අපේ රජය හා ගුවන් හමුදාව මේ කරපු මෙහෙයට අපගේ හද පිරි ස්තුතිය පිරිනමනවා. වෙනත් රටවල, කොටින්ම කිව්වොතින් ඇමෙරිකාවේ අය පවා එහේ තවමත් රැඳිලා ඉන්නවා. ඒ වුණත් අපේ රජය අපට පළමුවෙන්ම ගුවන් යානයක් එවලා අප බේරාගැනීම ගැන රජයට, තානාපති කාර්යාලයට, ගුවන් හමුදාවට අපි වෙනුවෙන් වෙහෙසී කටයුතු කරපු ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයට ගොඩක් ස්තුති කරන්න ඕනෑ. ඔවුන් අපි ගුවන් යානයට නගින මොහොත වනතුරුම අපිත් එක්ක එකට හිටියා. |
කිසි දිනෙක නොලැබූ අත්දැකීමකට මුහුණ දුන් ඔවුන් ලංකාවට පැමිණියේ දැඩි බියෙන් හා චකිතයෙන් යුක්තවය. ශ‍්‍රී ලංකා රජයේ උපදෙස් පරිදි ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ඔවුන් ලංකාවට ගෙන ඒමට මැදිහත් විය.
නේපාලයේ ඛේදවාචකයෙන් පසු ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහන සේවයට එහි ගිය අතර නේපාලයේ සිටි ලාංකිකයන් ලංකාවට ගෙන ඒම ද ඔවුන්ගේ අරමුණ විය. එම අරමුණ මදක් ප‍්‍රමාද වූයේ ලාංකිකයන් නංවාගත් පසු ගුවන් යානයේ කාර්මික දෝෂයක් හටගත් නිසාය. ගුවන් යානය සාදා ගන්නා තුරු ලාංකිකයන්ට ආහාරයට ලැබුණේ විස්කෝතු පමණි.
කෙසේ හෝ ගුවන් යානය සාදාගෙන ඔවුහු ලංකාවට ගෙන එනු ලැබූහ. කරදරයක් නැතිව සිය රට පැමිණෙන තුරු ඔවුන්ගේ නෑ හිතවත්හු මගබලා හුන්හ. යානය ලංකාවට සේන්දු වූ විගසම ඔවුනට ආහාර ලබාදීමට සියලූ කටයුතු සූදානම් කැර තැබිණි.
දහස් ගණනක් මළ සිරුර අතර සිටි ලාංකිකයන් ලංකාවට ආවේ සැනසුම් සුසුම් මධ්‍යයේය.
පශ්චාත් උපාධියක් හැදෑරීමට නේපාලයට ගොස් සිටි ගාල්ලේ රවීන්ද්‍ර චන්ද්‍රසිරි සිය අත්දැකීම් විස්තර කළේ මෙලෙසය.
”අපි පහුගිය අගෝස්තු මාසයේ නේපාලයට ගියේ සාමය හා ගැටුම් නිරාකරණය පිළිබඳ උපාධි පාඨමාලාවක් හදාරන්න. අපි නැවතිලා හිටියේ කත්මන්දුවල නේවාසිකාගාරයක. නේපාලයේ තියෙන්නේ විශාල තට්ටු ගොඩනැගිලි. දැන් මේ වෙන කොට විවෘත භූමිවල නේපාල වැසියන් රැඳිලා ඉන්නවා. සමහර අය ටෙන්ට් ගහගෙන ඉන්නවා. එහෙම නැතුවත් කට්ටිය අව්වට වැස්සට තෙමි තෙමී ඉන්නවා. පුළු පුළුවන් විදිහට ඔවුන් ආහාර සපයා ගන්නවා.
මීට කලින් පහුගිය දෙසැම්බර්වල අපිට පොඩි අත්දැකීමක් තිබුණා. ඒක මේ වගේ විශාල ව්‍යසනයක් නොවෙයි. භූමිකම්පා කියන්නේ නේපාලයට අලූත් දෙයක් නෙමෙයි. නමුත් මේ පාර භූමි කම්පා දැනෙද්දීම අපිට හිතුනා වෙනදාට වැඩිය මේ පාර භායනකයි කියා. අපි හිටිය ගොඩනැගිල්ල තට්ටු පහක් උසයි. ඒකේ පහළ තට්ටුවේ තමයි මම හිටියේ.
මේක සිද්ධ වුණ වෙලාවේ අපි විවෘත භූමියක රැුඳිලා හිටියා. අපි දැක්කා පාලිකාවක් දෙවැනි තට්ටුවේ ඉඳලා පඩිපෙළ දිගේ පහළට වැටුණා. තවත් කෙනෙක් හිටියා අතක් කැඩිලා. එයා රෝහළට ගිහින් තිබුණත් රෝහලේ ගොඩක් අමාරු ලෙඞ්ඩු හිටපු නිසා එයාව බාර අරන් තිබුණේ නැහැ.
අපේ රජය හා ගුවන් හමුදාව මේ කරපු මෙහෙයට අපගේ හද පිරි ස්තුතිය පිරිනමනවා. වෙනත් රටවල, කොටින්ම කිව්වොතින් ඇමෙරිකාවේ අය පවා එහේ තවමත් රැුඳිලා ඉන්නවා. ඒ උනත් අපේ රජය අපිට පළවෙනියටම ගුවන් යානයක් එවලා අපිව බේරාගැනීම ගැන රජයට, තානාපති කාර්යාලයට, ගුවන් හමුදාවට අපි වෙනුවෙන් වෙහෙසි කටයුතු කරපු ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයට ගොඩක් ස්තුති කරන්න ඕනෑ. ඔවුන් අපි ගුවන් යානයට නගින මොහොත වනතුරුම අපිත් එක්ක එකට හිටියා.
අපි මුළු ලෝකෙන්ම ඉල්ලා සිටිනවා මේ වෙලාවේ නේපාලයට පුළුවන් තරම් වෛද්‍ය ආධාර ලබා දෙන්න කියා. ඔවුන්ට උදවු කරන්න. අපේ ආයාචනය එයයි. මේ භුමිකම්පාව ඇති වුණේ කත්මන්දු නුවර. අපිත් එක්ක හිටිය නංගි කෙනෙක් ප‍්‍රධාන හා සුළු භුමිකම්පා 84ක් එයා ගණන් කරලා තිබුණා. අපි විවෘත භූමියේ රැඳිලා ඉන්දැද්දී දිවා ? දෙකේදීම අපිටත් ඒවා දැනුණා.
මේ වෙනකොට චීනය ඇතුළු ගොඩක් රටවල්වලින් නේපාලයට ආධාර අරන් ඇවිත් තියෙනවා. නේපාල ජනතාව පුදුමයට පත්වෙලා තියෙනවා අපේ රජය හා ලාංකිකයන් ගැන. අනතුර සිදුවුණ වෙලාවෙ ඉඳලා අපේ තානාපති කාර්යාලය අපිත් එක්ක රැුඳිලා හිටියා. නේපාලයේ හිතවතුන් අපිට උදව් කළා.
හංසනී උපේක්ෂා (24) ද නේපාලයට ගියේ වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහාය. කත්මන්දු නුවර වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන ඇය ද භූමිකම්පනයට මුහුණ පෑවාය. ලංකාවට පැමිණි ඇය සිය අත්දැකීම විස්තර කළේ මෙසේය.
මම 2013 කත්මන්දු වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වුණා. මේ වගේ සිදුවීමකට මුහුණපාපු පළවැනි වතාව. ඉස්සර පොඩියට හෙළවිලා තියෙනවා. ඒත් මේ වගේ දැනිලා නැහැ. ඒක සුළු මොහොතයි එකපාරටම නැතිවෙලා යනවා.
මට වෛද්‍ය විද්‍යාලයෙන් සතියක නිවාඩුවක් ලැබුණා. ඒ නිසා මගේ තාත්තා මේ සිදුවීමට දවසකට කලින් නේපාලයට ආවා. එදා අපි හිටියේ නේපාලයේ රජතුමාගේ නාරායන් කියන මාළිගාව බලන්න ඇවිත්. අපි මාළිගාව ඇතුළේ හිටියේ. එකපාරටම හෙල්ලෙන්න ගත්තා. ඉස්සෙල්ලම ලයිට් ගියා. හයියෙන් මාළිගාව ඇතුළේ තිබුණ බඩු මුට්ටු හෙළවෙන්න ගත්තා. මුලින්ම හිතාගන්න බැරිවුණා. පස්සේ මට හිතුනා මේක භූමිකම්පාවක් වෙන්න ඇති කියලා. තවත් මොහොතකින් භූමිකම්පාවක් කියලා කට්ටියම කෑ ගහගෙන එළියට දුවන්න ගත්තා.
මමත් තාත්තව ඇදගෙන කොහොම හරි එළියට පැනගත්තා. එකපාරටම දොරවල් වැහෙනවා. ඇරෙනවා. ඒත් කරන්න දෙයක් තිබුණේ නැහැ. අපි එළියට පැන්නේ පඩිපෙළ දිගේ ඇවිත්. පඩි පෙළ ලේ විලක් වෙලා තිබුණා. ඒක නම් පුදුම අත්දැකීමක්. ජීවිතේට අමතක වෙන එකක් නැහැ. ආයේ මෙවැනි දෙයක් වෙන්න එපා කියා මම ප‍්‍රාර්ථනා කරනවා.
පස්සේ අපිව විවෘත පෙදෙසකට අරගෙන ගියා. එදා අපිව තානාපතිතුමාගේ ගෙදර එක්කගෙන ගිහින් මේ එනකම් අපි එහේ හිටියේ. ඊයේ උදේ ගුවන්තොටුපොළට ඇවිත් ලංකාවට ආවා. තානාපතිතුමාටත් ලංකා රජයටත් ගුවන් හමුදාවටත් බොහොමයක් ස්තුතිවන්ත වෙනවා.
ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලුව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්රශ්නය ඉහළ යන බව නිශ්
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද
වසර තුන්දහසක පමණ ශ්රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර
එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ
සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත්ර
වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ්රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප්රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත
බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්රී පාද ස්ථ
නේපාලයේ සිට බේරී ආ ලාංකිකයන් කියන කතා