IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


දිඹුලාගල සිංහයා - කිතලගම නාහිමි

රට, ජාතිය, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කර මෙරට වැඩිම දරු පරපුරක්, සම්බුද්ධ ශාසනයට ඇතුළත් කරගත් දිඹුලාගල හාමුදුරුවන් හෙවත් මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමිපාණන් වහන්සේ ත්‍රස්ත ප්‍රහාරයට ලක්ව අපවත්වී මෙම 26 වැනිදාට වසර 28ක් සපිරේ.

මේ ලිපිය ඒ නිමිත්තෙනි.

සිංහල, දමිළ, මුස්ලිම් හා ආදිවාසි ජනතාවට සමානව සේවය කරමින්, ජාති, ආගම්, කුල භේදයෙන් තොරව ඉඩම් මැන දී ගොවිජනපද බිහිකර පළාතේ වෙහෙර විහාරස්ථාන 100 කට ආසන්න ප්‍රමාණයක් ඉදි කිරීමට මුල් වූ සීලාලංකාර හිමියන් විවිධ බාධක කම්කටොළු විඳ දරා ගනිමින්, බොහෝ අඩු පහසුකම් යටතේ, එදා දිඹුලාගල වන සෙනසුනේ දුෂ්කර කටුක ජීවිතයක් ගත කෙරූ අතර උන්වහන්සේ පැවිදි ශාසනයට ඇතුළත් කරගෙන ඇති භික්ෂූන් වහන්සේ පිරිස 1500 කට අධිකය.

පොළොන්නරුව, මඩකළපුව, අම්පාර හා ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශ රැසක බෞද්ධ ජනතාව වෙනුවෙන් පිරිවෙන් පහක් ආරම්භ කරමින්, වෙහෙර විහාරස්ථාන සියයකට ආසන්න ප්‍රමාණයක් ඉදිකර ඇති දිඹුලාගල නාහිමියෝ මහවැලි බී කලාපයේ, සිංහල, දමිළ, මුස්ලිම්, ආදිවාසි ගම්මාන රැසක් බිහි කිරීමට පුරෝගාමී වූහ.

මාදුරුඔය ජලාශය ඉදිකිරීමට පෙරමුණ ගත් දිඹුලාගල නාහිමියන් ගම්මාන ඉදිකරමින් ජනතාව පදිංචි කරවා, ඔවුන්ගේ දරුවන්ට විධිමත් අධ්‍යාපනයක් ලබාදීම සඳහා මැදිහත් වූ සංඝ පීතෘ නමකි.

පොළොන්නරුව ඇතුළු මහවැලි බී හා සී කලාපීය ගොවි ජනතාව යම් ආපදාවකට, ගංවතුරකට හෝ වෙනත් උවදුරකට ලක්වූවේ නම් ජනතාවගේ එකම ගැලවුම්කරුවා වූවෝ දිඹුලාගල හාමුදුරුවෝය.

ගම් නියම්ගම් පුරා පිඬුසිඟා වඩිමින් එකතු කරගත් දානවේල පවා අසරණයන්ට දන් දෙමින් කටයුතු කළ දිඹුලාගල නාහිමියන් අප රටේ වත්මන් භික්ෂු පරපුරට ද පූර්වාදර්ශයක් ලබාදුන් සඟරුවනකි.

සිංහල, දමිළ, මුස්ලිම් හා ආදිවාසි ගම්මාන 148 ක වෙසෙන ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් නංවාලීම සඳහා මනම්පිටිය නගරය ආසන්නයේ 1991 වසරේදී දිඹුලාගල ආයුර්වේද රෝහල ඉදිකිරීමට කටයුතු කළ දිඹුලාගල නාහිමියෝ මහවැලි බී කලාපය පුරා පාසල් රැසක් ද ආරම්භ කර දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නංවාලීමට පුරෝගාමීව කටයුතු කළහ.

මාදුරුඔය ව්‍යාපාරය ආරම්භ කිරීමට 1977 වසරේදී පැවැති රජයේ මැති ඇමතිවරුන් දිරිගැන්වූ දිඹුලාගල නාහිමියෝ එයින් ගොවි පවුල් පනස් දහසකට යල මහ දෙකන්නයේ වී වගා කිරීමට අවශ්‍ය මහවැලි ජලය ලබාදීමට ඉඩ සැලසූහ.

දිඹුලාගල නාහිමියන් සිදු කළා වූ ආගමික ජාතික ශාසනික මෙහෙවර ඇගයීමට ලක් කරමින්, අසරණ සරණ සිරි කාශ්‍යප ගෞරව නාම සම්මුතියෙන් උන්වහන්සේට උපහාර දැක්වීමට අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත සංඝනායක සභාව කටයුතු කළේය.

1979 ජුනි 12 වැනිදා උතුරු නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ දිඹුලාගල නාහිමියෝ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ආදිවාසි පරපුර නියෝජනය කරමින්, විසි දෙනකුට වැඩි පිරිසක් සඟ පරපුරට ඇතුළත් කරගත්හ. දිවයිනේ විශාලතම ආරණ්‍ය සේනාසනය දිඹුලාගල බවට පත්කර පැවිදි සිසු පරපුරට පිරිවෙන් අධ්‍යාපනය ලබාදීම අරමුණෙන් 1967 ජුනි මාසයේ දිඹුලාගල මහා කාශ්‍යප ධර්මායතන පිරිවෙන ආරම්භ කිරීමට ද මුල් වූවෝ ද දිඹුලාගල නාහිමියෝය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වැදි ගෝත්‍රික දරුවන් 20 දෙනකු සසුන් ගත කරවා, දිඹුලාගල සිට මහියංගණ දක්වා පෙරහර ආරම්භ කිරීමේ ගෞරවයද උරුම වන්නේ දිඹුලාගල නාහිමියන්ටය.

වටිනාකමින් අධික අලංකාර සිවුරු පිරිකරවලට දිඹුලාගල නාහිමියෝ ලොල් නොවූහ. දානයට, පින්කමට, බණට, වැඩම කරවීම සඳහා වාහනයක් එනතුරු බලා නොසිට පා ගමනින් ඕනෑම තැනකට වැඩම කරවමින් උන්වහන්සේ තම ආගමික ජාතික ශාසනික මෙහෙවර රටපුරා ව්‍යාප්ත කිරීමට 24 පැය පුරා වෙහෙස මහන්සි වූ සංඝ පීතෘවරයාණන් වහන්සේ නමකි.

දේශපාලන නායකයන්ට කුඩ මිටෙන් පහරදී අවවාද අනුශාසනා කරමින්, ජනතාවගේ අයිතිවාසිකම් ලබා ගැනීමට නොබියව මැදිහත්ව දිඹුලාගල නාහිමියෝ කටයුතු කළහ. දිඹුලාගල පර්වතය මත අලංකාරවත් අහස් මාලිගාවත් ඉදිකර රජරට ගොවි පරපුර පමණක් නොව සකල ලංකාවාසීන් අතර බෞද්ධ ප්‍රබෝධය වපුරා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අති උතුම් සේවයක් ඉටුකළ දිඹුලාගල නාහිමි සමිඳු නොමැති අඩුව කිසිවකුට මකාලීමට නොහැකි තරම්ය.

දිඹුලාගල නාහිමියන් අපවත් වී මෙම 26 වැනිදාට වසර 28ක් සපිරෙන මොහොතේ උන්වහන්සේ වෙනුවෙන් විශේෂ පින්කම් මාලාවක් පැවැත්වෙන අතර, තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් තුන්සියයක් සඳහා වියළි ආහාර පාර්සල් ලබාදීම, උසස් පෙළ සිසු දරුවන් සඳහා මාසිකව රුපියල් 5,000 බැගින් ශිෂ්‍යාධාර ලබාදීම ඇතුළු දිඹුලාගල නාහිමි 28 වැනි ගුණ සමරු පින්කම් වෙනුවෙන් විශේෂ පින්කම් මාලාවක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙසේ රටත්, ජාතියත්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් තම මුළු දිවියම කැපකළ දිඹුලාගල සිංහයා යන විරුදාවලිය ලත් මාතර කිතලගම අසරණ සරණ සිරිකස්සප බෝධිසත්ව ගුණෝපේත ශ්‍රී සීලාලංකාර නාහිමිපාණන් වහන්සේ ඉතිහාසයේ අමරණීය නාමයක් දිනාගත් සංඝ පීතෘවරයාණන් වහන්සේ නමකි.

අපවත් වී වදාළ ශ්‍රී මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමියන් වහන්සේ ප්‍රාර්ථනා කළ නිදහස්, නිවහල්, සංවර්ධිත, දේශයක් බිහි කරන්නට උන්වහන්සේගේ නාමයෙන් අපි සියලු දෙනා අධිෂ්ඨාන කර ගනිමු.

 

(***)
දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත පාර්ශ්වයේ
උතුරු මැද පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක
දිඹුලාගල රාහුලාලංකාර නාහිමි



අදහස් (4)

දිඹුලාගල සිංහයා - කිතලගම නාහිමි

WIJE Saturday, 25 May 2024 10:04 PM

මේ හාමුදුරුවෝ අපවත් වෙලා වසර 28ක් නම් වෙන්නේ නැහැ නේද . මට මතක විදියට නම් 1994,95 වගේ කාලෙක තමයි අපවත් වුනේ

:       10       0

නිහාල් Sunday, 26 May 2024 08:38 AM

මේ 2024 වසර..

:       0       9

පැරකුම්Monday, 27 May 2024 08:47 AM

විජේට තමුන්ගෙම වල්ගෙ පෑගිලා නේද ….!

:       0       8

prasanna Friday, 31 May 2024 09:33 AM

හාමුදුරුවන්ගේ ආදාහනයට මමත් ගියා.. ඒ කාලේ ඒ පළාතට මහත් සේවයක් කළ යථිවරයන් වහන්සේ නමක්...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32993 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15634 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10045 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 143 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 202 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 510 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site