IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නැගෙනහිර පළාත් යෝජිත පුෂ්පය - ගොඩ මානෙල්

සුදු පැහැති මල් පෙති මධ්‍යයේ දම්පාට ඉරක් සහිතව පුනීලයක් හැඩැතිව පොකුරු වශයෙන් පිපෙන මල් හටගන්නා ගොඩ මහනෙල් නම් අලංකාර පුෂ්පය නැ‍ගෙනහිර පළාත සඳහා යෝජිත පළාත් පුෂ්පයයි. ගොඩ මානෙල් හා තොලබෝ යනුවෙන් සිංහල බසින් හඳුන්වන මෙම පුෂ්පය දෙමළ භාෂාවෙන් විචා මුන්කිල් නමින් හඳුන්වයි. චක්රන්ගි, චක්රපෝආ සහ මඩු පර්නිකා යනුවෙන් සංස්කෘතෙන් හැ`දින්වේ. සෑම වසරකම ජනවාරි සිට ජුනි දක්වා වූ කාලයේ මල් හටගන්නා මෙම ශාකය ලූනු පවුලට අයත්වේ. බල්බයක් හෙවත් භූගත කඳකින් පැල හටගන්නා ගොඩ මානෙල් ශාකය ශී‍්‍ර ලංකාවේ අනුරාධපුරය, පොළොන්නරුව, යාපනය, මඩකලපුව, අම්පාර හා තිස්සමහාරාමය වැනි වියළි කාලගුණයක් සහිත ප‍්‍රදේශවල සරුවට වැවේ. ඉන්දියාව, බුරුමය හා අපි‍්‍රකාව වැනි රටවලද බහුලව හමුවන ගොඩ මහනෙල් ශාකය විසිතුරු පැලයක් ලෙස වගා කැරේ. පත‍්‍රවල උඩුපැත්ත දීප්තිමත් කොළ පැහැතිය. යටි පැත්ත අඳුරු කොළ පැහැයකින් යුක්ත වන අතර දිගින් සෙන්ටිමීටර 80 ක් පමණ වූ සිහින් පත‍්‍ර හටගනී. ආයුර්වේද ඖෂධයකි. කනේ ආබාධයනට ප‍්‍රතිකාර කිරීමටද යොදා ගැනේ.



අදහස් (2)

නැගෙනහිර පළාත් යෝජිත පුෂ්පය - ගොඩ මානෙල්

ලෝහිත Thursday, 19 November 2015 05:34 AM

මානෙල් වලට පොඩ්ඩක් ළඟින් යනවා.(ම)

:       0       2

ක්‍රිෂ් Saturday, 05 January 2013 02:06 PM

මට මතකයි පොඩි දරුවෝ මේවගේ අල සෙල්ලම් කරන්න ගන්නවා ‍ලූණු කියලා (ස)

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 322 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site