IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


පන්සලේ ඝාණ්ඨාව සොරකම් කළ හොරුන්ට පව් පටිසන් දුන් හැටි

 df

 

ජීවිතය නිවැරදි මගට ගැන්මට නිවැරදි මගපෙන්වීමක් අවැසිය.  මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.

 

30-pg13d-taks--pgs

හන්දෙස්ස-චන්ද්‍රරත්න සිරිසේන මහතා ලියා එවූ කතාවක් මෙසේය.


හන්තාන කඳුවැටියෙන් වට වූ මහා කළුගල් රාජයෙකුගේ ආරක්ෂාව මත පිහිටි ගමක විහාරස්ථානය එම කළුගල මුදුනේ පැරණි රජවරුන් විසින් නිර්මාණය කළා යැයි පුරාවෘතාන්ත ඇත. 


එම පන්සලේ ඝණ්ඨාරය එල්ලා ඇත්තේ අඩි 40ක් පමණ උස කුළුණක් නිර්මාණය කොටගෙනය.


එදා පසළොස්වක පෝය දවසකි. සවස ආගමික වතාවත් නිමවා දායකයෝ නිවෙස්වලට ගියෝය.


මහා පුදුමයකි. පෝයට නාදවූ ඝණ්ඨාව පසුදා උදේ නාද නොවීය.


ක්‍ෂණයකින්ම පන්සලේ හාමුදුරුවෝ මාගේ නිවසට වැඩියහ.


ලේකම්තුමා යැයි ඇමතූහ. පන්සලේ ඝාණ්ඨාරය හොරු අරන් ගිහින් යයි කිවූ වදනින්ම මමද සලිත වුණෙමි.


එවකට ඝණ්ඨාව බර රාත්තල් 250කි. (දැන් කිලෝ 115ක් වන බව කිරාබලා ඇත.) ක්‍ෂණයකින් ගම් වැසියන් රැස් කරවා සිදුවූ විපත දැනුම් දුන්නෙමි. මුදල් හොඳටම තියෙන දායකයන්ගේ තීරණය වූයේ හොරු හොයමු, අහු උනොත් යදිනවා යන්නයයි. ඒ අනුව සියලු දායකයෝ පන්සල්වත්ත පුරා සෙව්වෝය.


මහා ආශ්චර්යකි වත්තේ කානුවක් මත ඝණ්ටාව අසල මුර කරමින් සිටි නාගයෙක් ඇස ගැටිණි. 


සියලු දෙනාම සාදු හඬ නගන්නට වූහ. 


හාමුදුරුවන්ගේ දෑසේ කඳුළු පිරුණි.


නාගයා ක්‍රමයෙන් ඉවත් විය.


කතාකර ගත් පරිදි දායක පිරිස හොරුන් දැන ගැනීමට එදිනම කීපදෙනෙක් කොත්මලේ ගුරා යැයි ප්‍රසිද්ධ යදින ගුරා සොයා ගියහ. ඒ ගමනට මමද ගියෙමි.


දේවාලයට ගොස් අසුන් ගත් අපට ගුරුන්නාන්සේ විස්තර ඇසීය. සියල්ල පවසා අසාගෙන ගුරා “අඳුන” බැලීය. එවිට ඝණ්ටාව හොරුන්ගේ නම් කියවුණි. හැඩ රුව කියවුණි. සියලු දෑ කථිකා කොට සෙනසුරාදා දවසේ යදින්නට ගුරුන්නාන්සේ එන බවට භාර ගති. අපිද පඬුරක් අත තබා ආවෙමු.


පසුදා ගුරා කිවූ පරිදි මල්යහනක් සාදා සූදානම් වූ පසු සෙනසුරාදා රාත්‍රී 10ට ගුරා සූදානම් වූ පසු සෙනසුරාදා රාත්‍රී 10ට ගුණ යැදුම පටන් ගත්තේය. 
ගමම මවිත කරමින් යැද්දේය.


මහා පුදුමයකි! පැය දෙකක් එක ලෙසට යදින විට භීතියට පත් හොරු දෙදෙනා යකදුරාගේ දෙපා මුල වැටී සමාව අයැදූහ.


හාමුදුරුවන්ගේ දෙපා වැඳ සමාවගත් හොරු තමන් ඝණ්ටාරය කඹයෙන් බිමට ගත් අයුරු දෙදෙනා කද ගහගෙන යන විට පන්සල් වත්තේ සිටින නයා දෙදෙනාට දෂ්ඨ කිරීමට පැන්න නිසා ඝණ්ටාරය දමා පසුවදා අසිහයෙන් ගෙදර ගිය බවත් පැවසූහ.


යැදුම් ක්‍ෂමා කිරීමට ඉල්ලා සිටියත් පසුවදා කුලී වැඩකට ගිය හොරු දෙදෙනාගෙන් එක් අයෙක් වී ගෝනියක් ගෙන ඇඹරීමට යන විට පය ලිස්සා වැටී රෝගී තත්ත්වයට වැටුණි. බෙහෙත් රැගෙන පන්සල් වත්තෙන් එන විට පය ලිස්සා වැටී රෝගී තත්ත්වයට වැටුණි. බෙහෙත් රැගෙන පන්සල් වත්තෙන් එනවිට නාග රාජයා ඉව වැටී දෝ මග රැක සිට හැරමිටියේ ආධාරයෙන් එන හොරාට දෂ්ඨ කළේය. 


සර්ප විසට වෙදකම් කළත් දවස් දෙකකින් ඔහු මළේය.


අනෙක් හොරා බීමතින්ම පසු වූ නිසා අක්මාව දියවී මාස 3කට පසු මිය ගිය බව සැලවිය. 

 

 

කුරුවිට, ගල්කඩ, කොස්සනාව ඩබ්ලිව්.ඒ. වැලිවිට මහතා ලියා එවූ කතාවක් මෙසේය. 


ඌරු පැටවුන් ගලේ ගසා මරා කෑ මස්වැද්දාට කළකම් පළ දුන් හැටි.


මීට දශක තුනකට පමණ ඉහත මම ප්‍රසිද්ධ ඇඟළුම් ආයතනයක සේවය කළෙමි. එම ආයතනයේ අයිතිකරුගේ ඥාතියෙකු මගේද මිත්‍රයෙක් විය. ඔහු එම ආයතනයේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් වූ අතර ආයතනයට කිලෝමීටර් කිහිපයක් නුදුරේ ඔහුට අයත් සුඛෝපභෝගී නිවස පිහිටා තිබිණ. එහි සිට මටද සේවයට පැමිණීමට ඔහු ආරාධනා කළ බැවින් මම ද ඊට ඉඳුරාම එකඟතාවය පළ කළෙමි. දිනපතා සේවය නිමවා ඔහුගේ වාහනයෙන්ම නිවහනට යාමටත් ආපසු උදේ එම වාහනයේම වැඩට පැමිණීමට මට හැකිවිය. 


නමුත් එහි ගොස් ටික දිනකින්ම ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳව මට ඇතිවූයේ පිළිකුලකි. ඔහු සෑම වේලකටම මස් මාංශ අනුභව කිරීමටත් ඒ සඳහා සතුන් මැරීමත් විනෝදාංශයක් වශයෙන් කළ අයෙක් බව මුලදී මම දැන නොසිටියෙමි. ක්‍රිස්තියානි ආගම අදහන්නෙකු වුවද ඔහු එම ආගමේද හරපද්ධතීන් විවේචනය කරනු ලබන්නෙකු, බෞද්ධයෙකු වන මා නොයෙක් ආකාරයෙන් ප්‍රාණඝාතයේ ඇති ආදීනව විස්තර කළද ඔහු ඒවා මායිම් කළේ නැත. දඩයම් කරන ලද සතෙකුගේ මස් වුවද මම ආහාරයට නොගත් බැවින් ඉඳහිට ඔහු මට ආමන්ත්‍රණය කරන ලද්දේ උපාසක යනුවෙනි. 


අක්කරයක් පමණ විශාල වූ ඔහුගේ ඉඩමේ පහළ කොටසේ ඌරු මඩුවක් විය. පසළොස්වක දිනට පෙරදින දඩයමක් හමුනොවුණහොත් පෝය දිනට මස් කඩද වසා ඇති බැවින් එම මඩුවෙන් ඌරු පැටියෙකු රැගෙන හිස ගලේ ගසා මරා ආහාරයට ගනී. ඔහුගේ බිරිය වුවද මෙම ක්‍රියාව පිළිකුල් කරන නමුදු කළ හැකි දෙයක් නොමැති බැවින් එම මස් පිළියෙල කර දෙයි. යට සඳහන් කරන ලද ඌරු මඩුවේ කළු ඊරි ලෙස හඳුන්වන කළු පැහැති තරබාරු ඊරියක් සිටි අතර ඇය පැටව් ගැසූ විට දින දෙකකින් පමණ පැටව් එකා දෙන්නා මරා ආහාරයට ගන්නා බව ඔහු පැවසීය. එම නිසා එම ඊරිය පැටව් ගැසීමට ආසන්නයේ එම කොටුව වෙන් කර ලී ළඟ බැද දොරක්ද දමන ලදී. නොබෝ දිනකින් එම ඊරිය පැටවුන් දහතුන් දෙනෙකු ප්‍රසූත කළාය. එදිනට පසුදිනම පැටවුන් වෙන්කර තබනු ලැබූවද ඉතා කුඩා වලිගය සොලවමින් දොර ළඟටවී අම්මා දෙස මෙම පැටවුන් බලා සිටිති.


එදා නිවාඩු දිනයක් බැවින් මිතුරා බිරිය සහ දරුවන් දෙදෙනා සමග දුර බැහැර ඥාති නිවසක යන බව පවසා පිටත් වූ පසු පැටියෙකුගේ විලාප හඬක් ඇසුණ බැවින් වහා දුවගිය මට දකින්න ලැබුණේ දොරේ විවරය පළල් කර පැටියෙකු ඇගේ කූඩුවට රැගෙන ඒ මේ අතට පොළවේ ගසන දර්ශනයයි. දැන් පැටියා බේරා ගැනීමට උත්සහ දරා වැඩක් නොමැති බැවින් ඉතිරි පැටවුන් හෝ බේරා ගැනීමට ලෑලි කිහිපයක් ගෙන ශක්තිමත් ආකාරයෙන් දොර සකස් කළෙමි. මිතුරාගේ මුරකරු සිටින්නේ රාත්‍රියට පමණක් බැවින් සවස ඔහු පැමිණි පසු මෙම සිද්ධිය විස්තර කළද එය ඔහුට අරුමයක් නොවීය.


එදින මිතුරා පැමිණි පසු මෙම සිදුවීම මුරකරු පැවසූවිට මිතුරා තද කෝපයට පත්විය. ඊට හේතුව තව හයමසක් යනවිට ඌරු පැටවා ලොකු ඌරෙකු වූ විට ලොකු මුදලක් අතට ලැබෙන බැවිනි. ඉන්පසු මුර කුටියේ තබා  ඇති රයිෆලය  ඊරිය මැරීමට එළියට ගන්නා ලෙස මුරකරුට දැන්වූ බැවින් මම යුහුසුළුව මගේ කාමරයට පිය නැගිමි. නමුත් විනාඩි දහයක් පමණ ගතවුවද කිසිම ශබ්දයක් නොඇසින. සුළු වේලාවකින් රයිෆලයද සමග මා අභිමුවට පැමිණ ඔහු බලන්නකො ඊරිට කොකා ගැස්සුව පත්තුවුණේ නෑනේ. තුන් හතර වතාවක්ම උත්සහ කළා. කූඩුවට දාන්න හදද්දී ඊරිත් පැනලා ගියා. ඌ නම් තව ටිකකින් එයි. කම්මල් කාරයගෙ ගෙදර ගියොත් මේක හදාගන්න පුළුවන්. කෙටි පාරක් තියෙනව ගඟ අයිනෙන්, යමුද මේක හදාගෙන එන්න යනුවෙන් සඳහන් කළේය. ඊට එකඟ නොවීමට ආත්ම ශක්තියක් නොලද බැවින් මමද එම ගමනට සහභාගි වූවෙමි. අප යන අඩිපාරේ කුඩා කන්දක් නැග පල්ලමක් බැසීමට තිබිණ. කන්ද නගින අතර උස ගසක උඩ අත්තේ මාන කොකෙකු වසා සිටිනවා ඔහු දැක, “පොඞ්ඩක් ඉන්න අරූටත් නිකමට කොකා ඇදල බලමු.” කියා ඔහු රයිෆලය උඩට එල්ල කළේය.


මමද ඔහු ආසන්නයේ සිටියේ තුවක්කුව පත්තු නොවන බව සඳහන් කළ නිසාය. නමුත් කන් බිහිරි කරන ශබ්දයක් සමග හිස නොමැති කොකෙක් අප ආසන්නයේ පතිතව දෙතුන් වතාවක් උඩ පැන නිහඬ විය. බලන්නකෝ මේකෙ මොකුත් ප්‍රශ්නයක් නෑනේ. කියූ ඔහු කොකාද රැගෙන ආපසු හැරින.
“ඕක තමයි බුදු දහමෙ පවතින කර්ම ශක්තිය. මේ කොකා මරන්න ඔබ අදහස් කළාද? ඌ ඔබ අහම්බෙන් දකින ලද සතෙක් නොවේද? ඌට ජීවත්වීමට තිබූ කාලය අවසන් වූ නිසා ඌ ජීවිතක්ෂයට පත් වූ බව මම සඳහන් කළ විට ඔහුද එය පිළිගත්තේය”


තවදුරටත් මෙම ප්‍රාණ ඝාතයන් බලමින් සිටීම මට මහත් වදයක් විය. එහෙයින් මගේ ඥාතියෙකු දෙහිවල නිවසක පදිංචි වූ බවත්, ඔහු තනිව සිටින නිසා මමද එහි යායුතු බව පවසා මිතුරාගේ නිවසින් පිටත් වූවෙමි. සති කිහිපයක්ම එම මිතුරා නොදුටු බැවින් ඔහු ගැන සොයා බැලීමේදී ඔහු රෝගාතුරව නිවසේ සිටින බව ආරංචි විය.


ඔහුගේ කල් ක්‍රියාවන් කෙසේ වුවද මට කරන ලද විශාල උදව් උපකාර අමතක කළ නොහැකි බැවින් ඔහු බැලීමට නිවසට ගියෙමි. දනහිස දක්වා බැන්ඬේජ් කරන ලද පාදය සහිතව ඔහු සයනයේ උඩුබැලි අතට නිදා සිටින ආකාරය දැකීමෙන් මගේ සිතේ ඇතිවූයේ තද වේදනාවකි. මොහු බොහෝ දිනවල රාත්‍රී කාලයේ මොරටුදූවේ හාවුන්, මීමින්නන් දඩයම් කිරීමට යන බැවින් එසේ යන එක් දිනෙක වළක තිබූ උක් ලීයක් කකුලට පෑගීමෙන් තුවාල වූ බවත් ටිකෙන් ටික එම තුවාලය මොන තරම් බෙහෙත් කළද ඔඩු දුවමින් පවතින බවත් ඔහු ප්‍රකාශකළ විට මතක්වූයේ ඔහු විසින් කරන ලද ප්‍රාණ ඝාතයන්ය.


මෙලෙස මාස දෙකක් පමණ ප්‍රථිකාර ලබාගත්තත් ඔඩු දිවීම නතර නොවූ බැවින් දනහිසට අඟල් හයක් පමණ උඩින් පාදය කපා දමන ලදී. තවත් මාස දෙක තුනක් පමණම ඔහු කල්ගෙවූවේ මෙලෙස ජීවත්වනවාට වඩා හොඳයි මැරෙන එක යනුවෙන් සඳහන් කරමිනි. අවසානයේ ඔහු වස පානය කොට සිය දිවි නසා ගත්තේය.


මිය යන විට ඔහුගේ වයස අවුරුදු තිස් හතකි. කරන ලද පාප කර්මයන්ගෙන් දහයෙන් එකක් පලදී ඔහු මිය ගිය පව ඔහුගේ මිතුරෝ පවසති.


මෙබඳු කතා ඔබත් දන්නේනම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

m



අදහස් (0)

පන්සලේ ඝාණ්ඨාව සොරකම් කළ හොරුන්ට පව් පටිසන් දුන් හැටි

යසපාල Tuesday, 02 February 2016 04:40 PM

මෙවන් කතා තව තවත් පළකරන්න (නි)

:       0       0

සන්තුෂ් Tuesday, 02 February 2016 04:36 PM

හොඳ කතාවක් (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Friday, 12 February 2016 12:54 AM

සත්ව ඝාතනය කරමින් මෙවැනි පාපකර්ම කරන අය මෙලොවදීම නොයෙකුත් දුක්විඳ මරණයට පත්වී අපාදුක් විඳීමටද සිදුවන බව මින් සක්සුදක් සේ ඔප්පුවේ (නි)

:       0       0

මලික් Friday, 12 February 2016 01:17 AM

පන්සලේ ඝාණ්ඨාරය පවා හොරකම් කරන්න තරමට අද සමාජය පිරිහිලා (නි)

:       0       0

රොහාන් Tuesday, 02 February 2016 02:46 PM

ශ්‍රී පාදේ දඹරන් ගන්ටාරයට මොකද වුණේ ?? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 745 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site