IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


පිපිරීමේ ඇරැඹුම

ජනාධිපති සොහොයුරා බැසිල් රාජපක්‍ෂ පක්‍ෂයේ ප‍්‍රධාන තීරකයා බවට පත්විය. සියල්ල සිදු වූයේ බැසිල් රාජපක්‍ෂට ඇවැසි ලෙසය. ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු ජනාධිපතිවරයාට යම් ප‍්‍රශ්නයක් ඉදිරිපත් කළ විට ”ඒක බැසිල් එක්ක කතා කරගන්න” යනුවෙන් පිළිතුරු ලැබිණි. බැසිල් සමඟ එබඳු ප‍්‍රශ්නයක් කතා කිරීම තමන්ට තරම් නොවන බව තේරුම් ගන්නා ඇමැතිවරු හැරී යති. මෙම පරිසරය තුළ ශ්‍රී ලංකාකාරයන් අවලංගු කාසි බවට පත් විය.

  

thdty

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ සැබෑ ශ්‍රී ලංකා කාරයන්ට තැනක් නොවීය. විවිධ හේතුමත ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්වූ පිටස්තරයන්ට විශේෂ සැලකිලි ලැබිණි. වඩාත් වැදගත් ඇමතිධුර හිමි වූයේද පිටස්තරයන්ටය. මේ සම්බන්ධයෙන් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් තුළ මෙන්ම පිටස්තරයන් තුළ රළ ගසන විරෝධයක් තිබිණි.


රාජපක්‍ෂවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පාලනය කරනු ලැබුවේ ඔවුන්ටම අනන්‍ය ආකාරයටය. රාජපක්‍ෂ ක‍්‍රමයටය. ඒ ක‍්‍රමය තුළ සෑම දිස්ති‍්‍රක්කයකටම බණ්ඩාරනායකවරුන්්ට හිතෛෂී ශ්‍රී ලංකා කාරයන්ට එරෙහිව ප‍්‍රතිවාදියකු නිර්මාණය කරනු ලැබීය.

2
අනුරාධපුරයේ බර්ටි පේ‍්‍රමලාල් දිසානායක අරටු බැහැපු ශ්‍රී ලංකා කාරයෙකි. ඒ අරටු බැහැපු ශ්‍රී ලංකා කාරයාට එරෙහිව චන්ද්‍රසේන සොහොයුරන් යොදා ගැනීමට රාජපක්‍ෂවරු කටයුතු කළහ. මාතලේ දිස්ති‍්‍රක්කයේ ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහිව ලක්‍ෂමන් වසන්ත පෙරේරා යොදා ගැනුණි. මහනුවර දිස්ති‍්‍රක්කයේ මහින්දානන්ද අලූත්ගමගේට එරෙහිව කෙහෙළිය රඹුක්වැල්ල යොදා ගැනුණි. මොනරාගල දිස්ති‍්‍රක්කයේ විජිත් විජිතමුනි සොයිසා, සුමේධා පී ජයසේන හා ජගත් පුෂ්පකුමාර මුහුණට මුහුණ නොබලා දේශපාලනය කරන තත්ත්වයක් නිර්මාණය විය. මීගමුවේ සරත් කුමාර ගුණරත්න හා ලංසා අතර ගැටුම අතිශයින්ම තීරණාත්මක විය. ජොන්ස්ටන් ප‍්‍රනාන්දු කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ බර අඩි තබා ඇවිද ගියේ ශ්‍රී ලංකා කාරයන් යට කරගෙනය. එජාපයේ සිට යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්වූ බන්දුල ගුණවර්ධන සැබෑ ශ්‍රී ලංකාකාරයන් සමඟ ප‍්‍රසිද්ධියේ සටනට ආවේය. රාජිත සේනාරත්න හා රෝහිත අබේගුණවර්ධන අතර සටන කළුතර දිස්ති‍්‍රක්කයම උණුසුම් කළේය.


සෑම දිස්ති‍්‍රක්කයකම ඒ ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයන් අතරත් සන්ධානයේ සාමාජික පක්‍ෂ අතරත් ගැටුම් ඇවිළී යමින් තිබිණි. මෙම තත්්ත්වය සමහන් කිරීමට පක්‍ෂ නායකත්වය කිසිදු උත්සාහයක් නොගත්තේය. ඒ තුළ ඇත්ත ශ්‍රී ලංකා කාරයන්ට ඇතිවුණ හැඟීම වූයේ තමන් පක්‍ෂය තුළ කොන්වී ඇති බවය. තමන්ට පක්‍ෂය තුළ අනාගතයක් නැති බවය. ඒ තුළ ඔවුහු මහත් කලකිරීමට පත්ව සිටියහ.


ජනාධිපති සොහොයුරා බැසිල් රාජපක්‍ෂ පක්‍ෂයේ ප‍්‍රධාන තීරකයා බවට පත්විය. සියල්ල සිදු වූයේ බැසිල් රාජපක්‍ෂට ඇවැසි ලෙසය. ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු ජනාධිපතිවරයාට යම් ප‍්‍රශ්නයක් ඉදිරිපත් කළ විට ”ඒක බැසිල් එක්ක කතා කරගන්න” යනුවෙන් පිළිතුරු ලැබිණි. බැසිල් සමඟ එබඳු ප‍්‍රශ්නයක් කතා කිරීම තමන්ට තරම් නොවන බව තේරුම් ගන්නා ඇමැතිවරු හැරී යති. මෙම පරිසරය තුළ ශ්‍රී ලංකාකාරයන් අවලංගු කාසි බවට පත් විය. පක්‍ෂ අභ්‍යන්තරයේ මහා අසහනයක් කිසිවකුට හෝ නොදැනෙන පරිදි වර්ධනය වෙමින් ආවේ එසේය.


මංගල, රුවන්, තුසිත ඇතුළු කණ්ඩායමට මෙම තත්ත්වය රහසක් නොවීය. මෙම තත්ත්වය මනාලෙස කළමනාකරණය කළ හැකි බවද ඔවුහු දැන සිටියහ.
දිනය 201SLD_20150201_A0103 වසරේ සැප්තැම්බර් 27 වැනිදාය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අභ්‍යන්තරයේ පුපුරු ගසමින් තිබූ අසහනය වාං දැමීම ආරම්භ වූයේ එදිනය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ රජරට නායකයා ලෙස අබිසෙස් ලද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පතාක යෝධයකු වූ බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මිය ගියේ එදිනය. ඒ මරණය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උරුමය සහිත ඇත්ත ශ්‍රී ලංකා කාරයන් කම්පනයට පත් කිරීමට යමක් සිදුවීමක් විය. එයට බලපෑ ප‍්‍රධාන සාධකය වූයේ බර්ටි පේ‍්‍රමලාල්ට රාජපක්‍ෂවරුන්ගෙන් කුඩම්මාගේ සැලකිල්ල ලැබුණේ යැයි මතයක් ඔවුන් තුළ තිබීමය.


බර්ටි පේ‍්‍රමලාල්ගේ මරණයට පෙර පැවති උතුරු මැද පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග‍්‍රහණය කළ අතර මහ ඇමති ධුරය හිමි වූයේ එස්.එම්. රංජිත්ටය. ඔහු එවකට ඇමැතිවරයකුව සිටි එස්.එම්. චන්ද්‍රසේනගේ සොහොයුරාය. එස්.එම්. චන්ද්‍රසේන දේශපාලනයට රැුගෙන එන්නේ බර්ටි පේ‍්‍රමලාල්ය. එහෙත් පසු කාලයේදී මේ දෙදෙනා බලවත් ලෙස විරසක වූහ. එම පළාත් සභා මැතිවරණයේදී ද එම විරසකය නග්න ලෙස ප‍්‍රදර්ශනය විය.


බර්ටි පේ‍්‍රමලාල් උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමැතිවරයාය. එයට අමතරව පැරණිතම ශ්‍රී ලංකාකාරයකු ලෙස ජාතික නායකයකුගේ ප‍්‍රතිරූපයක් ඔහුට තිබිණි. මෙම සාධක මත ඔහුට යළිත් මහ ඇමැති ධුරය ලබා දෙන ලෙස විශාල හඬක් මතුව ආවේය. එහෙත් බර්ටි පේ‍්‍රමලාල්ට එය නොලැබුණි. මනාප ලැයිස්තුවේ අංක එකට පැමිණි එස්.එම්. රංජිත්ට මහ ඇමැතිධුරය හිමි විය.

1
මනාප ලැයිස්තුවේ අංක එකට පැමිණීම නැමැති සාධකයට යටත්ව මහ ඇමැතිවරයා තේරීම සන්ධාන ප‍්‍රතිපත්තිය ලෙස ප‍්‍රකාශයට පත් කෙරිණි. එමෙන්ම පළාත් සභා මැතිවරණයකදී මහ ඇමැති අපේක්‍ෂකයා කලින් නම් නොකරන බවට ද සන්ධානය ප‍්‍රකාශයට පත් කළේය.


එහෙත් මෙම ප‍්‍රතිපත්ති දෙකටම වැඩි කලක් ආයුෂ තිබුණේ නැත.


උතුරු මැද පළාත් සභා මැතිවරණයෙන් පසුව පැවැතියේ මධ්‍යම පළාත් සභා මැතිවරණයයි. එහිදී වැඩිම මනාප ගනු ලැබුවේ අගමැති දි.මු. ජයරත්නගේ පුත් අනුරාධ ජයරත්නය. එමෙන්ම අනුරාධ ජයරත්න, දුමින්ද දිසානායකගේ මස්සිනාය. වැඩිම මනාප ගත් අපේක්‍ෂකයාට මහ ඇමැති ධුරය ලබාදෙන බව සන්ධානයේ ප‍්‍රතිපත්තිය වූ හෙයින් අනුරාධට මහ ඇමැති ධුරය හිමිවනු ඇති බවට සැකයක් නොවීය. එහෙත් මහ ඇමැති ධුරය හිමි වූයේ හිටපු මහ ඇමැති සරත් ඒකනායකටය. උතුරු මැදදී එක පිළිවෙතකුත් මධ්‍යමදී තවත් පිළිවෙතකුත් කි‍්‍රයාවට නැගුණේ එසේය. උතුරු මැදදී බර්ටි පේ‍්‍රමලාල්ට මහ ඇමැති ධුරය ලබා නොදුන්නේ ඔහු බර්ටි පේ‍්‍රමලාල්වීම නිසා බවට මතයක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයන් තුළ ඇති විය.


පළාත් සභා මැතිවරණයකදී මහ ඇමැති අපේක්‍ෂකයා කලින් නම් නොකරන බව කීවද ඌව පළාත් සභා මැතිවරණයේදී මහ ඇමැති අපේක්‍ෂකයා ලෙස ශශින්ද්‍ර රාජපක්‍ෂ කලින්ම නම් කෙරිණි. ඒ අනුව සියලූ නීතිරීති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක ඉලක්ක කරගෙන බවට සැකයක් නොවීය. මෙම තත්ත්වය ශ්‍රී ලංකා පාක්‍ෂිකයා බලවත් ලෙස කම්පනයට පත් කිරීමට හේතු විය.


ඔය අතරවාරයේදී බර්ටි පේ‍්‍රමලාල් බරපතළ ලෙස රෝගාතුර විය. ඔහු දරුණුලෙස පිළිකා රෝගයට ගොදුරුව සිටියේය. එහෙත් මුල් අවස්ථාවේදී රෝගය කුමක්දැයි හඳුනා ගැනීමට අවස්ථාව නොලැබිණි. සිංගප්පූරුවට මෙන්ම ඇමෙරිකාවට ද රැුගෙන ගොස් බර්ටිට ප‍්‍රතිකාර කිරීමට දුමින්දලා කටයුතු කළහ.
බර්ටි පේ‍්‍රමලාල් ඇමෙරිකාවේ ප‍්‍රතිකාර ගනිමින් සිටියදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වරක් දුමින්ද ඇමතීය.


”ඇත්තද දුමී... තාත්තා අසනීපවෙලා කියලා කියන්නේ?” ජනාධිපති මහින්ද විමසීය. එහෙත් ඒ වනවිටත් රෝගය හඳුනාගෙන නොතිබිණි. එහෙයින් දුමින්ද කියා සිටියේ එහෙම අසනීපයක් ගැන නොදන්නා බවය.


පසුකාලයේදී රෝගය හඳුනා ගැනුණි. එහෙත් දුමින්දලා ඒ බව කාටවත් කීමට නොගියහ. එයට හේතුව වූයේ බර්ටි පේ‍්‍රමලාල් පියා ඉක්මණින් සුවපත් කර නැවත ඔහු කි‍්‍රයාකාරී දේශපාලනයට රැුගෙන ඒම දුමින්දලාගේ අදහස වූ හෙයිනි. එහෙයින් ඔවුන්ගේ පළමු අවධානය යොමු වූයේ පියා සුවපත් කර ගැනීමය.
ඔය අතරවාරයේදී තවත් බොහෝ අරුම පුදුම දේ සිදුවිය.


ඒ මොනවාද?
ඒ කතා ලබන සතියට...

m



අදහස් (0)

පිපිරීමේ ඇරැඹුම

අනුරශාන්ත Friday, 06 February 2015 03:06 AM

ඉතින් මොකටද එහෙනම් රටින් යන්න ගියේ? (නි)

:       0       0

මහින්ද උදයසිරි රත්නායක Sunday, 08 February 2015 05:24 PM

පැරදුනාම පන්න පන්න ගහන එක අපේ ප්‍රතිපත්තිය. යු එන් පිය පාරාදවුනේ මෙම ප්‍රතිපත්තිය නිසා බව අමතක නොකරන්න. 76 සිට 94 දක්වා සිද්දි මතක් කරගන්න වටකරගෙන කාලා පහරන එක නරක පුරුද්දක් (නදී)

:       0       0

සූරිය Thursday, 05 February 2015 03:43 AM

කැලණිය ජනතාව සිටියේ දැඩි කනස්සල්ලෙන්. නායකත්වය ගැන කළකිරීමට හේතු වූ මේ වගේ තව ප්‍රශ්න බොහෝ ඇති. තුසිත මහත්මාණෙනි, මේ ගැනත් ඉදිරි ලිපියෙන් පැහැදිලි කිරීමක් කරන්න. (නි)

:       0       0

ද සිල්වා Friday, 06 February 2015 04:26 AM

තව අවරුදු 10 විතර බැසිල් ලංකාවට ඇවිත් කියාවි දේශපාලන පලිගැනීම් නිසා එය ඇමෙරිකාවට පලාගියා කියලා ,(හේ)

:       0       0

චමෝද් Wednesday, 04 February 2015 01:56 PM

හොදයි.(හේ)

:       0       0

චන්ද්‍රා Monday, 09 February 2015 02:14 AM

එතකොට කඩුවෙල පැත්තේ බුද්දදාස, විමල්, මෙර්වින් සිල්වාගේ සහ මාලක ගේ නාටක මේවා කිසි දෙයක් රාජපක්ෂ පාලනය තැකුවේ නැහැ, මිනිස්සුන්ට එපා උනේ මේ හේතු හින්දා. (නදී)

:       0       0

අවංක Monday, 09 February 2015 04:33 AM

බැසිල්ලා වගේ අය අායෙත් අපේ රටේ නොඉපදේවා. (නදී)

:       0       0

සිරිමෙවන් Wednesday, 11 February 2015 12:26 AM

සංසාරෙදිවත් පරණ තිබුණා වගේ යුගයක් නම් ලංකාවට එපා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දය එදා කී දේ අද කියන දේ
2024 ජුලි මස 27 15 0

ජනාධිපතිවරණය කල් දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂය උත්සාහ ගන්නා බවට විරුද්ධ පක්ෂ පසුගිය මාස කිහිපයක් තිස්සේ චෝ


ප්‍රජාතන්ත්‍රවාදයට අනුගතවූ ඡන්දයකට පෙළගැසෙමු
2024 ජුලි මස 27 5 0

2024 ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව එන මස නැතහොත් අගෝස්තු මස 15 වැනි දින නාම යෝජනා කැඳවීමට ද සැප්තැම්බර් 21


අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 264 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 130 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 304 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 138 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 171 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1162 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site