IMG-LOGO

2023 දෙසැම්බර් මස 06 වන බදාදා


පණ්ඩිතයා කුඹුර ළඟ නිල්ගරුඬ පාෂාණය

නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ වලපනේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පණ්ඩිතයාකුඹුරු යායට ඉහළින් බැලූ බැල්මට පෙනෙන කඳුයාය ආශි‍්‍රතව පිහිටි කොළපාට වර්ණයෙන් යුතු මහ ගල්තලාවකි. වනවදුලූ වලින් වැසුණු මේ කොළපාට වර්ණයෙන් යුතු මහ ගල්තලා අද වලපනේ ජනතාව හඳුන්වන්නේ ”නිල් ගරුඬ ගල” හෙවත් නිල් ගරුඬ පාෂාණය නමින්ය. නුවරඑළිය දිස්ති‍්‍රක්කයට උරුම වලපනේ ජනතාවගේ අනන්‍යතාවට මෙම නිල් ගරුඬ ගල ගැන ඉඳ හිට කතාබහට ලක් වූවද ප‍්‍රශස්ථ මට්ටටමේ කතිකාවතකට භාජනය නොවීම නිසා වලපනේ ග‍්‍රාමීය ජනතාව අභිමානයෙන් නැඟී සිටින්නට තිබූ ඉඩකඩ ඇහිරී ගිය බවක් අසන්නට දකින්නට ලැබේ. දකුණු ආසියාවේ මෙවැනි කොළපාට වර්ණයෙන් යුතු පාෂාණයක් ගැන තොරතුරු නැති තරම්ය. එබැවින් ඛනිජ සම්පතක් වූ වලපනේ රුපහ ගරුඬ ගල පිළිබඳව මේ දක්වා කළ පර්යේෂණයක් ගැන තොරතුරක් සොයා ගැනුමට නැත. එහෙත් මේ සොබාදහමේ අපූරු දායදායක් වූ රුපහ නිල් ගරුඬ ගල හෙට දවසේ දේශීය හා විදේශීය සංචාරකයින්ගේ සොඳුරු පාරිසරික දසුනක් විය යුතුය. ශීඝ‍්‍රයෙන් දියුණුවන ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අද දවසේ නව මංපෙත් සොයනු පෙනේ. ඒ අනුව ”රූ දෙස්” සංචාරයට මෙම රුපහ නිල් ගරුඬ ගල  කොතෙක් ආකර්ෂණීය ඉසව්වක් කර ගත හැකිද? යන්න විමසීම වටී. සොබා දහමෙන් ලැබුණු ත්‍යාගයක් ලෙස සැලකිය හැකි මේ වලපනේ රුපහ නිල් ගරුඬ පාෂාණය අද වන විට කිසිවකුගේ අවදානයට ලක් නොවූ ස්ථානයක් වී හමාරය. මේ වටිනා ගල පිළිබඳව ගෙවුනු දශක කීපය තුළ සැබෑලෙස අවධානය යොමු කළ ආයතනයක් හෝ කෙනකු නැත. එසේ වූවානම් මෙම වටිනා පාෂාණය ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙනෙන අපේ මහ සම්පතක් වන්නට තිබුණි. එහෙත් මේ වටිනා සම්පත දින දින වන වඳුළු තුළ අසරණව සුසුම් හෙළනු පෙනේ. නුවරඑලිය-උඩුපුස්සැල්ලාව මාර්ගයේ ඇමසිටි හන්දියෙන් නිල්දණ්ඩාහින්න මාර්ග ඔස්සේ ගිය විට කොටඹේ හන්දිය අපට හමුවේ. කොටඹේ ඓතිහාසික බෝධියට ඉදිරිපස ගුරු පාරක් වෙතින් මේ නිල් ගරුඬ ගලට පිවිසිය හැකිය. මේ වටිනා ස්ථානය හඳුනාගැනීමට හැකි කුඩා ප‍්‍රමාණයේ ”නිල් ගරුඬ ගල”යනුවෙන් දැක්වෙන පුවරුවක් හෝ නොමැතිකම අපි මේ නිල් ගරුඬ ගලට ලබාදුන් වටිනාකමේ සලකුණකි. රුපහ කොටඹේ හන්දියේ සිට කිලෝමීටර් එකහමාරක් පමණ ගුරු පාරක් ඔස්සේ ගිය විට අපට මේ නිල් ගරුඬ ගල හමුවේ. මේ පිවිසුම් මාර්ගය වරින් වර තැන තැන පිළිසකර කර ඇතත් කිසිදු නඩත්තුවක් නොකිරීම නිසා රථවාහනයකින් ගරුඬ ගල වෙත යෑම ඉතා දුෂ්කරය. ගරුඬ ගල බැලීමට වන වදුලක් ඔස්සේ බැස යෑමට ගල් පඩි පෙළක් ඉදිකොට ඇත. මේ වටිනා නිල් ගරුඬ ගල බැලීමට මෑතක කිසිවකු ගිය බවක් දකින්නට නැති තරමට පඩිපෙළ කැලෑ කොළ වලින් වැසී ගොසිනි. ඉතා අපහසුවෙන් පඩිපෙළ බැසගිය අපට ලා කොළ පාට ගල්තලාවක සිරි අසිරිය දැකගත හැකිවිය. ලා කොළපාට ගල මතින් ගරුඬ සිසිල ගෙන එමින් පණ්ඩිතයාකුඹුර බලා සිටින අයුරු හරි අපූරුය. ගරුඬ ගල වෙත අප හා ගිය සගයින් නිල් ගරුඬ ගලේ අපූර්වත්වය දැක මන්මත් වූ බවක් පෙනුනි. ඔවුන් මේ අපූරු පාෂාණයේ වර්ණය මනසින් ස්පර්ශ කරමින් අතැඟිලිි ඔස්සේ ආශ්වාදයක් ලබාගන්නට විය. අපි මේ ගරුඬ ගලේ ආගිය තොරතුරු ගැන විමසීමක් කළෙමු. ඒ සඳහා අප හා එකතු වූයේ නිල් ගරුඬ ගල ආසන්නයේ පදිංචි එච්.එම්. හේරත් මහතා (60)ය. අපි තමයි ගරුඬ ගල ළඟම පදිංචිව සිටින්නේ. රුපහ මාර්ගයේ කොටඹේ හන්දියේ ඉඳලා කි.මී. 1-2ක් අතර දුරක් තිබෙනවා. මෙම මාර්ගයෙන් රාගලට යන්නත් පුළුවන්. දෙපැත්තෙන්ම ගරුඬ ගල බලන්න පුළුවන්. නමුත් ගරුඬ ගල ගැන බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මේ ගලේ වටිනාකම  ගැන හරි තොරතුරක් නැහැ. කිසිදු ආරක්‍ෂාවක් නැහැ. හැබැයි මට මතකයි මෙම ගල කැඞීම තහනම් කියලා තීරණයක් ගත්තා පසුගිය කාලේ. ඒත් අද එහෙම තහනම් කළ කථාවක් හෝ නැහැ. අඩුතරමින් ගරුඬ ගල ගැන බෝඞ් එකක්වත් නැහැ. ඒත් මෙම නිල් ගරුඬ ගල ගැන ජනප‍්‍රවාදයේ බොහෝ දේ තිබෙනවා. අපේ වැඩිහිටියන්, ගම්වාසීන් අදත් ඒවා මතක් කරනවා. කියනවා. මෙම ගරුඬ ගල ඈත අතීතයේ රාම - රාවණ යුගය දක්වා යනවා. රාවණා රජු සීතාදේවිය පැහැරගෙන විත් ආරක්‍ෂා සහිතව සඟවා තබා ගැනීමේ දී සීතාදේවියට ඇතිවූ බඬේ රුජාවක් සඳහා මෙම ගරුඬ පාෂාණ උරගා දී ඇතිබවත් එයින් ඇගේ අසනීපය සුව වූ බවත් කියනවා. අදත් අපේ ගැමි ජනතාව බඬේ අජීර්ණයක් වැනි දෙයකට මෙම ගල් කෑල්ලක් උරච්චි කර දීමට පුරුදු වී තිබෙනවා. විශේෂයෙන්ම බොහෝ දෙනෙක් හමේ ඇතිවන විවිධ රෝගවලට මෙම ගරුඬ ගල් කැබැල්ලක් උරගා එම කුෂ්ඨ දද වල සලකුණු මත ගෑමෙන් ඒ රෝග සුවවන බව විශ්වාස කරනවා. විශේෂයෙන්ම විෂකුරු සර්පයින් දෂ්ඨ කළ විටද මෙය උපයෝගී කරගෙන වෙද හෙදකම් කළ බව අපි අසා තිබෙනවා. ගරුඬ ගල මතින් ගලා යන ගරුඬ ඔයෙන් දියනෑම සෞඛ්‍යයට ඉතාමත් වටිනා කාර්යයක් බව රුපහ ගැමියන්ගේ මතයයි. රාම - රාවණා කථා පුවත ඍජු ලෙස සම්බන්ධකම් කියන වලපනේ ගරුඬ ගල ඉන්දියාවේ අතැම් හින්දු බැතිමතුන්ගේ පූජනීය ස්ථානයක් ලෙසද සැලකුම් ලබන ස්ථානයකි. රාම සීතා කථා පුවතේ තොරතුරු සොයන ඉන්දියානු සංචාරකයන්ද මේ පිළිබඳ විමසීම් කරනුයේ ඒ නිසාය. සීතා දේවිය ස්නානය කොට සැනසුණු ස්ථානයක් නිසා මෙම ගරුඬ ගල හා ගරුඬ ඔය පූජනීය ලෙස සැලකිලි ලබයි. ගල් පතුරක් තවත් ගලකින් ජලය මුසුකොට ඉතා ඉක්මනින් කිරිපාටට දියරයක් ලෙස මතුවන අතර එම දියරය කිසියම් වූ තවත් ඖෂධ හා එක්කොට භාවිත කිරීම එදා සිට අද දක්වා පැවත එන බවක් පෙනෙන්නට තිබේ. මේ ලා කොළ පැහැති වර්ණවත් ගල වර්ණ පහකින් පමණ විවිධ තැන්වලදී දැකගත හැකි බව ගැමියකුගේ තවත් මතයකි. 1988 දශකයේ දී බලවතුන් කීප දෙනකුගේ සහාය මත වයඹ පළාතේ එක්තරා හිමිනමක් මෙම ගරුඬ ගල කඩා විශාල ප‍්‍රමාණයේ ගල් කුට්ටි ලොරි හතරකින් පටවාගෙන ගිය කතාවක්ද රුපහ ප‍්‍රදේශයේ දී ඈත මෑත තොරතුරු දන්නා කීපදෛනක් අදහස් දක්වමින් කියා සිටින්නට වූහ.  ඒ හැර දක්‍ෂ නිර්මාණ ශිල්පීන් මෙම ගරුඬ ගලේ කොටස් භාවිත කරමින් විවිධ නිර්මාණ කර ඇති බව ප‍්‍රදේශයේ පවතින ප‍්‍රසිද්ධ රහසකි. කොළ පාටින් යුතු සබන් කැටයක ප‍්‍රමාණයට සැකසූ නිල් ගරුඬ ගලේ කැටයම් රුපහ නිවසකින් දෙකකින් අදද අපට දැකගත හැක. ඓතිහාසික මහා තොරතුරු කන්දරාවක් රැගත් වලපනේ ආශි‍්‍රත සංචාරක ප‍්‍රවර්ධන කටයුත්තකට කාලය එළඹ ඇති බව සඳහන් කරන්නේ ඉතා වගකීමකින් යුතුවය. මේ සම්බන්ධව වලපනේ ප‍්‍රාදේශීය ලේකම් නන්දන ගලබඩ මහතා අදහස් දක්වමින් සඳහන් කර සිටියේ මෙවැන්නකි. ශ්‍රී ලංකාවේ උසින් තුන්වැනි කුරුඳු ඔය දියඇල්ල, මනරම් ඉසව්වක පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුතු ලිහිණියාගල රජමහා විහාරය, රුපහ නිල් ගරුඬ ගල, රන්දෙනිගල මහා ජලාශය ප‍්‍රධාන ආගමික ජාතික සංස්කෘතික හා ආර්ථික වශයෙන් වැදගත් වූ ස්ථාන සලකුණු කොට දේශීය හා විදේශීය සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා විධිමත් හා ක‍්‍රමවත් පිළිවෙතකට අප පිවිසය යුතු බවය. එයින් වලපනේ ගැමි ජනතාවගේ ජන ජීවිතය ඉතා ඉක්මණින් ඉහළ තලයකට ගෙන ඒමේ හැකියාවක් ඇතිබව ප‍්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය. පොදුවේ ගත්කල හෙට දවසේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සංචාරක ව්‍යාපාරය හා බද්ධ වී ඇති බව කාගේත් විශ්වාසයයි. ඒ ඉලක්ක ජය ගැනීමට සංචාරක ව්‍යාපාරය විවිධ මංපෙත් තුළ ගමන් කළ යුතුව ඇත. නුවරඑළියේ සංචාරයට එන විදේශීය සංචාරකයන් දින දෙකක් පමණ රැඳී යළි ආපසු යෑම නිරන්තරයෙන්ම දැකගත හැකි කරුණකි. එසේ යන එන සංචාරකයන් අප මේ සඳහන් කරන රුපහ ගරුඬ ගල ආශි‍්‍රත රූ දෙස් සංචාරයකට යොමු කරන්නේ නම් එයින් මහත් වාසි අත්වනු නියතය. රුපහ නිල් ගරුඬ ගල මත හිරුඑළිය පතිත වීමෙන් මතුවන කිරණවල ශක්තිය හෙට දවසේ ශ්‍රී ලංකාවේ ආර්ථික ශක්තියට මහත් ආලෝකයක් ගෙන දෙනු ඇතැයි අපි විශ්වාස කරමු.

සටහන හා ඡායාරූප - නුවරඑළියේ ෂෙල්ටන් හෙට්ටිආරච්චි
නිල්ගරුඬ ගල නැරඹීමට පැමිණි පිරිස් එහි ආකර්ශනීය බව විඳිමින් ගරුඬගල අසල සිට රූපන පෙදෙස පෙනෙන අයුරු ගරුඬගල මතින් ගලාබසින ගරුඬ ඔය ගරුඬගල කැඞීමට බෝර වළවල් ගසා ඇති අයුරු එච්. එම්. හේරත්



අදහස් (0)

පණ්ඩිතයා කුඹුර ළඟ නිල්ගරුඬ පාෂාණය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

යහපත් සමාජයකට පදනමක්
2023 දෙසැම්බර් මස 05 103 0

දහනමවැනි සහ විසිවැනි සියවස්වල පාඨක ආකර්ෂණය උපරිමව දිනාගත් ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් කතාමාලාව, එම වකවානුවේදී ජනතාව තුළ අධිකරණ විද්


සංචාරකයන්ගේ අගය නොදන්නා මිනිස්සු
2023 දෙසැම්බර් මස 05 637 0

ඇල්ල සංචාරකයන්ට පාරාදීසයක් වනවිට එම ප්‍රදේශයේ වටිනාකම පිළිබඳ ඉහළම අවබෝධයක් සංචාරක ව්‍යාපාරය ඇසුරින් තම ජීවනෝපාය සලසා ගන්නා ප්‍රදේශවාසීන් තුළ තිබිය


අපනයනය නැත්නම් අගාධයේ
2023 දෙසැම්බර් මස 04 305 0

අයවැය ඉදිරිපත් වූයේ ඉතාම අමාරු අවස්ථාවකය. ඒ අනුව මෙය සාමාන්‍ය අවස්ථාවක ඉදිරිපත් කරන ආකාරයේ අයවැයක් නොවේ. ණය හිමියන් සමග එකඟතාවක් ඇතිකරගැනීමේ වැඩපිළි


ඖෂධ ජාවාරමුන්ගෙන් ජනතාව බේරාගන්න ක්‍රමයක් නැද්ද?
2023 දෙසැම්බර් මස 04 91 0

අප රටේ ජනතාවට වැඩි වශයෙන් කෑමට බීමට තිබෙන්නේ වස මුසු ආහාරපානය. එමෙන් ම ඉතා අපිරිසුදු ලෙස ඇසුරුම් කරන ලද ආහාරපාන ය. ලෙඩට දුකට ගැනීමට තිබෙන්නේ ප්‍රමිතියෙ


මියැදුණු කෙසෙල් ගසට යළි පණදුන් සබරගමු දරුවෝ
2023 දෙසැම්බර් මස 03 4224 5

චොකලට් යන නම කියූ පමණින් ඔබට මට සිහිවනුයේ ස්විට්සර්ලන්තයෙන් එන රස වෑහෙන නානා මාදිලියෙන් ඇති කදිම චොකලට්ටුවකි. ස්විස්ටර්ලන්තයේ හෝ මැලේසියාවේ චොකලට්


අල්ලේ නටවන පත්වීම්
2023 දෙසැම්බර් මස 02 626 0

ඉහළ අධිකරණවලට විනිශ්චයකාරවරුන් පත් කිරීමට අදාළව ව්‍යවස්ථා සභාව ගත් තීරණයකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉකුත් අඟහරුවාදා (න


වැඩි දෙනා කියවූ පුවත්


මඟුලට කෝටි 1933ක් වැය කරලා
2023 නොවැම්බර් මස 28 28398 19




මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව 2023 නොවැම්බර් මස 19 936 0
ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව

අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”

රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි 2023 නොවැම්බර් මස 01 700 2
රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි

නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 4655 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

Our Group Site