IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


නගරයට එන වාහනවලට දඩ ගෙවිය යුතු පුරවැසියෝ

ඔහු ජීවත් වූයේ දහතුන් වැනි සියවසේ තුර්කියේ බව ප්‍රකාශ වෙයි. ජනතාව ඇත්ත කියන්නට නැඹුරුවනු කෙසේ වෙතත් එන පිරිස සම්පූර්ණයෙන්ම ඇන හිටියේය. මෙය නිරීක්ෂණය කළ දක්ෂ උපහාස කතාකාරයකු වූ නස්රුදීන් නගර දොරටුවේ පෙනී සිටි අතර නිලධාරීහු ප්‍රශ්න කළ විට ඔහුගේ උත්තරය වූයේ එල්ලුම් ගසේ එල්ලෙන්නට යන බවය. එය පිළිගත නොහැකි බව කියන නිලධාරීන් එය බොරුවක් යැයි ප්‍රකාශ කළ විට නස්රුදීන් කියා ඇත්තේ එහෙනම් එල්ලාපල්ලා කියාය. එල්ලුවොත් නස්රුදීන්ගේ ප්‍රකාශය ඇත්ත එකක් බවට හැරේ.

ලෝක ඉතිහාසයේ පවා නිලධාරීහු අත්තනෝමතිකය. ප්‍රායෝගික නැත. අදටත් සිද්ධවෙන්නේ එයයි. ජනතාව තමන්ගේ වාහනයක නැගී නගරයට එන්නේ ඇයි? සිරි විසිතුරු බලන්නට හෝ ආණ්ඩුවට බදු ගෙවන්නට නොවේ. වෙන කළ හැකි දෙයක් නැති හෙයින්ය. තමන්ගේ එදිනෙදා අත්‍යවශ්‍ය දේ වෙනුවෙන් නගරයට එන්නට සිදුවී ඇති අතර එයට පහසුකම් සැලසීම ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමකි.

වාහන කොළඹ නගරයට ඇතුළු කිරීම සතියේ දිනවල ඉතා අපහසුය. පාසල් පැවැත්වෙන කාලයේ එය උග්‍ර ප්‍රශ්නයකි. කොළඹ නගරය වටා පිහිටි සැතපුම් විස්සක වටයක පිහිටි අතුරු මාර්ග වලින් එකතුවන රථ වාහන එකම වෙලාවට පැමිණෙන අතර එය විශාල තදබදයක් ඇති කරයි. පොලිස් නිලධාරීන් තදබදය පාලනයට පරිශ්‍රමයක නිරත නමුත් ඉතා දුෂ්කරය. සවසට ආපසු නික්ම යෑමද එයට නොදෙවැනිය. කොළඹ නගරයට පමණක් නොව අනෙක් ප්‍රධාන නගරවලට ද එම ගැටලුව තිබේ. අධික තදබදයෙන් ගැලවෙනු අරමුණු කරගෙන පැය ගණනකට කලින් පාරට එන පුරවැසියෝ උදේ ආහාරය අමතක කරති. නොඑසේනම් කෙටි කෑමවලට නැඹුරුවන අතර එය සෞඛ්‍ය ගැටලු දක්වා වර්ධනය වෙයි. මෙරට පාසල් දරුවන්ගේ දුෂ්පෝෂණය වැඩිවී ඇත.

 එය දුප්පත් පොහොසත් ප්‍රශ්නයක් නොවේ. ආදායමක් ඇති පවුල් වල දරුවෝ පවා උදේ ආහාරය හා දහවල් ආහාරය අක්‍රමවත්ව ගනිති. සේවයට එන යන වෘත්තිකයන්ට පවා බෝ නොවන රෝග බහුලය. තන්තු බහුල ආහාර අනුභව කරන සේ සෞඛ්‍ය සේවා උපදෙස් දෙති. කෑම පිඟානෙන් තුනෙන් දෙකක් එළවළු හා ධාන්‍ය විය යුතු බව දක්වති. එහෙත් පැය ගණන් තදබදයක ගතකරන වැඩ කරන ජනතාව මිලදී ගත හැකි අඩුම දෙයකින් කුස පුරවා ගන්නා අතර එය දියවැඩියාව, කොලෙස්ටරෝල් වෙනත් රෝගවලට හේතුවකි. දැරියන් හා කාන්තාවන්ගේ තත්ත්වය තවත් දරුණුය. පැය ගණනක් ගතවන හෙයින් වතුර පානය පාලනය කරති. නගරයට ඇතුළු වන පෞද්ගලික වාහනවලට බද්දක් පැනවීමෙන් පිරිසුදු වැසිකිළි පද්ධතියක් හෝ නගරයේ තැන තැන ඉදිකරන්නේ නම් යහපත්ය. එවැනි ආකල්පයක පවා නැති යෝජනා වලින් ජනතාවට ලැබෙන පිටිවහල කුමක්ද?

දවසකට කොළඹ නගරයට ඇතුළුවන වාහන සංඛ්‍යාව හැට දහස ඉක්මවන බව දැක්වෙයි. එයින් හතලිස් පන්දහසක් සැහැල්ලු වාහනය. මේවායේ එක් අයකු හෝ දෙදෙනකු ගමන් කරන බව ගණන් බලා ඇත. මාර්ග සංවර්ධන අධිකාරියට අනුව ප්‍රධාන මාර්ග දොලහකින් දවසකට ලක්ෂ විසි දෙකක ජනගහනයක් නගරයට ඇතුළු වෙති. මෙම පිරිසගෙන් සියයට හතලිස් පහක් පෞද්ගලික වාහන භාවිතා කරති. අඩු තරමින් ලක්ෂ දහයක පිරිසක් පෞද්ගලික වාහන භාවිතා කරන අතර දැනටත් මෙම වාහන වලින් දිනපතා අය කරන ගාස්තු ප්‍රමාණයක් තිබේ. ආදායම් බද්ද, දුම් සහතිකය ඒ අතර ප්‍රධානය. වාහනයක් නතර කර තබන තැන අනුව ගාස්තු අය කරන අතර ඒවා පළාත් පාලන ආයතනවල ආදායම් මාර්ගයකි. බදු අඩු කරන යෝජනා ගෙන එන වත්මන් ආණ්ඩුව එය මෙරට ආර්ථිකය සක්‍රීය කරන වැදගත් පියවරක් බව විශ්වාස කරයි. එසේ තිබියදී තවත් ගාස්තු අය කිරීමට යෝජනා කිරීම සුදුසු නැත. අයකරන සෑම ගාස්තුවක්ම ක්‍රමය නඩත්තු කරන පිරිවැයක් වන අතර අවසානයේදී එය ගෙවන්නේ පාරිභෝගිකයාය. දරුවන් පාසලට ගෙන එන වාහනයකට අය කරන බද්ද ගෙවන්නේ දෙමාපියන් වන අතර එය අනවශ්‍ය හිරිහැරයකි.

ජනතාව සිය පෞද්ගලික වාහන වලින් නගරයට ඇතුළු නොවිය යුතු බව තීරණය කරන ආණ්ඩුව එයට විකල්ප ක්‍රම යෝජනා කළ යුතුය. පොදු ප්‍රවාහනය ඉතාම දුර්වලය. බස්රථවල ගමන දුෂ්කර ක්‍රියාවකි. කාර්යාලයට හෝ පාසලට යන කිසිවකුට එහි හොඳ පහසුකම් නැත. දුම්රිය සේවය පවා ජනතාවට ගැළපෙන ඒවා නොවේ. නිසි වෙලාවට ධාවනය නොවන අතර දුම්රිය නැවතුමක සිට ප්‍රධාන මාර්ගයට තවත් පිරිවැයක් දැරිය යුතුය. පොදු ප්‍රවාහනය විදිමත් හා පහසුකම් සහිත තැනකට පත් නොකරන ගැනෙන ගාස්තු අය කරන යෝජනා කිසිසේත් සාධාරණී කරණය කළ නොහැකිය.

ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය අලුත් වෙමින් තිබේ. අධිවේගී මාර්ලවලට සම්බන්ධ වන වටරවුම් මාර්ගය අවසාන අදියරේ පවතී. කොළඹ මගහැර යා යුතු සෑහෙන වාහන සංඛ්‍යාවක් මෙකී වටරවුම සම්පූර්ණවූ පසු කොළඹට එන්නේ නැත. අනෙක දැන් යෝජනා කර ඇති සැහැල්ලු දුම්රිය ක්‍රමයයි. අති විශාල වියදමක් කර මාලඹේ සිට කොළඹට එන සැහැල්ලු දුම්රිය වසර 2025 සිට බලපැවැත්වෙනු ඇත. එයට කලින් කොළඹ වරාය නගරය සක්‍රීය වනු ඇති අතර එය තවත් වාහන තදබදය ඇති කරන හේතුවකි. වරාය නගරය ශ්‍රී ලංකාව හා චීනය අතර දීර්ඝ කාලීන ආයෝජන සැලසුම් සහිතව ක්‍රියාවට නගන සුවිශේෂී ව්‍යාපෘතියකි. එයට එන යන වාහනවලට ද නගරයට ඇතුළු වන වාහන බද්ද අදාල කළ යුතුද? නුසුදුසුය. විධිමත් පහසුකම් සපයනු වෙනුවට අනවශ්‍ය හිරිහැර ආයෝජන අධෛර්යවත් කරන පියවරකි.

විවිධ අවශ්‍යතා සඳහා කොළඹ නගරයට එන අති විශාල ජනගහනය පාලනය කිරීමට පැවැති ආණ්ඩු විවිධ පියවර අත්හදා බලා තිබේ. නගරයෙන් පිටත පෞද්ගලික වාහන නතර කර සුඛෝපභෝගී බස් වලින් ගමන් පහසුව සම්පාදනය කළේය. එය ජන අවධානයට ලක් වූයේ නැත. පෞද්ගලික වාහන ඇතුළු කිරීම සීමා කරන හා අධික ගාස්තු අය කරන බවට කරන ලද තරවටුව අලුත් දෙයක් නොවේ. මංතීරු නීතියක් හඳූන්වා දී එයින් වාහන විනය ඇති කරන්නට තැත් කළේය. අද වන විට එය අත්හැර දමා තිබේ. බස් මංතීරු හඳුන්වා දුන්නේය. බස් රියැදුරන් මංතීරුවකට යොමු කිරීම කළ නොහැකි බව ඔප්පු කර හමාරය. ආණ්ඩුව හා නිලධාරීන් එකතු වී අලුත් අදහසක් ක්‍රියාවට නැංවිය යුතුව තිබේ. මගී ප්‍රවාහනය මෙරට ජන ජීවිතය පීඩාවට පත්කර ඇති ප්‍රධාන ගැටලුවකි. ප්‍රායෝගික විසඳුමක් හැර අනෙකක් රටට හිරිහැරයකි.

සාරා කන්දේගොඩ



අදහස් (4)

නගරයට එන වාහනවලට දඩ ගෙවිය යුතු පුරවැසියෝ

wicky Thursday, 12 December 2019 10:01 AM

සියල්ලට කලින් තියෙන දුම්රිය ටිකයි, ලංගම බස් ටිකයි හරියට වෙලාවකට පහසුකම් සහිතව ධාවනය කරන්න. අනිවාර්යෙන් දුම්රිය වෙලාවට ධාවනය වෙනවනවානම් තව මිනිස්සු ඉන්නවා. පහසුකම් වැඩි කෙරෙන තරමට මිනිස්සු වැඩිවෙනවා මිසක් අඩුවක් වන්නේ නැත. රාත්‍රී 7 වෙනකොට ගාලු පාරේ බස් නැත. කොල්ලුපිටිය , බම්බලපිටියෙන් 7.20 දුම්රියත් තිබුනද එය අවලංගු හෝ ප්‍රමාද වීම් සිදු වනු ඇත. මෙවන් වාතාවරණයක් යටතේත් තම අවශ්‍යතා සදහා වෙලාවට ගමන් කිරීමට පැය කීපයකට කලින් වුවද පෞද්ගලික වාහනයක පැමිණීම ලාභදායකය. වාහනයක් තියෙන කෙනා අනිවාර්යෙන් ඔය මුදල ගෙවාගෙන තම වාහනයෙන් කොළඹට අතුලුවේවි. එය වෙනස් කිරීමටනම් අවශ්‍ය පහසුකම් ලබා දී තිබිය යුතුය.

:       0       157

jayaFriday, 13 December 2019 05:36 AM

කිකිළි සහ බිත්තරයේ ප්‍රශ්නයක්. ප්‍රශ්නය තිබෙන තාක්කල් පිටු ගණන් ලිපි ලිවීමටද, ටොන් ගණන් කතා කීමටද හැක.

:       1       9

bandara Friday, 13 December 2019 02:22 PM

හරි ඉතින් ඔයාම කියන්නකෝ, ප්‍රායෝගික විසඳුමක්.. ලෝකේ අනිත් රටවලටත් මේ ප්‍රශ්නය එහෙම් පිටින්ම තියෙනවා. කොළඹ නගරය ඉබේ දියුණු වූ නගරයක් හැටියට, underground parking වැනි දේ කිරීමට දැන් පරක්කු වැඩියි.

:       0       12

සිසිල් සුදේශ් Monday, 16 December 2019 03:05 AM

ලිපියේ ඉදිරිපත් කිරිම මදි. මීට වඩා සැලකිලිමත් විය යුතුයි.

:       10       73

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 99 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 129 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


ශ්‍රී දළදා පූජා - ප්‍රදර්ශන ඉතිහාසය
2025 අප්‍රේල් මස 17 121 0

දළදා වහන්සේ කේන්ද්‍ර කරගත් විවිධ පූජා අතර ඇසළ පෙරහර ප්‍රධාන පූජාව ලෙස සැලකේ. එහි ඇරැඹුම ක්‍රිව 310 ට පමණ අයත් වෙයි එනම් කීර්ති ශ්‍රී මේඝ වර්ණ රජදවස ඉන්දිය


අධ්‍යාපන පරමාර්ථ සාර්ථකද?
2025 අප්‍රේල් මස 17 30 0

රජය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් පහ වසර ශිෂ්‍යත්වය පිළිබඳව සලකා බලන බවත් මාධ්‍යවලින් දැක්වේ. කුමන තත්වයක් යටතේදී හෝ එය සා


සිංහල අලුත් අවුරුද්ද හා චාරිත්‍ර විධි
2025 අප්‍රේල් මස 13 223 0

වසරක් ගෙවී නව වසරක් උදා වීමෙන් එළඹෙන අප්‍රේල් මාසයේ මැදභාගය වන විට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වෙනු ඇත.


හම්බන්තොට කෞතුකාගාරය ඉබිගමනක
2025 අප්‍රේල් මස 10 645 0

හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 191 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 359 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1081 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site