පළාත් පාලන ආයතන අධීක්ෂණයට දේශපාලනඥයන් විසින් නම් කරනු ලබන නියෝජිතයන් පත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉකුත් දා නිකුත් කළ චක්‍රලේඛයට මැතිවරණ කොමිෂන් සභාව හරස් වී ඇතැයි පසුගියදා ‘‘ලංකාදීප’’ය සිය මුල් පුවතින් හෙළිකර සිටියේය. එම තීරණය පළාත්පාලන ආයතන දේශපාලනීකරණය කිරීමක් බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව එයට විරෝධය පළ කර ඇති අවස්ථාවක එවැන්නක් සිදු නොවිය යුතු යැයි තම අදහස බව ද කොමිසම පෙන්වා දී තිබිණි.
පළාත්පාලන ආයතන පාලනය කළ යුත්තේ මහජනතාව විසින් පත්කරනු ලබන නියෝජිතයන් විසිනි. පළාත් පාලන මැතිවරණ පවත්වන්නේත් ඒ සඳහා නීතිමය විධිවිධාන පනවා ඇත්තේත් එකී කාර්යය ඉටුකිරීම සඳහාය. පළාත් පාලන ඡන්දය නොපවත්වා රටේ දේශපාලන අධිකාරිය මගින් එකී ආයතන අධීක්ෂණයට නියෝජිතයන් පත් කිරීම රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට මුළුමනින්ම පටහැනි ක්‍රියාවක් බව පෙන්වා දීමට කැමැත්තෙමු.
ආණ්ඩුව මගින්ම පළාත් පාලන ආයතන පාලනය ද සිදු කෙරෙන්නේ නම් එම ආයතන පවත්වාගෙන යාමේ පලක් නැත. කෝටි බිලියන ගණනක වියදමකින් එම මැතිවරණ පැවැත්වීම ද තේරුමක් නැත. සියලුම පාලන කටයුතු පාර්ලිමේන්තුවේ පාලන බලය ඇතැයි දේශපාලන පක්ෂ හෝ සන්ධානය මගින්ම මෙහෙයවීමට පුළුවන. එහෙත් එය ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. එයින් මහජන නියෝජිතයක් සිදුවන්නේ නැත.
අදාළ චක්‍රලේඛයට මැතිවරණ කොමිසම විරුද්ධ වන්නේ දේශපාලන අධිකාරියේ නියෝජිතයකු පළාත් පාලන ආයතනවල අධීක්ෂණයට පත් කිරීමෙන් එම පළාත් පාලන ආයතනවලට තරග වදින අනෙකුත් දේශපාලන පක්ෂවලට අසාධාරණයක් සිදුවන බව පෙන්වාදීමෙනි. එය සත්‍යයකි. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහය පිළිබඳ සාමාන්‍ය දැනීමක් ඇත්තකුට වුවද එසේ පත්කරන්නේ මන්ත්‍රීන්ගේ ඉත්තන් බව තේරුම් ගැනීම දුෂ්කර යැයි අපි නොසිතන්නෙමු. එසේ නම් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ පතාකයෝධයකු සහ කෘතහස්ත දේශපාලනඥයකු වන අග්‍රාමාත්‍යවරයා මෙවැනි චක්‍රලේඛයක් නිකුත් කළේ ඇයි දැයි යන්න ගැටලුවකි.
පළාත් පාලන මැතිවරණයක් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින විට මෙම චක්‍රලේඛය එකී ක්‍රියාදාමය සමග ගැටීමක් ඇති වන බව අග්‍රාමාත්‍යවරයා නොදැන සිටීමට හේතුවක් නැත. එහෙත් මේ රටේ දේශපාලනය කළ මෙවන් තීන්දු තීරණ ගන්නේ දැනුවත් භාවයෙන් තොරව නොවන බවට ඕනෑ තරම් උදාහරණ තිබේ. මෙය වැරදීමක් නොව සිතාමතා ගනු ලැබූ තීරණයක් බව ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුවට හැකියාවක් ඇතැයි අපි නොසිතමු.
පළාත් පාලන ඡන්දය පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය මාර්තු 20 වැනිදාට කලිනි. එය ද සිදු වුණේ පළාත් පාලන අමාත්‍යවරයා විසින් ඊට පෙර වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ එම ඡන්දය වසරකින් කල් දැමූ බැවිනි. මැතිවරණ කොමිසම මේ ඡන්දය මාර්තු 20ට පෙර පවත්වා අවසන් කිරීමට අවශ්‍ය විධිවිධාන යෙදූ නමුත් ඡන්දය පැවැත්වීම රටේ මුදල් අගහිඟතාව සමග ගැටගැසීම නිසා එය කළ නොහැකි විය. දැන් මේ ගැටලුව අධිකරණයේ විභාග වන නඩු කටයුත්තකි.
එවැනි තත්ත්වයක් තිබියදී රටේ පළාත් පාලන දෙකක හැර ඉතිරි සියලු ආයතනවල නිල කාලය අවසන් වී තිබේ. එසේ අවසන් වීමෙන් පසුව පළාත් පාලන නීතියට අනුව කළ යුත්තේ පුංචි ඡන්දය පැවැත්වීමය. එහෙත් එය නොපැවැත්වීම හේතුවෙන් මැතිවරණ ක්‍රියාදාමය අවසන් වන්නේ නැත. මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ එම කාරණයයි.
මෙරට තුළ මේ වන විට පළාත් සභා ක්‍රියාත්මක නැත. පළාත් සභාවල නිල කටයුතු කෙරෙන්නේ මහජන නියෝජිතයන්ගෙන් තොරවය. මහජන නියෝජිතයන් විසින් සිදු කළ යුතු කාර්යභාරය ඉටුවන්නේ රාජ්‍ය නිලධාරීන් අතිනි. පළාත් පාලන ආයතනවලට අත්වී තිබෙන්නේද එම ඉරණමය. එයද මේ වන විට මහජන නියෝජනයක් නැත. පාර්ලිමේන්තුවේ බහුතර බලය ආණ්ඩු පක්ෂය සතු වුවද පසුගිය වසරේ සිදුවූ අරගලය හේතුවෙන් එහි සංයුතියද වෙනස් වී තිබේ.
මේ අල්ලපනල්ලේ පළාත් පාලන ආයතන අධීක්ෂණයට රජයේ දේශපාලනඥයන්ගේ ඉත්තන් පත් කිරීම මේ ගැටලුවලට විසඳුමක් වන්නේ නැත. විසඳුමක් නොව එය අසාධාරණයකි. කෙසේ වුවද රටේ පවතින ආර්ථික තත්ත්වයේ පසුබෑම සැලකිල්ලට ගනිමින් පළාත් පාලන මැතිවරණය මේ අවස්ථාවේදී නොපැවැත්වීමට ආණ්ඩුව තීරණය කරන්නේ නම් එකී ආයතනවල කාර්යභාරය අධීක්ෂණය කිරීම රජයේ නිලධාරීන්ට පැවරීම ගත හැකි සුදුසුම ක්‍රියාමාර්ගයයි. පළාත් සභා කටයුතු එසේ අධීක්ෂණය කළ හැකි නම් පළාත් පාලන ආයතනවලට ද එම ක්‍රියාවලියම ආදේශ කිරීමට බාධාවක් ඇතැයි අපි නොසිතමු.
අග්‍රාමාත්‍යවරයාගේ චක්‍රලේඛයට අනුව පළාත් පාලන ආයතන අධීක්ෂණයට පත් කෙරෙන ප්‍රාදේශීය සංවර්ධන කමිටුව සමන්විත වන්නේ දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙනි. එබැවින් චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීමට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාව දක්වන විරෝධය සාධාරණ බව අපගේද විශ්වාසයයි.
(***)
දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07
ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ
පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.
1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව
ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද
ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පුංචි ආණ්ඩු පාලනයට මන්ත්‍රී ඉත්තන් එපා