IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නිව්ස්ටඩ් ශතක දෙක ගහයි

වර්ෂ 1816 දී මිෂනාරි යුගයත් සමග මෙතෝදිස්ත මිෂනාරි සමාගමේ ඉරිදා පාසලක් ලෙස ආරම්භවූ  මීපුර මිණිපහන අද  ‘නිව්ස්ටඩ් බාලිකාව‘ මේ වසරේ සිය 196 වැනි ඡන්ම දිනය සැමරීමට සූදානම්ව සිටී.

ලංකාවේ ආරම්භවූ මුල්ම බාලිකා පාසල් අතර එකක්සේ සැලකෙන නිව්ස්ටඩ් බාලිකාව දිවයිනේ පලමු නේවාසික කාන්තා පාසල ලෙස හැදින්වේ. ඉරිදා පාසල ඊලග වසරේදී දිනපතා පාසලක් ලෙස කල එලි බැසීමත් සමග එහි ගමන් මග දිනෙන් දින පෙරටම යාමට සමත්වී ඇත. කුරණ අපොස්තු`ථවරයාවූ දොන් දානියෙල් පෙරේරා දේවගැතිතුමන් එහි පලමු මුල් ගුරුතුමන් ලෙස අනගි මෙහෙයක් සිදු කළ බව ආදි නිව්ස්ටඩ් බාලිකාවෝ පවසන්නේ හද බැතියෙනි.

මීගමුව මීසම් මණ්ඩලයේ ප්‍රථම අධිකාරිවරයාවූ මෙම පාසලේ පලමු නේවාසික කළමනාකරුවූ රොබට් නිව්ස්ටඩ් පියතුමා  රික්ස් ඩොලර් 1500 ක මුදලකට මිලදී ගත් ලන්දේසි නිවස පිහිටි මීසම් භූමියට පාසල රැගෙන යාමත් සමග පාසලේ අභිවෘද්ධීය දිනෙන් දින ඉහල ගිය කියැවේ. එදා මිලදී ගත්  නිවස ‘මිෂන් හවුස්‘ලෙස අදත් විදුබිමේ අලංකාරය රැක ගන්නට සමත්ව තිඛෙන්නේ අතුරු උපද්‍රවයකට පත් නොවෙමිනි. 2004 සුනාමි විපතේදී වුවත් මුහුද අද්දර පිහිටි මෙම මිෂන් නිවසට කිසිදු හානියක් නොවීම ගැන බාළිකාවෝ පවසන්නේ එය හාස්කමක් සේ සලකමිනි.

පාසලේ අභිවෘද්ධියට මහත් සේවයක්වූ නිවිසටඩ් පියතුමන් සිහිපත් කරමින් 1919 දී පාසල එතුමන්ගේ නමින් හැදින්වීම ආරම්භවී ඇත. ස්වභාෂා මාධ්‍යයෙන් මුල් වකවානුවේ සිටම අධ්‍යයන කටයුතු සිදුවුවද යුරෝපීය විදුහල්පති ඇසුර ලැබීම නිසා  නිව්ස්තෝදය තුළ ඉංගි්‍රසි භාෂාවටද මුල් තැනක් ලැබීම විශේෂත්වයක්වී ඇත. 1911 සිට 1916 දක්වා පාසලේ නේවාසික කලමනාකරු සී.එස්.වෝඩ් පියතුමාගේ යුගය මේ පාසලේ  ස්වර්ණමය අගයන් ගන්නා කාලයක්වූ බව නිවිස්ටඩ් දියණියෝ අදහති. 

1924 දී පාසලේ ආදර්ශ පාඨය  MORE BEYOND  ලෙස තෝරා ගෙන ඇත. මෙහි පලමු සිංහල විදුහල්පතිනිය ලෙස ක්ලැන්රි ද මෙල් මහත්මිය 1954 සිට 1960 දක්වා සේවය කර ඇත. එවකට සිසු පිරිස 505 ක්වූ බවට ලේඛන ගත සාක්කි විදුහල සතුය. 1964 දී පාසල රජයට පවරා ගැනුනු අතර 1989  සිට මෙම විදුහල ජාතික පාසලක් සේ සැලකේ. 1975 මෙම පාසලේ සිදුවූ වැදගත්ම සිදුවීම වූයේ පලමු වරට මෙතෝදිස්ත නොවන විදුහල්පතිනියක පත්වීමයි. ඇය විමලා රුදි්‍රගු මහත්මිය වූවාය.

මෙසේ දිනෙන් දින විවිධ පිරිස් වෙතින් පන්නරය ලබමින් ඉදිරිය බලා ඇදුනු නිව්ස්ටඩ් හි අද වන විට ප්‍රාථමික අංශයේ සිට උසස් පෙල දක්වා සිසුවියෝ 3500 ක් පමන දෙනා ඉගෙනුම ලබති. ගුරු මණ්ඩලය 130 කි. ගයනි හේරත් මහත්මිය විදුහල්පතිනිය ලෙස කටයුතු කරන අතර රමණීද සිල්වා මහත්මිය නියෝජ්‍ය විදුහල්පතිනිය වේ.   ඒ.එම්.සෝමනායක  හා  එච්.එස්. ස්වර්ණලතා මහත්මීන් උප විදුහල්පතියන් ලෙස කටයුතු කරන අතර ප්‍රාථමික අංශය බාර විදුහල්පතිනිය ලෙස එස්.එම්.ඩී.ආර්. ක්‍රිස්ටෙලා මහත්මිය ක්‍රියා කරයි.   ප්‍රාථමික අංශයේ සමාන්තර පන්ති හතර බැගින්ද  ද්වීතිය අංශයේ පන්ති හය බැගින්ද වන අතර උසස්පෙල විද්‍යා , වාණිඡ්‍ය හා කලා අංශයන්ගෙන් සමාන්තර පන්ති තුන බැගින් පවත්වාගෙන යන්නේ වැඩි දරු පිරිසකට පාසලේ සේවය ලබාදීමේ අදිටන ඇතිවය.

ඉංගීසි  මාධ්‍යයෙන්ද පන්ති පැවැත්වීමෙන් සිසුන්ට ලැඛෙන්නේ මහත් සෙතකි. දසවැනි හා එකොලොස්වැනි පන්තිවලදී ප්‍රංශ භාෂාව හැදෑරීමටද උසස් පෙල කලා පන්තියේදී ප්‍රංශ  හා ජපන් බස ඉගෙනුම් අවස්තාවද මෙහි දරුවන්ට ලැබී ඇත.  කැඩෙට් කණ්ඩායම, පෙරදිග හා අපරදිග තූර්ය වාදන කණ්ඩායම් කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ වශයෙන්ද ප්‍රාථමික අංශයේ තූර්ය වාදන කණ්ඩායමද පාසලට මහත් ගෞරව ලබාදීමට සමත්වී තිබේ. වාර්ෂිකව සිදු කෙරෙන ශීෂ්‍ය නායිකා පත්වීම්  නිසා දැරියනට නායකත්ව පුහුනුව ලබා ගැනීමේ මහ`ගු අවස්තාවද ලැබී ඇත.

මලල ක්‍රීඩාවෙන් පෙරට යන දැරියන්  නෙට්බෝල් වොලිබෝල්, පාපන්දු, ක්‍රිකට්, ටෙනිස්,  පිහිනීම මෙන්ම චෙස්, කරාතේ ක්‍රීඩාවන්ගෙන්ද පාසල පෙරට ගෙන යන්නට සමත්වී ඇත්තේ ගුරු මව්වරුන්ගේ මනා කැපවීම නිසාමය.  ගම්පහ දිසාවේ හා බස්නාහිර පලාතේ මෙන්ම සමස්ත ලංකා ජයග්‍රහණ රැසකට හිමිකම් කියන විදුහලෙන් පසුගිය දා පැවති 2012 යොවුන් ආසියා මලල ක්‍රීඩා උලෙල නියෝජනය කරන්නට දියණියන් දෙනෛකු වරම් ලැබීම විදුහල් ඉතිහාසයට තවත් වාර්තාවක් එක් කරන්නට සමත්වී ඇත. තුන් පිම්ම ඉසව්වෙන් මේ වාර්තාව තැබුයේ නෂානි තක්ෂිලා මධුවන්ති හා විධුෂා ලක්ෂානි දියණිවරුන්ය.

විදුහල්පතිනි ගයනි හේරත් මහත්මිය පාසල පිලිබදව මෙසේ කීවාය.

මේක පින් බිමක්. සුනාමිය ආවත් හානියක් වුනේ නැහැ. මේ පාසල පවත්වාගෙන යන්න බලවේගයක් තියෙන බව විශ්වාසයි. ගුරුමණ්ඩලයේ  කැපවීම දක්ෂතාවය මෙන්ම හැකියාව පාසලට මහත් ශක්තියක් වෙනවා. පාසලේ කටයුතුවලට කාගෙන් වුවත් ලැඛෙන්නේ මනා සහයෝගයක් බව කියන්න සන්තෝසයි. ඒ අතර ආදි සිසුවියන්ගෙන් ලැඛෙන සහාය අති විශාලයි. පාසල විනය අතින් ඉහලම ප්‍රගතියක් පෙන්වනවා. පස්වැන්නේ ශිෂ්‍යත්වය එකම අරමුණ කර ගෙන පාසලේ ප්‍රාථමික අංශය පවත්වාගෙන නොගියත් වාර්සිකව ශිෂ්‍යත්ව ප්‍රතිපලත් හොද මට්ටමක පවත්වාගෙන යාමේ අවස්තාව අපට උරුමයි.සාමාන්‍යපෙල විභාගයෙන් කලාපයේ පලමු හෝ දෙවන තැන ගැනීමය අපිට හැකියි.උසස් පෙල සමත්වන 15 - 20 පමණ වාර්ෂිකව විශ්්ව විද්‍යාල අධ්‍යාපන වරම් ලැබීමත් අපට සතුට දනවන කරුණක් වෙනවා. භෞතික සම්පත් සීමිත වුවත් එය පාසලේ දියුණුවට අපි කිසිවෙක් බාධාවක් කර ගන්නේ නැතිව පාසල දිනෙන් දින ඉදිරියට ගෙන යාම අපේ අරමුණයි.

මෙසේ පුරා වසර 196 ක් ලක් දියණිවරුන්ගේ නැණස පෑදීමට විදුහලෙන් වූ සේවය අගයමින් මෙ මස 12 වැනිදා පාගමනක් හා සැණකෙලියක් පැවැත්වීමටද  කටයුතු යොදා තිබේ.

 



අදහස් (0)

නිව්ස්ටඩ් ශතක දෙක ගහයි

මේරි Saturday, 05 January 2013 08:18 PM

අපේ යාලුවන්ට අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

ඉන්දු Saturday, 05 January 2013 09:27 AM

විශිෂ්ඨ පාසලක් (ස)

:       0       0

සංක Saturday, 05 January 2013 09:04 PM

සුභපැතුම් (දී)

:       0       0

රනිල් Friday, 04 January 2013 09:57 PM

අපේ සුභ පැතුම් (ස)

:       0       0

ෆස්නා Tuesday, 08 January 2013 03:22 PM

නිව්ස්ටෙඩ් විදු මෑණියනි ඔබගේ දියුණුවට සුභාසිංශන! (ස)

:       0       0

දර්ශනී Monday, 07 January 2013 11:08 PM

මේ ප්‍රවෘත්තිය කියවනකොටත් ආසයි. (නි)

:       0       0

මහේෂිකා Thursday, 10 January 2013 10:06 AM

සුභ පතනවා මගේ පාසල් මෑණියන්ට (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31295 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13493 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10995 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 104 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 931 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site