IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


නවසීලන්තයේ මොකද වුණේ ?

නවසීලන්තයේ වැඩි කලබලයක් නැතැයි සැලකෙන නගරයක වන ක්‍රයිස්ට්චර්ච් නගරයට අද, (15) සිකුරාදා මිලේච්ඡ සහ සාහසික ප්‍රහාරයක් එල්ල විය. ක්‍රයිස්ට්චර්ච්හි පිහිටි මුස්ලිම් දේවස්ථාන දෙකකට කඩා වැදුණු ඕස්ට්‍රේලියානු ජාතිකයකු කළ වෙඩි තැබීමකින් 49 දෙනකු මියගොස් තවත් 20 දෙනෙක් බරපතළ තුවාල ලැබූහ. මුස්ලිම් ජාතිකයන් ඔවුන්ගේ සිකුරාදා යාඥාවල යෙදී සිටියදී එම ප්‍රහාරය එල්ල විය.

මොකද වුණේ ?

ඉස්ලාම් ආගමේ ශුද්ධ දිනයක් ලෙස සැලකෙන සිකුරාදා දිනයේ  දහවල් යාඥා සඳහා බැතිමත්හු මධ්‍යම ක්‍රයිස්ට්චර්ච්හි පිහිටි මස්ජිද් අල් නූර් දේවස්ථානයටත් ඉන් කිලෝමීටර පහක් දුරින් ලින්වුඞ් හි පිහිටි දේවස්ථානයකටත් රැස්ව සිටියහ. මස්ජිද් අල් නූර් දේවස්ථානයට කඩා වැදුණු තුවක්කුකරු එහි සිටි පිරිසට වෙඩි තැබූ අතර එම වෙඩි තැබීමෙන් 41 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. දෙවැනි දේවස්ථානයේ සිදු වූ වෙඩි තැබීමෙන් තවත් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනෙක් පුද්ගලයා මියගියේ කොහේදී දැයි මෙතෙක් නිශ්චිතව වාර්තා වී නොමැත. 

සිද්ධිය ඇසින් දුටුවන්ට අනුව බොහෝ දෙනා වෙඩි ප්‍රහාරවලට ලක්ව ඇත්තේ සමීප දුරක සිටය. තුවක්කුකරු දේවස්ථානයේ සිටි පුද්ගලයකුගේ හිසට වෙඩි තබන අයුරු තමන් දුටු බව එහි සිටි පලස්තීන ජාතිකයෙක් පැවැසීය. 

සියල්ල සිදුවීමට වැඩි වේලාවක් ගත නොවුණු බවත් භීතියට පත් ජනතාව ලේ හලමින් සීසිකඩ දිව ගිය බව ද හෙතෙම කීවේය.  

තමන්ගේ බිරිඳ මියගොස් දේවස්ථානයෙන් පිටතට වැටී සිටින අයුරු දුටු බව එක් පුද්ගලයකු පැවැසූ අතර කුඩා දරුවන් ද වෙඩි ප්‍රහාරවලට ලක්වන අයුරු දුටු බව තවත් පුද්ගලයෙක් කීය. 

පොලිසියේ ප්‍රතිචාරය කුමක් වී ද ?

වෙඩි තැබීම සිදු වූ සැණින් නගරය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පොලිසිය පියවර ගත්තේය. ස්ථාන කිහිපයකටම සන්නද්ධ නිලධාරීන් යැවීමට පියවර ගත් පොලිසිය වාහනවලට සවිකරණ ලද බෝම්බ දෙකක් සොයාගෙන ඒවා නිෂ්ක්‍රීය කිරීමට ද සමත්විය. 

සැක පිට පුද්ගලයන් දෙදෙනකු සහ කාන්තාවක් රඳවාගෙන ප්‍රශ්න කරන ලද අතර එක් පුද්ගලයකුට ඝාතන චෝදනා එල්ල වී තිබේ. අනෙක් පුද්ගලයන් දෙදෙනා සිර අඩස්සියට පත්ව තිබේ. කෙසේ නමුත් අද ප්‍රහාරයට ඔවුන්ගේ සම්බන්ධයෙන් තිබේද නැද්ද යන්න අපැහැදිලිය.

මිලියන පහක ජනගහනයක් සිටින නවසීලන්තය යනු මෙවැනි වෙඩි තැබීම් ඉතා දුබල රටකි. අද සිදුවීමත් සමඟ තත්ත්වයක සමථයක පත්වන තුරු දේවස්ථානවලට නොයන්නැයි පොලිසිය මුස්ලිම් ජාතිකයන්ට අනතුරු අඟවමින් ඉල්ලා සිටියේය. 

මෙම නොසන්සුන් තත්ත්වය යටතේ නවසීලන්ත සන්නද්ධ ආරක්ෂක අංශ මධ්‍යම ඕක්ලන්ඞ්හිදි පුපුරණ ද්‍රව්‍ය සහිත බෑග් දෙකක් සොයාගෙන කිසිදු හානියක් නොවන අයුරින් ඒවා පුපුරවා දැමූ අතර එම බෑග් සැක කටයුතු ඒවා නොවන බව පසුව අනාවරණය විය.

කුඩා දරුවන්ගේ දේශගුණික වෙනස්වීම් සම්බන්ධයෙන් කුඩා දරුවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රයිස්ට්චර්ච් ආසන්නයේ දැවැන්ත රැලියක් පැවැත්වුණු අතර ඊට සහභාගී දරුවන් සොයාගැනීම සඳහා ක්‍රයිස්ට්චර්ච් නරග සභාව වෙනමම දුරකතන සේවාවක් ද ආරම්භ කර තිබිණි. 

ප්‍රහාරයට ගොදුරු වූවෝ කවුද ?

වෙඩි තැබීම් දෙකෙන් ජීවිතක්ෂයට පත්වූ සහ තුවාල ලැබුවෝ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔවුන්ගෙන් බොහෝ දෙනා යාඥා සඳහා දේවස්ථනයට පැමිණ සිටි ලොව විවිධ රටවල ජාතිකයන් යැයි පැවැසිණි. 

ප්‍රහාරයට ගොදුරු වූවන් අතර ඉන්දුනීසියානු ජාතිකයන් හය දෙනකු සිට ඇති අතර ඔවුන්ගෙන් තිදෙනකු කාන්තාවන් බවත් ඔවුන් සයදෙනා නිරුපද්‍රිතව සිටින බවත් එරට විදේශ අමාත්‍ය රෙට්නෝ මර්සුදි පැවැසීය. 

තුවාල ලැබූවන් අතර මැලේසියානු ජාතිකයන් දෙදෙනකු, සෞදි අරාබියානු ජාතිකයකු සහ ජෝර්දාන වැසියන් කිහිපදෙනකු සිටින බව වාර්තා විය. වෙඩි තැබීම්වලින් තුර්කි ජාතිකයන් දෙදෙනකු සුළු තුවාල ලැබූ බව තුර්කි විදේශ අමාත්‍යවරයා කීවේය. 

හතළිස් අට දෙනකුට ක්‍රයිස්ට්චර්ච් රෝහලේදී ප්‍රතිකාර කළ බවත් ඔවුන් අතර කුඩා දරුවන් ද වූ බව පැවසේ. 

මෙම සාහසික ප්‍රහාර දෙකෙන් ඇතැම් පිරිස් ඔවුන්ගේ දිවි ගලවා ගත්තේ යන්තමිනි. වෙඩි තැබීම ආරම්භ වී මිනිත්තු කිහිපයක් යද්දි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ද මස්ජිද් අල් නූර් දේවස්ථානය වෙත පැමිණ ඇති අතර ඔවුන් නවත්වාගෙන ආරක්ෂිත ස්ථානයකට රැගෙන යෑමට නවසීලන්ත පොලිසිය කටයුතු කර තිබිණි. 

ප්‍රහාරකයා කවුද

වෙඩි තැබීම කළ පුද්ගලයාගේ නම මේ වනතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති නමුත් ඔහු ඕස්ට්‍රේලියානු ජාතිකයකු බව එරට අගමැති ස්කොට් මොරිසන් පැවැසීය. ඕස්ට්‍රේලියානු අගමැතිවරයා වෙඩි තැබීම කළ පුද්ගලයා “අන්තවාදියකු, දක්ෂිණාංෂිකයකු සහ ප්‍රචණ්ඩකාරී ත්‍රස්තවාදියකු” යැයි නම් කළේය. 

වෙඩි තැබීම කළ පුද්ගලයා ට්විටර් සමාජ ජාලය ඔස්සේ අන්තවාදී ප්‍රකාශනයක් පළ කර තිබූ අතර වෙඩි තැබීම සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සජීවීව විකාශය කළේය.  

ඔහු ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළ ප්‍රකාශනය “ද ග්‍රේට් රිප්ලේස්මන්ට්’ යනුවෙන් නම් කර ඇති අතර එය පිටු 74කින් සමන්විතය. එහිදි ඔහු තමන් 28 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතිකයකු බවත් අඩු ආදායම්ලාභී වැඩ කරන පවුලක සාමාජිකයකු බවත් මුස්ලිම්වරුන්ට එරෙහිව ප්‍රහාරයක් දියත් කරන බවත් සඳහන් කර ඇත. 

ඒ.එෆ්.පී. ඇසුරිනි 

055

 



අදහස් (7)

නවසීලන්තයේ මොකද වුණේ ?

hesa Friday, 15 March 2019 11:38 PM

මේවට කතා කරන්නත් බයයි අද ලෝකයේ

:       1       12

Colin Saturday, 16 March 2019 04:00 AM

නවසීලන්තෙ මිනිස්සුන්ට අනාගතය ගැන දැන්තමයි ටිකටික තේරීගෙන යන්නේ

:       401       417

ලුම්බිණි Saturday, 16 March 2019 08:18 AM

ඉතා කනගාටුදායක දෙයක්. අන්තවාදීන් හැම රටකම මෙවැනි දේවල් කරන එක සුලභ දෙයක් වෙලා. ප්‍රංශයේ මුස්ලිම් අන්තවාදීන් මෙවැනිම දේවල් කළා. පකිස්ථානයේ, ඊජිප්තුවේ, ඇමෙරිකාවේ එක එක ආගම් වලට අයත් අයට මෙවැනි හිංසාවන් වුනා. වරද කාගේ අතේද කියන එක සොයනවාට වඩා විසඳුමක් සොයන එක වැදගත් කියලයි මම හිතන්නේ.

:       2       15

රණවක Saturday, 16 March 2019 11:57 AM

යුරෝපය නිදහස් සහ විවෘත අනාථාගාරයක් වී ඇත... ලොව දස දෙසින් එම රටවලට සංක්‍රමණිකයින් පැමිණෙමින් ඇත. එම රටවල ස්වදේශිකයින්ට මෙය බොහෝදුරට දරාගත නොහැක. දැන් යුුරෝපයේ ඊනියා මානව අයිතිවාසිකම් කඩතුරාව අයින් කිරිමට කාලය එලැඹ ඇත...

:       172       112

diasSaturday, 16 March 2019 10:50 PM

යුරෝපය අද අනාථාගාරයක් වී ඇත්තේ ඉරාකයේ, ඇෆ්ගනිස්ථානයේ සහ ලිබියාවේ සිදු වූ යුද්ධ නිසාය. ඒවාට වග කිව යුත්තේ ඇමෙරිකාව, එංගලන්තය සහ ප්‍රංශය ප්‍රමුඛ රටවලුයි.

:       23       247

diasMonday, 18 March 2019 08:00 PM

මට අමතක වුනා සිරියාවේ යුද්ධය ගැන සඳහන් කරන්නට. ඒ යුද්ධය නිසා අද මිලියනයකට අධික සරණාගතයින් ජර්මනියට සංක්‍රමණය වී තිබෙනවා.

:       0       66

TILAK Sunday, 17 March 2019 04:43 AM

කරුණාකරලා මේ ගැන අර ජිනීවා වල ඉන්න ත්‍රස්තයන් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් ලේකම්ට දන්වනවද????

:       5       165

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site