදනය කළේ අපේ ඉල්ලීම මතයි

ජනේෂ් Tuesday, 30 June 2015 01:40 PM

රටක් හැටියට සිදුවුණු දේවල්වල යථාර්ථය අවබෝධ කරගෙන ඊට මුහුණ දෙන්න ඕනෑ. අපි මේ කළේ ලෝකෙ කාටවත්ම කළ නොහැකි දෙයක්. අපි කළේ වරදක් නෙවෙයි. මේක ලෝකෙට ආදර්ශමත් වැඩක්. ත‍්‍රස්තවාදය නැවැත්වීමෙන් ඔය කියන මිනිස් අයිතිවාසිකම් කෙළෙසුනේ නෑ. මේවාට උත්තර දෙන අයත්, උත්තර දෙන්න යන අයත් පුළුල් පරාසයක දැනුමින් ඒ ගමන යා යුතුයි. වැරැුද්දක් කළා. ඒක වහගන්න යනවා කියන චේතනාවෙන් ගිහින් හරියන්නෙ නෑ. ඔය ඕනෑම චෝදනාවකට අපට උත්තර දෙන්න පුළුවන්. (ර)

:       0       0

නුවන් Friday, 03 July 2015 09:17 AM

මෙතුමා තමයි සම්පුර්ණ නැගෙනහිර මෙහෙයුමටම නායකත්වය දුන්නේ. හමුදාව වෙනුවෙන් වැඩිම වීර පදක්කම් ගණනකට හිමිකම් කියන නිලධාරියා. (හේ)

:       0       0

රණසිංහ Thursday, 02 July 2015 08:50 AM

අබිලින් මම අහන්නේ යුද්ධය තියෙන කාලේ ඔයා කොහෙද හිටියේ. (නදී)

:       0       0

ජනේෂ් Tuesday, 30 June 2015 01:58 PM

මෙන්න නියම උත්තරය , හිටපු හමුදාපති තුමනි ,ඔබ තුමා කියනවා වගේ උත්තර දෙන්න යන අය හොඳ අවබෝධයක් ඇතුව දැනුමින් පෝෂිතව ගිහින් උත්තර දිය යුතු බව හිතට ගත්තොත් හොඳ බව සැමගේම අපේක්ෂාව විය යුතුඉ .පළමුවත් රට දෙවනුවත් රට තෙවනුවත් රට ,රටක් තිබුනොත් අප සැමට ඉන්න පුළුවන් ,හැමදේම කරන්න අපට රටක් ඕන කියා දැන් ඉන්න දේශ පාලුවන්ට දැනෙන්නේ නැහැ .(බ)

:       0       0

සඳුන් Saturday, 04 July 2015 07:05 AM

ඔබගේ දැනුම, සදාචාරාත්මක බව අගය කරනවා. "ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිස නමන බවට" රජය මගින් ප්‍රකාශ කරවීම ඉතාම වටිනවා. එහෙම නොවුනානම් ලොකු විනාශයක් වෙන්නේ. (අ)

:       0       0

සමන්තිකා පෙරේරා Friday, 03 July 2015 11:10 AM

ඉතා හොඳ ලිපියක් අගය කරමි (අ)

:       0       0

අබිලින් Wednesday, 01 July 2015 11:20 PM

දන්නේ නැති නිසා අහන්නේ යුද්දේ තියෙන වෙලාවේ මෙතුමා කරපු රාජකාරිය මොකද්ද ? (නදී

:       0       0

සීබා Wednesday, 01 July 2015 11:30 PM

ඡන්දෙ දවසේ මහා රෑ ආරක්ෂක මණ්ඩලේ කැඳවලා තියෙන්නේ. අනේ සාදු සාදු සාදු. (නදී)

:       0       0

රජින්ද Saturday, 04 July 2015 05:03 PM

රටක් හැටියට සිදුවුණු දේවල්වල යථාර්ථය අවබෝධ කරගෙන ඊට මුහුණ දෙන්න ඕනෑ. අපි මේ කළේ ලෝකෙ කාටවත්ම කළ නොහැකි දෙයක්. අපි කළේ වරදක් නෙවෙයි. මේක ලෝකෙට ආදර්ශමත් වැඩක්. ත‍්‍රස්තවාදය නැවැත්වීමෙන් ඔය කියන මිනිස් අයිතිවාසිකම් කෙළෙසුනේ නෑ. මේවාට උත්තර දෙන අයත්, උත්තර දෙන්න යන අයත් පුළුල් පරාසයක දැනුමින් ඒ ගමන යා යුතුයි. වැරැුද්දක් කළා. ඒක වහගන්න යනවා කියන චේතනාවෙන් ගිහින් හරියන්නෙ නෑ. ඔය ඕනෑම චෝදනාවකට අපට උත්තර දෙන්න පුළුවන්. කුඩා වරදක් හෝ වෙලා තියනවා නම් ඒ අයට අපි දඬුවම් දීලත් තියනවා. (නදී)

:       0       0

විජේසුන්දර Wednesday, 01 July 2015 05:18 AM

බොහොම වැදගත් සංවාදයක් (නි)

:       0       0

සත්‍යයා Friday, 03 July 2015 10:21 PM

ඔබ හිටපු හමුදාපතිවරයෙක් හැටියට කිසියම් නිශ්චිත හා සදාචාරත්මක රාමුවක් තුළ හිඳිමිනුයි ඔබට මෙවැනි ප්‍රශ්නවලට උත්තර දෙන්න වෙන්නේ කියන එක අපි පිළිගන්නා අතරම පේළි දෙකක් අතරමැද නොලියවුණ, එහෙත් බුද්ධිමත් පාඨකයෙකුට තේරුම්ගත හැකි දෙයකුත් ඔබ කියා තිබීම ගැන සතුටු වෙනවා. පහත සඳහන් වාක්‍යය ඛණ්ඩ තුළ එය මනාව ගැබ්වී තිබෙනවා. "ඒ වෙලාවේ තමයි අපේ ඉල්ලීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිස නමන බවට රජය නිවේදනයක් නිකුත් කළේ. තවත් යෝජනාවක් කළා. විපක්ෂ නායකතුමා (රනිල් වික‍්‍රමසිංහ) ගෙන්වලා සාකච්ඡා කරන්න කියලා. ඒකත් ජනාධිපතිතුමා සහ ආරක්ෂක මණ්ඩලය පිළිගත්තා...." ඔබට ස්තුතියි! (නි)

:       0       0

ලක්මාල් Wednesday, 01 July 2015 08:22 AM

ඉතා වැදගත් සංවාදයක්.... (හේ)

:       0       0

හේමන්ත Wednesday, 01 July 2015 02:54 PM

ඉතාම හරවත් සංවාදයක්. අපේ රටට මේ වගේ අය, නායකයෝ අවශ්‍ය කාලයක්. (නි)

:       0       0

ඉන්දික Wednesday, 01 July 2015 03:17 PM

ඉතා වටිනා සංවාදයක්. ප්‍රශ්න වලට ඉතාමත්ම හරවත් සහ බුද්ධිමත් උත්තර දී ඇති වටිනා ලිපියක්. රත්නායක මහත්මයාණෙනි, ඔබට ගොඩක් ස්තුතියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 237 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 116 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 242 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 133 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
2024 ජුලි මස 25 612 2

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ


මාසයක්ම කියවූ ලොකුම සෙල්ලිපියේ ඇත්තේ මොනවාද?
2024 ජුලි මස 24 4823 3

සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site