IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


නැවේ ගින්නත් පරිසර හානියත් ගැන තතු කියන්න


ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවේ වරායට ඇතුල්වීමේ අපේක්ෂාවෙන් පැමිණි එක්ස්ප්‍රස් පර්ල් නැව කොළඹ වරායට කිලෝමීටර් 9.5ක් පමණ දුර දී ගිනිබත් වී මුහුදුබත් වීමේ සිද්ධිය විය යුතු පරිදිම ජාතික මාතෘකාවක් බවට පත් වී තිබේ. මන්දයත් එම සිද්ධියෙන් මෙරට සමුද්‍රයට සිදු වී ඇති හානිය ඉතා බරපතළ වන හෙයිනි. මෙම සටහන තබන විට මීගමු වෙරළ තීරයේ සිට මාතර වෙරළ තීරය දක්වා වූ කොටසේ සියලුම ධීවර කටයුතු තහනම් කර තිබේ. සමුද්‍රයට, මත්ස්‍ය සම්පතට, වෙරළට හා පරිසරයට සිදු වී ඇති හානියේ තරම එමගින් සිතාගත හැකිය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරටට ළඟා වී තිබෙන්නේ පසුගිය 20 වැනිදාය. ඒ මධ්‍යම රාත්‍රියේ දීය. ඉන් පැය 12කට පසුව නැවේ හදිසි ගින්නක් පිළිබඳව දැනුම් දී ඇති අතර කොළඹ වරායේ ගිනි නිවන ඒකකය යුහුසුළුව ක්‍රියාත්මක වුවද අයහපත් කාලගුණික තත්ත්වය නිසා සියලු ප්‍රයත්න ව්‍යර්ථ වී ගිය බව මාධ්‍ය වාර්තාවන්හි සඳහන්ය. අවසන් ප්‍රතිඵලය දැන් මුළු රටම දනී.

නැවට සිදු වුයේ කුමක්ද? ඒ සම්බන්ධයෙන් කටකතා දුසිම් ගණනක් පැතිර යමින් තිබේ. නැවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක් කරනු ලැබ සිටි බැවින් ඔවුන්ගේ කටඋත්තර ගැනීම ඇරඹුණේ ඊයේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කර අදාළ නාවික සමාගමෙන් වන්දි මුදල් අයකර ගන්නා බව රජය ප්‍රකාශයට පත් කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් එක්ස්ප්‍රස් පර්ල් නැවේ සිද්ධිය පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා සත්‍ය හෙළිදරව් කරන මෙන් ඉල්ලා සිටියේය. නැවේ ගින්න සම්බන්ධයෙන් ප්‍රවෘත්තිය රටට අනාවරණය වීමත් සමග එක් පාර්ශ්වයකින් කියැවුණේ මෙම නැව මැයි මස 10 වැනි දින ඩුබායි හි ජෙබෙල් අල් වරායෙන් නයිට්‍රික් ඇසිඩ් මෙට්‍රික් ටොන් 25ක් ඇතුළුව බහාලුම් 1436ක් පටවා ඇති බවත් අරාබි මුහුදේ ගෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්න වෙත්ම බහාලුම් දෙකක නයිට්‍රික් ඇසිඩ් කාන්දු වන බව නැවේ කාර්ය මණ්ඩලය සොයාගෙන ඇති බවත්ය.

නයිට්‍රික් ඇසිඩ් කාන්දුව සොයා ගැනීමත් සමග නෞකාව කටාර් රාජ්‍යයට ඇතුළු වීමට අවසර ඉල්ලා සිටිය ද කාන්දුව නිසා එම අවසරය ලැබී නැති බවත් කියැවුණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නිවේදනයෙන් ප්‍රශ්න කර තිබෙන්නේ එබඳු නෞකාවකට අප මුහුදු සීමාවට ඇතුල් වීමට අවසර ලැබීම අහම්බයක් විය හැකිද යන්නය.

නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරවීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය ඇමැති නාලක ගොඩහේවා මහතා පැවසුවේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර ලබා ගැනීමේදී ගින්නක් පිළිබඳව කිසිදු දැනුම් දීමක් නොකළ බවය. එමෙන්ම එම නැව යාත්‍රා කර තිබුණේ නීත්‍යනුකූල මාර්ගයේ බවත් මෙම නෞකාව ශ්‍රී ලංකාවට බහාලුම් 513ක් රැගෙන ආ බවත් පැවසූ රාජ්‍ය ඇමැතිවරයා මෙම නෞකාවේ ගමනාන්තය ශ්‍රී ලංකාව බවට ද අවධාරණය කළේය. එමෙන්ම වරාය දෙකක් ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම නෞකාවට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර ලබා දුන් බවට පැතිර යන කටකතා අසත්‍ය බව ද කියා සිටි බව ද මාධ්‍ය වාර්තාවන්හි සඳහන්ය.

වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව වරාය දෙකකින් ප්‍රතික්ෂේප වූ බව ශ්‍රී ලංකාවට දැනුම් නොදුන් බවය. එමෙන්ම ශ්‍රී ලංකාව නාවික කේන්ද්‍රස්ථානයක් වී ඇති හෙයින් මෙබඳු සිදුවීම් බලාපොරොත්තු විය යුතු බව ද කියා සිටියේය.

නෞකාවේ ගින්න සම්බන්ධයෙන් තවම පරීක්ෂණ අවසන් නැත. එහෙයින් නෞකාවේ ගින්න තවම අභිරහසකි. රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී මෙබඳු අභිරහස් තිබිය නොහැක. එහෙයින් මේ සම්බන්ධයෙන් විධිමත් පුළුල් පරීක්ෂණයක් කළ යුතුය. විශේෂයෙන්ම සිදුව ඇති විනාශය දෙස බැලීමේදී කිසිවකුගේ හෝ අත්වැරැද්දකින් මෙය සිදු වී තිබේ නම් තරාතිරම නොබලා දඬුවම් කළ යුතුය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් අමතරව බොහෝ වගකිව යුත්තන් මහ බරක් තබමින් කතා කරනු ලැබුවේ වන්දි මුදල් ලබාගැනීම සම්බන්ධයෙනි. එයින් පැහැදිලි වන්නේ වන්දි මුදල් ලැබෙන්නේ නම් සිදුව ඇති විනාශය දරා ගැනීමට සූදානම් බවය. එය වූ කලී අලජ්ජී තත්ත්වයකි. රටක පරිසරය විනාශ වීමට ඉඩ හැර වන්දි මුදල් අපේක්ෂා කරන්නේ නම් රටේ හෙට දවස අතිශයින්ම බිහිසුණු බව ඒකාන්තය.

(***)



අදහස් (2)

නැවේ ගින්නත් පරිසර හානියත් ගැන තතු කියන්න

ගාමිණී Tuesday, 01 June 2021 05:50 AM

පරිණත බුද්ධිමත් දේශපාලකයන් හිඟ බංකොළොත් අදහස් ඇති නූගත් අවස්ථාවාදී දේශපාලකයන් බවට පත් වී ඇති රටක මෙයට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක.

:       0       10

appuTuesday, 01 June 2021 06:53 AM

ඔහේ මක්කැයි මේ කියන්නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1831 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1480 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site