IMG-LOGO

2025 ජනවාරි මස 25 වන සෙනසුරාදා


පුතාට ගහද්දී පපුව පැලී මියගිය අම්මා

මවු සෙනෙහස ගැන ලියැවුණු කව් ගී අපමණය. ඒ එකකින්වත් අම්මා සතු සෙනෙහස කියා නිම කරන්නට බැරිය. වරදක් ඇතත් නැතත් දරුවකුට කරදයක්, හිංසාවක්, පීඩාවක් වූ සැණින් අම්මාගේ හදවත වෙඬරු පිඩක් සේ උණු වී යයි. දරුවකුට වන්නට ගිය කරදරයක් උහුළා ගැනීමට නොහැකිව මවක මිය ගිය කතා පුවතක් වාර්තා වූයේ මිනුවන්ගොඩිනි.
 

වසන්තා පත්මිනී මාතාව

දිනය පෙබරවාරි 18 වැනිදාය. මිනුවන්ගොඩ බොරගොඩවත්තේ පදිංචිකරුවකු අසල් වාසියකුගේ පහර දීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගතකළ බවට මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි ලැබිණි. ඒ පිළිබඳව පොලිසිය විමර්ශන ඇරැුඹීය. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ප‍්‍රමාද වෙතියි පැමිණිලි කරුවෝ ද තරමක් නෝක්කාඩු වූහ.

සැකකරු සිටින නිවෙස ගැන තොරතුරු අනාවරණය කරගත් අතර ඔවුන් සිටියේ පැමිණිලිකරුවන් සිටින නිවෙසට මීටර 10ක් 12ක් ඈතිනි. එම නිවැසියන් ගැන සොයා බලද්දී එහි වරෙන්තුකරුවන් දෙදෙනකු සිටිනා බවද හෙළි විය. සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම ගැන මිනුවන්ගොඩ පොලිසිය කෙරෙහි වැරදි දැක්මක් ඇති වෙතියි සිතූ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ටී ලූඩවයික් මහතා මිනුවන්ගොඩ බොරගොඩවත්තේ නිවෙසට ගොස් වරෙන්තුකරුවන් දෙදෙනා හා පුද්ගලයකුට පහර දී බරපතල තුවාල සිදු කළ බව කියන අය අත්අඩංගුවට ගන්නැයි පොලිස් ජංගම රථයට දැන්වීය.

ඒ අනුව 19 වැනි දා අලූයම 2.15ට පොලිස් ජංගම රථයේ රාජකාරි කළ පොලිස් සැරයන්වරු දෙදෙනෙක් හා පොලිස් කොස්තාපල්වරයෙක් එම නිවෙසට ගියහ.

නිවෙස අසළට ගොස් කතා කරද්දී ඔවුන් අවදි වුවත් කිසිවෙක් දොර විවර නොකළහ. අනෙක් පසින් ගොස් පිටුපස ලෑල්ල තල්ලූ කරද්දී එය විවෘත විය. ඒ සමගම නිවෙස තුළ සිටි දෙදෙනා පොලිසියෙන් අල්ලා ගත්හ.

ඔවුන්ගේ මව එය දුටුවාය. තම දරුවන්ට කුමක් වන්නට යන්නේදැයි මවට සැකයක් ඇති වන්නට ඇත. දරු දුක  ඉවසා ගත නොහැකි වූ ඇය පපුව අල්ලාගෙන වාඩි වූවාය.

අපේ අම්මාට පපුවේ අමාරුව තියෙනවා. යැයි කී දරුවෝ වෛද්‍ය වාර්තා ද ඉදිරිපත් කළහ.

ඒ සමගම සැකකරුවන් අත්හළ පොලිසිය මව පොලිස් ජීප් රියෙන්ම මිනුවන්ගොඩ රෝහලට ගෙන අවේය. ඇයට ජීවත් විය හැකි වූයේ තවත් නොබෝ වේලාවක් පමණි. රෝහලට ඇතුළත්කර මිනිත්තු 20ක් යන්නටත් මත්තෙන් මව මිය ගියාය.

එලෙස මිය ගියේ වසන්තා පත්මිනී නම් මවකි. ඇය ලබන මාසයේ හෘද සැත්කමකට ලක්කිරීමට නියමිතව සිටියාය.

සිද්ධිය සැලවූ සැණින් පොලිස් ස්ථානාධිපති ටී. ලූඩවයික් මහතා ප‍්‍රමුඛ නිලධාරීහු පරීක්ෂණ ආරම්භ කළහ.  බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති සහ ගම්පහ පොලිස් අධිකාරී 1 රංජිත් මාසිංහ මහතා මිනුවන්ගොඩ පොලිසියත් සිද්ධිය වූ ස්ථානයටත් පැමිණ විමර්ශන සිදු කළහ.

ඒ සමගම බී 298/14 අංකයෙන් මිනුවන්ගොඩ අධිකරණයට කරුණු වාර්තා කෙළේය. මිනුවන්ගොඩ හදිසි මරණ පරීක්ෂක සුනිල් ශාන්ත මහතා මෘත දේහය පරීක්ෂාකර සිද්ධිය වූ ස්ථානය ද නිරීක්ෂණය කෙළේය. ඉන් පසු ගම්පහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ එස්. පී. ඒ. හේවගේ මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය.

මරණයට ආසන්න හේතුව හෘදයාබාධයක් බවත්, මෘත දේහයේ තැලීම් සීරීම් නොමැති බවත් තීරණය කළ අධිකරණ වෛද්‍ය නිලධාරී විවෘත තීන්දුවක් ලබා දුන්නේය. එනම් මරණයට ස්ථිර හේතුව ප‍්‍රකාශ නොකළ අතර රසපරීක්ෂකගේ වාර්තා ආපසු තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මිනුවන්ගොඩ බොරගොඩවත්තේ නිවෙසක සිටි නිවැසියන් බිය ගන්වමින්, බලෙන් විවෘත කරන ලද දොරකින් එම නිවෙසට ඇතුළු වී නිවෙස තුළ සිටි ඩබ්ලිව්. එම්. කමල් ප‍්‍රදීප්ට අතින් පයින් හා පොල්ලකින් පහරදීම සහ එහිදී ඇතිවූ තැති ගැනීමකින් පහර කෑමට ලක්වූ අයගේ මව හෘදයාබාධයකින් මියයාමේ චෝදනා සම්බන්ධයෙන් එම නිවෙසට ගිය පොලිස් සැරයන්වරුන් දෙදෙනාගේ හා පොලිස් කොස්තාපල්ගේ  වැඩ තහනම් කරන ලෙස ගම්පහ පොලිස් අධිකාරී 1 රංජිත් මාසිංහ මහතා නියෝග කළේය.

පොලිස් අධිකාරී මාසිංහ විසින් එම චෝදනාවන්ට පොලිසියේ තිදෙනාගේ වැඩ තහනම් කළත් පශ්චාත් මරණ පරීක්ෂණයේ තීන්දුවක් නොදී විවෘත තීන්දුවක් දී ඇති තත්ත්වයක මවගේ මරණයට හේතුව තැති ගැනීම බවට නිගමනය කළේ කෙසේදැයි පොලිසියේම ඇතැමෙක් ප‍්‍රශ්න කරති.

වරෙන්තුකරුවන් හා සැකකරුවන් ඇල්ලීමට නිවෙසකට යෑම වරදක්දැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහණ මහතාගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ එය වරදක් නොවන බවයි. මින් මතු නිවෙසක සැකකරුවන් සැඟව සිටීනම් පොලිසිය ඔවුන් අත්අඩංගුවට නොගෙන ආපසු හැරී

එන්නේ දැයි විමසූ විට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පැවසුවේ එලෙස හැරී නොඑනා බවයි.

පොලිසියේ වරදක් ඇත්ද යන්න හෝ නැද්ද යන්න නිසි බලධරයන් විසින් තීරණය කරනු ඇත.

මේ සමස්ත සිද්ධියෙන්ම ගම්‍ය වන්නේ එක් දෙයක් පමණි. ඒ අන් හැමදේකටම වඩා මවකගේ ඇති දරු සෙනෙහස තීව‍්‍ර බවයි. වසන්තා පද්මිනී මහත්මිය සෙනසුරාදා (20) බොහෝ පිරිසක් හඬවමින් අවසන් ගමන් ගියේ මවකගේ ඇති දරු සෙනෙහසක මහිම තවත් වරක් කියා පාමිනි.

 

 



අදහස් (0)

පුතාට ගහද්දී පපුව පැලී මියගිය අම්මා

මාලනී Tuesday, 04 March 2014 06:28 PM

මේ මව්තුමියට නිවන් සුව ලැබේවා (දිල්)

:       0       0

චින්තා Monday, 03 March 2014 04:06 PM

බලෙන් ඇතුලු වෙන්න පුලුවන් නීතියට අනුව. ඒත් අවම බලය පාවිච්චි කරන්න ඕනි.(නදී)

:       0       0

ආරියසේන Monday, 03 March 2014 07:16 AM

කෝ මේවට හියුමන් රයිට්ස්, ගෙයක් සොදිසි කිරීමට හෝ ගේකට ඇතුල් වීමට නම් අනිවාර්යෙන්ම යම් ක්‍රම වේදයක් තිබිය යුතුය. වැරදි කාරයෙක් හිරකාරයෙක් වුනත් ඔහු මනුස්සයෙක්. සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට මිනිසුන් පෙළගැසිය යුතු කාලය එළඹී ඇත.(නදී)

:       0       0

ගුණවර්ධන Thursday, 27 February 2014 07:32 PM

යමෙක් අත් අඩංගුවට ගන්න තමා පොලිසිය සුදානම් වී ඉන්නේ නමුත් කෙනෙකුට තාඩන පීඩන කරන්නට පොලිසියට කිසිම අයිතියක් නැහැ.මේවා දිගටම දැන් ලංකාවේ සිදුවෙනවා ,(අ)

:       0       0

ළහිරු Monday, 03 March 2014 09:30 PM

පොලිසියේ සමහරක් හොදටම බීල බීල ඔය වගේ ගිහින් අහිංසක මිනිස්සුන්ට කරදර කරනවා ගෙවල්වලට ඇවිත් කුණුහරප කියල කෑගහනවා.(නදී)

:       0       0

සුභාෂිනී Monday, 03 March 2014 11:48 AM

අධිකරණ නියෝගයක් නැතිව බලෙන් ගෙදරකට ඇතුලුවන්නට පොලිසියට බැරි බව දන්නේ නැද්ද? (නදී);

:       0       0

මඩු Tuesday, 04 March 2014 10:04 AM

මිනි මරුවෙක් උනත් පොලිසියට බෑ අමානුෂික ලෙස පහර දෙන්න එකට යම්කිසි පිළිවෙලක් තියනවා (දී)

:       0       0

ප්‍රභාෂ් එම් සුරියගොඩ Monday, 03 March 2014 12:36 PM

පොලීසිය ගැන තියෙන ආකල්පය වෙනස් කරගන්න අමාරු වෙයි තවදුරටත්.(නදී)

:       0       0

නයනී නිසංසලා Monday, 03 March 2014 01:32 PM

නිවසකට බලෙන් ඇතුලු වීම ලොකු වරදක්.(නදී)

:       0       0

අමිල Monday, 03 March 2014 01:36 PM

මොනවා උනත් තමන්ගේ පුතා වැරැද්දක් කලා කියල අම්ම දැනගත්තනම් එයාට තිබුන පුතා උනත් බාරදෙන්න. මොකද වැරැද්ද වැරැද්දම තමා. ඒ අය අතින් පහර කෑමට ලක්වෙන්න ඇත්තේ තවත් අම්මා කෙනෙක්ගේ පුතෙක් නේ.(නදී)

:       0       0

කුමාරි Friday, 28 February 2014 11:41 AM

කතාවටත් කියන්නේ උනහපුලුවාට උගේ පැටියා මැණිකක් කියල. හොරෙක්,මිනිමරුවෙක් උනත් අම්ම කෙනෙක්ට ඒ තමන්ගේ පුතා. අහිංසක මවට නිවන් සුව හා ඒ පුතු මෙය ආදර්සේට අරන් හොඳ මිනිසෙක් වේවා! (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

කකුල් මාට්ටු දැම්මොත් ඉවරයි
2025 ජනවාරි මස 24 332 0

2018 වසරේ දී ‘‘බිම්බා දේවිය හෙවත් යශෝධරා” චිත්‍රපටයෙහි තිරනාටකය වෙනුවෙන් කරුණු එක්රැස් කරද්දී යශෝධරා හැර මට හමුවූ චරිත අතුරින්ම සිත පැළපදියම් වූයේ ප්‍


ජනාධිපති ආරක්ෂාවේ අපේක්ෂාව
2025 ජනවාරි මස 24 245 2

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධ තීරණය සපුරාම දේශපාලන තීන්දුවක් බව ජනාධිපති අනුර පසුගිය දා කටුකුරුන්දේ රැස්වීමක දී කළ


වැඩි බලතල පොලිස්පතිටද? කොමිසමටද?
2025 ජනවාරි මස 23 183 2

2002 වසරේදි 17 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පිහිටුවනු ලැබූ මෙරට කොමිෂන් සභා පිහිටුවන ලද්දේ දේශපාලනයෙන් තොරව රාජ්‍ය සේවය පවත්වා ගැනීම මූලික අරමුණු කර ග


විදුලිබිල අඩුවීමේ ආර්ථික වාසි
2025 ජනවාරි මස 23 105 1

සියයට 20කින් විදුලි බිල අඩුකිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මේ වනවිට රටේ කාගේත් අවධානය යොමු වී තිබේ. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කළ ස


වාහන ආනයනයේදී ආර්ථිකය
2025 ජනවාරි මස 22 1419 3

2019 සිට ශ්‍රී ලංකාවට රථ වාහන ආනයනය කිරීම තහනම් කර තිබුණද අදියර කීපයක් යටතේ වාහන ගෙන්වීමට කටයුතු කරන බව රජය මීට පෙර ප්‍රකාශ කළේය. ඒ අනුව ලබන මස පළමු වැනිදා


සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගෙ නාමය වේ
2025 ජනවාරි මස 21 354 0

නූතන සිංහල කවියේ ප්‍රබල හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළ මහගම සේකර කවියාගේ 49 වැනි අනුස්මරණය පසුගිය 14 වැනිදාට යෙදී තිබිණ. මහගම සේකර පෞද්ගලික ජීවිතයේත් නි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 18 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 537 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 645 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site